IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කොදෙව් පිල කඩුලූ 6 කින් ශ‍්‍රී ලංකාව පරාජය කරයි

බටහිර ඉන්දීය කොදෙව්හි තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි ‘සබීනා’ ක‍්‍රීඩාංගණයේ ඊයේ (28) පැවැති තරගයෙන් කොදෙව් පිල කඩුලූ 6 ක පහසු ජයක් ලැබීය.

කොදෙව් පිතිකරුවෝ ලකුණු 209 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 37.5 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
ක‍්‍රිස් ගේල් සිය සුපුරුදු පිතිහරඹයට අවතීර්ණ වෙමින් පන්දු 100 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 7 ක් සමගින් ලකුණු 109 ක් රැස්කරමින් ජයග‍්‍රහණය පහසු කළේය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා වූ නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 77 කදී හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 55 ක් රැස් කිරීමට සමත් විය. 

කොදෙව් නායක ඞ්වේන් බ‍්‍රාවෝ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.

උපුල් තරංග (25) සහ මහේල ජයවර්ධන (52) පළමු කඩුල්ල සඳහා ලකුණු 62 ක සම්බන්ධතාවක් පැවැත්වූව ද සෙසු පිතිකරුවන් අසාර්ථක වීමෙන් ශ්‍රී ලංකා පිලට විශාල ලකුණු සංඛ්‍යාවක් දක්වා යෑමට නොහැකි විය. මහේල ජයවර්ධන පන්දු 52 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 52 ක් රැස් කළේය.

ඇන්ජලෝ  මැතිව්ස් ලකුණු 7 ක් ලබා සිටියදී දෙවැනි ස්ලිප්හි පන්දු රකිමින් සිටි ක‍්‍රිස් ගේල් අතට ලබාදුන් පහසු උඩ පන්දුව රැකගත්තේ නම් ශ‍්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව මීට වඩා වෙනස්වීමට ද ඉඩ තිබුණි.

සුනිල් නරේන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 40 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත් විය. 

ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් එක්දින තරගාවලිය වන ‘ශූරයන්ගේ කුසලාන’ තරගාවලියේදී ආරම්භක පිතිකරු ලෙස ක‍්‍රීඩා කළ කුසල් ජනිත් අසාර්ථක වීම නිසා කණ්ඩායමේ ස්ථානය අමිවිය.

ආබාධයකට ලක්වූ තිලකරත්න ඩිල්ෂාන්ගේ ආරම්භක පිතිකරු ස්ථානයට මහේල ජයවර්ධන පැමිණි අතර ‘ශූරයන්ගේ කුසලාන’ තරගාවලියට සහභාගි නොවු පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක අජන්ත මෙන්ඩිස් කණ්ඩායමට කැඳවා තිබිණි. 

තරගාවලියේ දෙවැනි තරගය ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර හෙට (30) පැවැත්වේ.  

 

ලකුණු පුවරුව

ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම

ශ‍්‍රී ලංකා කණ්ඩායම් ඉනිම

උපුල් තරංග - ඇ. රැම්ඞීන් ප. ඞ්වේන් බ‍්‍රාවෝ    25
මහේල ජයවර්ධන - ඇ. රැම්ඞීන් ප. නරේන්    52
කුමාර් සංගක්කාර - ඇ. පොලාඞ් ප. නරේන්    17
දිනේෂ් චන්දිමාල් - ඇ. ඞ්වේන් බ‍්‍රාවෝ ප. සැමුවෙල්ස්    21
ඇන්ජලෝ මැතිව්ස් - නොදැවී    55
ළහිරු තිරිමාන්න - ඇ. චාල්ස් ප. රාම්පෝල්    6
නුවන් කුලසේකර - ඇ. පොලාඞ් ප. රාම්පෝල්    2
ජීවන් මෙන්ඩිස් - ඇ. සැමුවෙල්ස් ප. නරේන්    5
රංගන හේරත් - ඇ. සැමුවෙල්ස් ප. රාම්පෝල්    4
ලසිත් මාලිංග - ක.මු.ක ප. නරේන්    8
අජන්ත මෙන්ඩිස් - ඇ. චාල්ස් ප. ඞ්වේන් බ‍්‍රාවෝ    2
අතිරේක             11
එකතුව  ඕවර 48.3 කදී සියළු දෙනා දැවී    208

