IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කතක බලු රංචුවක් සමග කාරයේ

ගාල්ල මාතර මාර්ගයේ වල්ගම නතර කැර ඇති රථයක බල්ලන් පිරිවරාගත් කාන්තාවක් සිටින බවට ලැබුණු පැමිණිල්ලක් අනුව ක්‍රියත්මක වූ පොලීසියට ඇය පිරික්සීමට නොහැකිව සිටියි.

පොලීසිය රථය අසළට එනවිට එම කාන්තාව රථයේ වීදුරු අරින බවත් එවිට බල්ලන් හත් දෙනකු එළියට හිස දමා කඩා පැනීමට තැත් කරන බවත් ගැමියෝ කියති.

පොලීසිය පවසන්නේ ගැමියන් එම වාහනයේ රෝදවල හුලං ඉවත්කැර ඇති බැවින් රථය එතැනින් ඉවතට ගැනීමට ද නොහැකි බවයි.

(ඡායාරූප ක්‍රිෂාන් ජීවක ජයරුක්)

 



අදහස් (0)

කතක බලු රංචුවක් සමග කාරයේ

මගලී Wednesday, 26 June 2013 02:46 PM

දැන් අනික් යට තියෙන ප්‍රශ්නය මොකක්ද? තමන් අදර බල්ලෝ ටික එක්ක එලියට යන්න තහනම්ද? මේක පුදුම රටක්නේ. අනික් අය කරන බලු වැඩ ඒවා පේන්නෙ නැ.(නදී)

:       0       0

රුවන් Wednesday, 26 June 2013 02:52 PM

අනේ නිල්මිනී මමත් හොඳ බල්ලෙක් වගේ තමා මාව අරන් හදාගන්නකෝ.(නදී)

:       0       0

ඩොනල්ඩ් Wednesday, 26 June 2013 06:40 PM

බල්ලෝ ඉන්නේ කාර් එකේද ? එළියේද,? (නදී)

:       0       0

සනත් Wednesday, 26 June 2013 02:51 PM

මේ වාහනයේ හුලං ඇරිය එක තමයි ලොකුම බලු වැඩේ. සමහර මනුස්සයෝ කරන බලු වැඩ නිසා සුනඛයින්ටයි කරදරේ.(නදී)

:       0       0

රනා Wednesday, 26 June 2013 02:53 PM

ඔය ගමේ ඉන්න හුලන් ඇරපු අය හොයලා කන පැලෙන්න දෙන්න තියෙන්නේ. පොලිසියට පැමිණිල්ල දාපු කෙනා හරහා ඔය ගමේ කුපාඩියෝ ටික හොයන්න තියෙන්නේ.(නදී)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 26 June 2013 02:53 PM

බල්ලන්ට තිබුනා නොවේද හුලං දාන්ඩ.(නදී)

:       0       0

නීල්-රානා Wednesday, 26 June 2013 11:03 AM

අර හාමුදුරුවන්ගේ ඉලපත් හමුදාවේ උපාසක අම්ම කෙනෙක් නෙමෙයිද මේ?(නදී)

:       0       0

කිරිහාමි Wednesday, 26 June 2013 11:04 AM

වාහනේ නතර වුන ගම "වල්ගම' නේද? අහන්න දෙයක් නැහැ එහෙනම් (නි)

:       0       0

ඉෂාන් Wednesday, 26 June 2013 07:07 PM

වාහනේ හුලන් අරින්න ගැමියන්ට තියන අයිතිය මොකක්ද? හුලන් ඇරපු අය ලවාම හුලන් ගහන්න තියෙන්නේ. (අ)

:       0       0

චින් Wednesday, 26 June 2013 11:10 AM

පොලිසිය කළ යුත්තේ රෝද වල හුලන් ඇරපු අයව අල්ලන එක. කාර් වල බල්ලෝ ගෙන යනවා දැකලම නැද්ද ? (නි)

:       0       0

උද්දික Saturday, 29 June 2013 04:23 PM

ගමේ මිනිසුන්ට පාර අයාලේ බලු පැටවුන් අතරමන් කරලා යන අයට පාඩමක් උගන්නන්න කැමති නැද්ද. තමන්ගේ වාහනේ මොක්කු අරගෙන ගියාම අනිත් අයට ඇති රුදාව මොකක්ද? අනේ මෙහෙම මෝඩ ගමක මිනිස්සු. අපරාදේ හුලන් අරිනකොට වාහනේ දොර අරින්න තිබ්බේ මුන්ව කන්න.(නදී)

:       0       0

මහේෂ්-සෞදි Wednesday, 26 June 2013 02:56 PM

සම්පූර්ණ විස්තරය දාන්න. බාගෙට විස්තර දැම්මම බලන අය මුලා වෙනවා. බලන්න මේ අය දාපු ප්‍රතිචාර. ඇයි මිනිස්සු හුලන් ඇරලා තියෙන්නේ? ඒකට හේතුවක් ඇති. ඇයි ගෑනු කෙනා එතන ඉන්නේ. මොකක් හරි නොදාපු දෙයක් ඔතන තියෙනවා.(නදී)

