දෙහිවල නැදිමාල කඩවත පාරේ බෝධිය අසලදී අද (15) අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ නවය දැනට රටින් පැන සිටින වෙළේ සුදා හා සිද්දික් ගේ විය හැකි බවත් මේ දෙදෙනා ඉන්දියා පාකිස්තාන දේශසීමාවේ නිතර ගැවසෙන බවට තොරතුරු ඇති බවත් පොලීසිය පවසයි.
පොලීසිය පිටකෝට්ටේ මාදිවෙල රැකවල්ලා සිටියදී වෙළේ සුදාගේ ගෝලයකු වෑන් රියක් පදවාගෙන යන බවට තොරතුරු ලැබී ඇත.ඒ අනුව නැදිමාලේදී මෙම පුද්ගලයාද වෑන් රියද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.ඔහු නුගේගොඩ මිරිහානේ පදිංචිකරුවකු බවද පොලිසිය කියයි.
පසුගිය දා කැළණියේදී සොයා ගත් කුඩු කිලෝ අසු පහ ද වෙළේ සුදා ගේ බව පොලීසිය පවසයි.
වෙළේ සුදා හා සිද්දික් අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පොල් වරෙන්තු නිකුත් කැර ලොව ප්‍රධාන ගුවන් තොටුපළවලද ඔවුන්ගේ ඡායාරූප හා විස්තර ප්‍රදර්ශනය කැර ඇත.
ඔවුන් බොහෝ විට ගොඩ බිමින් ගමන් කරන බව ද පෙනේ යැයි පොලීසිය සඳහන් කරයි.මේ දෙදෙනාගේ ගෝලයින් කැලණිය,කළුබෝවිල,මාදිවෙල,දෙහිවල ගැවසෙතියි ද පොලීසිය සහදන් කරයි.
පසුගිය මාස හයේදී හෙරොයින් කුඩු කිලෝ 133 ක් ද ගිය වසරේ කුඩු කිලෝ 351 ක් ද අල්ලාගත් බව පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙළේ සුදා කියන්නේ "කොකෙක්ද" ..කොකෙක් නම් ඉගිලෙනකොට දැල් දාල තමා අල්ලන වෙන්නේ. (ස)
අම්මෝ ඔය තරම් කුඩු අල්ලලා මොකද කරන්නෙ? (ස)
අනේ මන්ද මේ මිනිස්සුන්ට මොනවා කරන්නද කියල ? (ස)
කුඩු කන්ටේනර් එක යට ගහල ඉවරද? (ස)
ඕව ටික ටික මිනිස්සු අතර බෙදල දාන්න අප්පා. නොකා නොබී මැරෙනවට වඩා කුඩු ගහල මරුනා කියලවත් කියයිනේ එතකොට. අපරාදේ විනාශ කරන්න එපා. (නදී)
බොහෝ ගිණුම්, මේ ගිණුමට බැරවෙන පාටයි. (නි)