සමන් මැක්සිමස් පියතුමා සමඟ කොළඹ කලාපීය සරසවි කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය සංවිධානය කළ මල් දන්සලක් පොසොන් පොහෝ දින කැළණි විහාරයේදී පැවැත්විණි. පියතුමා වන්දනාකරුවන්ට මල් පිරිනැමීය.
සමන් මැක්සිමස් පියතුමා සමඟ කොළඹ කලාපීය සරසවි කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය සංවිධානය කළ මල් දන්සලක් පොසොන් පොහෝ දින කැළණි විහාරයේදී පැවැත්විණි. පියතුමා වන්දනාකරුවන්ට මල් පිරිනැමීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චතුල වෙරෝනා, කියන පුද්ගලයාගේ අදහස් මම කලිනුත් කියවලා තියනවා, කියන්නෙම මෝඩ කතා. (නි)
බුදු සරණයි ජේසු පිහිටයි !!! (ත)
සුද්දෝ ලංකාවට එන්න කලින් කතෝලික අයත් අපේ රටේ හිටියා. (නි)
පිපිදුන මලක සේවය පියතුමා දනිතියි.. බඩගිණි නිවන ගෙඩි ඇට පළතුරු ඒමයි.. දීමේ උසස් බව සාමයෙ වැටහීමයි.. ප්‍රීතිය සතුට සැම මුහුනෙම ඇති වීමයි (නි)
අගය කළ යුතු ක්‍රියාවක්.. (ත)
අපි පරිසරයට ආදරය කරමු (නි)
පියතුමා ගේ මුලිකත්වයෙන් ඉතාම හොඳ කාර්යයක් සිද්ද වෙලා තියෙනවා. අප ඒ ක්‍රියාව ඉත සිතින් පැසසුම් කරුමු. ඔබ තුමන්ට සහ අනෙකුත් උදව් කල පුද්ගලයන්ට දීර්ගායුෂ වේවා, නිරෝගී සුව ලැබේව. සාමය සැනසුම පියතුමා ඇතුළු සැමට ලැබේවා. (ත)
කුමාර් වැනි අය කරන වැරදි නොදැන කරන හෙයින් මොහුට සාමාව දුන මැනව. (නි)
මේ වෙනකම් මේ පුවතට කවුරුත් මොනවත් වැරදි අදහසක් කියලා නැහැ. කුමාර් බෞද්ධයෙක් වෙන්න බැහැ. අනිත් අය කොච්චර හොද කියනවද ? (නි)
කුමාර්, මෝඩ විදියට අදහස් දාන්න එපා. මමත් කතෝලික. ඒ වුනත් මගේ ගෙදරත් තියෙනවා බුදු පිළිමයක් මා සමග ඉන්න හිතවත් සහෝදරියන් දෙදෙනෙකුට වඳින්න. ඒ අය මගේ ආගමටත් ගරු කරනවා.බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ වෙන ආගමකට ගරු කරනවා කියන්නේ තමාගේ ආගමට ගරු කරනවා කියන එකයි කියලා (නි)
තමන්ට ඕන අයුරින් ආගම වෙනස්කරලා තියන හැටි බලන්න යන්න කුමාර් ජපානේ චිනේ දිහාවට.එහෙ තියන බුද්ධාගම වෙනස් එකක්. හැබැයි එහෙ අය කියන්නේ ලංකාවේ කට්ටිය තමන්ට ඕනෑ විදියට වෙනස් කළා කියලා.කවුද හරි කවුද වැරදි අපි නොදනී. (නි)
