IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


කොන්ගෝවෙත් ථෙරවාදි පන්සලක්

අප්‍රිකාවේ කොන්ගෝවේ ථේරවාදී හාමුදුරු නමක් සියලුම බෞද්ධ වැඩ සටහන් ක්‍රියාත්මක කරයි.  

උන්වහන්සේ පැවිදි වුයේ මිට වසර පහකට පමණ පෙරදීය.  උන්වහන්සේගේ නම බෝධිරාජ හිමිය. දැනට කොන්ගෝ නගර හතරක  උන්වහන්සේ  මේ වනවිට විහාරස්ථාන හතරක්  ඉදිකර ඇත. ටැන්සානියාවේ වැඩ වසන ඉලුක්පිටියේ පඤ්ඤාශේකර නාහිමියන්ගේ අනුසාසනා මත කටයුතු කරන  උන්වහන්සේ  කොන්ගෝ වැසියන් විශාල ප්‍රමාණයක්  මේ වනවිට  බෞද්ධ දර්ශනයට එක්කර ගැනීමට සමත්ව සිටිති.

පසුගිය මාසයේ චීනයේ පැවැති බෞද්ධ සම්මේලනයකටද සහභාගිවූ  උන්වහන්සේ සැප්තම්බෙර් මස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බෞද්ධ සම්මේලනයකටද සහභාගිවීමට නියමිතය.  ටැන්සානියාවේ 1920 දී රෝපණය කර ඇති පුරාණ බෝධීන් වහන්සේගෙන් ලබාගත් බෝධි ශාකාවක් මෑතදී එහි වැඩ වසන වැඩ වසන ඉලුක්පිටියේ පඤ්ඤාශේකර නාහිමියන් වෙතින් ලබාගත්  උන්වහන්සේ එයද කොන්ගෝවල රෝපණය කළහ.

මුන් වහන්සේ ඉතාමත් සංඝ ශෝභන ගුණයන්ගෙන් යුක්තවූ ආදර්ශමත් හිමිනමකි. 

 

 



අදහස් (0)

කොන්ගෝවෙත් ථෙරවාදි පන්සලක්

සඳුන් Friday, 19 July 2013 11:52 AM

සංසාරයේ කරන ලද පිනක මහිමයෙන් නැවත ශ්‍රී සද්ධර්මය ඇසුරු කිරීමට අවස්ථාවක් ලැබිලා. එය මේ සංසාර ලෝකයේ දුර්ලභම දෙයක්. සසර බිය දැක, ඉන් එතෙරවීමට ඔබ සියලු දෙනාට වාසනාව ශක්තිය උදා වේවා. සාදු ..! සාදු ..!(නදී)

:       0       0

සෑම් Friday, 19 July 2013 11:51 AM

මේ අයට ධර්මය තවත් ප්‍රචාරය කිරීමට උපකාර කිරීමට අපගේ දාන පතියන්ට සිත් පහල වේවා.(නදී)

:       0       0

නාත් Friday, 19 July 2013 11:53 AM

එතකොට අන්‍යාගමිකරණය බලපාන්නේ නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (දී)

:       0       0

විජේසිංහ Friday, 19 July 2013 04:22 PM

බන්දුල මහත්තයා, ඔයාට මල් මිටක්! මට හිතෙන විදිහට මෙතන හොදම අදහස ඒක සහ 100% සත්‍ය කතා කලේ බන්දුල මහත්තයා. අවිහිංසාවාදී දහම වෙනුවෙන් මැරෙන්න කට්ටිය ඉන්නවා හැබැයි පිළිපදින්න කව්රුත් නැහැ (දී)

:       0       0

ජයලත් Friday, 19 July 2013 11:57 AM

මම ඉතාමත් සතුටට පත්වුනා මෙමෙ පුවත දැකලා.සතුට අනන්තයි.ජීවිතේ දැකපු හොඳම තොරතුරක්.කොන්ගෝ බුදුදහම දිනේවා! (දී)

:       0       0

ෂෙනායා Friday, 19 July 2013 04:27 PM

මේ ෆර්සන් සහෝදරයා බුදු දහම අනුව ජීවත් වෙන මිනිස්සු ඕන තරන් ඉන්නවා ඔයා බුදු දහම සුරංගනා කතාවක් කිව්වට අනිත් හැම දහමටම වඩා වැඩි දෙයක් ඒ දහම තුල තියෙනවා.බුදු දහම අනුව ජීවත් වෙන මිනිස්සු ඕන තරන් ලංකාවේ ඉන්නවා කියල මතක තියාගන්න. (අ)