කඩුලු වැටීම:  
1-62, 2-85, 3-104, 4-140, 5-151, 6-159, 7-176, 8-190, 9-205, 10-208

පන්දු යැවීම:
කෙමාර් රෝචි : 7-1-41-0, රවී රාම්පෝල් : 10-0-38-3, ඩැරන් සැමී : 10-0-34-0, ඞ්වේන් බ‍්‍රාවෝ : 7.3-0-37-2, සුනිල් නරේන්  : 10-0-40-4, මාලන් සැමුවෙල්ස් : 4-0-11-1

 

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් ඉනිම

ක‍්‍රිස් ගේල් - ඇ. චන්දිමාල් ප. අජන්ත මෙන්ඩිස්    109
ජොන්සන් චාල්ස් - ඇ. ජයවර්ධන ප. හේරත්    29
ඩැරන් බ‍්‍රාවෝ - දුවද්දී දැවී ගියා    27
මාලන් සැමුවෙල්ස් - නොදැවී    15
කරන් පොලාඞ් - ක.මු.ක ප. කුලසේකර    0
ඞ්වේන් බ‍්‍රාවෝ - නොදැවී    8
අතිරේක             21
එකතුව  ඕවර 37.5 කදී කඩුලූ 4ක් දැවී    209

කඩුලු වැටීම:  
1-115, 2-181, 3-190, 4-193

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ:  
ඩිනේෂ් රැම්ඞීන්, සුනිල් නරේන්, රවී රාම්පෝල්, කෙමාර් රෝචි, ඩැරන් සැමී

පන්දු යැවීම:
ලසිත් මාලිංග : 7-0-34-0, නුවන් කුලසේකර : 8-1-39-1, අජන්ත මෙන්ඩිස් : 10-0-53-1, ඇන්ජලෝ මැතිව්ස් : 5-0-28-0, රංගන හේරත් : 6-0-37-1, ජීවන් මෙන්ඩිස් : 1.5-1-7-0

 

ක‍්‍රිස් ගේල්

 

 

 

 

 

 

 

 

 

 

 

ඇන්ජලෝ මැතිව්ස්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මහේල ජයවර්ධන



අදහස් (0)

කොදෙව් පිල කඩුලූ 6 කින් ශ‍්‍රී ලංකාව පරාජය කරයි

සුරේෂ් සම්පත් Saturday, 29 June 2013 09:14 AM

අයියෝ මොකද මේ වුණේ (අ)

:       0       0

අනුර Saturday, 29 June 2013 09:28 AM

මේ සීරියස් එකත් බලපොරුත්තු වෙන්න බැහැ වගේ අපිට අනේ අපේ ටීම් එකට මොකද උනේ, හරිම කනගාටුයි (අ)

:       0       0

එක්නායක Saturday, 29 June 2013 09:37 AM

කුසල් ලට ඇෂ්පිරි එන්කෙ එකක් ගන්න (අ)

:       0       0

janaa Saturday, 29 June 2013 10:05 AM

පාදය සහ පිත්ත එක තැන තබා තරඟය පරදින තුරු ආරක්ෂාවෙන ක්‍රිකට් න්‍යාය ...මාවන් ඉන්නකම් ප්‍රතිපලය මේයේය . කලුවිතාරණ පුහුණුකරු ලෙස පත් කරන්න.. පිත්ත තියෙන්නේ පන්දුවට පහර දෙන්න කියලා හොඳින් කියලා දේවි. (අ)

:       0       0

අමල් Saturday, 29 June 2013 10:07 AM

පිස්සු හැමෝටම

:       0       0

දර්ශන Saturday, 29 June 2013 10:12 AM

මීට වඩා හොදට අපෙ ඒ කණ්ඩායම එකත් සෙල්ලම් කරනවා. එකේ අරම්භක දෙන්නව ගත්තනම් හරි (අ)