කුමාර්, ඕනෑම කතෝලික පල්ලියක ජේසුස් වහන්සේගේ, මරියතුමියගේ, අනෙකුත් සාන්තුවරයන්ගේ රූප තියෙනවා. බයිබලයේ පරණ ගිවිසුමේ තමයි රූප වන්දනාව තහනම් කරලා තියෙන්නේ. අලුත් ගිවිසුමේ එහෙම සඳහන් කරලා නැහැ. පරණ ගිවිසුම විශ්වාස කරන්නේ යුදෙව් හා මුස්ලිම් අය විතරයි. කතෝලික හා අනෙකුත් ක්‍රිස්තියානි අය පිළිගන්නේ අලුත් ගිවිසුමයි. එත් අනෙකුත් ක්‍රිස්තියානි හා මූලධර්මවාදී නිකාය වලට අයත් පල්ලිවල රූප වන්දනාව කරන්නේ නැහැ. මම දන්නා විදියට නම් අලුත් ගිවිසුම (බයිබලය) ඕනෑ ඕනෑ විදියට වෙනස් කරන්නේ අනෙකුත් නිකායයන් හා මූලධර්මවාදීන් විතරයි. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන් 'පානදුරා වාදයේදී ' ඒක පැහැදිලිවම ප්‍රකාශ කලා.(පානදුරා වාදය පොත කියවන්න) (නි)
කුමාර් කියන කෙනා මිනිසුන්ට උදව් කරන්නේ එහෙම හිතලා වෙන්න ඇති. (නදී)
කුමාර් , ඔබගේ සිතුවිලි ඉතාම පහත්. මන්ද සිතුවිලි පහත් මිනිසා කවදාවත් දර්මය දකින්නේ නැහැ වගේම අන්‍යන්ගේ හොඳ ක්‍රියාවන්ට ප්‍රසංසා කරන්නෙත් නැහැ. මිට වඩා බුද්දි ගෝචර වන්න.(නදී)
මෙහි අදහස් දමන ගොඩක් අය ජාතිවාදයෙන් මත්වූ සිංහලයන්. හොඳ දෙයක් කරත් එකට මොනවා හරි වැරද්දක් කියනවා. අනුවන කම කියා මන් සිතන්නේ.(නදී)
අපේ" ජාතිවාදී අදහස් දරන යට මෙය හොඳ නිදසුනක්. බෞද්ධ කතෝලික හෝ මුස්ලිම් අප සැවොම මනුෂ්‍යයන්ය. එකම රටක අප බෙදී සතුරන් මෙන් සටන් කරනවාට වඩා කවුරුත් එකම පවුලක දරු කැලක් මෙන් සිටිනම් අපේ රට මිට වඩා ප්‍රගතිය කරා යනවා.(නදී)
සඳකඩ පහන මෙන්ම මෙම පියතුමා ඈඳගෙන ඉන්න සුදු ඈඳුමේ සුදු පාටත් බෞද්දයන්ට අයිති දේවල් එම නිසා පියතුමා තම ජීවිතය ගෑන පරිස්සම් වීම වඩාත් හොඳයි.(නදී)
සත්‍ය නම් වලින් අදහස් දාන්න. බොරුව ඔබවම විනාශ කරනවා. (නදී)
අමල් ඔව් (අ)
අමිල කටුනායක, ඔබ කියන දේ තේරෙනවා. නමට බෞද්ධයෝ ඕක තේරුම් ගන්නේ නැහැ . ඕවා අහලා දැන්වත් ඇස් ඇරෙයිද කියලා සැකයි. ඒ තරම් සර්ව ආගමික උණ. (නි)
නෙතුමි ,ඔයා නම් නියමයි. කුමාර්, පියතුමා මල් බෞද්ධ බැතිමතුන්ට දුන්නට එතුමා පිළිම නමස්කාර කරලා නැහැ. (නි)
අමල්, ඇයි නිවුස් එක වාර්තා කරන කෙනාට අදහස් දක්වන්න තහනම්ද? නියමයි අශේන්. (නි)
සර්වබලදාරී දෙවියෝ මේ අයට ආශීර්වාද කරනවා . හොඳ වැඩක්. ආගම් වලට බැන බැන ඉන්න එපා සහෝදරයිනි. ඔබත් මෙවැනි ක්‍රියාවන්ට ආශීර්වාද කරන්න.(නදී)