:       0       0

චතුරංග Friday, 19 July 2013 09:42 PM

ඉතා වටිනා ලිපියක් වගේම වටිනා වැඩක්. ලංකාදීපයට ස්තුත්යි මේවා අපිට පෙන්නනවාට (දී)

:       0       0

ලසන්ත Friday, 19 July 2013 12:03 PM

මොනම ආගමක් වේවා එහි තුල ඉගැන්විය යුත්තේ අවිහිංසාවාදයි. බුදුදහම කියන්නේ ඒවගේ කාටවත් හිංසාවක් නැති පැහැදිලි දර්ශනයක්. මම දකිනවිදියට ආගමක වැඩ වැඩි යමක් එතුල තියෙනවා. ඉතින් ඒවගේ දහමක් ලෝකයේ කොච්චර පතුරුනත් කමක් නැහැ මොකද මිනිස්සුන් එයින් වැඩ දී පුද්ගලයන් වන නිසා (අ)

:       0       0

අසේල Friday, 19 July 2013 04:32 PM

අන්‍යාගම්කරණය යනු මිනිසුන්ගේ අපහසුතා ඉලක්ක කරගෙන මුදල් මත ආගමක් වෙනස් කිරීමට ලක්කරන්නා වූ අමානුෂික ක්‍රියාවකි. නමුත් තමන්ගේ දැක්මට අනුව තමන් කැමති ආගමක් ඇදහීම හෝ වෙනත් ආගමක් කෙරෙහි යොමු වීම මානුෂික අයිතිවාසිකමකි (දී)

:       0       0

විජේසිංහ Friday, 19 July 2013 04:31 PM

නරකද ට මුලින් නිවැරදි බුද්ධාගම ඉගැන්නුවොත්, අපේ අයට? විශේෂයෙන්ම සමහර චීවරධාරින්ට. මොකද එයාලා දන්නේ නැහැ බුද්ධාගම කියන්නේ අවිහිංසාවාදී දහමක් කියලා (දී)

:       0       0

විජේසිංහ Friday, 19 July 2013 12:04 PM

අනේ මන්දා. මට බය එහෙ අලුත් සංවිධාන ආරම්භ ආරම්භ වෙයි කියලා, අන්‍යාගම්කරණයට එරෙහිව. (දී)

:       0       0

උපාලි Friday, 19 July 2013 04:38 PM

බුදු දහම ලොව බැබලේවා.එය අනේක දුක් කරදර මැද රැකගත් සිංහල භික්ෂු පරපුර තවත් දිගුකල් රැකේවා! (දී)

:       0       0

ලලිත් Friday, 19 July 2013 04:39 PM

අනාගතයේදී බුදුදහම ලෝකය පුරාම පැතිරෙනවා. ඒක ඒකාන්තයි (දී)

:       0       0

චන්දිම Friday, 19 July 2013 12:16 PM

මේ ආකාරයට මුලු ලොවටම සත්‍ය පැතිරේවා! (දී)

:       0       0

ආරියසිංහ Saturday, 20 July 2013 10:35 AM

කවදාහරි සත්‍ය ජය ගන්නවා. ඒක කාටවත් වලක්වන්න බැහැ (නි)

:       0       0

ප්‍රසන්න Friday, 19 July 2013 04:50 PM

සරු දෙය සරු වශයෙන්ද නිසරු දෙය නිසරු වශයෙන්ද අවබෝධ කරගන්න කියලා දැම්ම පදයේ ගාථාවක් තියෙනවා. බුදු දහම අවබෝද කරගන්න පින් කරලා තියෙන්න ඕනෑ. ඒ වගේම බුද්ධ ධර්මය තියෙන රටක ඉපෙදෙන්න , පින් කරලා තියෙන්න ඕනෑ. ලංකාවේ ඕනෑම ධර්මයක් දේශනා කරන්න තහනමක් නැහැ. හැබැයි බලහත්කාරයෙන් අනිසි ලෙස, වෙනත් ආගමකට හරවා ගැනීමට තමා අපි විරුද්ධ. අවබෝධයෙන් ඕනෑම දහමක් අදහනවා නම් කිසිම ගැටළුවක් නැහැ. කොහොමත් අනාගතයේදී බුදු දහම මේ මුළු ලොවම සුවපත් කරාවී. බුදු දහමේ තියෙන කරුණාව, මෛත්‍රිය, ලෝකයේ අනිත්‍ය බව, වෙනස් වන ස්වබාවය, හොදින් පැහැදිලි කරලා තියෙනවා. කෙසේ වුනත්, නිර්මල බුදු දහම ඇති රටක ඉපදී ඉන් ප්‍රයෝජන ගැනීමට නොහැකි වීම නම් පවකි.ඒ නිසා පින් ඇති සියලු සත්වයෝ බුදු දහම අවබෝධ කරගෙන මේ සංසාර දුකෙන් මිදෙත්වා! (දී)

