IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කිතුනු සිසුවෝ කැලණියේ මල් දන්සලක් දෙති

සමන් මැක්සිමස් පියතුමා සමඟ කොළඹ කලාපීය සරසවි කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය සංවිධානය කළ මල් දන්සලක් පොසොන් පොහෝ දින කැළණි විහාරයේදී පැවැත්විණි. පියතුමා  වන්දනාකරුවන්ට මල් පිරිනැමීය.

 



අදහස් (0)

කිතුනු සිසුවෝ කැලණියේ මල් දන්සලක් දෙති

දසුනි Tuesday, 25 June 2013 01:57 PM

කුමාර්ට වැරදිලා පිළිම කියන්නේ සංකේතයක් විතරයි .එක කතෝලික අය දන්නවා. ඔයා නොදන්නවා වුණාට. (ත)

:       0       0

අමල් කරුණාරත්න Tuesday, 25 June 2013 06:16 PM

අශේන් සේනාරත්න එයාගෙම කතාවට ප්‍රතිචාර දාගන්නවා නේද?

:       0       0

සම්පත් Tuesday, 25 June 2013 02:04 PM

සත්‍ය නම් වලින් අදහස් දාන්න. බොරුව ඔබවම විනාශ කරනවා. (නදී)

:       0       0

පහන් Tuesday, 25 June 2013 06:39 PM

කෙනෙකුගේ හිසේ තට්ටය තිබුනට සදකඩ පහන කියන එක හරි නැහැ නේද ? (අ)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 25 June 2013 02:08 PM

සඳකඩ පහන මෙන්ම මෙම පියතුමා ඈඳගෙන ඉන්න සුදු ඈඳුමේ සුදු පාටත් බෞද්දයන්ට අයිති දේවල් එම නිසා පියතුමා තම ජීවිතය ගෑන පරිස්සම් වීම වඩාත් හොඳයි.(නදී)

:       0       0

මණ්ඩාවල හාමුදුරුවෝ Tuesday, 25 June 2013 06:49 PM

මෙහෙම වෙනකොට ලෝකය කොච්චර නම් ලස්සනද? මිනිස් වර්ගයාගේ ඉදිරිය රැඳී තිබෙන්නේ මෙත්තා-කරුණාව මතම මිස හිංසාව මත නොවේ. මෙම අහිංසක හදවත්වලට මගේ ආචාරය, ආශිර්වාදය පිරිනමමි! (නි)

:       0       0

මර්සි ලංකා Tuesday, 25 June 2013 02:12 PM

අපේ" ජාතිවාදී අදහස් දරන යට මෙය හොඳ නිදසුනක්. බෞද්ධ කතෝලික හෝ මුස්ලිම් අප සැවොම මනුෂ්‍යයන්ය. එකම රටක අප බෙදී සතුරන් මෙන් සටන් කරනවාට වඩා කවුරුත් එකම පවුලක දරු කැලක් මෙන් සිටිනම් අපේ රට මිට වඩා ප්‍රගතිය කරා යනවා.(නදී)

:       0       0

සරෝජ් Tuesday, 25 June 2013 02:14 PM

මෙහි අදහස් දමන ගොඩක් අය ජාතිවාදයෙන් මත්වූ සිංහලයන්. හොඳ දෙයක් කරත් එකට මොනවා හරි වැරද්දක් කියනවා. අනුවන කම කියා මන් සිතන්නේ.(නදී)

:       0       0

ගාමිණී Tuesday, 25 June 2013 02:17 PM

කුමාර් , ඔබගේ සිතුවිලි ඉතාම පහත්. මන්ද සිතුවිලි පහත් මිනිසා කවදාවත් දර්මය දකින්නේ නැහැ වගේම අන්‍යන්ගේ හොඳ ක්‍රියාවන්ට ප්‍රසංසා කරන්නෙත් නැහැ. මිට වඩා බුද්දි ගෝචර වන්න.(නදී)

:       0       0

ලහිරු Tuesday, 25 June 2013 02:19 PM

කුමාර් කියන කෙනා මිනිසුන්ට උදව් කරන්නේ එහෙම හිතලා වෙන්න ඇති. (නදී)

:       0       0

ලසන්ත Tuesday, 25 June 2013 11:14 AM

කෝ බොලවි වර්ගවාදී රැල.(නදී)

:       0       0

රොෂාන් Tuesday, 25 June 2013 07:15 PM

මේ සදහා සහභාගි වූ කතෝලික අයෙක් වීම ගැන මට ආඩම්බරයි (නි)