:       0       0

කුමාර Wednesday, 26 June 2013 11:12 AM

බල්ලොත් එක්ක බෑ.... (නි)

:       0       0

තරූ Thursday, 27 June 2013 07:25 AM

අනේ දෙවියනේ, ලංකාවේ ඉන්න මිනිස්සුන්ටනම් ඔනේ නැති දෙයක් නැහැ. අනුන්ගේ ඒවාමයි හොයන්නේ. මම මිනිස්සුන්ට වඩා බල්ලන්ට ආදරෙයි. (නදී)

:       0       0

අකලන්ක Wednesday, 26 June 2013 02:58 PM

බලන්න කීදෙනෙක් තමන්ගේ වටිනා කාලය කා දමමින් මෙතන බලන් ඉන්නවද. මෙහෙම දේවල් නිසා කී දෙනෙක්ගේ කාලය නාස්ති වී රටේ ඵලදායිතාවයට නරක විදියට බලපානවද. ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න හැකි වෙයිද මේ විදියට? (නදී)

:       0       0

උපාලි Wednesday, 26 June 2013 11:14 AM

ඇයි ඉතින් මොකද බල්ලෝ රංචුවක් එක්ක තමන්ගේ කාර් එකේ ගියාම ඇති වරද? ගැමියන්ට මොකක්ද තිබුන අමාරුව හුළං අරින්න? (නි)

:       0       0

සෑම් Thursday, 27 June 2013 07:37 AM

ගෙවල් නුවරද දන්නේ නැහැ.(නදී)

:       0       0

කුමාරසිරි Wednesday, 26 June 2013 11:17 AM

පොලීසියට වෙන වැඩක් නැද්ද බල්ලෝ අල්ලන්න යන්න .ඒ මන්නුස්සයා කැමති නම්,නරි හරි දා ගෙන ගියදෙන් . ඔය පැත්තේ අය වාහනේ හුලන් ඇරලා සියුම් වින්න්දනයක් ලබන්න ඇති නේද? (නි)

:       0       0

ඡානක Wednesday, 26 June 2013 03:10 PM

හා හා හා වැඩිය කෑ ගහන්ඩ එපා, බල්ලන්ටත් බද්දක් වදියි.(නදී)

:       0       0

කේ . කේ. Thursday, 27 June 2013 07:44 AM

අපේ පැත්තේ ගෙදරකත් බල්ලෝ හයදෙනෙක් හදනවා. ඒ ගෙදර මිනිස්සු ගමේ අය එක්ක ඇසුරක් නැහැ. බල්ලෝ තමයි ගෙදර ආරක්ෂා කරන්නේ. බල්ලන්ට ලෙඩක් හැදුනම බෙහෙත් ගන්න යන්නේ වාහනේ. ඒත් අපේ ගමේ අය‍ට ඒක ගැටළුවක් නෙවෙයි. වල්ගම වැඩිපුර ඇත්තේ කාර් එකේ ගිය අයගේ නෑයෝ වෙන්න ඇති. ඒකයි සොයලා බලන්න ඇත්තේ. (නි)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 26 June 2013 03:12 PM

පෙනුමේ හැටියට ඒ උපාසක අම්මාගේ වයස අනුව සත්ව කරුණාව දක්වන තැනැත්තියක් බවයි හැගෙන්නේ. සතුන්ට බෙහෙත් විදින්න පශු වෛද්‍ය වරයෙක් ලගට ගෙනියන අවස්ථාවක හුලන් ඇරීම වටිනවාද ? වයසක කාන්තාවක් තනිපන්ගලමේ යද්දී අසීරු තත්වයකට පත් කිරීම නොසන්ඩාල වැඩක්.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 26 June 2013 11:22 AM

අපේ පොලිසිය වැඩියෙන්ම කරන්නේ වැඩිහිටි ජෝඩු අල්ලන්න හොටල් කාමර පිරික්සන එක සහ මේ වගේ දේවල්. වරෙන්තු කරුවෝ නිදැල්ලේ.(නදී)

:       0       0

මහින්ද Wednesday, 26 June 2013 03:12 PM

මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු.(නදී)

:       0       0

අමිල Wednesday, 26 June 2013 11:26 AM

මොනවා වුනත් බල්ලෝ ටිකට නම් කරදරයක් කරන්න එපා. උන් කරන්නේ පවරපු රාජකාරිය. මිනිසාගේ හොඳම මිතුරනේ (නි)

:       0       0

ෆසාල් Wednesday, 26 June 2013 03:15 PM

බොදු බල සේනාව කරන වැඩ නිසා මේ වගේ නොවුමනා වැඩ ගොඩක් ඉදිරියට බලා ගන්න පුලුවන්.(නදී)

:       0       0

උදාර Thursday, 27 June 2013 07:47 AM

දැන් සත්තුන්ට ආදරය කරන මිනිස්සු නැහැ (දී)

:       0       0

කලිදු Wednesday, 26 June 2013 11:26 AM

වරුණ, ලසන්ත, මේකට මොකද කියන්නේ? (නි)

