හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 25ක් සමග වේයන්ගොඩ නිවසකදී අත්අඩංගුවට ගත් පුද්ගලයකු ළඟ තිබී අත්බෝම්බයක්, මිලිමීටර 0.38 වර්ගයේ ගිනි අවි දෙකක් හා එම උණ්ඩ දෙකක් ද අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ඔහුගෙන් ලත් තොරතුරු අනුව කළගෙඩිහේන සහ ගම්පහ කුමාරතුංග මාවතේ පදිංචි තවත් දෙදෙනකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ දිනපතා සිදුවෙන මිනීමැරුම්,මංකොල්ල, අපරාධ, වලට මුලික හේතුව අනවසර අවී ආයුධ පාතාලේ ළඟ තිබීමයි.පොදු සමා කාලයක් යටතේ ,කිසිදු දඬුවමකට ලක් නොකර ලගම ඇති පොලිස් ස්ථානයේ අපරාධ අංශයට බාර දෙනමෙන් ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිවේදනයක් නිකුත් කිරීම සුබ වාදීයි.එසේ බාර දීම නොකළ හොත් දැඩි දඬුවම් දීම රජයේ වගකීමක්. හරියට වැඩක් කරන ආරක්ෂක ලේකම් තුමාගේ කාරුණික අවධානය යොමු වේවා ! (අ)
මත කුඩු ජාවාරම නිසා අකාලයේ නැතිවන මිනිස් ජිවිත නැති කරන්න මේවයේ මුල් අරටුව කපා දැමිය යුතුය . මේ අල්ලන්නේ ග්‍රෑම් 25 තබා ගත් කුඩු මුදලාලිට වැඩ කරන කෙනෙක්. කෙසේ හෝ ඔහුගෙන් අසා කුඩු මුදලාලිලා කොටු කර ගත යුතුය.(නදී)
කසිප්පු ඇල්ලුවා නම් අල්ලපු මහත්තුරු එයාලගේ කට්ටිය තියලා පොටෝ එකක් ගහලා පත්තරේ දානවා. කෝ මේවා අල්ලපු අය? (නි)
අමාලි වෙන්නෙ නම් ඒක තමා , ඒත් මේ ශ්‍රී ලංකාවනේ (නි)
පොලිසියට පුලුවන් ග්‍රැමි 25 කුඩු සැකකරුවන් අල්ලන්න විතරයි. එචිචරයි එයාලට බලය දීලා තියෙන්නේ. කුඩු මුදලාලිලා හා රජයේ කුඩු ඒජන්තවරු ඇල්ලුවොත් රස්සාවත් නෑ. මොවුන් ලක්ෂෙට කොඩි දාල තියෙන්නේ කුඩු හා පාතාල සල්ලි වලින්. බුදු බණේ හැටියට මටිටු වෙන දවස වැඩි ඈතක නෑ.(නදී)
අද ලංකාවට මහපරිමානයෙන් කුඩු ගෙන්නේනේ අර කට්ටිය. අද හැම දෙයක්ම දේශපාලනයට යටයි. (නි)
කවුරු වුනත් තරාතිරම බලන්නේ නැතුව උපරිම දඩුවම් දිය යුතුයි (දී)
පොටෝ ගහලා මොනවා කරන්නද? තාමත් කසිප්පු අපේ පැත්තේ තියෙනවා පීනන තරමට. (දී)
කවුද ලංකාවට කුඩු ගේනවා කිව්වේ? මට නම් කිසි දෙයක් මතක නැහැ (දී)