:       0       0

ඉෂාන් Wednesday, 26 June 2013 03:19 AM

අමල්, ඇයි නිවුස් එක වාර්තා කරන කෙනාට අදහස් දක්වන්න තහනම්ද? නියමයි අශේන්. (නි)

:       0       0

තරිඳු Tuesday, 25 June 2013 07:24 PM

අපි හැමෝම එකම සහෝදරයෝ. කතෝලික, මුස්ලිම්, හින්දු, බෞද්ධ මේ හැමෝම... වර්තමානයේ බොහෝ දෙනෙකුට මේ එකමුතුකම බලාගෙන ඉන්න බැරි බව පෙනෙනවා. රට තුල ආගම්වාදයක් ඇති කරන්න වෙර දරන පිරිසකුත් ඉන්නවා. අනේ මගේ බෞද්ධ සහෝදරයිනි, අනෙකුත් ආගමික සහෝදරවරුනි රැවටෙන්න එපා. අපි හැමෝම ශ්‍රී ලාංකීකයෝ. මේ රට අපි හැමෝගෙම (නි)

:       0       0

අතුල - මාලදිවයින Tuesday, 25 June 2013 02:24 PM

කුමාර්, ඕනෑම කතෝලික පල්ලියක ජේසුස් වහන්සේගේ, මරියතුමියගේ, අනෙකුත් සාන්තුවරයන්ගේ රූප තියෙනවා. බයිබලයේ පරණ ගිවිසුමේ තමයි රූප වන්දනාව තහනම් කරලා තියෙන්නේ. අලුත් ගිවිසුමේ එහෙම සඳහන් කරලා නැහැ. පරණ ගිවිසුම විශ්වාස කරන්නේ යුදෙව් හා මුස්ලිම් අය විතරයි. කතෝලික හා අනෙකුත් ක්‍රිස්තියානි අය පිළිගන්නේ අලුත් ගිවිසුමයි. එත් අනෙකුත් ක්‍රිස්තියානි හා මූලධර්මවාදී නිකාය වලට අයත් පල්ලිවල රූප වන්දනාව කරන්නේ නැහැ. මම දන්නා විදියට නම් අලුත් ගිවිසුම (බයිබලය) ඕනෑ ඕනෑ විදියට වෙනස් කරන්නේ අනෙකුත් නිකායයන් හා මූලධර්මවාදීන් විතරයි. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන් 'පානදුරා වාදයේදී ' ඒක පැහැදිලිවම ප්‍රකාශ කලා.(පානදුරා වාදය පොත කියවන්න) (නි)

:       0       0

ගීත Tuesday, 25 June 2013 07:38 PM

හොද වැඩ වලට හොදයි කියන මිනිස්සු ගෙනියන්නෙ හොද මිසක් නරකක් නොවේ. ඒ නිසා මේ උතුම් වැඩේ අගය කරන අයටත්, අනෙක් අයටත් අප ප්‍රේම කරමු (නි)

:       0       0

ශාන්ති Wednesday, 26 June 2013 05:03 AM

නෙතුමි ,ඔයා නම් නියමයි. කුමාර්, පියතුමා මල් බෞද්ධ බැතිමතුන්ට දුන්නට එතුමා පිළිම නමස්කාර කරලා නැහැ. (නි)

:       0       0

අනුර Tuesday, 25 June 2013 11:34 AM

හරිම අගය කළ යුතු ක්‍රියාවක් පියතුමනි. බුසුසරණයි. ජේසු පිහිටයි. (ත)

:       0       0

සරත් ඩු Tuesday, 25 June 2013 08:27 PM

අගය කරන්න ඕනෑ හොද වැඩක්. (නි)

:       0       0

ජයසිංහ Tuesday, 25 June 2013 11:37 AM

ආගම කුමක් වුවත් සාමයේ මල් පිබිදීම සදහා මෙය ලොකු පිටු වහලකි. අපේ බොදු බල සේනාවන්ට මේ ලොකු ආදර්ශයක්.(නදී)

:       0       0

නෙතුමි Tuesday, 25 June 2013 11:37 AM

ආදර්ශමත් කිතුනු ක්‍රියාවකි. මෙම කිතුනු සොයුරු සොයුරියන්ව අගය කරමු. ජාති ආගම් බේද දුරලන්නට වෙර දරනු.(නදී)

