රුහුණු කතරගම දේවාලයේ ගිනි පෑගීමේ උළෙල අද අලුයම හතරට කතරගම දේවාලය ඉදිරිපිට ප්‍රධාන වීදියේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
300ක් පමණ දෙනා ගිනි පෑගූහ.
කතරගම දේවාලයේ බස්නායක නිළමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා හා කතරගම දේවාලයේ කපු සරත් සේපාල ටී රත්නායක මහතා පැන් පාරහද ඉසීමෙන් පසු ගිනි පැගීම ඇරැඹිණ.
(වීඩියෝ කේ ඩී දේවප්‍රිය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැමටම කදසුරිඳු පිහිටයි! මහජන දේපොළ වංචා කරන අයට දඩුවම් ලැබේවා! (නි)
බුදු සරණ පතන හෙළයෝ මේ දවස්වල උන්වහන්සේව අමතක කර කතරගම දෙවි පිහිට පතනවා (නි)
බුද්ධි, ඔබට විතරයි මේ ප්‍රශ්නයේදී බුද්ධිය පෑදුනේ. (නි)
රක්ත වර්ණ රුධිර හෙළා ජනතාවට උණ්ඩ තියා- සුදු පිරුවට සේල ඇඳන් ජනතාවට දතුත් නියා- රත්තරනින් මාල හදා කඳ සුරිඳුට පුදනු කියා- දෙවියොත් අද අල්ලස් ගෙන නිදයි හොඳට දෑස් පියා (නීල් රනාට සත්‍යාගෙන් ) (නි)
දෙවියෝ අල්ලස් ගන්නේ නැහැ. මිනිස්සුයි දෙවියන්ට අල්ලස් දෙන්නේ.බුදු දහමට අනුව යහපත් මිනිසුන්ට දෙවියොත් නමස්කාර කරනවා.ඒකයි සත්‍ය. (නි)
බුද්ධි, බුද්ධිමත් ලෙස මෝඩ අදහසක් ඉදිරිපත් කරලා. (නි)
මේවා බලලා අඩුපාඩු හොයන්නේ මානසික රෝගීන් ! සතුටු වෙන්න පුරුදු වෙන්න (නි)
සත්‍යා,ඉතින් අපි යුද්දෙ පැරදුනාද? (නි)
කඳ සුරිඳුනි, ඔබ වහන්සේගේ බලය සත්‍ය නම්, ඔබවහන්සේ ගැන ඉහත ලියා අපහාස කර ඇති සත්‍යාට සුදුසු දඬුවමක් දෙන ලෙස ඉල්ලා සිටිමි. (නි)
බුද්ධි , සත්‍යා, ඔයගොල්ලෝ දෙවියෝ ගැන දන්නේ නැතිබව පේනවා. සැළකිලිමත් නොවෙන අයට දෙවියෝ උදව් කරන්නේ නැහැ (නි)
ශේරිෆ්, බුදු සරණ ගියා කියලා දොස්තර ලගට නොයන මෝඩයෝ නෙමෙයි බෞද්ධයෝ කියන්නේ.බුදුන්ගෙන් ලබන්නේ විමුක්තිය.දෙවියන්ගෙන් ලබන්නේ උදව් උපකාර (නි)
රක්ත වර්ණ රුධිර හළා මඟ සැම තැන මුහුණු ගසා අසල්වැසියා මරා දමා කපටියන්ට ඡන්දෙ ගසා දූෂණයෙන් භීෂණයෙන් ජීවත්වෙයි පගා ගසා කඳ සුරිඳුනි මරා දමනු එහෙව් උන්ව හිසත් ගසා (ස)
වාරියප්පෙරුම, යුද්දේ දිනන්න කඳ සුරිඳු උදව් නොකළේ ඇයි? (නි)
කද සුරිදුනි, මහජන මුදල් ගසා කන්නන් හට දඩුවම් දෙනු මැනවි පොළොවේ ගසා (නි)
කඳ සුරිඳුනි, ඔබ වන්සේට අපේ නමස්කාරය වේවා...! සෝමා, ඔයාට ලංකාවේ මිනිස්සුන්ව තේරුම් ගන්න බැරිනම් වෙන රටකට ගියා නම් හරි නේද.ෂෙරිෆ්, වෙනත් ආගම් වලට නිගා කරන්න එපා. (නි)
එඩිසන්, ගිනි පෑගිමෙහි විද්‍යානුකුල ස්වභාවය වටහා ගැනීමට යටි පතුලේදී තාපය සංනයනය වන අයුරු සහ එයට ගතවන කාලය වටහා ගැනීමට පහත වෙබ් අඩවිය සහ අදාළ කරුණු කියවා බලන්න. http://en.wikipedia.org/wiki/Firewalking (නි)
සියලු දෙනාටම කඳසුරිඳු පිහිටයි!! (ස)
පියල්,දෙවියන්ගෙන් ලබන්නේ උදව් උපකාර සහ විමුක්තිය යන දෙකම (නි)
ෂෙරීෆ් යන්නෙම හරහටනේ.මොකක්ද ඔය හෙළයා හෙලයා කියලා හැම එකකට අදහස් දාන්නේ (නි)
යුටියුබ්හි මම දැක්කා එක ස්වාමින් වහන්සේ නමක් කියනවා කඳ සුරිඳුනි කියලා මේ වැද නමස්කාර කරන්නේ ඉන්දියාවෙන් ආපු කන්දසාමි නම් පුද්ගලයෙකුට බවයි. හෙළයා දෙලොවක් අතර තනිවෙලාද ? (නි)
