IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කුඩු කිලෝ 85 ආවේ පකිස්තානයෙන්ද?

කැළණියේදී බදාදා(11)අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 85 පකිස්තානයේ සිට මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ගෙන එන්නට ඇතැයි පොලීසිය කියයි.

බාචා  නමින් හැදින්වෙන  පුද්ගලයකු මෙම හෙරොයින් තොගය එවන්නට ඇතැයිද  ඔහු පකිස්තානයේ සැගවී සිටින බවටද තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.

ශ්‍රී ලාංකික නියෝජිතයාට කුඩු තොගය භාර දීමේ කොන්ත්‍රාත්තුව රුපියල් ලක්ෂයකි.



අදහස් (0)

කුඩු කිලෝ 85 ආවේ පකිස්තානයෙන්ද?

දිල්ෂාන් Saturday, 14 June 2014 12:14 PM

කාගෙන් ද අහන්නේ (අ)

:       0       0

ගිම්හාන් Sunday, 15 June 2014 05:05 AM

පකිස්තානයෙන් හරි කොහෙන් හරි ආවා. එක හරි. දැන් මේක ගෙනාවේ කව්ද? (දී)

:       0       0

ටියුඩර් Friday, 13 June 2014 10:33 PM

කවුද දන්නෙ නැහැ මේක පසුපස ඉන්න බලවතා? (නි)

:       0       0

වජිර Friday, 13 June 2014 10:37 PM

දැන් මේක වසංගතයක් වෙලා හමාරයි (නි)

:       0       0

අෂාන් Friday, 13 June 2014 10:52 PM

බලමුකෝ ඉදිරියේදී ඇත්ත හෙළිවෙයිනේ (නි)

:       0       0

රොහාන් කුමාර Saturday, 14 June 2014 12:12 AM

අය්යෝ ඕව චන්ද ගුණ්ඩු අහුවෙන්න එපා ඔවට අනේ ...බොරුවට ජනප්‍රිය දෙතුදෙනක්ව ප්‍රශ්න කරයි ජනතාවට පෙන්න .එච්චරයි (දී)

:       0       0

අමිල Saturday, 14 June 2014 12:16 AM

අය්යගෙන් අහන්න එයා දන්නවා විස්තරේ ගේන්නේ කොමද ? විකුනනේ කොහමද කියල!! (දී)

:       0       0

නුවන් Saturday, 14 June 2014 01:09 PM

මොන බොරුද පාකිස්තානේ ඉන්නේ හරි හොද මිනිස්සු කුඩු තියා මත්පැන් බොන්නෙත් නැහැ! (අ)

:       0       0

මලිත් Saturday, 14 June 2014 12:43 AM

රුපියල් ලක්ෂයකට මදි. (දී)

:       0       0

රෙත්මල් Saturday, 14 June 2014 12:44 AM

මේ කුඩු කියන්නේ පාන් කුඩු වලට වෙන්ටෑ (දී)

:       0       0

ලක්ෂපාන Saturday, 14 June 2014 12:58 AM

මෙයාලගේ ජංගම දුරකතනයේ ඔය තෝරු මෝරු ඔක්කොගෙම නම් ඇති. බලමු මොකද වෙන්නේ කියලා. (නි)

:       0       0

සේන Saturday, 14 June 2014 01:41 PM

එව්වේ කව්ද කියන එක වැදකත් තමා ලැබුනේ කාටද (ඒ කියන්නේ ගෙන්නුවේ කව්ද) කියන එක ඊටත් වඩා වැදගත්. (අ)

:       0       0

දයාල් Saturday, 14 June 2014 02:09 AM

කොහෙන් ආවත් මේවායින් විනාශ වෙන්නේ අපේ ඉදිරි පරම්පරාව (නි)

:       0       0

ලලිතා Saturday, 14 June 2014 02:16 AM

බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

සම්පත් Saturday, 14 June 2014 02:18 AM

අනේ අපේ රටට මේ මොකද වෙන්නේ? (නි)