:       0       0

චන්දි Friday, 19 July 2013 04:51 PM

ධර්මය අවබෝධ වෙන්නේ ,ඉන්ද්‍රිය දියුනු වෙලා තියෙන විදිහටයි .මොන කෙනාගේ ඉන්ද්‍රිය වැඩිලද කියලා කාටවත් බලන්න බැහැ. එනිසා කාටවත් අපහාස කරන්න එපා. මෙත් වේවා! (දී)

:       0       0

ප්‍රභාත් Friday, 19 July 2013 12:24 PM

යමෙකුට බුදුරජාණන් වහන්සේ වදාළ ලෝකයේ පරම සත්‍ය දහම අවබෝධ කරගැනීමට උපකාර කිරීම , අන්‍යාගමිකරණයක් ලෙස දකින්න එපා. ඔබ කුමන ආගමක් ඇදහුවත් , කුමන ශාස්තෘන් වහන්සේ කෙනෙකුට ගෞරව පුද පූජා පැවැත්වුවත් ,මේ සංසාර ලෝකය ගැන මනා අවබෝධයෙන් කටයුතු කිරීම ඔබට දෙලොවම යහපතක් වෙන කාරණයක් (දී)

:       0       0

කුමාර Friday, 19 July 2013 10:06 PM

අපේ බෞද්ධයින් මේ වගේ රටවල දුප්පත් අයට ආධාර කල යුතුයි (දී)

:       0       0

අනුරාධ. Friday, 19 July 2013 12:37 PM

සාදු! සාදු!!සාදු!!! ශ්‍රී සම්බුදු දහම ලොව දසදෙස පැතිරේවා! (දී)

:       0       0

සමීර වී. Friday, 19 July 2013 05:01 PM

ෆර්සාන් සොයුර, අපරිමිත කරුණාවෙන් සහ අසීමිත දයාවෙන් යුතුව ඔබෙන් පැනයක් අසමි.ඔබ සිතින් ලස්සන මලක් සිතා ගන්න. ඉන්පසු ඔබ සිතාගත් ඒ මල අතට අරන් පෙන්වන්න ඔබට හැකිද? කෙනෙකුගේ අධ්‍යාත්මය ද එසේමය (දී)

:       0       0

සඳු Friday, 19 July 2013 05:02 PM

ථෙරවාදී බෞද්ධයින් ඉස්ලාම් හා ක්‍රිස්තියානි රටවලට ගොස් ඒ අන්‍යාගමිකයින් මෙවන් යහපත් දැක්මකට හරවා ගැනීම අගය කළ යුතු දෙයකි. (දී)

:       0       0

ශාන්ත Friday, 19 July 2013 12:56 PM

සතුටුදායක ආරංචියක්.(නදී)

:       0       0

රංග Friday, 19 July 2013 01:03 PM

බුද්ධාගමට ජය වේවා .ලෝකේ තියන එකම සත්‍ය (අ)

:       0       0

මුස්තාෆා Saturday, 03 August 2013 10:47 AM

කමල් , ඔයා ඉස්ලාම් ආගම ගැන අවබෝධයෙන් තොරයි. අදට ලෝකයේ පවතින සත්‍ය,ජීවමාන හා ප්‍රායෝගික එකම ආගම ඉස්ලාම් ආගමයි.එය ආරම්භ වුණ රටවල 100% අනුගමනය කරන අතර ලෝකයේ අන් රටවල බලපෑමකින් තොරව ඉතා සීග්‍රයෙන් පැතිරයයි. මෙයයි පරම සත්‍යය. ඔබට බුදුදහම හා ඉස්ලාම් ආගම අතර සංසන්දනාත්මක විග්‍රහයක් අවශ්‍ය බව පෙනේ. ඔබේ අවබෝධය වැඩිකරගැනීමට අන්තර් ජාලයේ යු ටියුබ්හි බොහෝ කරුණු කාරනා ඇත. (නි)

