IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


කෝඩුකාර බර්ඞ් ඕස්ටේ‍්‍රලියානු පිලට එක්වෙයි

ශී‍්‍ර ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර හෙට (26 වැනිදා) මෙල්බර්න් නුවරදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය සඳහා නවක කී‍්‍රඩක ජැක්සන් බර්ඞ් කැඳවා තිබේ. මෙම තරගයේදී  ඕස්ටේ‍්‍රලියානු පිලේ ආරම්භක පන්දු යවන්නා වන පීටර් සිඞ්ල්ගේ සහායක පන්දු යවන්නා වශයෙන් ජැක්සන් බර්ඞ් කටයුතු කිරිමට සූදානමින් සිටී.

ටෙස්ට් තරග සඳහා කී‍්‍රඩකයන් මාරු කිරීමේ  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතන ප‍්‍රතිපත්තිය අනුව වේග පන්දු යවන කී‍්‍රඩක මිචෙල් ස්ටාක් විවේක ගන්වා තිබේ. ශී‍්‍ර ලංකාවට එරෙහිව හොබාර්ට්හිදී පැවැති පළමු පළමු ටෙස්ට් තරගයේදී හොඳ දස්කම් දැක්වූ ස්ටාක් එහි දෙවැනි ඉනිමේදී කඩුලූ 5 ක් දවාගනිමින්  ඕස්ටේ‍්‍රලියානු පිල ජයග‍්‍රහණය දක්වා කැඳවාගෙන ගියේය.
මිචෙල් ස්ටාක් ඉදිරි තරග ඉලක්ක කරමින් විවේක ගැන්වීමට  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.  ඕස්ටේ‍්‍රයානු ක‍්‍රිකට් පිලේ පුහුණුකරු මිකී ආතර් මහතා පවසන්නේ ජැක්සන් බර්ඞ් හොඳ වේග පන්දුයවන්කු බවත් ඔහු නියමිත ස්ථානයේ පන්දුව පතිත කරමින් දෝලනය කරන බවත්ය.
ජැක්සන් බර්ඞ් දේශිය තරගාවලියේ තරග 14 කදී කඩුලූ 80 ක් දවාගැනීම නිසා ටෙස්ට් කණ්ඩායමට තෝරාගත් බව  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් තේරීම් කමිටුව පවසයි.
බර්ඞ් පවසන්නේ තමන් ටෙස්ට් ක‍්‍රිකට් වලට සූදානම් බවත් ආරම්භක පන්දු යවන්නා ලෙස කටයුතු කරන බවත්ය.
තුවාල ලබා සිටින බෙන් හෙලිෆනවුස්ගේ ස්ථානය මිචෙල් ජොන්සන්ට හිමිවී තිබෙන අතර ද`ග පන්දු යවන කී‍්‍රඩක නේතන් ලයන් සිය ස්ථානය රැුකගෙන සිටී.
මේ අතර පාදයේ ආබාධයකට ලක්ව සිටින  ඕස්ටේ‍්‍රලියානු නායක සුපිරි පිතිකරු මයිකල් ක්ලාක්, ඊයේ (24) පැවැති පුහුණු සැසියේදී පැති තණතීරුවේ පන්දුවට පහරදී තිබේ.
ක්ලාක් පුහුණු සැසියට සහභාගි වීමෙන් පසු කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත. දෙවැනි තරගයට ක්ලාක්ගේ සහභාගිත්වය අවිනිශ්චිත වීම නිසා  ඕස්ටේ‍්‍රලියානු නායකත්වයට ෂේන් වොට්සන් පත්කරන බවට ද නිවේදනය කෙරිණ.
”ඔහු (ක්ලාක්) හොඳ තත්ත්වයකට පත්ව සිටිනවා. ඔහු හොඳ තත්ත්වයකට සිටිය හොත් දෙවැනි ටෙස්ට් තරගයේදී නායකයා ලෙස කටයුතු කරයි”
”එය ක්ලාක් සහ අලෙක්ස් කුන්ටූරි (කණ්ඩායමේ භෞතචිකිත්සක) බලාගනීවි” යැයි  ඕස්ටේ‍්‍රලියානු පිලේ ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා පැවසීය.
මයිකල් ක්ලික් පවසා ඇත්තේ දෙවැනි ටෙස්ට් තරගයේදී ක‍්‍රීඩා කිරීමේ හැකියාව තමන්ට ඇති බවයි.
‘‘මම කැමතියි වසරේ හොඳම ටෙස්ට් තරගයට (මෙල්බන්හිදී) ක‍්‍රීඩා කරන්න, මම එම ක‍්‍රීඩාංගණයේ මගේ පළමු ටෙස්ට් ශතකය රැුස්කිරීමට බලාපොරොත්තු වෙනවා” යයිද ක්ලාක් පැවසීය.
ක්ලාක් 2012 වසර තුළදී ලකුණු 106.35 ක සාමාන්‍යක් රඳවා ගනිමින් ලකුණු 1,489 ක් රැුස්කර ඇති අතර ලිත් වර්ෂයක් තුළදී වැඩිම ලකුණු රැුස්කළ  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයා බවට පත්වීමට ක්ලාක්ට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 55 ක් පමණි. ලිත් වර්ෂයක් තුළදී ලකුණු 1,544 ක් රැුස් කළ රිකී පොන්ටිං  ඕස්ටේ‍්‍රලියානු ටෙස්ට් වාර්තාවට හිමිකම් කියයි.
ක්ලාක්ට කී‍්‍රඩා කළ නොහැකි වුවහොත් එම ස්ථානයට උස්මාන් කවාජා ක‍්‍රීඩා කිරීමට නියමිත අතර නායකත්වය ෂේන් වොට්සන්ට හිමිවේ.   
 

 

 



අදහස් (0)

කෝඩුකාර බර්ඞ් ඕස්ටේ‍්‍රලියානු පිලට එක්වෙයි

කසුන් Monday, 24 December 2012 11:22 PM

ලංකා පිතිකරුවන් ඔවුන්ට හොදින් මුහුණ නොදුන්නොත්, මෙයත් පෙර තරගය සේම වේවි. (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 25 December 2012 01:26 PM

කවුරු ආවත් දෙවැනි ටෙස් මැච් එක අපි දිනනවා (ස)

:       0       0

එරංග Tuesday, 25 December 2012 04:18 AM

සුද්දෝ අ‍පේ කොල්ලන්ට කොච්චර බය ඇද්ද? (නි)

:       0       0

අංජන Tuesday, 25 December 2012 08:15 AM

එරංග, සුද්දන්ගේ කටවල් වහන්න නම් අපි මේක අනිවාර්යයෙන්ම දිනන්න වෙනවා. (නි)

:       0       0

රිස්වාන් සෞදි අරාබිය Tuesday, 25 December 2012 05:04 PM

ක්‍රීඩාංගනය අවට ලොකු විරෝදතා වියාපාරයක් පැවැත්වීමට එක්තරා පිරිසක් සූදානම් වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 174 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 487 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 289 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 201 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 949 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 811 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site