:       0       0

ශානිකා Monday, 01 July 2013 12:21 PM

අපේ මිනිසුන්ගේ මෝඩකමක හැටි. තව කාලයක් යයි මෙයාලගේ වලිගෙ හැලිලා සමාජය දකින්න. ගම්වල මිනිසුන් හොදයි කිව්වත් තියෙන ඉරිසියාව පේනවනේ. අපිට නැති කාර් බල්ලන්ට ... (දී)

:       0       0

චාන් Wednesday, 26 June 2013 03:19 PM

ගිම්හානි, ඔයා ලංකාවේ අයෙක් නෙමේද?පදිංචිය පිට රටක නේද? එය තමා වෙනස, ජනතාව පොලිසිය සමග සැක සහිත දේවල් පරික්ෂා කලාට කිසි වරදක් නැත , (දී)

:       0       0

ප්‍රමිල් Wednesday, 26 June 2013 07:36 PM

මෙයා බල්ලෝ එක්ක දකුණු පළාතේ නගරයක් ලඟින් යද්දී ගමේ මිනිස්සු වාහනයේ හුලන් ඇරලා. ඔය පළාත් වල ඉන්න මිනිස්සුන්ට මේ නෝනා බය වෙලා දොරවල් වහගෙන ඉන්න ඇති. ඉතින් ලංකාවේ මිනිස්සු කිසිම චාරයක් නැතිව තමන්ගේ රස්සා පාලු කරගෙන අනුන්ගේ දේවල් වලට හොට දාන මිනිස්සු නිසා මෙතෙනට සෙනග පිරුනා මැජික් එකක් වගේ. මේ බලන්න.(නදී)

:       0       0

නාලිකා Wednesday, 26 June 2013 03:20 PM

මේ පිස්සු රටේ මිනිසුන්ට වෙන වැඩ නැද්ද? මේ කාන්තාව බල්ලෝ මග අතාරින්න ආවා වෙන්න බැහැ. ලංකාවේ තියෙන්නේ ඔක්කොටම බලපාන කැලා නීතියක්.(නදී)

:       0       0

ලක්මාල් Friday, 28 June 2013 09:05 AM

නයෙකුත් එක්ක ඉන්න හොඳනම් බල්ලෝ මොකද? (අ)

:       0       0

කුරුනේරු Wednesday, 26 June 2013 11:30 AM

අනෙක් මිනිස්සුන‍්ගේ වැඩ ගැන පුදුම කුතුහලයක්නේ මිනිස්සුන්ට තියෙන්නේ (නි)

:       0       0

රත්න Wednesday, 26 June 2013 03:25 PM

මේ අර සේනාවයි, බලකායයි එකතුවෙලා කරන විගඩමේ ප්‍රතිපල. කාගෙවත් කාර්, කාගෙවත් බල්ලෝ! මේක තනිකරම කුහකකම, ඉරිසියාව, නොහැදිච්චිකම ඔය විගඩම් නටන ගමටම නෙලන්න තියෙන්නේ බූ වල්ලෙන්.(නදී)

:       0       0

අමිල Wednesday, 26 June 2013 07:55 PM

කෞද මේ මේ වැඩේ කරපු බලු කුක්කෝ ටික වෙන වැඩ නැද්ද ? (අ)

:       0       0

ඉන්දු Thursday, 27 June 2013 08:03 AM

මයි කාර් මයි ඩෝග්ස්... (නි)

:       0       0

ගිම්හානි Wednesday, 26 June 2013 11:34 AM

උපාලි, ලංකාවේ අයට වෙන වැඩක් නැහැනේ. පාන්දර නැගිට්ට වෙලේ ඉදන් හොයන්නේ අනුන්ගේ දේවල් . ඒකනේ ලංකාවට ඔහොම වෙලා තියෙන්නේ.ලංකවේ මිනිස්සු කවදාවත් හැදෙන අය නෙමෙයි (නි)

:       0       0

ජගත් Wednesday, 26 June 2013 03:29 PM

දිමුතු, තිලක් ඔයාලත් "වල්ගම"ද? බලු ප්‍රශ්නනේ ඔයාලට තියෙන්නේ. (නි)

:       0       0

කිරිහාමි Wednesday, 26 June 2013 03:30 PM

අපේ මිනිස්සුන්ට බල්ලෙක්ට මොනවාහරි කිව්වොත් ඩෝන් යනවා. මිනිසුන්ට මොනවා හරි වුනොත් බල්ලෙක්වත් නැහැ (නි)

:       0       0

පෙරේරා්‍ Wednesday, 26 June 2013 08:05 PM

කාරෙකේ යන බල්ලෝ දැකල ඇවිදගෙන යන බල්ලන්ට ඉරිසියා හිතිලා හුලන් අරින්න ඇති. (අ)

:       0       0

ජයන්ත Wednesday, 26 June 2013 11:39 AM

ඇත්තටම ඒ මනුස්සයා බල්ලොත් එක්ක කාර් එකේ ගියාම කාටවත් තියෙන අමාරුව මොකක්ද? (නි)

:       0       0

සමීර් Wednesday, 26 June 2013 03:33 PM

මෙයාල 13 ගැන විවාදයට යන ගමන් ඉක්මනට හුලන් ගහල දුන්නොත් හොදයි නැතිනම් ඇතුලෙම ජරා කර ගනී.(නදී)