:       0       0

අමිල Friday, 19 July 2013 01:10 PM

බුදු දහමේ සිසිලස සියලු මහද්වීප කරා පැතිරේවා ! බුදුරජාණන් වහන්සේ එදා බලෙන් බුදුදහමට බඳවා ගත්තේ නැති අතර සත්‍ය වැටහී මිනිසුන් බුදුදහම වෙත ඇදී ආවා. නීති දාලා බෙලි කපලා ආගමකින් මිනිස්සු හදන්න අමාරු වන අතර තව නොබෝ දිනකින්ම මද පෙරදිග වගේ රටවල් වලිනුත් මේ ආරංචිය අසන්න ලැබේවි. (අ)

:       0       0

අර්ෂා Sunday, 21 July 2013 10:54 AM

ඉෂාරා දුලාණි, අපි ලංකාවට එන්න ප්‍රථමත්,දැනුත් සත්ව ඝාතනය සිදුවෙනවා සියලුම කුණු මුස්ලිම් ප්‍රජාවට බැර කරන්නේ මන්ද? ලංකාවේ ආදිවාසීන් තවමත් මාංශ බුදිති,කතෝලියන්ට ඌරු මස් නැතිවම බැරිය,අපිත් ආසාවට කනවා නෙමෙඉ,අඩු වියදමකින් වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් ලැබෙන නිසාය.ලක්ෂ 15 වැනි මුළු මුස්ලිම් ප්‍රජාවම වැජිටරියන් උනොත් එළවලු මිල අසාමාන්‍ය ලෙස ඉහළයනු ඇත.එය වක්‍රාකාරව මස් මාංශ නොකන ජනතාවට බඩට තද පහරක් විය හැක. (දී)

:       0       0

ඉන්දික Friday, 19 July 2013 01:16 PM

නාත්, ගිම්හානි, අන්‍ය ආගම්කරණයයි තමන් ආගම තේරුම් අරගෙන ඒ ආගම පිළිගන්න එකයි දෙකක්. මෙතන කව්රුවත් සල්ලි හෝ වරප්‍රසාද දීලා ආගම වෙනස් කරලා නැහැ. ලංකාවේ වුනත් තමන් කැමති ආගමකට ගියා කියලා කව්රුවත් ගිනි තියාගන්නේ නැහැ. කව්රුවත් පෙළපාලි යන්නෙත් නැහැ.සල්ලි දීලා එහෙම නැත්තම් අහිංසක මිනිස්සුන්ව රවට්ටලා ආගම මාරු කරන එක තමයි වැරදි. (දී)

:       0       0

ඉෂි Friday, 19 July 2013 01:20 PM

තවත් විස්තර පහල ඇති වෙබ් අඩවියෙන් බලාගන්න පුළුවන්. http://www.dmc.tv/page_print.php?p=en_news/Upasika_Kaew_Congo.html (දී)

:       0       0

ටෙනිසන් Friday, 19 July 2013 05:52 PM

ෆර්සාන්, මට කියන්න බලන්න එකම මුස්ලිම් භක්තිකයෙක්වත් නබිතුමා කියපු විදිහටම ජීවත් වෙනවද කියලා. බොහොම පොඩි දෙයක් මම කියන්නම්. සෞදිය, ඉරානය කුවේටය වගේ රටවල ආගම නමැති තීන්දුවෙන් මිනිසුන්ව තදවෙන්න ගැට ගහගන ඉන්නවා කියලයි මට හිතෙන්නේ. (දී)

:       0       0

සනත් Friday, 19 July 2013 01:33 PM

සාදු සාදු සාදු! (දී)

:       0       0

රජින්ද Friday, 19 July 2013 06:02 PM

බුද්ධාලම්බන ප්‍රීතියෙන් සිත් අලවන මෙවැනි පුවත් දිනයක් දිනයක් පාසා ලොව සතර දෙසින් රැව් නැගේවා! සාදු... සාදු... සාදු...!!! (නි)

:       0       0

පෙරේරා Friday, 19 July 2013 01:34 PM

බුදුදහමින් ලෝ වැසියන් සුවපත් වේවා.උන්වහන්සේට නීරෝගි සුව ලැබේවා! (දී)