:       0       0

කුමාර් Tuesday, 25 June 2013 11:38 AM

මේ කතෝලිකයෝ එයාලගේ බ්යි බලේ කියල තියන දේවත් කරන්නේ නෑ, පිළිම නමස්කාරය දෙවියන් වහන්සේට අප්‍රසන්නම දෙයක්. තමන්නට ඕන අයුරු ආගම වෙනස්කරලා.(නදී)

:       0       0

සම්පත් Tuesday, 25 June 2013 11:41 AM

හොඳ ආදර්ශයක්. ලංකාවේ කතෝලික ජනතාව ගොඩක් දෙනෙක් පන්සල යනවා. බෞද්ධ අයත් කතෝලික පල්ලි වලට යාම සාමාන්‍ය දෙයක්. (ත)

:       0       0

ලසන්ත Tuesday, 25 June 2013 02:59 PM

තමන්ට ඕන අයුරින් ආගම වෙනස්කරලා තියන හැටි බලන්න යන්න කුමාර් ජපානේ චිනේ දිහාවට.එහෙ තියන බුද්ධාගම වෙනස් එකක්. හැබැයි එහෙ අය කියන්නේ ලංකාවේ කට්ටිය තමන්ට ඕනෑ විදියට වෙනස් කළා කියලා.කවුද හරි කවුද වැරදි අපි නොදනී. (නි)

:       0       0

චාමික Tuesday, 25 June 2013 11:41 AM

ඉතාම හොද දෙයක් පියතුමනි. බෞද්ධ අපි ඔබට පින් සිද්ධ වේවා කියා කියන්නම්. (ත)

:       0       0

සිල්වා Tuesday, 25 June 2013 11:41 AM

කැලණියේ සැමට බුදු සරණින් ශ්‍රී ලංකා මෑනිගේ එකම දරුවන් ලෙස වැඩකරමු . රට ගොඩ නගමු. එක්සත් වෙමු. ජාති වාදය බෙදුන්වාදය පරදවමු. මවුබිමට ජය වේවා !! (නි)

:       0       0

ශිරෝමි Tuesday, 25 June 2013 11:43 AM

කව්රු දුන්නත් දානයේ ආනිසංස ලැබෙනවා . හොඳ වැඩක් . (ත)

:       0       0

වෙල්ගම Tuesday, 25 June 2013 11:44 AM

පින් සිදු වේවා ඔබ සැමටම. ඔබගේ දහමට අනුව ස්වර්ගයේ දොරටු විවර වේවා (ත)

:       0       0

ලහිරු Tuesday, 25 June 2013 11:46 AM

සැමදෙනාම සිත නිවාගන්න පන්සලට පල්ලියට යන්න. සිරවීමට නොව නිදහස්වීමට. (ත)

:       0       0

වරුණ Tuesday, 25 June 2013 03:11 PM

චතුල වෙරෝනා, කියන පුද්ගලයාගේ අදහස් මම කලිනුත් කියවලා තියනවා, කියන්නෙම මෝඩ කතා. (නි)

:       0       0

චන්දා Tuesday, 25 June 2013 03:11 PM

මේ වෙනකම් මේ පුවතට කවුරුත් මොනවත් වැරදි අදහසක් කියලා නැහැ. කුමාර් බෞද්ධයෙක් වෙන්න බැහැ. අනිත් අය කොච්චර හොද කියනවද ? (නි)

:       0       0

සීලියා කුමුදුනූ පෙරේරා Tuesday, 25 June 2013 11:50 AM

ඇත්තටම බොහොම හොද වැඩක්. (ත)

:       0       0

ඇන්ටන් Tuesday, 25 June 2013 11:59 AM

කවුරු හරි සේනාවක් ඇවිත් කියයිද් දන්නේ නෑ නෙලුම් මල් බෙදීම තහනම් කියල (ත)

:       0       0

අෂේන් Tuesday, 25 June 2013 09:15 PM

අමල් ඔව් (අ)

:       0       0

චානි Tuesday, 25 June 2013 12:09 PM

ලස්සන වැඩක්. මෙන්න මෙහෙමයි අපි අපගේ අනන්‍යතාවය අපේකම පෙන්නන්න ඕනි. (ත)

:       0       0

සීල Tuesday, 25 June 2013 12:08 PM

මට නම් හිතෙන්නේ මේක ආත්ම ආරක්ෂාවට කරන පින්කමක්. පව් දෙය්යනේ. අර කිව්ව සේනාවලින් බේරෙන්න. (නදී)