:       0       0

ප්‍රසන්න රත්නායක Wednesday, 26 June 2013 11:41 AM

බල්ලෝ කාර් වල ගෙනියන්න තහනම්ද? වහාම නිවේදනයක් නිකුත් කළ යුතුයි (නි)

:       0       0

සම්පත් ද සිල්වා Wednesday, 26 June 2013 03:36 PM

ලංකාව තවම වැඩවසම් යුගයේ. පොලිසියටත් ඇත්තටම වැඩක් නැද්ද?(නදී)

:       0       0

නිලූ Wednesday, 26 June 2013 11:47 AM

කතක් ඇත වාහනේ බලු හුලන් හැර කල වැඩේ බලු පොලිසිය කල වැඩෙත් බලු බලුම බලු වැඩ නිසා බලු

:       0       0

රාහුල Wednesday, 26 June 2013 11:47 AM

අපේ ලංකාවේ මිනිස්සුන්ට පිස්සු. හුලන් ඇරපු අයට විරුද්දව නඩු දාන්ඩ ඕනා. අද ආරක්ෂාවට බල්ලෝ හරි ගෙනි යන්ඩ එපැයි.(නදී)

:       0       0

දිල්හානි Wednesday, 26 June 2013 03:45 PM

මට පේන්නේ වෙන නෝනලා කෙසේ වෙතත් ලාල්ගේ නෝනා නම් බල්ලෝ ඇතිකරනවා වගේ. නැත්නම් ලාල් කොහොමද ඒක ගැන හරියටම දන්නේ.(නදී)

:       0       0

ශෂිනී Thursday, 27 June 2013 03:19 PM

දකුනේ මිනිස්සු කොහොමත් ගල් යුගයේ වැඩනේ කරන්නේ. හැමදාම කරන්නේ අනිත් අය කරන දේවල් හොයන එකනේ. කවදා හරි මේ රට විනාශ කරන්නේත් ඔය දකුනේ අයම තමයි.(නදී)

:       0       0

k m රුවන්වැලල් Thursday, 27 June 2013 08:41 PM

හුළං අරින්න එනකොටත් වාහනෙ දොර ඇරියනන්.! බල්ලො කවුද කියල බලාගන්න තිබුනනෙ:?(අ0

:       0       0

සෙන්සා Thursday, 27 June 2013 08:24 AM

අනුන්ගේ දේවල් හොයන එක අපේ අයගේ පුරුද්ද. පොලිසියේ රාජකාරිය එයාලා කරලා. රටට පාත්වෙලා තියන හෙණ ගෙඩිය මෙයයි. (නි)

:       0       0

කපිල Wednesday, 26 June 2013 11:59 AM

තමෙන්ගේ කාර් එකේ අලියෙක් ගෙනිච්චත් මොකෝ ඕකට කියන්නේ ඉරිසියාව.(නදී)

:       0       0

රිෂාර්ඩ් Wednesday, 26 June 2013 08:39 PM

හරි ඉතින් එයා බලු අයිතිය වෙනුවෙන් සටන් කරනවා ඕක දිගටම කරගෙන යන්නට මැඩම්.දෙන්ඩ එපා බුරුලක් ජය වේවා (අ)

:       0       0

රිෂාර්ඩ් Wednesday, 26 June 2013 08:42 PM

ගවයෙක් දාගෙන ගියොත් ඔය කියන කරදර නැහැනේ (අ)

:       0       0

දිමුතු Wednesday, 26 June 2013 12:11 PM

ගිම්හානි, ඔයා එහෙනම් ඉන්න රටකට වෙලා ඉන්න අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව.(නදී)

:       0       0

සුගත් Wednesday, 26 June 2013 04:04 PM

අපි බුද්ධිමත්ව සිතිය යුතුයි. මේ කෙනා කුඩු වගේ දෙයක් ප්‍රවාහනය කරනවද දන්නේ නැහැ. ගමේ අය අවදානයෙන් ඉන්න එක ගැන අපි අගය කළ යුතුයි (නි)

:       0       0

සුදා Wednesday, 26 June 2013 12:12 PM

මේ ගැමියන්ගේ ගම මහගේලටත් හොරිකඩ බල්ලෝ හරි හදා ගෙන අඩු ගානේ අත් කරත්තෙකවත් දා ගෙන යන්න පුළුවන්නේ. අනුන්ගෙන් දේට ඉරිසියා කරන්නේ නැතුව. (නදී)

:       0       0

නෆ්හාන් Wednesday, 26 June 2013 12:14 PM

මහ ආඩම්බර කතා කියන්න නැතුව ඉල්ලුව නම් බලුපැටියෙක් දී ප්‍රශ්නය විසඳගෙන යන්න තිබ්බා. දැන් දැන් ගමේ කට්ටියගේ ටිකිරි මොලේ හැටි මෙහෙම තමා.(නදී)