:       0       0

රංග Friday, 19 July 2013 01:40 PM

ගිම්හානි කියන දේ හරි.මෙතන ගොඩාක් අය සාධු කියන්නෙ තමන්ගේ ආගමට හැරෙනකොට තමයි.එහෙම නැතුව අවබෝධයකින් නෙවෙයි. වෙන ආගමකට හැරුනා කියලා දැම්මා නම් ද්‍රෝහියෝ (දී)

:       0       0

ලාල් Friday, 19 July 2013 01:41 PM

ඇපල් වුනත් වවන තැන්වල ගණන් ගන්නේ නැහැ. අපිටත් ඇති තරම් තියෙන නිසා ගානක් නැහැ. අහන්න , දකින්න ලැබීමත් සතුටක්. එසැණට ස්තුතියි. හිමියනි, ඔබට දිගාසිරි! (දී)

:       0       0

මනෝහරන් Saturday, 20 July 2013 12:20 AM

ලුලුම්බාගෙන් පසුව කොන්ගොවෙන් ගුණ සුවදක් දැනුන (අ)

:       0       0

සුදත් ශ්‍රී Friday, 19 July 2013 01:53 PM

යටත් විජිත කාලෙදී, වෙරළබඩ ජනතාවගෙන් කොටසක් සුද්දන්ගෙ බොහෝ කරදර, අකටයුතු, දූෂණයවීම් වලට ලක් වුනා. අවසානයේ ඔවුන්ගේ එකම ගැලවීම උනේ සුද්දන් ඉදිරියේ වැඳවැටී අන්‍යාගම් වැලඳ ගැනීමයි. එදා ජීවිත ආරක්ෂාව වෙනුවෙන් එසේ කලත් ඒ සහෝදර සහෝදරියන්ට දැන් අවස්ථාව තියෙනවා වරද නිවැරදි කර ගැනීමට. (දී)

:       0       0

රිස්වි Friday, 19 July 2013 01:54 PM

එහේ මිනිස්සු පෙළපාලි යන්නෙ නැද්ද අන්‍යාගමිකරණය කරනවා කියලා. (දී)

:       0       0

නලිත Friday, 19 July 2013 01:59 PM

හැබැයි ඉතින් මෙහෙ ඔය වගේ කළා නම් අපේ අහවල් කට්ටිය එයි කඩු පොලු අරගෙන මිනිස්සුන්ව වෙන ආගම් වලට හරවනවා කියලා. නැද්ද මං අහන්නේ? (දී)

:       0       0

සෙනරත් Saturday, 20 July 2013 09:46 PM

මෙම වැඩ සටහන ඉතා හෝදයි කවදාහරි සත්‍ය ජය ගන්නවා. ඒක කාටවත් වලක්වන්න බැහැ ලෝක වාසි සැමටම තෙරුවන් සරණයි (දී)

:       0       0

බමුණු Friday, 19 July 2013 06:49 PM

"එතකොට අන්‍යාගමිකරණය බලපාන්නේ නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ" ඔබ දන්නේ නැති ගොඩක් තිබෙන බැව් පෙනේ. කොහොම වුනත් මේ අය සන්තෝසම් දීලා බුද්ධාගමට හරවා ගත්ත අය නොවෙයි. මොකද බුද්ධාගමට හරවා ගන්න සන්තෝසම් දෙන්න කෙනෙක් නැත. දීමට අවශ්‍යද නැත. (නි)

:       0       0

ඉලුක්පිටිය පඤාසාර හිමි Saturday, 20 July 2013 01:19 AM

ඉතාම වැදගත් ප්‍රවෘත්තියක්. මෙය පලකල කතෘ තුමන්ට දිර්ඝායුස වේවා.(නදී)

:       0       0

කමල් Friday, 19 July 2013 02:13 PM

මම සෞදි අරාබිය ගැන යමක් කියන්න කැමතියි. මම එහෙ වැඩ කල කෙනෙක්. ඇත්තටම බුදුදහම ගැන දේශනා කරන්න ජනතාවට පැහැදිලි කරන්න එක මාසයක කාලයක් බෞද්ධ නායකයන්ට එම රටේ අවස්ථාව ලබා දෙන්නේ නම් එම රටෙන් බාගයකට වඩා මෙම සත්‍ය දහම වටා එක් වනු නොවනුමානය. වත්මන් සෞදි තරුණ පරම්පරාව යුරෝපය ආදී රටවල් වලින් උසස් අද්‍යාපනය ලබන පරම්පරාවක් වන බැවින් අනාගතයේදී ලොවටම පිළිලයක් වූ අන්තවාදී සෞදි පාලනය වෙනුවට වෙනත් මගක් ගත් රාජ්‍ය පාලනයක් දැකගත හැකි වනු ඇත. ලංකා රාජ්‍ය පාලකයන්ගේ පරම වගකීම විය යුත්තේ වරායවල් ගුවන්තොටවල් නොව මෙමෙ වටිනා දහම දිගු කල් රැකෙන මනා අඩිතාලමක් සහ එම දහම මෙතුවක් කල් රැකගෙන ආපු ජාතියේ අනාගතය සුරක්ෂිත කිරීම වේ.(නදී)