:       0       0

ස්ටැන්ලි Tuesday, 25 June 2013 12:12 PM

මර්සිලින් ජයකොඩි පියනම ජීවමාන බව දුටුවෙමි මෙයින් .(නදී)

:       0       0

සරෝජ් Tuesday, 25 June 2013 09:30 PM

මාලදිවනේ අතුල, පොඩ්ඩක් දැනගෙන සියල්ල දත් වාගේ ලියන්න එපා. බුද්ධාගමත් රටෙන් රටට වෙනස්. ඒකත් ඕනෑ විදියට වෙනස් කරන ඉන්නේ අපේ අය. හැම ආගමේම තියෙන්නේ මුලික දේවල්. එකම දේ අපි ගන්න ඕනෑ හරයයි. (නි)

:       0       0

විරාජ් Tuesday, 25 June 2013 03:31 PM

කුමාර් වැනි අය කරන වැරදි නොදැන කරන හෙයින් මොහුට සාමාව දුන මැනව. (නි)

:       0       0

පාලිත- මාලදිවයින Tuesday, 25 June 2013 12:18 PM

පියතුමනි ඔබ වහන්සේ ඇතුළු පිරිස ලොවටම දුන්නේ වැදගත් පණිවිඩයක්. ඔබ වහන්සේලාට බුදු සරනයි. ජේසු පිහිටයි. (ත)

:       0       0

චන්දා Wednesday, 26 June 2013 08:35 AM

අමිල කටුනායක, ඔබ කියන දේ තේරෙනවා. නමට බෞද්ධයෝ ඕක තේරුම් ගන්නේ නැහැ . ඕවා අහලා දැන්වත් ඇස් ඇරෙයිද කියලා සැකයි. ඒ තරම් සර්ව ආගමික උණ. (නි)

:       0       0

ගාමිණී Tuesday, 25 June 2013 12:24 PM

ඔන්න දැන් කියවී එන් ජී ඕ වැඩක් කියලා. (ත)

:       0       0

විපුල්.දෝහා කටාර් Tuesday, 25 June 2013 09:40 PM

මේ ගොල්ලන් මෙච්චර බුද්ධාගමට ලැදි නම් බෞද්ධයෝ වෙන්නේ නැත්තේ ඇයි? මේ අගේ අයගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනෑ (නි)

:       0       0

කුමාර Tuesday, 25 June 2013 03:48 PM

පියතුමා ගේ මුලිකත්වයෙන් ඉතාම හොඳ කාර්යයක් සිද්ද වෙලා තියෙනවා. අප ඒ ක්‍රියාව ඉත සිතින් පැසසුම් කරුමු. ඔබ තුමන්ට සහ අනෙකුත් උදව් කල පුද්ගලයන්ට දීර්ගායුෂ වේවා, නිරෝගී සුව ලැබේව. සාමය සැනසුම පියතුමා ඇතුළු සැමට ලැබේවා. (ත)

:       0       0

සුජිත් වෙරොනා Tuesday, 25 June 2013 09:53 PM

චතුලත් දන්නවා ඇති වෙරෝනා පන්සලේ උත්සව වලට වැඩිම ආදාර කරන්නේ කතෝලිකයෝ බව.(නදී)

:       0       0

වරුණ Tuesday, 25 June 2013 12:47 PM

ඇන්ටන් ! සේනාවට කෙසේ වෙතත් ඔයාටනම් ප්‍රශ්නයක් ඇදගන්න ඕනේ වගේ. (ත)

:       0       0

අමිල කටුනායක Tuesday, 25 June 2013 12:53 PM

ආගම වෙනුවෙන් දිවි වුණත් පුදන්න නියම කතෝලිකයෝ බය නැහැ (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 25 June 2013 12:55 PM

එතුමා මල් පුජ කිරීමේ නියම තේරුම දන්නවා ඇති. පිපෙන මල් පරවිම ලෝක ධර්මතාවයක්. එලෙස ලොවේ ඇති සියල්ල ඇතිවී නැතිවී යනවා. එය ගැබුරු ධර්මයක්. මල් පුජකිරිමේදී මෙනෙහි කලයුතේ එම ධර්මයි. එවිට අපිත් මියයන බව වැටහෙනවා. එය මනුස්සකමින් ජීවත්වීමට හොද පදනමක් වෙනවා. එතුමාටත් මෙම මානසික සුවය ලැබේවා. (ත)

:       0       0

අමිල කටුනායක Tuesday, 25 June 2013 12:57 PM

මූලධර්මවාදියෝ තමයි බයිබලය එයාලට ඕනෑ විදියට වෙනස් කරගෙන තියෙන්නේ (නි)