:       0       0

ශිරෝමි පිළියන්දල Wednesday, 26 June 2013 08:51 PM

අපි දන්නේ නැති උනාට හුලන් අරින්න හේතුවක් ඇති (අ0

:       0       0

නිමල් පෙරේරා Thursday, 27 June 2013 08:31 AM

අදහස් ඉදිරිපත් කරලා කට්ටිය බලපුවම මේ බලු නිව්ස් එකට මොනතරම් ප්‍රතිචාරයක් තියනවාද කියලා පේනවා. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 26 June 2013 08:51 PM

කෙල්ලෝ ටිකකට අඩ නිරුවතින් නාන්න බැහැ. කතකට බල්ලොත් එක්ක කාර් එකක පාරේ යන්න බැහැ (නි)

:       0       0

තිලක් Wednesday, 26 June 2013 12:16 PM

බල්ලන්ට වාහන වල යන්න තහනම් නෑ එත් ගැමියන්ට මොකක් හරි තෙරිලයි මෙහෙම කරලා ඇත්තෙ. සමහරවිට කුඩු කංසා කසිප්පු වගේ දේවල් ප්‍රවාහනය කරන උප්පර වැට්ටියක්ද කියලා පොලිසිය හොයලා බැලුවොත් හොඳයි. (නදී)

:       0       0

මිනිපේ Wednesday, 26 June 2013 08:51 PM

අනේ නෝනා, අපේ ගොන්නු වෙනුවෙන්..මම ඔබෙන් සමාව අයදෙමි. (අ)

:       0       0

හේමන්ත Wednesday, 26 June 2013 12:23 PM

ලෝක බලු සමුළුවට යන අය. ඇයි බාධා කලේ. බලු හිමිකම් වෙනුවෙන් නඩු දමන්න ඕන. (අ)

:       0       0

බුද්ධි ද සිල්වා Wednesday, 26 June 2013 09:05 PM

බල්ලෝ ටික වාහනේ හුලන් ඇරලා , ගමේ බල්ලෝ (අ)

:       0       0

තිලක් Wednesday, 26 June 2013 12:25 PM

කොම්පඥ වීදියේ කෙනෙක් නිතරම කාර් බැටරියක් උස්සගෙන යනවා. කාඩ් බෝඩ් කැල්ලක් දෙකට නමල අත්ල උඩින් තියල බැටරිය තියාගෙන යන්නේ. හමුදාවේ අය. මේ ගැන සක හිතල දවසක් පරීක්ෂා කලා. කාඩ් බෝඩ් එක ඇතුලේ ගංජා මිටි කිහිපයක් තියාගෙනයි මේ පොර යන්නේ. මේ නිසා මේ කාන්තාව සහ වාහනේ හොඳට පරීක්ෂා කලොත් නරකද? (අ)

:       0       0

සංජිව Wednesday, 26 June 2013 09:14 PM

නෝනගේ ෆොටෝ එක ගත්තේ අවසර ඉල්ලගනද ? (අ)

:       0       0

නිශාන්ත Wednesday, 26 June 2013 04:15 PM

බල්ලෝ යන්න ඕනේ පාරේ විතරද (දී)

:       0       0

පෙරේරා Thursday, 27 June 2013 09:01 AM

වල්ගම අයට වැඩ නැත්ද? දකුණේ අය ඔහොමම තමා. මේ දවස් වල මුළු ගමටම වැඩක් නැතුව ඇති. මෝඩ මිනිස්සු.(නදී)

:       0       0

ප්‍රියන්ත Wednesday, 26 June 2013 12:31 PM

කොච්චර බල්ලෝ ඉනවද ? (අ)

:       0       0

නෙතුමි Thursday, 27 June 2013 09:01 AM

මේක මොකක්ද සමහරු වාහනවල නැතුව නිකම්ම පාරේ සුනකයන්ව අරන් යන්නේ. මේ සම්බන්ද නීති තියෙනවද නම් දන්නැහැ. ඒත් මේ ගැමියන්ට ඕන නැති වැඩක් කරලා තියෙන්නේ. ඇයි බැරි ඔය මැදිහත්වීම වෙන දේකට යොදා ගන්න.(නදී)

:       0       0

කුමාර් Wednesday, 26 June 2013 04:20 PM

කොහොමටත් බල්ලොත් එක්ක ලැග්ගොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා. (නි)

:       0       0

ක්‍රිෂාන් කෞශල්‍ය Wednesday, 26 June 2013 04:19 PM

ලංකාවේ මිනිස්සුන්ට කරන්න වැඩක් නැනේ අනුන්ගේ කුනුමයි හොයන්නේ (දී)

:       0       0

නිලන්ති... Thursday, 27 June 2013 03:51 PM

අනේ මේ ගැමියෝ ටික කාරෙකේ හුලන් අරිනකොට බල්ලෝ ටික එලියට දැම්මා නම් ගමත් අමතක වෙලා පාරත් අමතක වෙලා යයි ගැමියන්ට දුවන්න. මේ නෝනට ඔච්චර මොලයක් තිබ්බේ නැද්ද?ගැමියෝ තමයි අනුන්ගේ ඕපාදුප හොයන නොම්බර එකේ මිනිස්සු. (නි)

