IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කණ්ඩායමේ ලොකු වෙනසක් නොකෙරෙන බව මැතිව්ස් කියයි

එංගලන්තයේදී ජූනි මස 6 වැනිදා ආරම්භ වන ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලිය රටටත් කණ්ඩායමටත් ඉතා වැදගත් වන බැවින් කණ්ඩායමේ විශාල වෙනසක් කිරීමේ අදහසක් නැතැයි ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේදී ඊයේ (26) රාත‍්‍රියේ මාධ්‍ය අමතමින් ඇන්ජලෝ මැතිව්ස් මෙසේ පැවසීය.

‘මාලිංග, කුලසේකර, තිසර සහ මා වේග පන්දු යවන්නන් ලෙස පසුගිය කාලේ හොදින් ක‍්‍රීඩා කළා. මෙම තරගාවලිය අපේ රටටත්, කණ්ඩායමටත් ඉතාමත් වැදගත්.. ඒ නිසා කණ්ඩායමේ විශාල වෙනසක් කරන්න බලාපොරොත්තුවක් නෑ. නමුත් අපේ සංචිතයේ 15 දෙනාම  ඕනෑම අවස්ථාවක තරගයකට ක‍්‍රීඩා කිරීමේ හැකියාව ඇති ක‍්‍රීඩකයන් වීම නිසා ප‍්‍රශ්නයක් නෑ’’

අයි. පී. එල්. තරගාවලියෙන් පසුව මෙම තරගාවලියට සහභාගි වීම පිළිබඳව කළ විමසුමකදී මැතිව්ස් මෙසේ පැවසීය.
‘‘අයි. පී. එල්. තරගාවලියයි, ශූරයන්ගේ කුසලාන තරගාවලියයි අතර විශාල වෙනසක් තියෙනවා. ඉන්දියාවේ හිටියත්, ශ්‍රී ලංකාවේ හිටියත් අපි ශූරයන්ගේ කුසලාන ඉලක්ක කරමින් පුහුණුවීම් කළා. ඒ නිසා කණ්ඩායමක් හැටියට අපි හොඳ සූදානමකින් ඉන්නවා’’

‘‘ලෝක ක‍්‍රිකට් පිටියේ හොඳම කණ්ඩායම් අට මෙහිදී තරග කරන්නේ, අපේ වේග පන්දු යවන්නන් සාමාන්‍යයෙන් වේගයෙන් පන්දු යවන්නෙ නෑ. අපි අපේ විදියට ක‍්‍රීඩා කළොත් තරගයෙන් තරගය ඉදිරියට යන්න පුළුවන්’’ යැයි මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පිලේ උප නායක දිනේෂ් චන්දිමාල් පැවසුවේ මාස දෙකකට ආසන්න කාලයකින් පසුව සහභාගි වන මෙම තරගාවලිය හොඳ අභියෝගයක් බවත් ඒ සඳහා ශක්තිමත් කණ්ඩායමක් සහභාගි වන බවත්ය.

‘‘අපේ කණ්ඩායමේ ක‍්‍රීඩකයන් රැසක් මීට පෙරත් එංගලන්තයේ ක‍්‍රීඩා කරපු අය, ඒ නිසා අභියෝගය සාර්ථක කරගනිමින් ජයග‍්‍රහණය දක්වා යන්න හැකියාව තියෙනවා’’ යැයි චන්දිමාල් වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව, නවසීලන්තය,  ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය ‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරන අතර ඉන්දියාව, දකුණු අප‍්‍රිකාව, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් ‘බී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරන අතර පළමු වටයේ තරගවලින් පසු කාණ්ඩ දෙකේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබති.

ශ්‍රී ලංකා පිල මේ මස 30 වැනිදා පාකිස්තානයට එරෙහිව පළමු පුහුණු තරගයට සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය මේ මස 9 වැනිදා නවසීලන්තයට එරෙහිව කාඩිෆ්හිදී පැවැත්වේ.
තරගාවලියේ අවසන් මහ තරගය ජූනි මස 23 වැනිදා පැවැත්වීමට නියමිතය.

 

(ඡයාරූප: ශාන්ත රත්නායක)

1. මැතිව්ස් මාධ්‍යයට අදහස් දක්වමින්..

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2. ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ආගමික වතාවත්වලට සහභාගි වෙමින්..

 

 

 

 

 

 

 

 

 

 

3. දිනේෂ් චන්දිමාල්ට පිරිත් නූලක් ගැටගසමින්..



