ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයන් බහුතරයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කැමති බවත්, ඔහු වෙනම පක්ෂයක් පිහිටවුවහොත් එම පාක්ෂිකයන් ඔහුගෙන් ඈත්වන බවත් අමාත්‍ය එස් බී දිසානායක මහතා පැවසීය.
‘නායකයන් පක්ෂය මාරු කළාට පාක්ෂිකයන් පක්ෂය දාලා ගියේ නෑ. ඔවුන් පක්ෂය ආරක්ෂා කළා. නමුත් මේ ආණ්ඩුවට ගමේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්, එක්සත් ජාතික පාක්ෂිකයන් කැමති නෑ. ඇත්ත කතාව ඕකයි. අපි ඒක දන්නවා. නමුත් මේ හවුල් ආණ්ඩුව නිසා රටට බොහෝ ජයග්‍රහණ ලබා ගත හැකිව තිබෙනවා. ‘ යැයි ද ඇමැතිවරයා කීවේය.
බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශයේ දී අද පැවැති මාධ්‍ය හමුවකට සහභාග වෙමින් එස් බී දිසානායක ඇමැතිවරයා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය පුදුම විදිහට බයවෙලා වගේ (නි)
මහජනයාගේ සල්ලි උඩ තමන්ගේ ළමයින්ට පීනන්ට දීපු නායකයකුගේ පස්සේ යන මිනිස්සුන්ට ලජ්ජා නෑ.(හේ)
මහින්ද ගියොත් මම ඉවරයි කියලා කිවුවා නම් හරි (නි)
අද මිනිසුන්ට පක්ෂ දේශපාලනය එපා වෙලා. රටට නව බලවේගයක් අවශ්‍යයි. හැබැයි මේ වගේ දේශපාලකයෝ ළංකර නොගත්තොත් මහින්ද දිනුම්. (නි)
හවුල් ආණ්ඩුවෙන් පැරදුන දේශපාලඥයන්ට, එල්ටීටීඊ එකට නම් බොහෝ ජයග්‍රහණ ලැබිලා තියෙනවා. එ්ක ඇත්ත (නි)
මේ අය රෙදි අඳින්නේ බොරුවටද? කිව්වොත් මේ වගේ කතාවක්ම තමයි (නි)
එක සැරයක් පරාජය කළා. තව සැරයක් අාවත් ඒ ආනිසංසයම තමයි. (නි)
මම දන්නේ එක දෙයයි. මම උපන්දා ඉඳලා රටේ තිබුණු මුස්පේන්තුකම නැතිකළේ මහින්ද විතරයි (නි)
මහින්ද නම් එහෙම ඉවරවෙන්නෙ නැහැ (නි)
අහෝ විජිත නොදිටි මොක්පුර! (නි)
කෙළෙහිගුණ දන්නා සියලුම මිනිසුන් මහින්ද සමඟයි, විජිත වැනි ගුණමකු මිනිසුන් හැර (නි)
බණ්ඩාරනායකට, විජය, චන්ද්‍රිකාලාට, ලලිත්, ගාමිණි ප්‍රේමචන්ද්‍රලාට, විමල්ලාට, කුමාර ගුණරත්නම්ලාට, ගම්මන්පිලලාට පුලුවන්නම් මහින්ද රාජපක්ෂ මැතිඳුට බැරි ඇයි? (නි)
මහින්ද රාජපක්ෂ කියන්නේ රටක යුද්ධයක් නිමාකළ දේශපාලන නායකයෙක්. ඒ වගේම රටක හිටපු ජාතික නායකයන් අතර සියල්ල නිවැරදි ඇත්තෝ ඇත්තේ නැත (නි)
සදහටම ඉවරවෙන්නේ එස් බි ගේ දේශපාලන ජීවිතයයි. එය රැකගන්න (නි)
දොන්, ඔබේ අදහස නිවැරදියි. බටහිර රටවල් වල දේශපාලුවෝ ඡන්දදායකයාට බයයි. මොකද පක්ෂ පාට ඒ රටවල මිනිස්සු ගණන් ගන්නේ නැහැ . රටට වැඩ කරලා නැත්නම් ඡන්ද නැහැ. අපේ රටේ ඉන්න කටුකන බලු රැල නිසා දේශපාලුවෝ බය නැතුව ඕනෑම ජරා වැඩක් කරනවා. (නි)
ඒ කතාවේ නම් ඇත්තක් තියෙනවා.(හේ)