:       0       0

සම්පත් Thursday, 27 June 2013 09:02 AM

මේක ලොකුදෙයක් කරගන්න එපා. මිනිස්සුන්ට වඩා ගුණ ඇති බල්ලෝ ඉන්නවා. හුලන් ඇරපු අය තමා බල්ලෝ.(නදී)

:       0       0

ලහිරු Thursday, 27 June 2013 09:03 AM

දකුණේ මිනිස්සු මෙච්චර මෝඩද? (නදී)

:       0       0

කෙලුම් Wednesday, 26 June 2013 10:08 PM

බල්ලෝ කාර් වල යනවා දැකලම නැද්ද... (නි)

:       0       0

අමිල Wednesday, 26 June 2013 04:27 PM

මේවා බලන අපේ මොලේ කොලොප්පන් වෙන පුවත්නේ (නි)

:       0       0

අසන්ක Wednesday, 26 June 2013 04:28 PM

මෙන්න බොදු බල සේනාවටත් බැනලා..හපොයි (නි)

:       0       0

බන්ටු Wednesday, 26 June 2013 10:30 PM

අපේ මිනිස්සුන්ටත් ඕනෑ නැති දෙයක් නැහැ (නි)

:       0       0

ගමගේ Wednesday, 26 June 2013 12:59 PM

ඉතින් මොකක්ද වරද ? හුලන් ඇරිය බල්ලෝ තමයි පොලිසියෙන් චෙක් කරන්න ඕනෑ (නි)

:       0       0

චන්දන Wednesday, 03 July 2013 04:30 PM

සමහර කට්ටිය කිව්වට බල්ලොත් එක්ක බැහැ කියලා, නෝනා ඒක පිළිගන්නේ නැතුව ඇති. (නි)

:       0       0

සුදේශ් Wednesday, 26 June 2013 01:05 PM

ගිම්හානි, ඔයා හරියට හරි (නි)

:       0       0

උදය Wednesday, 26 June 2013 04:38 PM

මේ ඇන්ටි නම් බලු අනාත නිවාසයක් කරගෙන යනවා වගේ,සත්තුන්න්ට සලකන එකනම් පිනක්ම තමයි (නි)

:       0       0

නිල්මිණි Wednesday, 26 June 2013 01:14 PM

මමත් මේ දවස් වල හොද බල්ලෝ දෙතුන් දෙනෙක් හොයනවා. හොද තැනක් දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ (නි)

:       0       0

සපුමල් Wednesday, 26 June 2013 01:16 PM

මේ ගැමියෝ සමුහය පොලිසියද සමග මුල්ලේරියාවේ යැවිය යුතුයි (නි)

:       0       0

ස්වර්ණා Wednesday, 26 June 2013 11:21 PM

මම හිතන්නේ ඔයගොල්ලෝ හැමට පිස්සු. මම හිතන විදියට නම් එංගලන්තේ නෝනලට තීයෙන බලු පිස්සුව ලංකාවටත් මේ ජරාව ගෙන්නල්ලා.(නදී)

:       0       0

චතූ Thursday, 27 June 2013 01:10 PM

අදෙනේ දන්නේ තමන්ගේ කාර් එකෙන් තමන්ගේ බල්ලන්ව අරන් යන එක නීති විරෝධියි කියලා.(නදී)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 26 June 2013 11:23 PM

දකුනෙ කිව්වොත් ඉතින් බලු කේස් තමයි.(නදී)

:       0       0

මිනිසා Wednesday, 26 June 2013 04:52 PM

මේ මිනිස්සුන්ට පිස්සුද අපිට පිස්සුද (දී)

:       0       0

අල්විස් Wednesday, 26 June 2013 04:52 PM

මේ ගැහැණු කෙනා පිරිමි හත් දෙනෙක් එක්ක වාහනේ ගියා නොවෙයි බල්ලෝ එක්ක හිටියේ, ගව ඝාතනය වැඩි වෙලා තියෙන කාලේ සතෙක්ට ආදරය කරන එක දැක්කාම ඒක නිකන් පුදුම දෙයක් වගේ තමයි මිනිස්යුන්ට පේන්නේ (දී)

:       0       0

මීරා Wednesday, 26 June 2013 11:38 PM

ලංකාවේ මිනිස්සුන්ට පිස්සු. බල්ලෝ ටික වාහනේ හුලන් ඇරලා. බලුම බලු වැඩ.(නදී)

:       0       0

නිලන්ත Wednesday, 26 June 2013 11:44 PM

ගමේ නමට තවත් විශේෂණයක් දාමු බලු කෑල්ලකුත් එකතු කරලා. කකුල් දෙකේ බල්ලෝ ගෑනියකුගේ කාර් එකේ හුලන් ඇරලා.(නදී)

:       0       0

පද්මිණී Wednesday, 26 June 2013 11:47 PM

පිටරට වල සතුන්ට සුව සෙත සලසන සංවිදාන වලට මිනිස්සු ගොඩක් ආධාර කරනවා. ඒකට අපේ රටේ . මේ වෙනුවෙන් වන්දි ලබා ගතයුතුයි. (නදී)

:       0       0

ශානිකා Friday, 28 June 2013 11:46 AM

අනේ මෙහෙමත් මිනිස්සු? සුනකයා කියන්නේ මිනිසාට ඉතාම කිට්ටු යාළුවා, ඒකනේ හඳටත් ගියේ (නි)