අදහස් (0)

කණ්ඩායමේ ලොකු වෙනසක් නොකෙරෙන බව මැතිව්ස් කියයි

ලක්මල් Tuesday, 28 May 2013 07:59 AM

සුභ පැතුම්.(නදී)

:       0       0

ලකි Tuesday, 28 May 2013 08:00 AM

සුභ පැතුම්! (නි)

:       0       0

අජිත් Wednesday, 29 May 2013 12:38 AM

නිහාල්, කුමාර, අශෝක, දිල්කි, ඉන්දික, ගයාන්, චන්දන ,මහේන්ද්‍ර, අනුර, ඔයාලට යමක් තේරෙන විදියට හිතන නියම ශ්‍රී ලාංකිකයෝ.අපේ සමහර මිනිස්සු හිතන්නේ හරි අමුතු විදිහට. (නි)

:       0       0

අශෝක Tuesday, 28 May 2013 08:11 AM

ක්‍රිකට් ගැන දන්නේ නැති අය කියලා තියෙන කුහක කතා දැක්කම හිතෙනවා මේ අය සිංහල බෞද්ධයෝද කියලා. අපි අප්පුඩි ගැහුවට විසිල් ගැහුවට ලකුනු සීයක් ගහන්නවත් කඩුලු පහක් ගන්නවත් බැහැ. ක්‍රිකට් ක්‍රිඞකයින් තනියෙන් පුදුම කැප කිරීමක් කරලයි ජාතික තලයට එන්නෙ. ඒ නිසා මට නම් තරඟ දිනුවත් පැරදුනත්  මගේ රටේ ක්‍රිකට් ක්‍රිඩකයෝ  සැබෑ දක්ෂයෝ. (නි)

:       0       0

සිසර Monday, 27 May 2013 09:28 PM

අපෝ මෙයාගේ කයිවාරුව ඉන්දියාවෙදි අපි දැක්කනේ.(නදී)

:       0       0

දිල්කි Tuesday, 28 May 2013 08:18 AM

අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ව අපේ රටේ අයට වටින්නේ නැති වුනාට ලෝකේ අනිත් රටවල අයට වටිනවා. අපේ රටේ ලිං මැඩියෝ දන්න කෙහෙල්මලක් නැහැ. කෝටි ගනන් මිනිස්සු ඉන්න රටවල් පරදවලා ලෝකේ නම තියන්න පුලුවන් කොල්ලෝ ටිකක් ඉන්න පුංචි රටක් මේත.(නදී)

:       0       0

අරුණ Monday, 27 May 2013 09:42 PM

මාලිංග යනු සිංහයෙකි. පාඩුවේ ඉන්න සතා අවුස්සා ගත්තහම තරමක් ගෝරනාඩු කරනවා. නමුත් සිංහයා සිංහයාමයි (නි)

:       0       0

නදී Monday, 27 May 2013 09:42 PM

දකුණු අප්‍රිකාවට හරි ,පාකිස්ථානයට හරි කුසලානයට හොද අවස්ථාවක් තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හිත තියෙන්නේ එන අවුරුදේ අයි.පී.එල් ගහන එක ගැන නේ. (නි)

:       0       0

මලී Monday, 27 May 2013 09:46 PM

එංගලන්තයේ ක්‍රිකට් ගහන්න යනකොට අපේ අය අඩුම තරමින් මාසයක් දෙකක් වත් හොදින් එම දේශගුණ තත්ත්වයට පුරුදුවිය යුතුයි. අපේ අය එහෙම කලාද ?(නදී)

:       0       0

මුතුමිණ Monday, 27 May 2013 09:48 PM

පලවෙනි වටෙන්ම නොකැපී අවොත් ඇති,,,,

:       0       0

ගිහාන් Monday, 27 May 2013 09:51 PM

සුබ පැතුම්.