ජයී තිසර , ඔයා කියන්නේ එහෙනම් මේ ගිනි පෑගීම පිටුපස දේවබලයක් නැත, මෙය තවත් මැජික් එකක් පමණයි කියාද? (නි)
මේවා කිරීමෙන් සර්ව බලධාරියා සතුටු වෙයිද ? (අ)
අරුමුගම්, ගිනි පෑගිමෙහි විද්‍යාණුකුල ස්වභාවය වටහා ගැනීමට 'එඩිසන්' ප්‍රශ්නයක් අසා ඇත. පාඨකයින් කිසිවෙක් එයට පිළිතුරක් දී නැති නිසා මම ඔහු ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් පෙන්වා දුන්නෙමි. ඒ සම්බන්ධයෙන් ඔයාට කැමති දෙයක් සිතාගන්න. එයට මගේ අබ මල් රේණුවකවත් විරෝධයක් නැත. (ස)
ගිනි කන අය ඉන්න රටේ ගිනි පාගන එකත් කජ්ජක්ද? (නි)
බස්නායක නිලමේවරුන් ගිනි පාගන්නේ නැද්ද? (නි)
ගිනි පෑගිමෙහි විද්‍යානුකුල ස්වභාවය කුමක්ද? (නි)
රක්ත වර්ණ සේල ඇඳන් නලලත අලු තිලක තියා... හස්ත දරණ දේවායුධ ජීවං කර මංත්‍ර කියා... යුද්ධ කරන ස්කන්ධ දේව රාජ පාද නැමැද පියා... රප්ත උෂ්ණ අග්නි ජාල මතින් සැවොම ඇවිද ගියා... (නි)
අපේ අහවල් මහත්තයත් ගිනි පෑගුවද? (නි)
හරිම ලස්සනයි!! වීඩියෝ කරපු කෙනාටත්,ලංකාදීප පුවත්පතටත්, මටත්, මගේ පවුලේ සැමටත්, එසැන පාටක ඔබටත්, ලංකාවාසී සැමටත් කතරගම '' කද සුරිදුගේ''පිහිටයි!!! සැමටම සෙතක් ශාන්තියක්ම වේවා! (නි)
මටත් ආසයි කතරගම පෙරහැරේ නටන්න. ඔයාලා සියලු දෙනාට කතරගම දෙවි පිහිටයි! (නි)
රුහුණු කතරගම දේවාලයේ ගිනි පෑගීමේ උළෙල සජීවීව ඉදිරිපත් කළ ලංකාදීපයට අපේ ස්තුතිය. (නි)
සැරින් සැරේ යකඩ කටින් නිවේදනය කරනවා මුදල් පසුම්බි,වටිනා කියන දේ ආරක්ෂා කරගන්න කියලා. කාගෙවත් නෙමෙයි බැතිමතුන්ගේ. බැතිමතුන්ගේ දේවල් දේවාල භූමියේදීවත් ආරක්ෂා කර දෙන්න බැරිද දෙවියන්ට? (නි)
බුද්ධි, හැමදේම උපහාසයට ලක් කරන්න එපා, මොනවා වුණත් තාමත් නවීන විද්‍යාවට ඔප්පු කරගන්න බැරි දේවලුත් මේ ලෝකේ තියෙනවා. (නි)
බුද්ධි , හොරකම් කරන කෙනා දෙවියන්ගේ දේත් හොරකම් කරනවා. මේ මොනවා වුණත් මෙතන වෙදගත් වෙන්නේ ජාතික සමගියයි. බලන්න දෙමල සිංහල මිනිස්සු මොන තරම් භක්තියකින්ද මේ කටයුතු කරන්නේ කියලා? හැමෝටම කඳ සුරිඳු පිහිටයි! (නි)
අපිත් ගිනි පාගලා තියෙනවා ! (නි)
මේ ඇතාට වදයක් නෙමෙයිද මෙච්චර දළ දෙකේ මල් මාල දැම්මම? (නි)
ඇසළ මෝඩයෙක් වගේ කතා කරන්න එපා බුද්ධි හරි. වතුර ගහල නිවල කාට ගිනි පාගන්න බැරිද දෙයියොන්ගෙ හොරු තමයි මුදල් පසුම්බි උස්සන්නෙ.(නදී)
බුද්ධි .කතරගම කියන්නේ පුදුම හාස්කම් තියෙන පූජනීය ස්ථානයක්. කතරගම දෙවියොත් එක්ක සෙල්ලම් කරන්න යන්න එපා. අපි අත්දැකීම් වලින් කියන්නේ. (ස)
අපේ රටට ජාතියට කඳ සුරිඳු පිහිටයි..... (අ)
කන්ද සුරිඳුගේ බල මහිමය. අප සැමට කන්ද සුරිඳු පිහිටි. (අ)
කද සුරිදුනි ඔබ අපව රකිනු මැනැවි (අ)
කද සුරිදුනි, ඔබේ පිහිට ලැබේවා, මගේ රට සව් සිරියෙන් සපිරේවා (නි)
දෙවිවරුන් කී දෙනෙක් නම් ඉන්නවාද?මම නිකමට අහන්නේ (නි)
මේ ගැන මම නම් මුකුත් කියන්න හරියටම දන්නේ නැහැ. කිසිම ආගමක කිසිම දේවාලයකට අපහාස කරන්න හොද නැහැ. කැමති නම් යන්න. අකමැති අය අපහාස නොකර ඉන්න. තමන් අදහන ආගමට ගරු කරන්න. අන් ආගම් වලට අපහාස නොකර ඉන්න (නි)
හා හා සීල,දෙවියන්ගේ දේවලට කට වරද්ද ගන්න එපා. කද සුරිදු පිහිටයි සැමටම ! (නි)
ලංකාවේ මිනිස්සුන්ව තේරුම් ගන්න බැහැ (නි)