:       0       0

අසංග Saturday, 29 June 2013 10:35 AM

ඇයි අපේ අය කිසිම දෙයකට සැහීමකට පත්වෙන්නේ නැත්තේ. දිනුම පැරදුම දෙකම බාරගත යුතුයි. හැම තරඟයක්ම දිනන්න බැහැ. අද ලෝකේ බලවත් වෙලා සිටය ඔස්ට්‍රේලියාවට මොකද උනේ. කාලයක් හොඳට තරඟ කලොත් කාලයක් පසුබසිනවා අපි ඒ හැම දෙයකටම මුහුණ දිය යුතුයි. අපේ කොල්ලන්ට ජයවේවා.(නදී)

:       0       0

චාමර Saturday, 29 June 2013 10:43 AM

කුසල් කපල තරංග ගෙනාපු එක තේරුමක් නැති වැඩක්. චන්දිමාල්, තිරිමාන්න දෙන්නවත් එලියට දැම්මනං හරි. *අ)

:       0       0

කොලින් Saturday, 29 June 2013 11:12 AM

මැතිවුස් දකිනකොටට් තරහෙ........බෑ ඔක්කොම එලවල අලුත්ම කණ්ඩායමක් හදන්න ඕනි ..(අ)

:       0       0

අමිළ Saturday, 29 June 2013 11:32 AM

ඉස්සර අපේ අය කොදෙව් දුපත් ගිහින් පැරදුනේ වේග පන්දුවයන්නන් සහ වේග තණතීරු නිසා , නමුත් දැන් පරදින්නේ දඟ පන්දුයවන්නන්ට මුහුණ දෙගන්න බැරුව , වෙලාවකට හිතෙනවා මේගොල්ලෝ කොහෙද ක්‍රිකට් ගැහුවේ කියලා.(නදී)

:       0       0

ධනු Saturday, 29 June 2013 11:33 AM

.2015 ලෝක කුසලානයක ගන්න කිසිම ප්ලෑන් එකක් තියේ කියල කියන්න බෑ. තරංග මොකටද ගෙනාවේ අපහු. (අ)

:       0       0

රෝහණ Saturday, 29 June 2013 11:36 AM

මට හිතෙන හැටියට තේරීම් නිලධාරීන්ට තිසර පෙරේරා පිලිබදව පුද්ගලික තරහවක් තිබෙනවා වගෙයි. තිසර පෙරේරා කණ්ඩායමේ සිටිය යුතුයි. තිසර ලංකාව ගොඩගත් කෙනෙක්.(නදී)

:       0       0

පහන් Saturday, 29 June 2013 11:44 AM

තොටළග'' අරුණ ''එල්ලේ ටීම් එක ඇරපල්ලා ඔයිට වැඩිය හොදට සෙල්ලම් කරාවි (අ)

:       0       0

ඉසුරන්දි Saturday, 29 June 2013 11:45 AM

කවද්ද අප්පා මෙයාල මැච් එකක් දිනලා එන්නේ.. ගහන ගහන ඔක්කොම කතා විදිහටනේ පරදින්නේ..දැනන්නම් මෙයාල අපිට ක්‍රිකට් එපා කරවල තියෙන්නේ...(අ)

:       0       0

වර්නසින්ග්හේ Saturday, 29 June 2013 11:49 AM

ලංකාවට දැන් නම් ක්‍රිකට් ඉස්මුරුත්තාව වගේ වෙනත් ක්‍රීඩාවක් දියුණු කලොත් නරකද ?(නදී)

:       0       0

කුරුවිට Saturday, 29 June 2013 08:37 PM

තේරීම් කමිටුව තිසර පෙරේරා එක්ක තරහද?(නදී)