:       0       0

ඉන්දික Tuesday, 28 May 2013 09:04 AM

ජය වේවා!. අනිවාර්යයෙන් කප් එක ගමු කොල්ලනේ.(නදී)

:       0       0

ගයාන් Tuesday, 28 May 2013 09:06 AM

මිනිසුන්ගේ අඩු පාඩු වැරදි කාලගත් තියෙනවා. අපි ශ්‍රී ලාංකිකයන් හැටියට අපි හැමෝම අපේ ටීම් එකට ජය පතමු.(නදී)

:       0       0

බංකු බංකු Tuesday, 28 May 2013 09:14 AM

සල්ලි වලට බංකුවේ වේළුනු අය,රට වෙනුවෙන් කරන හරිය බලන්න බැරියැ.(නදී)

:       0       0

රමීස් Monday, 27 May 2013 10:38 PM

සුබ පතන්න.(නදී)

:       0       0

රංග Monday, 27 May 2013 10:40 PM

එපා ...එපා ... කරන්න එපා

:       0       0

රමේෂ් Monday, 27 May 2013 10:42 PM

ඒ දේනම් හොද දෙයක්

:       0       0

චන්දන Tuesday, 28 May 2013 09:34 AM

සුබ පැතුම්. මෙවර අනිවාර්යයෙන්ම කුසලානය ගේනවා.(නදී)

:       0       0

කුමා Monday, 27 May 2013 10:57 PM

බංකුවල ඉදල කමිමැලි නැද්ද දන්නේ නැහැ.(නදී)

:       0       0

මහේන්ද්‍ර Tuesday, 28 May 2013 03:31 PM

රටකට ගිය කලක්. කුහක කමින් සිත් පිරිලා. ශ්‍රී ලංකා නම ලෝකෙට ගෙනිච්ච ක්‍රික‍ට් කණ්ඩායම රටින් යනකොට සුබ පතන්න තරම් මිනිස්සුන්ගේ හිත පිරිසිදු නැහැ. කෝටි ගණන් සල්ලි විනාශ වෙන දේවල් කොච්චර රටේ වෙනවද? ඒවා ගැන වචනයක් කියන්නේ නැහැ. අයි.පී.එල් ලංකාවේ කොල්ලෝ ගිහින් ජයලලිතාට හොද පාඩමක් උගන්වලා ආවේ. තරග කිහිපයක් වෙනස් කලා, චෙන්නායි ගහන්නේ නැතිව. ඒ අපේ කොල්ලෝ නිසා. මාලිංග චෙන්නායි අවසාන තරගේ හොදම විකෙට් 2 අරන් පෙන්නුවා අපිව කාටවත් නවත්තන්න බැරි වග.(නදී)

:       0       0

වසන්ත Monday, 27 May 2013 11:28 PM

අපේ අභිමානය ක්‍රිකට් ටීම් එක. සමහර විදේශිකයන් අපේ රටේ නම දන්නෙත් ක්‍රිකට් නිසා.මැච් බලන අපි දන්නවා මාලිංග ගේ වටිනාකම. (නි)

:       0       0

ශ්‍රී කාන්ත Monday, 27 May 2013 05:13 PM

බලමු කට්ටිය ක්‍රිකට් ගහන හැටි. තව සල්ලි ඕනෙද දන්නේ නැහැ. (නදී)

:       0       0

යොහාන් Monday, 27 May 2013 05:21 PM

ඔය කුණු බිත්තර කට්ටිය ලස්සනට නූල් බදින්නේ දැන්... (නි)

:       0       0

මධුරංග Monday, 27 May 2013 05:28 PM

රට කියලා එකක් තිබුණද මෙයාලට? 15 දෙනාට එක කණ්ඩායමක් විදියට යන්නවත් බැහැ. රටකට ගිය කලක්. (නි)

:       0       0

දිසානායක Monday, 27 May 2013 11:52 PM

ලංකාවේ ක්‍රිකට් මගේ හදවතින් ඉවත් වෙලා ඉවරයි (නි)

:       0       0

පෙරේරා Monday, 27 May 2013 05:34 PM

වැඩි වෙනසක් කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. මොකද අයි.පී.එල්. නෙමෙයිනේ (නි)

:       0       0

නිල්මිණී Monday, 27 May 2013 05:58 PM

හෝ හෝ හෝ කට්ටිය කලබල වෙන්න එපා. මේ අපේ ජාතික කන්ඩායමනේ. මොනවා උනත් අපි එයාලට සුබ පතමු. නමුත් මට අරයවනම් තාම පෙන්නන්න බැහැ.(නදී)

:       0       0

ජෙරී Tuesday, 28 May 2013 11:27 AM

අරුණ, සිංහයා මාලිංගලාගේ ගෙදර ආවද? නැත්නම් කැලේට ගියාද?. මොකද්ද හරි.(නදී)