:       0       0

සරත් බණ්ඩාර Saturday, 14 June 2014 02:29 AM

ඕව ගෙනල්ල තියෙන්නේ ඩෙංගු මදුරුවන්ට .පොවන්න ,වතුර ඇතිලියක කුඩු ටිකක් දල තිබ්බම උන් එවබිල මැරෙනවා .අනේ ඕව නිදහස් කරන්න .මදුරුවන්ගෙන් මැරෙන මිනිස්සු බේරගන්න (දී)

:       0       0

ශාන් සෞදි Saturday, 14 June 2014 03:05 PM

ඕකට ඔය තරම් කලබල වෙන්න ඕනේ නැහැ. සමහර විට රොටී හදන්න ගෙනාවද දන්නේ නැහැ (නදී)

:       0       0

ලෝගේෂ්වරන් Saturday, 14 June 2014 02:57 AM

දුටුගැමුණු කො? කැළණියේ පූජනීය බව අවසන්. (දී)

:       0       0

අබි Saturday, 14 June 2014 03:51 AM

යවපු කෙනා හොයා ගන්න පුළුවන්නේ ලංකාවේ ආපු විදියටම හා නැද්ද (දී)

:       0       0

මහී Saturday, 14 June 2014 03:41 PM

ඔත්තුකාරයට මොකද උනේ ? අපේ කට්ටිය බයට නිදහස් කරලද ? දන්නා කෙන්නෙක් අපට කියන්න. (අ)

:       0       0

සෑම් Saturday, 14 June 2014 04:08 AM

මේ කුඩු ඇදපු කාර් එකට පැට්‍රොල් ගහපු ෂෙඩ් එක හොයාගෙන ඒකෙ අයිතිකාරයාටත් මරණ දඬුවම දිය යුතුයි. තවත් නීතිය හරියටම ක්‍රියා කරනවානම් ඔය කාර් එක ඉම්පෝර්ට් කරපු අයටත් දඬුවම් කල යුතුයි. මොනවා හෝ නීති උපදෙසක් අවශ්‍ය නම් ""කැකිල්ලේ රජු එරෙහිව රටවැසියන්"" නඩු තීන්දු වලින් ලබාගන්න. (දී)

:       0       0

සමන්ති Saturday, 14 June 2014 07:02 AM

මෙතෙක් කල් ඇල්ලූ කුඩු තොග හා සම්බන්ධ අයට දුන් දඬුවම් ගැනත් දැනගන්න කැමතියි (නි)

:       0       0

ප්‍රවීන් Saturday, 14 June 2014 07:57 AM

මේ කුඩු තොගය පිටුපස ඉන්නේ කවුද දන්නෙ නැහැ (නි)

:       0       0

සුබසිංහ Saturday, 14 June 2014 07:58 AM

දැන් මේ වසංගතය අපේ රට ගිලගෙන ඉවරයි (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 14 June 2014 08:03 AM

කුඩු කිලෝ 140 ක් අල්ලපු සහ ප්‍රසිද්ධ කළ පොලිස් පරික්ෂකතුමාට සිද්ධවුණ දේ මට මතක් වුණා (නි).

:       0       0

තිලක්-ඩුබායි Saturday, 14 June 2014 08:06 AM

බයවෙන්න එපා. ඉස්සරහට අපි ඇඳගෙන යන ඇඳුමත් කුඩ්ඩන් විසින් ගලවාගෙන දුවන කාලයක් එනවා. හරියට දැන් පිලිපීනයේ වගේ. (නි)

:       0       0

වාසල Saturday, 14 June 2014 08:07 AM

ගෙන්වපු රටයි,ගෙන්වපු කෙනයි දැනගත්තොත් මීට සම්බන්ධ ලංකාවේ නියෝජිතයා ගැන පහසුවෙන්ම දැනගන්න පුලුවන් නේද? (නි)

:       0       0

විදුරන්ග Saturday, 14 June 2014 08:08 AM

කොහෙන් ආවත් අපේ රටේ මිනිසුන් දැන් මේවට ඇබ්බැහි වෙලා ඉවරයි (නි)