:       0       0

කෙවීන් Saturday, 29 June 2013 12:03 PM

වෙන්නප්පුව මීගමුව පැත්තේ තියනවා හොද එල්ලේ ටීම්. ඒවගේ කට්ටිය තෝරලා යවන්න. ඇගේ ශක්තිය නැතිව ක්‍රිකට් ගහන්න බැහැ. ක්‍රිස් ගේල් උනත් අවේ ඇග නිසා තමා. කුඹුරු කොටන හොද ඇගක් තියන මිනිස්සු තෝරලා පුහුණුව දෙන්න.(අ)

:       0       0

උදිත් Saturday, 29 June 2013 12:57 PM

ලංකාවේ ටීම් එක මේ විදියට හරි යන්නේ නැහැ. දැන් බලන්න අපිට හොද දග පන්දු නැ, පිතිකරුවො නෑ. ඇත්ත කතාව අපිට ඉන්නව ඉන්න උන්ට තැන දෙන්නෙ නැහැ. දැන් හොදම උදාහරනෙ තමයි ඩිල්ෂාන් තුවාල උනාම ටීම් එකට ගේන්නෙ තරංගව. දැන් යන ඒ කන්ඩායමෙ ඉන්න දිමුත් කරුනාරත්න හොදට සෙල්ලන් කරනවා කොදෙව් ඒ කන්ඩායම එක්ක හරිනම් ගේන්න ඕනේ දිමුත්වනේ. අනික අපේ අය හිතන් ඉන්නෙ ටෙස්ට් හොදට ගහනවනම් ඔවර් 50 ගහන්න පුලුවන් කියලා. ඒකනෙ හැම වෙලේම හේරත් අරන යන්නෙ. බලන්න දැන් දකුණු අප්‍රිකාවෙ පිලන්ඩර් තම ටෙස්ට් රෑන්කින් වල මුලම ඉන්නෙ එත් ඔවර් 50 ගහන්නෙ නැ. සේනානායකයි අකිල දනන්ජයවයි ගස්සවන්න ඔන මොකද උන් දෙන්නා හොදට දග කවනවා. බලන්නන සුනිල් නාරින් කරකන විදිය. අපි මෙ පාර්ට් ටයිම් පන්දු යවන්නො එක්ක කොහොමද තරග දිනන්නෙ. ලංකාවෙ ටීම් එක ඇතුලෙ කඩුලු රකින්නො 4 දෙනයි. ඔන්න අපෙ බැලන්ස් ටීම් එක. අනිත් එක තමයි හැම කෙනාටම ටෙස්ට් 50-50 20-20 ගහන්න බැහැ. ලංකාවෙ ඉන්නෙ මහේලයි. ඩිල්ෂානුයි විතරයි මම දකින විදියට පුලුවන් ඒත් අනිත් අයට එහෙම ඕන තැනට හැඩගැහෙන්න බැහැ. එහෙම ලොකු වෙනසක් කරන්න පුලුවන් නිසා තමයි අනිත් කන්ඩායම් ඉදිරියට අවෙ. කොදෙව් කණ්ඩායම කොච්චර ඉස්සරහට ආවද පහුගිය අවුරුදු 2 ඇතුලෙ.(නදී)

:       0       0

නලින් Saturday, 29 June 2013 01:03 PM

මෑතිව්ස්ලා,චන්දිමල්ලා අනේ මන්ද ක්‍රිකට් වලට මොනා කරයිද කියල.මේ අය තව ඉස්සරහට මේ වගේ ක්‍රිඩා කලොත් හෑමදාම,ඔවර් 50 ටෙස්ට් මෑච් නම් බලුව හෑකි.(අ)

:       0       0

දිනු Saturday, 29 June 2013 01:37 PM

දැන් බලන්න ඉන්දියාව ගහන්නේ ඔක්කොම පොඩි කොල්ලෝ, මැච් පැරදුනත් අව්ලක් නෑ. අපේ සංගා, මහේල දැන් ඇති නේද දුන්න මෙයාලට චන්සේ, දැන අපේ ක්‍රිකට් අනාගතේ ගැන හිතමු. (අ)