බොහෝ දෙනෙක් මෙහි ප්‍රතිචාර දන්නේ ගොඩක් බොරු . දස පනතේ පළමු පදය තම රුප වන්දමාන කිරීම තහනම් කියන එක. අද පල්ලි වල බොහෝ දෙනෙක් කරන්නේ රුප වන්දමාන කරන එක. නොයෙක් අයට නොයෙක් දේවල් තියෙනවා කියන්න. එහෙත් අද තිබෙන බයිබලය වෙනස් කර ගත් එකක්. ඒවා රෝමානු රාජ්‍ය යට ඕනේ විදියට වෙනස් කරලා තියෙන්නේ. රුප වන්දනාමානය බෞද්ධයන් සහ කතෝලිකයන් කරනවා. එහෙත් මුස්ලිම් වරුන් රුප වන්දනාමානය කරන්නේ නැහැ. මුස්ලිම් වරුන් සහ ක් කතෝලික අය අතරේ තිබෙන්නේ පොඩි වෙනසක්. මුස්ලිම් සහ ක්‍රිස්තියානි අයගේ මුල එකම පවුලක උපන් දරුවන් දෙදෙනෙකු දෙපැත්තකට වෙන්වී යාමය. අයිසැක් සහ ඉෂ්මයෙල් අයිය සහ මල්ලි. අයිසැක් ගෙන් ක්‍රිස්තියානි අයත් ඉෂ්මයෙල් ගෙන් මුස්ලිම් අයත් ඇති උනේ. එකම ආගම දෙන්නම තමන්ට උවමනා විදියට සමහර දේවල් වෙනස් කරා. නියම බයිබලය කියා අද යුදෙව්වන් පළමු පොත පාවිච්චි කරනවා . දෙය්යෝ දනී අපි නොදනී. සෑම ආගමක අපට ඉගෙන ගන්න දේවල් තිබෙනවා . ඒවා නොදෙන ආගම අන්තවාදය කිරීම වැනසීමකි.(නදී)
චතුලත් දන්නවා ඇති වෙරෝනා පන්සලේ උත්සව වලට වැඩිම ආදාර කරන්නේ කතෝලිකයෝ බව.(නදී)
මේ ගොල්ලන් මෙච්චර බුද්ධාගමට ලැදි නම් බෞද්ධයෝ වෙන්නේ නැත්තේ ඇයි? මේ අගේ අයගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනෑ (නි)
මාලදිවනේ අතුල, පොඩ්ඩක් දැනගෙන සියල්ල දත් වාගේ ලියන්න එපා. බුද්ධාගමත් රටෙන් රටට වෙනස්. ඒකත් ඕනෑ විදියට වෙනස් කරන ඉන්නේ අපේ අය. හැම ආගමේම තියෙන්නේ මුලික දේවල්. එකම දේ අපි ගන්න ඕනෑ හරයයි. (නි)
කුමාර්ට වැරදිලා පිළිම කියන්නේ සංකේතයක් විතරයි .එක කතෝලික අය දන්නවා. ඔයා නොදන්නවා වුණාට. (ත)
අගය කරන්න ඕනෑ හොද වැඩක්. (නි)
හොද වැඩ වලට හොදයි කියන මිනිස්සු ගෙනියන්නෙ හොද මිසක් නරකක් නොවේ. ඒ නිසා මේ උතුම් වැඩේ අගය කරන අයටත්, අනෙක් අයටත් අප ප්‍රේම කරමු (නි)
අපි හැමෝම එකම සහෝදරයෝ. කතෝලික, මුස්ලිම්, හින්දු, බෞද්ධ මේ හැමෝම... වර්තමානයේ බොහෝ දෙනෙකුට මේ එකමුතුකම බලාගෙන ඉන්න බැරි බව පෙනෙනවා. රට තුල ආගම්වාදයක් ඇති කරන්න වෙර දරන පිරිසකුත් ඉන්නවා. අනේ මගේ බෞද්ධ සහෝදරයිනි, අනෙකුත් ආගමික සහෝදරවරුනි රැවටෙන්න එපා. අපි හැමෝම ශ්‍රී ලාංකීකයෝ. මේ රට අපි හැමෝගෙම (නි)
මේ සදහා සහභාගි වූ කතෝලික අයෙක් වීම ගැන මට ආඩම්බරයි (නි)
මෙහෙම වෙනකොට ලෝකය කොච්චර නම් ලස්සනද? මිනිස් වර්ගයාගේ ඉදිරිය රැඳී තිබෙන්නේ මෙත්තා-කරුණාව මතම මිස හිංසාව මත නොවේ. මෙම අහිංසක හදවත්වලට මගේ ආචාරය, ආශිර්වාදය පිරිනමමි! (නි)
කෙනෙකුගේ හිසේ තට්ටය තිබුනට සදකඩ පහන කියන එක හරි නැහැ නේද ? (අ)
අශේන් සේනාරත්න එයාගෙම කතාවට ප්‍රතිචාර දාගන්නවා නේද?