:       0       0

රන්ගශනී Tuesday, 25 June 2013 12:59 PM

අපි පින් දෙනවා සාදු සාදු...(ත)

:       0       0

නෙතුමි Tuesday, 25 June 2013 01:05 PM

කුමාර්,සීල, දෙවියන් වහන්සේ කියලා නැහැ සුරුවම් වන්දනා කරන්න එපා කියලා. අනික කතෝලිකයන් සුරුවම් වලට ගරු කරන්නේ වඳින්නේ, ඔවුන්ව ජීවමානව දැකගන්න බැරි වුන නිසාත් හිතේ තියන විශ්වාසය එය තුලින් දකින නිසාත් මිසක් ඔබ කියන පටු දෙයකට නෙමේ. ඔබ හිතන විදියට ඔබේ ආගමේ දේශනා කරපු කීයක් ඔබ ඒ අයුරින් ඉෂ්ට කරලා තියනවද? සීල, කතෝලිකයන්ට දෙවියන් වහන්සේ තුල විශ්වාසය තියෙනකන් ඔය පටු මතවලින් යුතු කිසිදු සේනාවක් අබියෝගයක් නෙමේ. ඇයි ඔයාලට බැරි දෙයක් දිහා වටිනාකමින් බලන්න ? වැරදි ඔලුවේ තියාගෙන දෙයක් දිහා බලන්න එපා. එතකොට වැරදි නැතත් හොයන වරද ඉබේ පේනවා (නි)

:       0       0

සුමන හිමි Tuesday, 25 June 2013 01:13 PM

ඇයි හොද දේට හොදයි කියන් බැරි. මේක ඉතා හොද වැඩක්. (ත)

:       0       0

ශාන් Tuesday, 25 June 2013 04:34 PM

අපි පරිසරයට ආදරය කරමු (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Tuesday, 25 June 2013 04:38 PM

අගය කළ යුතු ක්‍රියාවක්.. (ත)

:       0       0

ජයී තිසර Tuesday, 25 June 2013 04:45 PM

පිපිදුන මලක සේවය පියතුමා දනිතියි.. බඩගිණි නිවන ගෙඩි ඇට පළතුරු ඒමයි.. දීමේ උසස් බව සාමයෙ වැටහීමයි.. ප්‍රීතිය සතුට සැම මුහුනෙම ඇති වීමයි (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 25 June 2013 01:24 PM

කිසිවෙක් ආගමක් අතේ තියාගන මෙලොවට බිහිඋනේ නැනේ. මොන දහමේ උනත් කරන්නේ මිනිසාව හික්මීමකින් මෙලොව ජීවත් වීමට හුරු කිරීමයි. එය මානව අවබෝද කරගත් පියනම කරන්නේ මොනතරම් උතුම් ක්‍රියාවක්ද ? ඔබට දිගාසිරි පිය තුමනි.! හැමෝම ඔය වගේ හිතනවානම් මගේ උතුම් රට කොච්චර ලස්සන වෙයිද? (ත)

:       0       0

සංජීව Tuesday, 25 June 2013 01:27 PM

දැන් අපේ කට්ටිය කියවන්න ගනී ... මේක විදේශ බලවේගයක කුමන්ත්රණයක් කියල (ත)

:       0       0

දිනේෂ් Tuesday, 25 June 2013 04:59 PM

සුද්දෝ ලංකාවට එන්න කලින් කතෝලික අයත් අපේ රටේ හිටියා. (නි)

:       0       0

සුනේත්‍රා Tuesday, 25 June 2013 05:01 PM

බුදු සරණයි ‍ජේසු පිහිටයි !!! (ත)

:       0       0

මේරි Tuesday, 25 June 2013 05:06 PM

කුමාර්, මෝඩ විදියට අදහස් දාන්න එපා. මමත් කතෝලික. ඒ වුනත් මගේ ගෙදරත් තියෙනවා බුදු පිළිමයක් මා සමග ඉන්න හිතවත් සහෝදරියන් දෙදෙනෙකුට වඳින්න. ඒ අය මගේ ආගමටත් ගරු කරනවා.බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ වෙන ආගමකට ගරු කරනවා කියන්නේ තමාගේ ආගමට ගරු කරනවා කියන එකයි කියලා (නි)

:       0       0

සමන් Tuesday, 25 June 2013 01:39 PM

මේ තනි බොරුව කරන්නේ (ත)