:       0       0

මහේෂ් Saturday, 29 June 2013 01:41 PM

එකම විසදුමයි තියෙන්නේ ඒ අර්ජුනව ක්‍රිකට් පාලක මණ්ඩලයට පත්කරන එක. වෙන මොන පල් හෑලි ලිව්වත් කිව්වත් වැඩක් නැහැ.(නදී)

:       0       0

මහවැලි Saturday, 29 June 2013 01:48 PM

අයිපීඑල් - ඩොලර් - අයි පී එල් ඩොලර්, මේවා දකින "කැප්ටන් කූල්" ලාට මොනවා හිතෙනවා ඇද්ද ?(නදී)

:       0       0

ගැමි Saturday, 29 June 2013 03:44 AM

කෑවා නේද කට්ටිය හොදට? කුසල් සෙල්ලම් කළේ නැත්තෙ ඇයි අද? (නි)

:       0       0

තිළිණ Saturday, 29 June 2013 05:17 AM

ගෙවන සල්ලිත් අපරාදේ! (නි)

:       0       0

ගිමාල් Saturday, 29 June 2013 05:33 AM

අයියෝ සල්ලි! අපරාදේ කියන්න බැහැ, මැතිව්ස් ලා චන්දිමාල් ලා ලංකාවට ක්‍රිකට් එපා කරවනවා. වැඩක් කරපු ජයසූරියලත් තෝරන්නේ මෙහෙම අයවද? දිනන එක පැත්තක තියල අලුත් අයට එක්ස්පීරියන්ස් එකක් ගන්න දුන්නා නම් ඉවරයි (නි)

:       0       0

සමන් Saturday, 29 June 2013 05:56 AM

ලංකාවේ ක්‍රිකට් දැන් ඉන්දියාවට ගිහිල්ලා. මේවා බලන අපිටයි පිස්සු (නි)

:       0       0

මංගල Saturday, 29 June 2013 02:27 PM

අපේ කොල්ලෝ බඩ පිරෙන්න කාල ඒවි .(අ)

:       0       0

හේරත් Saturday, 29 June 2013 07:23 AM

අපරාදෙනේ මැච් එක .....කප් එක දීලා ගෙදර එන්න කියන්න කට්ටියට....(අ)

:       0       0

කුරුවිට Saturday, 29 June 2013 07:26 AM

මන්දගාමී ක්‍රිකට් බලනකොට නිදිමත හැදෙනවා (නි)

:       0       0

ගාස් Saturday, 29 June 2013 02:47 PM

කල කිරෙනවා මේවා දැක්කම.(නදී)

:       0       0

සහන Saturday, 29 June 2013 07:45 AM

කණ්ඩායමේ පිරිහීම හොදින්ම පේනවා. දැන් ඉතින් පුහුණුකරු මාරු කරන්න කාලය ඇවිත් වාගේ. (නි)

:       0       0

ගාමී Saturday, 29 June 2013 03:09 PM

කුසල්ව ආරම්භක පිතිකරු විදිහට දාලා තරංග මැද පෙලට දාන්න එතකොට හරි. . අපේ මැද පෙළ හොද නැහැ. තිසර අපහු ගේන්න රංගන එලියට දාලා. මෙච්චර දෙයක් තේරෙන්නේ නැද්ද?(නදී)

:       0       0

සිතාරා Saturday, 29 June 2013 03:35 PM

ඊළඟ මැච් වලදිවත් ගහයිද? (නදී)

:       0       0

සමීර Saturday, 29 June 2013 09:10 AM

අපිට කියල ඉතුරු වෙලා තිබුණු ක්‍රීඩාවත් දැන් වලපල්ලට ගහිල්ලා. මම නම් දැන් තරග නරඹන්නේ නැහැ. බලපු අන්තිම මැච් එක. ආයේ නම් බලන්නේ නැහැ.(නදී)

:       0       0

සමීර Saturday, 29 June 2013 09:09 AM

අපිට කියල ඉතුරු වෙලා තිබුණු ක්‍රීඩාවක් දන් වලපල්ලට ගහිල්ල මම නම් දන් තරග නරබන් නෑ බලපු අන්තිම මැච් එක (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 891 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4029 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1450 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 692 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2447 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site