:       0       0

ගයාන් Tuesday, 28 May 2013 04:27 PM

අපේ රටට ජය ගෙනඑන්න

:       0       0

ඩයස් Tuesday, 28 May 2013 12:37 AM

ඉස්සරනම් අපේ අයට දැනුනේ ක්‍රිකට් රස. ඒත් දැන් නම් දැනෙන්නේ සල්ලි රස නේද? (නි)

:       0       0

යොහාන් Monday, 27 May 2013 06:25 PM

ජය ලලිතගේ යාලුවනම් මෙතන නැහැ. එයා එහෙන්ම එංගලන්තේ යනවද නැත්නම් මෙහේ ඇවිත් යනවද?(නදී)

:       0       0

සිල්වා Tuesday, 28 May 2013 12:59 AM

අයි.පී.එල්.නොව රටේ නම රැකගන්න (නි)

:       0       0

හර්ෂණ පෙරේරා Tuesday, 28 May 2013 01:08 AM

පුනේ වොරියන්ස් පිලට කළා වගේ නම් අපේ ටීම් එකට කරන්න එපා (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 28 May 2013 05:14 PM

අයි.පී.එල්. ගහන්න ගිය අපේ ක්‍රීඩකයෝ හුඟ දෙනෙක් කළේ පසුගිය මාසය පුරාම බැංකු වල වාඩි වී සිටිමයි. ඔවුන් ශ්‍රී ලාංකික කණ්ඩායමක් වශයෙන් පසුගිය මාසේ 1 1/2 පුහුණු වීම වල යෙදුනේ නැහැ. එංගලන්තය, දකුණු අප්‍රිකාව එහෙම නෙමෙයි. දැන් එංගලන්තේ ගිහින් දක්ෂතා දක්වන්න එකපාරටම අමාරු වේවි. මාසයක්වත් යාවි එකට ක්‍රීඩා කරලා, පුහුණු වීම් කරලා සුපුරුදු රිද්මයට එන්න. එතකොට මේ අයි.පී.එල්. නිසා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට මාස 3 විතර නැති වෙලා. ඒකයි මේ පාඨකයන් කේන්තියෙන් ප්‍රතිචාර ලියන්නේ. නැතුව ක්‍රීඩකයන්ට ඊර්ෂ්‍යාවෙන් නෙමෙයි (නි)

:       0       0

නිහාල් Tuesday, 28 May 2013 01:46 AM

ලෝකයේ සෑම ක්‍රිඩාවකම සෑම ක්‍රීඩකයෙක් වාගේම රට වෙනුවෙනුත් තමන්ට මුදල් උපයා ගැනීමට ක්‍රීඩා සමාජ සහ මුදලට පවත්වන තරග වලටද සහභාගි වෙනවා. ඉතින් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉන්දියාවේ මුදලට තරග කිරීම කතා කළයුතු මහා ලොකු දෙයක් නොවේ. ඔවුන් එම තරගාවලියේදී බොහෝ තරගකාරිත්වය තුල සමහරවිට ක්‍රීඩා නොකර සිටියත් බොහෝ ජාත්‍යන්තර පුහුණුකරුවන් සමග පුහුණු වීමත් ඔවුන් උපයන මුදලත් රටට වටිනවා. මේ ගැන බොහෝ ඊර්ෂ්‍යාවෙන් කතා කිරීම මෝඩ දෙයක්. ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයෝ පිට රටවල ක්‍රීඩා සමාජ වල ක්‍රීඩා කිරීම නිසා මුළුරටම ඔවුන්ගෙන් යැපෙන රටවල් ලෝකයේ තියෙනවා. (නි)

:       0       0

ශිරළ් Monday, 27 May 2013 07:10 PM

අයි පි එල් එකේ අපේ ක්‍රීඩකයෝ දක්ෂතා අතර නොහිටියත් කණ්ඩායමක් වශයෙන් කිසිදා පසුබහින්නේ නැ කියලා අපි දන්නවා. මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම ජයග්‍රහණය කලේ මාලිංගගේ කඩුලු 2 නිසා තමයි කියන එක කව්රුත් පිලිගත යුතුයි.(නදී)

:       0       0

අපියන් Monday, 27 May 2013 07:17 PM

මෙහෙට තාම සීතයි. හොඳට අව්ව පායන්නේ නෑ. වේග පන්දු යවන්නන්ට ඉතාම වාසියි. බැංකු වල ඉඳලා ඇවිත් මෙහෙ ලකුණ ගහන්න ලේසි නෑ. නොගහ ලංකාවට යන්නත් බෑනේ දැන්. අනේ මන්දා.(නදී)