පින් සිදු වේවා ඔබ සැමටම. ඔබගේ දහමට අනුව ස්වර්ගයේ දොරටු විවර වේවා (ත)
ඔන්න දැන් කියවී එන් ජී ඕ වැඩක් කියලා. (ත)
පියතුමනි ඔබ වහන්සේ ඇතුළු පිරිස ලොවටම දුන්නේ වැදගත් පණිවිඩයක්. ඔබ වහන්සේලාට බුදු සරනයි. ජේසු පිහිටයි. (ත)
මර්සිලින් ජයකොඩි පියනම ජීවමාන බව දුටුවෙමි මෙයින් .(නදී)
මට නම් හිතෙන්නේ මේක ආත්ම ආරක්ෂාවට කරන පින්කමක්. පව් දෙය්යනේ. අර කිව්ව සේනාවලින් බේරෙන්න. (නදී)
ලස්සන වැඩක්. මෙන්න මෙහෙමයි අපි අපගේ අනන්‍යතාවය අපේකම පෙන්නන්න ඕනි. (ත)
කවුරු හරි සේනාවක් ඇවිත් කියයිද් දන්නේ නෑ නෙලුම් මල් බෙදීම තහනම් කියල (ත)
ඇත්තටම බොහොම හොද වැඩක්. (ත)
සැමදෙනාම සිත නිවාගන්න පන්සලට පල්ලියට යන්න. සිරවීමට නොව නිදහස්වීමට. (ත)
ඇන්ටන් ! සේනාවට කෙසේ වෙතත් ඔයාටනම් ප්‍රශ්නයක් ඇදගන්න ඕනේ වගේ. (ත)
කව්රු දුන්නත් දානයේ ආනිසංස ලැබෙනවා . හොඳ වැඩක් . (ත)
කැලණියේ සැමට බුදු සරණින් ශ්‍රී ලංකා මෑනිගේ එකම දරුවන් ලෙස වැඩකරමු . රට ගොඩ නගමු. එක්සත් වෙමු. ජාති වාදය බෙදුන්වාදය පරදවමු. මවුබිමට ජය වේවා !! (නි)
ඉතාම හොද දෙයක් පියතුමනි. බෞද්ධ අපි ඔබට පින් සිද්ධ වේවා කියා කියන්නම්. (ත)
හොඳ ආදර්ශයක්. ලංකාවේ කතෝලික ජනතාව ගොඩක් දෙනෙක් පන්සල යනවා. බෞද්ධ අයත් කතෝලික පල්ලි වලට යාම සාමාන්‍ය දෙයක්. (ත)
මේ කතෝලිකයෝ එයාලගේ බ්යි බලේ කියල තියන දේවත් කරන්නේ නෑ, පිළිම නමස්කාරය දෙවියන් වහන්සේට අප්‍රසන්නම දෙයක්. තමන්නට ඕන අයුරු ආගම වෙනස්කරලා.(නදී)
ආදර්ශමත් කිතුනු ක්‍රියාවකි. මෙම කිතුනු සොයුරු සොයුරියන්ව අගය කරමු. ජාති ආගම් බේද දුරලන්නට වෙර දරනු.(නදී)
ආගම කුමක් වුවත් සාමයේ මල් පිබිදීම සදහා මෙය ලොකු පිටු වහලකි. අපේ බොදු බල සේනාවන්ට මේ ලොකු ආදර්ශයක්.(නදී)
හරිම අගය කළ යුතු ක්‍රියාවක් පියතුමනි. බුසුසරණයි. ජේසු පිහිටයි. (ත)
දැන් අපේ කට්ටිය කියවන්න ගනී ... මේක විදේශ බලවේගයක කුමන්ත්රණයක් කියල (ත)
මල් කියන්නේ කාට කාටත්...,පියතුමනි මේ පින් මහිමෙන්,අපේ ආගමේ හැටියට ඔබතුමා නිවන් දකිත්වා! (ත)
මෙයයි නියම සාමය , ක්‍රියාවෙන් සාමය ලොවට ගෙන ගිය සොදුරු අවස්ථාවක්... (ත)