මහින්ද පක්ෂයක් හැදුවා නම් එ්කේ වාසිය එක්සත් ජාතික පක්ෂයට තමා. මේක තේරුම් ගන්න බැරි ජනතාවක් තමා ඉන්නේ. මේවට මම නම් කියන්නේ දේශපාලන උපායන් කියලා. (නි)
ඉතින් මහින්ද ගියොත් සෙනඟ යන්නේ නැත්නම් ඔයාලට ප්‍රශ්නයක් නැහැනේ. ඔයාලට හොඳයිනේ. එ්ත් ඇයි මේ එහෙනම් භූමිතෙල් වැදුණු ගැරඬි වගේ කලබල වෙලා, මහින්ද යන එක ගැන? (නි)
විජිත, ඔය කියන්නේ මහ බැංකුව ගැනද? (නි)
මහින්ද ගියොත් ඔබතුමාලත් ඉවරයි. ඔබතුමාලා ජනතාව පන්නපු මිනිස්සු. තවත් බොරු එපා (නි)
ඔහොම නොකියා බැහැනේ, ජනතාවගේ තීන්දුවට පිටුපාලා, මැති ඇමතිකම් ගත්තහම (නි)
විජිත, ඔබ විතරයි මෙතන ඇත්ත කිව්වේ. මහින්ද නැවත ගේන්න වළිකන මිනිසුන් ඔය තරම් සැහැසිවෙලා තියෙන්නේ පරාජිතයින්ව ළං කරගත්ත හින්දා. මෛත්‍රීට සංසන්දනාත්මකව මහින්ද ගැන කතාකරන අය එස්.බී. ට සංසන්දනාත්මකව බැසිල් ගැනත් කතාකළොත් හොඳයි. (නි)
එස් බී මහතා ඊයේ රත්නපුරය පැත්තේ ගියා නම් මහින්දද නැත්නම් වෙන කවුරුන්ද ඉවර වෙන්නේ කියලා බලාගන්න තිබුනනේ (නි)
විජිත, සත්‍යයා, සල්ලි නම් කොහෙන්හරි හොයාගන්න පුලුවන්. ඒත් රට විනාශ වුණොත්,අැමෙරිකාවටයි ඉන්දියාවටයි උකස් තිබ්බොත් චීනෙට තිබ්බා වගේ නොවෙයි. බෙදලා විනාශවෙන එක නවත්වන්න බැහැ. (නි)
රෝහණ මොකද කියන්නේ එක පාරක් පරාජය වුනු නිසා අයෙත් හැමදාම පරාදයි කියලා. මන්දාරනායක මහතා සහ මහත්මිය, ඩඩ්ලි සේනානායක මහතාත් එහෙම පැරදී නැවත දිනපු අය බව දන්නේ නැද්ද මතක නැද්ද? ඔක්කොටොම වැඩිය රනිල් වික්‍රමසිංහ මහතා වාර්තා තබමින් පරදිලායි අද මේ තැන ඉන්නේ. පොඩ්ඩක් අපේ දේශපාලන ඉතිහාසය ගැන කියවලා එන්නකෝ.(හේ)
යන අයට යන්න කියන්න.(හේ)
පවුල් පිටින් උසාවියේ. සමහරු පරාජිත වියරුව නැවත බලයට ගෙන්න දගලන්නේ හොදට ජනතා මුදල් ගසා කපු අයද කොහෙද ?(හේ)
අම්මෝ පුදුම සෙනග කන්දරාවක්නේ ඔය සෙනගින් වෙන්න ඈති ඔලුගෙඩි වෙනස් කරන්න යන්නේ (බ)
ඒකත් දෙකඩ කලාම වැඩ පිළිවෙල සම්පූර්ණයි.(හේ)
ගිය සැරේ මහජනතාව දුන්නා නේද දුවන්නම . ඒ මහජනතාවට එපාවෙලා නිසයි. කොහොමහරි ආයෙත් රිංගුවා නේද? කිවුවත් නැතත් මහින්ද ජනතාවට ඕනෑමයි. මහින්ද කොතැනද ඉන්නේ,ජනතාව ඉන්නේ එතනයි. (නි)
ඕක කිවුවා නම් හොඳයි සිංහල නොතේරෙන අයට. වෙන්නේ පක්ෂෙට සහ කටු කකා අනිත් පැත්තට හේතුවෙලා ඉන්න අයට කිසිම පාක්ෂිකයෙක් නැති වෙන එකයි. සේරම මහින්ද මහතාගේ පක්ෂෙට හේත්තුවෙන එකයි. (නි)
මහින්ද නොවෙයි ඔයගොල්ලනුයි ඉවර වෙන්නේ මහින්ද ගියොත්. ඔය බයට කියන කතා. (නි)
මෙහෙම කියන්නේ මහජන ඡන්දෙන් පරාජිතවූ පුද්ගලයෙක් නේද. (නි)
අද ජනතාව ඉන්නේ රට බේරාගත් මහින්ද මහත්තයා සමගයි. පුලුවන්නම් මැතිවරණයකට ගිහින් බලමු. (ර)