:       0       0

අනුරාධ Tuesday, 28 May 2013 05:23 PM

සුභපතනවා

:       0       0

සාලිය Tuesday, 28 May 2013 12:49 PM

අපේ අය අනිවාර්යයෙන් චැම්පියන්ස් කප් එක උස්සනවා. ජය වේවා. සුබ පතහල්ලා ලිං මැඩියෝ වෙන්නේ නැතුව. අය.පී.එල් එකෙන් ලංකාවේ කොල්ලෝ නැතුව ෆෛනල් ගහන්ඩ බෑ කියල තමයි චෙන්නායි තරග ටික චෙන්නායි වලින් අයින් කරේ. ඒක අපිට ආඩම්බරයක් නෙවේද?(නදී)

:       0       0

අසංග Tuesday, 28 May 2013 05:52 PM

යොහාන් කතා කරන්න ඉගනගත්තොත් හොඳයි.ඔය වගේ කතා කළොත් ඔයාට කුණු බිත්තර වදිනකන් දන්නේ නැතිවෙයි. (නි)

:       0       0

යොහාන් Tuesday, 28 May 2013 05:53 PM

ඒක හොදයි

:       0       0

සිරිමල් Tuesday, 28 May 2013 01:18 PM

පලවෙනි පාරට කප් එක එහෙනම් අපේ ඕං ඈ........ (නි)

:       0       0

කුම Tuesday, 28 May 2013 05:19 AM

ක්‍රිකට් ගැන දන්නේ නැති අය දාලා තියෙන ප්‍රතිචාර දැක්කම දුක හිතෙනවා. අපේ රටේ මිනිස්සු දන්නේ බොරුවට උඩ පනින්න විතරක් නිසා ක්‍රිකටර්ස්ලා ඒවා ගැන හිතන්න ඕනෑ නැහැ.ක්‍රීඩකයන්ට බනින අයට ක්‍රීඩකයෝ අපේ රට වෙනුවෙන් කරලා තියෙන දේවල් මතක නැහැ.ක්‍රීඩකයන්ට බනින අය තමන් ගැනම ලැජ්ජා වෙන්න ඕනෑ. (නි)

:       0       0

ජයසිංහ Tuesday, 28 May 2013 01:34 PM

මමත් ලංකා කණ්ඩායම නියෝජනය කළ අයෙක්. එපා වෙලාම රටින් පිට වුණා. ලංකාවේ ඉන්නවා දක්ෂ අය. නමුත් හැමදම එකම නම් ටික තමා. දැන්නම් අලුත් මුහුණු තියනවා. සතුටින් කියන්න ඕනෑ අවසාන මොහොතේ ලොකු හෙට්ටිගේ තෝරගැනීම සතුටක්. නම් වලින් කියන්න පුළුවන් තව දක්ෂ අය ඕනෑ තරම් ඉන්නවා, කණ්ඩායමට ජය! (නි)

:       0       0

බෙන්ච් වොමර් Tuesday, 28 May 2013 07:23 AM

බංකු වල වාඩි වෙලා ඉඳල කොච්චර සල්ලි හෙව්වත් කමක් නැහැ. ඒත් ලංකාවේ තරඟ වලදී හොඳට සෙල්ලම් කරපු අය පලාතෙවත් නැහැ. මෙතන තරඟ 3යි තියෙන්නේ. ඒ ටිකවත් ඒ අයට සෙල්ලම් කරන්න දුන්නා නම් තමා හොඳ. (නි)

:       0       0

අනුර Tuesday, 28 May 2013 07:48 AM

යොහාන්, දිනේෂ් චන්දිමාල් කොහොමද කුණු බිත්තර කට්ටිය වෙන්නේ? නිකම් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න. (නි)

:       0       0

කුරිලු Tuesday, 28 May 2013 07:56 AM

ශ්‍රී ලාංකිකයෝ එය එපා කිව්වමත් ගිය එක වැරදියි. රටේම අභිමානය කෑවා. අපිට ඕන දැන් මෙයාලා නැතිව වෙන කට්ටයක්. එතකොට අපි ආයෙත් ක්‍රිකට් වලට ආශිර්වාද කරනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවුරා ලංකා සමාගෙම් සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 27 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 171 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 118 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 107 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 528 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1020 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site