:       0       0

වසන්ත Wednesday, 26 June 2013 11:52 PM

නාගයෝ මදිවට දැන් බල්ලෝ, කාලයක් නාගයෙක් එක්ක ගැහැණියෙක් ප්‍රදාන ප්‍රවුර්තියක් කරගෙන හිටියා. ඇයි දෙවියනේ ලංකාවේ මීට වඩා ප්‍රශ්න නැද්ද මිනිසුන්ට උත්තර හොයන්න? ඇයි ඔය මනුස්සයට කටක් නැද්ද කතා කරන්න? ඔය ගමෙත්,පොලිසියේත් ඉන්නේ 1800 වර්ෂයේ කට්ටියද?(නදී)

:       0       0

ලාල් Wednesday, 26 June 2013 01:36 PM

කොහොමත් සමහර නෝනලා බල්ලෝ ඇති කරන්න ආසයි කියලා අහලා නැද්ද? මෙතනත් නෝනා තනියම බල්ලෝ රෑනක් එක්ක ඉන්නේ මොකද කියලා බලන්න ඕනෑ.මේක විශාලම ප්‍රශ්නයක්. (නි)

:       0       0

මංජු Thursday, 27 June 2013 10:21 AM

බල්ලෝ ටික කාරෙක වටකරගෙන. (අ)

:       0       0

අල්විස් Thursday, 27 June 2013 10:23 AM

පිට රට යන්න ඕනේ නැහැ මිනිස්සු බල්ලන්ව වාහන වල දාගෙන යන යන හැටි බලන්න එන්න කොළඹ, කොහෙද කොළඹ ඇවිත් තියෙන එකක් යැයි(දී)

:       0       0

පෙරේරා Wednesday, 26 June 2013 05:17 PM

ඒකටත් දැන් පළි බොදු බල සේනාව.. (නි)

:       0       0

සිතුම් Thursday, 27 June 2013 10:26 AM

ගිම්හානි, ඔයා කරන්නෙත් ඒකම තමයි.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 30 June 2013 02:36 AM

ලංකාවේ මනුස්සයන්ට තමන්ගේ දෙයක් කර ගන්න වෙලාවක් නැහැ. අනුන්ගේ දේවල් හොයනවා විතරයි. ඒකනේ තාම එකතැන. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 26 June 2013 05:25 PM

ඇයි දෙයියනේ බල්ලෝ කාර් එකේ ගෙනියන්නත් නීතියෙන් අවසර ගන්න ඕනෑද? (නි)

:       0       0

රසල් Thursday, 27 June 2013 01:05 AM

ඇයි මීට කලින් බල්ලෝ දැකලා නැද්ද? නිකන් වැඩක් බලන් යනවා මනුස්සොයෝ යන්න.(නදී)

:       0       0

ජීවක Thursday, 27 June 2013 01:08 AM

දකුණේ බුද්ධිමතුන්ගේ තවත් වීර ක්‍රියාවක් තමයි ඉතින්.(නදී)

:       0       0

ශාන්ති Thursday, 27 June 2013 10:41 AM

මිනිස්සුන්ට ප්‍රශ්න නැතුවාට ප්‍රශ්න (දී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 26 June 2013 02:04 PM

ඉස්සෙලම කාර් එකේ හුලන් ඇරිය පුද්ගලයා සොයා ගත යුතුයි. වාහනය ධාවනය තත්වයේ තිබුනා නම් පොලිසියට හරි පශු වෛද්‍ය කාර්යාලයකට හරි ගෙනිහින් මේ ගැන සොයලා බලන්න තිබුනා. බල්ලෝ ඉන්නේ කාර් එක ඇතුලෙ නම් ගැමියන්ව හපාකන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැනේ. මෙතන තිබෙන්නේ කුහක ගැමියන්ගේ ඉරිසියාව (නි)

:       0       0

සම්පත් ප්‍රියංකර Thursday, 27 June 2013 01:43 AM

තමන්ගේ වාහනේ මොකෙක් ගෙන ගියාම මොකද? මිනිස්සුන්ට වෙන වැඩක් ඇත්තෙම නැද්ද?(නදී)

:       0       0

රන්ජනී ලන්ඩන් Wednesday, 26 June 2013 02:05 PM

ගිම්හානි, ඔයා තමා හරි දේ කියලා තියෙන්නේ.99%යක්ම හරි. (නි)

:       0       0

සුග Wednesday, 26 June 2013 05:49 PM

කාර් එකේ ඉන්න බල්ලෝ දැකලා ගමේ බල්ලන්ට ඉරිසියා හිතෙන්න ඇති (නි)

:       0       0

සුනේත්‍රා Thursday, 27 June 2013 05:54 PM

මම නම් දකින්නේ මෙයා හොද කෙනෙක්. සමහරු බලු පැටවු පාරවල් ගානේ විසිකරලා යනවා. සත්ව කරුණාව තියන කෙනෙක් මේ. අපේ අය ඇත්ත මොකක්ද හොයන්නේ නැතුව අපහාසත් කරනවා. (නි)