:       0       0

අශේන් සේවින්ද සේනාරත්න Tuesday, 25 June 2013 01:38 PM

ඔන්න ඕකටයි කියන්නේ ආගමික සහජීවනයට මල් මිටක් කියල (ත)

:       0       0

ගිම්හානි Tuesday, 25 June 2013 01:40 PM

සීල, මිනිස්සු මොනවා කලත් ඔයාලට පෙන්නේ අමුතුවට .මොකටද කාටවත් බයේ ජීවත් වෙන්නේ ?හැම මිනිහෙකුටම ආත්ම ගෞරවයක් තියෙන බව හිතන්න . (නි)

:       0       0

පහන් Tuesday, 25 June 2013 01:44 PM

සීලගේ කතාව මරු. ඇත්තටම පව් .ස්ටැන්ලි ඔබත් හරි. (නි)

:       0       0

ගයාන් Tuesday, 25 June 2013 01:47 PM

මල් දෙන එක හොඳයි,ගත්තට කමක් නැහැ, හැබැයි ප්‍රවේශමෙන්. (නි)

:       0       0

සේරම් පැරිසිය Wednesday, 26 June 2013 12:00 AM

බොහෝ දෙනෙක් මෙහි ප්‍රතිචාර දන්නේ ගොඩක් බොරු . දස පනතේ පළමු පදය තම රුප වන්දමාන කිරීම තහනම් කියන එක. අද පල්ලි වල බොහෝ දෙනෙක් කරන්නේ රුප වන්දමාන කරන එක. නොයෙක් අයට නොයෙක් දේවල් තියෙනවා කියන්න. එහෙත් අද තිබෙන බයිබලය වෙනස් කර ගත් එකක්. ඒවා රෝමානු රාජ්‍ය යට ඕනේ විදියට වෙනස් කරලා තියෙන්නේ. රුප වන්දනාමානය බෞද්ධයන් සහ කතෝලිකයන් කරනවා. එහෙත් මුස්ලිම් වරුන් රුප වන්දනාමානය කරන්නේ නැහැ. මුස්ලිම් වරුන් සහ ක්‍ කතෝලික අය අතරේ තිබෙන්නේ පොඩි වෙනසක්. මුස්ලිම් සහ ක්‍රිස්තියානි අයගේ මුල එකම පවුලක උපන් දරුවන් දෙදෙනෙකු දෙපැත්තකට වෙන්වී යාමය. අයිසැක් සහ ඉෂ්මයෙල් අයිය සහ මල්ලි. අයිසැක් ගෙන් ක්‍රිස්තියානි අයත් ඉෂ්මයෙල් ගෙන් මුස්ලිම් අයත් ඇති උනේ. එකම ආගම දෙන්නම තමන්ට උවමනා විදියට සමහර දේවල් වෙනස් කරා. නියම බයිබලය කියා අද යුදෙව්වන් පළමු පොත පාවිච්චි කරනවා . දෙය්යෝ දනී අපි නොදනී. සෑම ආගමක අපට ඉගෙන ගන්න දේවල් තිබෙනවා . ඒවා නොදෙන ආගම අන්තවාදය කිරීම වැනසීමකි.(නදී)

:       0       0

රෝයි Tuesday, 25 June 2013 01:54 PM

ඉතා අලංකාර ක්‍රියාවක්. මෙවැනි දේවල් අද වැඩි වැඩියන් අවශයි. (ත)

:       0       0

ඕෂන් Tuesday, 25 June 2013 01:54 PM

මෙයයි නියම සාමය , ක්‍රියාවෙන් සාමය ලොවට ගෙන ගිය සොදුරු අවස්ථාවක්... (ත)

:       0       0

මොහෙමඩ් Wednesday, 26 June 2013 12:04 AM

සර්වබලදාරී දෙවියෝ මේ අයට ආශීර්වාද කරනවා . හොඳ වැඩක්. ආගම් වලට බැන බැන ඉන්න එපා සහෝදරයිනි. ඔබත් මෙවැනි ක්‍රියාවන්ට ආශීර්වාද කරන්න.(නදී)

:       0       0

රන්ජනී ලන්ඩන් Tuesday, 25 June 2013 01:55 PM

මල් කියන්නේ කාට කාටත්...,පියතුමනි මේ පින් මහිමෙන්,අපේ ආගමේ හැටියට ඔබතුමා නිවන් දකිත්වා! (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 476 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 490 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 149 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1463 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1109 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 437 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site