:       0       0

බුද්ධික Saturday, 14 June 2014 08:09 AM

මේ වගේ තව කොච්චර රටට ගෙනෙන්න ඇද්ද? (නි)

:       0       0

සරත් Saturday, 14 June 2014 08:20 AM

අවසානයේදී සියල්ලම කුඩු වන්නේය. එයයි ඇත්ත... (නි)

:       0       0

උපුල් Saturday, 14 June 2014 08:22 AM

දැන් අපේ රට කුඩුකිස්තානයක් වෙලා (නි)

:       0       0

නිමල් ලලිත Saturday, 14 June 2014 08:43 AM

පාකිස්තානය එදා ආයුධ දුන්නාට, අද මේ රටට කොටියා කළා වගේම විනාශයක් කරනවා. (නි)

:       0       0

නිර්මාල් Saturday, 14 June 2014 09:24 AM

ළමා පරපුර ඉක්මනින් වරදේ පෙලබෙනවා (දී)

:       0       0

අරුමුගම් Saturday, 14 June 2014 09:27 AM

ලංකාවේ නීතිය ගැන කියල වැඩක් නැ, මුදල් තියෙන අපරාධ කරුවන් සිරගෙදර ඇතුලෙත් සැප, දුප්පතාට තමයි හැම නීතියම. (දී)

:       0       0

සුබෝදන Saturday, 14 June 2014 09:32 AM

කුඩු කිලෝ 85 ලංකාව එකරැයින් විනාශ කරන්න පුළුවන් (දී)

:       0       0

ජයලලිතා Saturday, 14 June 2014 09:34 AM

නිමල් ලලිත, පාකිස්තානය නෙමෙයි අපේ රට විනාශ කරන්නේ. (දී)

:       0       0

අවිශ්ක Saturday, 14 June 2014 09:33 AM

කොහොම හෝ වේවා ලංකාව විනාශයි (දී)

:       0       0

චමිල Saturday, 14 June 2014 09:12 PM

හරක් මරනවට විරුද්දව දිවිනසා ගන්න රටේ , මේවට විරුද්දව කව්රුවත් දිවිනසා ගන්නේ නැහැ , හරි පුදුමයි (දී)

:       0       0

චානක. Saturday, 14 June 2014 09:39 AM

ලංකාවේ කිසිම හොර ජාවාරමක් කරන්න බැහැ කව්රුන් හෝ මෙය බොරු කියා කීවොත් සිද්දීන් රාශියකින් ඔප්පු කර දෙන්න සුදානම්. (දී)

:       0       0

මාමේ Saturday, 14 June 2014 09:52 AM

අමුලික බොරුව පකිස්තානයේ ඉඳන් ලංකාවට ආවා කාටද මේ බොරුව කොන්න්ඩේ බැඳපු චීනෝ ඉන්න්නවන්ම් කියන්න (දී)

:       0       0

අසේල Saturday, 14 June 2014 10:05 AM

කොහෙන් ආවත් ලංකාව විනාශවෙනවා (දී)

:       0       0

කුමාරි Saturday, 14 June 2014 10:15 AM

ලංකාවට මේවගේ කුඩු එන්නේ කොහෙන් උනත් ලංකාවට ආදරේට නොවෙයි මෙවා ගෙන්වන්නේ (දී)

:       0       0

කුමාර Saturday, 14 June 2014 10:17 AM

කිසිම රටක් අප ට අවංකව ම උදව් කරලා නැහැ මෙතෙක්, අපි චන්දෙ දීල පත්කරගන්න උදවිය මේ තක්කඩි පරදේශක්කරයන්ට රැවටෙනවා, ඒ අයගේ මොකක හරි දීමනාවකට. ඒ අය අපට මොන දේ දුන්නත්, ඒ දෙය දෙන්නේ ඒ වගේ 100000 ගුණයක් වැඩියෙන් ඒ අයගේ මතු පරපුර වෙනුවෙන් (දී)