පක්ෂ පාට ලකුණු අපිට එපා මහින්ද රාජපක්ෂ රට බේරාගත් වීරයා අපිට ඕනා. (ර)
මහින්ද වෙනුවෙන් අපේ ජිවිත දෙන්නම්... (ර)
ඒක කඩාගෙන ගියාම බලමුකෝ අපි... (ර)
මේ හවුල් ආණ්ඩුව නිසා අපට බොහෝ ජයග්‍රහණ ලබාගත හැකිව තිබෙනවා කියලාත් කියන්න ඇමතිතුමා. (නි)
මහින්ද කඩාගෙන ගියොත් නඩයක්ම ඉවරයි (නි)
මහින්ද පක්ෂයක් හැදුවට කවුරුවත් මොකටද කලබල වෙන්නේ? (නි)
මහින්ද පක්ෂයක් හැදුවට මහින්ද එක්ක පාක්ෂිකයෝ යන්නේ නැතිවුණොත් ඒ මිනිස්සු පක්ෂය දාලා මහින්ද එක්ක යන්නේ ඔයාලා වගේ අය ඔය පක්ෂය ඇතුළේ ඉන්න හින්දා (නි)
රටට ලැබිලා තියෙන ජයග්‍රහණ එකක් දෙකක් කියන්නකෝ බලන්න. (නි)
මහින්ද කඩාගෙන ගියා නම් ගොඩක් අය මේ වනවිටත් ඉවරයි. පසුගිය ඡන්දෙදි එ්ක කරන්න තිබුනා, එ්ත් මහින්ද මහතා එහෙම කළේ නැහැ. අපි ඔහුට ඕනෑම පක්ෂයකින් ඡන්දය දෙන්න බලාගෙන ඉන්නවා. එස් බි දැනටම බයවෙලා (නි)
මහින්ද නැවත බලයට අාවොත් මොනවා වෙයිද කියලා අපි අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ (නි)
කඩාගෙන යන්න දෙයක් නැහැ. ගිහින් ඉවරයි. ඔය පක්ෂයක් බදාගෙන කියවන්නේ නැතුව රට ගැන බලන්න. (නි)
අැමතිතුමනි, ඔය ලබාගන්න ඉන්න ජයග්‍රහණ මොනවද? (නි)
ලංකාව දේශපාලකයන් වෙතින් දියුණුවට පත්වුණාද? පරිහානියට පත්වුණාද? සිංගප්පුරුව නැගී තිබෙන දියුණුවට දේශපාලනය හා දේශපාලකයාගේ භුමිකාව මනාව ඉවහල් වී තිබෙනවා. ඒ වගේ අපේ රටේ දියුණුවට දේශපාලකයා දායකත්වය සපයා තිබේද? (නි)
දැන් මෙයාලා හොඳටම බයේ ඉන්නේ. (නි)
එතකොට මේ පාක්ෂිකයන්ටත් ඕනෑ හොරකම් කරන අයද? ඉස්සර එක්සත් ජාතික පක්ෂය හා පසුගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළා වගේ (නි)
චන්ද දායකයින් පිළිකුලෙන් ප්‍රතික්ෂේප කළ අය මෙවැනි දේ ගැන කතා කිරීමෙන් වෙන්නේ මොකක්ද කියලා එවන් අය හැර අනෙකුත් සියලු දෙනාම දන්නවා (නි)
මේ ඔක්කොම මෙහෙම වුණේ ඇයි කියලා තේරෙන්නේ නැද්ද? (නි)
ආයෙ දෙකක් නැහැ, ජය නියතයි (නි)
මහින්ද මහතා දැන්වත් සර්පයා හඳුනා ගන්න. (නි)
දැන් කාලේ ඡන්දදායකයා එස්.බී. හිතනවට වඩා බුද්ධිමත්. ලංකාවේ වැඩි දෙනෙකුට පක්ෂ පාට දැන් එපාවෙලා. ඒ නිසා එස්.බී. ගේ තියරි වලට කවුරුත් කන්දෙන්නේ නැහැ. දැන් මිනිසුන්ට ඕනෑකරලා තියෙන්නේ රටට, ජාතියට, ආගමට ආදරය කරන බුද්ධිමත් එඩිතර නායකත්වයක් පමණයි (නි)
මහින්ද කැමති නම් පක්ෂය දාලායන්නේ නැත්තේ ඇයි? (නි)
බයවෙලා වගේ දැනටමත්. මහින්ද ගැන කතාකරන්න මෙයාලා කව්ද? මහින්ද කොතැනද ජනතාව එතන. හිතන්න එපා ජනතාව මෝඩයෝ කියලා නිකන්ම නිකන් පක්ෂ සංකේතයක් බදාගෙන ඉන්න. (නි)
වෙලාවට කලාවට ඒ වැඩේ සිදුවෙයි. ඇයි මේ කලබල වෙලා..?? (නි)
මොකද මේ බයවෙලා (හේ)