:       0       0

දම්මික පෙරේරා Wednesday, 26 June 2013 02:09 PM

දෙයියෝ තමා සත්‍ය කතාව දන්නේ (නි)

:       0       0

ෂෙරිෆ් Thursday, 27 June 2013 03:44 AM

මුස්ලිම් අයට ගවයන්ව ප්‍රවාහනය කරන්න දෙන්නේ නැහැ.මේ අහිංසක සිංහල කතට බලු රංචුවක් සමග කාරයේ යන්න දෙන්නේ නැහැ (නි)

:       0       0

මධුක Thursday, 27 June 2013 04:01 AM

චතුල වෙරෝනා, ඔබතුමත් බෝට්ටුවෙන් ගොඩ බැහැපු කෙනෙක්ද මන්දා?උගත්කමට දෙන උත්තර නේද මේ? මොන ප්‍රදේශයක වුනත් අඩු මානසික මට්ටම් තියෙන පුද්ගලයෝ ඕනෑ තරම් ඉන්න පුළුවන්. ඒක දකුණට විතරක් අදාල නැහැ නේද? (නි)

:       0       0

පිටබෙද්දර ජයා Thursday, 27 June 2013 04:27 AM

පොලීසියට ඉරිසියා ඇති එයාලා අව්වේ කට්ට කනකොට එයාලගේ පරපුරේ අය කාර් වල යනවට.(නදී)

:       0       0

ශාන්ත Wednesday, 26 June 2013 02:34 PM

අප්‍රිකානු ගෝත්‍රිකයො රැලකට මැදි වුණා වගේ. මේ ගැමියො වගේ කට්ටිය එක්කද ආසියාවෙ ආශ්චර්යට යන්නෙ. (දී)

:       0       0

බවන්ත Wednesday, 26 June 2013 06:10 PM

. මේකත් එක කරුමයක් තමා (අ)

:       0       0

සම්පත් Wednesday, 26 June 2013 02:36 PM

මොකද්ද ඉතින් ඒ වැඩේ තියෙන වැරැද්ද (දී)

:       0       0

නිශාන්ත Wednesday, 26 June 2013 02:37 PM

අහිංසක මිනිසුන්ට ඉන්න දෙන්න (නි)

:       0       0

සම්පත් Wednesday, 26 June 2013 06:16 PM

ෆසාල් මොලේ උඩද වාඩි වෙලා ඉන්නේ කියල බලන්න.(අ)

:       0       0

මයෝමී Thursday, 27 June 2013 05:23 AM

අපේ අය සිංහයෝ නේ මේ වගේ දේවල්වලට.(නදී)

:       0       0

චන්දා Thursday, 27 June 2013 02:13 PM

පව් අහිංසක නෝනා. බල්ලන් එයාට කැමති විදියකට හදන්න ඉඩ දෙන්න, මානසික සුවයක් ඇතිවෙයි ඒකෙන්. (නි)

:       0       0

සරත් Wednesday, 26 June 2013 02:43 PM

කුඩු අදින්නේ නැත්නම්, වෙන අයට කර‍දරේකුත් නැත්නම් බල්ලෝ දුසිමක් කාර් එකේ ගෙනිච්චත්මොකද? හැබැයි හොදට පරීක්ෂා කරන්න මොකක්හරි උපක්‍රමයක්ද කියලා. (නි)

:       0       0

බංඩා Wednesday, 26 June 2013 06:30 PM

කොරියන් හරි චීන කාරයෙක් අවොත් බල්ලන්ට දෙවි පිහිටයි !(නදී)

:       0       0

මාධවී Thursday, 27 June 2013 06:16 AM

මේ කාන්තාව අවේලාවේ මෙතනට වෙලා කරන්නේ මොනවද කියලා හොයන්නේ නැතුව ටයර් වල හුලන් ඇරලා .පොලිසියේ ,උසාවියේ වැඩ එක රැයෙන් විසඳලා.මට පෙනෙන්නේ බල්ලෝ ටික ඉඳලා තියෙන්නේ එළියේද කොහෙද? (නි)

:       0       0

නිශාන්ත Wednesday, 26 June 2013 02:44 PM

අපේ මැඩම් වගේ .... (නි)

:       0       0

මලී Wednesday, 26 June 2013 02:44 PM

බල්ලොත් එක්ක හිටියම ඉතිං කාටවත් මොකක්ද තියෙන අමාරුව? අනේ මෙහෙමත් රටක් (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 27 June 2013 06:26 AM

හුලන් ඇරපු එවුන් වල්සේෂන් බල්ලෝය. කාර් එක ඇතුලේ නෝනා සමග ඉන්නේ ඇල්සේෂන් බල්ලෝය. ගැහැනියකට වධ දීම නිහීන කමකි.(නදී)

:       0       0

සජිනි Wednesday, 26 June 2013 02:44 PM

ලාල් ,වැඩකට නැති මිනිස්සු එක්ක ඉන්න වෙලේ ,පලකට ඇති බල්ලෝ එක්ක ඉන්න එක හොඳයි කියලා මේ නෝනට හිතිලා ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 2 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 252 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 252 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 100 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1374 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1633 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site