:       0       0

ඉන්දික Saturday, 14 June 2014 10:27 AM

වැඳලා කියන්නම් අපේ අනාගතය වෙනුවෙන් ලංකාවට කුඩු එන එක නැති අරන්න (දී)

:       0       0

ඉලේපෙරුම Saturday, 14 June 2014 10:27 AM

මේවා අැත්තටම කුඩු ද? රස පරීක්ෂක වාර්තා ගන්න කොට මේවා පිටි වෙන්නත් පුළුවන් (දී)

:       0       0

රවින් Saturday, 14 June 2014 10:32 AM

මේවා අපිටත් හොරෙන් ගෙනාපු එකයි වරද, අපිට නම් ඕනදෙයක් ...... (දී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Friday, 13 June 2014 08:11 PM

එවපු තැනත් දන්නවා එවපු පුද්ගලයාගේ නමත් දන්නවා. නමුත් ලංකාවේ කුඩු රජා කවුද කියල විතරයි දන්නේ නැත්තේ. පුදුම රටක්, පුදුම නීතියක්. (නදී)

:       0       0

ජයන්ත Friday, 13 June 2014 08:15 PM

ආවේ කොහෙන් උනත් මෙහෙදී ඕක කරගහගෙන භාරගත්ත කෙනාව තමා ඉස්සෙල්ල හොයාගන්න ඕන. දැනට අහුවෙලා තියන්නේ හාල්මැස්සන් මිසක් මහා මොළකාර මෝරා වෙන්න බැහැ.(නදී)

:       0       0

ලකී Friday, 13 June 2014 08:24 PM

කතාවේ ඉතිරි කොටස මෙහෙමයි. කුඩු ප්‍රවාහනය කල පිරිස කිසිවක් නොදනී. ඔවුන් රුපියල් ලක්ෂයකට ප්‍රවාහන පහසුකම් සපයාදුන් අහිංසකයන් දෙදෙනෙක් පමණි. සියල්ලෝ සතුටින් විසිර ගියෝය. (නදී)

:       0       0

රෝයි Friday, 13 June 2014 08:23 PM

මේවට අදහස් දමන අපි මෝඩයෝ ද? (නදී)

:       0       0

රජීවි Friday, 13 June 2014 08:30 PM

උප්පැන්නේ අපිට මොකද. අපිට දැනගන්න ඕනි ගෙන්නපු අයට මොකද වෙන්නේ කියල විතරයි. (නදී)

:       0       0

සමන්ත Friday, 13 June 2014 08:44 PM

මෝරා දේශපාලකයෙක් හරි දේශපාලනයෙන් යැපෙන ව්‍යාපාරිකයෙක් හරි වෙන්න ඕනේ (නදී)

:       0       0

ෂෙරිෆ් Friday, 13 June 2014 09:04 PM

අන්තිම වතාවට පකිස්ථානයෙන් ලංකාවට ආනයනය කල හෙරොයින් කුඩු කන්ටේනරය කිලෝ 225 ද මහ මුහුද හරහා ලක්බිමට සේන්දුවූ වග අපේ ලක්වැසි සැමට සිහිපත් කරමි (නදී)

:       0       0

සංජය Friday, 13 June 2014 09:04 PM

කෝටි 65ක් වටිනා කුඩු වලට ලක්ෂයද ගාන? බොරුවක් (නදී)

:       0       0

රවීන්ද්‍ර Friday, 13 June 2014 09:04 PM

85 මොකක්ද? කිලෝ 250 ගෙන්වපු උදවියත් ඔය යස අපූරුවට ඉන්නේ. (නදී)

:       0       0

සමරනායක Friday, 13 June 2014 09:08 PM

ලාංකික නියෝජිතයා හොයාගන්න අමාරු ඇති. කවුන්සිලේ පැත්තේ පොඩ්ඩක් බැලුවා නම් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 991 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 300 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1955 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 466 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 947 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 581 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37107 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24451 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site