ඉතා අලංකාර ක්‍රියාවක්. මෙවැනි දේවල් අද වැඩි වැඩියන් අවශයි. (ත)
මල් දෙන එක හොඳයි,ගත්තට කමක් නැහැ, හැබැයි ප්‍රවේශමෙන්. (නි)
සීලගේ කතාව මරු. ඇත්තටම පව් .ස්ටැන්ලි ඔබත් හරි. (නි)
සීල, මිනිස්සු මොනවා කලත් ඔයාලට පෙන්නේ අමුතුවට .මොකටද කාටවත් බයේ ජීවත් වෙන්නේ ?හැම මිනිහෙකුටම ආත්ම ගෞරවයක් තියෙන බව හිතන්න . (නි)
ඔන්න ඕකටයි කියන්නේ ආගමික සහජීවනයට මල් මිටක් කියල (ත)
මේ තනි බොරුව කරන්නේ (ත)
කෝ බොලවි වර්ගවාදී රැල.(නදී)
කිසිවෙක් ආගමක් අතේ තියාගන මෙලොවට බිහිඋනේ නැනේ. මොන දහමේ උනත් කරන්නේ මිනිසාව හික්මීමකින් මෙලොව ජීවත් වීමට හුරු කිරීමයි. එය මානව අවබෝද කරගත් පියනම කරන්නේ මොනතරම් උතුම් ක්‍රියාවක්ද ? ඔබට දිගාසිරි පිය තුමනි.! හැමෝම ඔය වගේ හිතනවානම් මගේ උතුම් රට කොච්චර ලස්සන වෙයිද? (ත)
ඇයි හොද දේට හොදයි කියන් බැරි. මේක ඉතා හොද වැඩක්. (ත)
කුමාර්,සීල, දෙවියන් වහන්සේ කියලා නැහැ සුරුවම් වන්දනා කරන්න එපා කියලා. අනික කතෝලිකයන් සුරුවම් වලට ගරු කරන්නේ වඳින්නේ, ඔවුන්ව ජීවමානව දැකගන්න බැරි වුන නිසාත් හිතේ තියන විශ්වාසය එය තුලින් දකින නිසාත් මිසක් ඔබ කියන පටු දෙයකට නෙමේ. ඔබ හිතන විදියට ඔබේ ආගමේ දේශනා කරපු කීයක් ඔබ ඒ අයුරින් ඉෂ්ට කරලා තියනවද? සීල, කතෝලිකයන්ට දෙවියන් වහන්සේ තුල විශ්වාසය තියෙනකන් ඔය පටු මතවලින් යුතු කිසිදු සේනාවක් අබියෝගයක් නෙමේ. ඇයි ඔයාලට බැරි දෙයක් දිහා වටිනාකමින් බලන්න ? වැරදි ඔලුවේ තියාගෙන දෙයක් දිහා බලන්න එපා. එතකොට වැරදි නැතත් හොයන වරද ඉබේ පේනවා (නි)
අපි පින් දෙනවා සාදු සාදු...(ත)
මූලධර්මවාදියෝ තමයි බයිබලය එයාලට ඕනෑ විදියට වෙනස් කරගෙන තියෙන්නේ (නි)
එතුමා මල් පුජ කිරීමේ නියම තේරුම දන්නවා ඇති. පිපෙන මල් පරවිම ලෝක ධර්මතාවයක්. එලෙස ලොවේ ඇති සියල්ල ඇතිවී නැතිවී යනවා. එය ගැබුරු ධර්මයක්. මල් පුජකිරිමේදී මෙනෙහි කලයුතේ එම ධර්මයි. එවිට අපිත් මියයන බව වැටහෙනවා. එය මනුස්සකමින් ජීවත්වීමට හොද පදනමක් වෙනවා. එතුමාටත් මෙම මානසික සුවය ලැබේවා. (ත)
ආගම වෙනුවෙන් දිවි වුණත් පුදන්න නියම කතෝලිකයෝ බය නැහැ (නි)