:       0       0

නන්දලාල් Friday, 19 July 2013 06:55 PM

ගොඩක් කාලෙකින් දකින්න ලැබුන වාසනාවන්ත පුවතක් .(අ)

:       0       0

චතු Friday, 19 July 2013 07:01 PM

ලංකාදීප කතු මඩලට නැවත මගේ ගෞරවය පුද කරමි මෙම වැදගත් පුවත පල කළාට. මම ගූග්ලේ මගින් මෙම විඩියෝ පටිය නැරබුව. ඔබලාට මෙය නැරබීමෙන් තව දුරට විස්තර දන ගන්ට පුළුවන්. congoles women 'budist upashika kae w kongoley ඔබ සැමට තෙරුවන් සරණයි (අ)

:       0       0

සනත් Friday, 19 July 2013 02:19 PM

බුදු සසුන බැබලේවා. සනත් රූපසිංහ.(නදී)

:       0       0

තුසිත් Friday, 19 July 2013 02:25 PM

බුදු දහම මුළු ලෝකය පුරාම පැතිරේවා!එවැනි අවිහිංසාවාදී ආගමක් මුළු ලෝකයේම පැතිරෙනවා කියන්නේ ඇත්තටම සුබවාදී පණිවිඩයක්. සාදු සාදු සාදු! (දී)

:       0       0

ඉෂාරා දුලාණි Saturday, 20 July 2013 02:15 AM

ෆර්සාන්, ලංකාවේ හරක් මරන්න පටන් ගත්තේ කව්රු ආවට පස්සෙද? බුදු දහම ගැන විවෘත විවාදයකට එන්න මුහුණට මුහුණ මම එනවා ලංකාවේ ඕනැම තැනකට.(නදී)

:       0       0

කැප්ට් නිශා Saturday, 20 July 2013 10:06 PM

සදු සදු, සදු "චරත භික්ඛවේ චාරිකං, බහු ජන හිතාය, බහු ජන සුඛාය, නිබ්බානාය සම්බෝධාය සංවත්තිති" බුදු වදන සිහිවේ . (දී)

:       0       0

කුමුදු Friday, 19 July 2013 02:30 PM

ජයලත් කිව්වා වගේම මේක ඇත්තටම හරිම සතුටක්. ජීවිතේ දැකපු හොඳම තොරතුරක්. (දී)

:       0       0

චන්දි Friday, 19 July 2013 02:30 PM

සාදු සාදු සාදු හිත නිවෙන පුවත් , මෙය පලකල කෙනාට ගොඩක් පින් , මම කාරුණික ඉල්ලී මක් කරන්න කැමති ලංකාදීප බලන අයගෙන් , මෙත් සිත් වඩන වැකි පමණක් ලියන්න , බලන අයගේ ද්වේශය ඇතිවෙන අදහස් නොලියන්න. ඔබට එහෙම කරන්න පුලුවන්නම් ඔබ ඔබත් රැකිලා අන් අයත් රැක්කා වෙනවා. සැමදෙනාටම තෙරුවන් සරණයි.(නදී)

:       0       0

බන්දුල Friday, 19 July 2013 02:32 PM

බුදු දහම අදහන ගොඩක් දෙනෙක් ආගම වෙනුවෙන් මැරෙන්න වුනත් සුදානම්. ඒ ගැන සතුටුයි. හැබැයි බුදු දහමේ තියන අවිහිංසාවාදී ප්‍රතිපත්ති පිළිපදිමින් ඒවා ක්‍රියාවට නංවමින් ක්‍රියා නොකරන නිසා අද අපරාධකරුවන්ගෙන් හිර ගෙවල් පිරිලා, ඒ ගැන දුකයි. (දී)

:       0       0

නසාර් Friday, 19 July 2013 02:32 PM

මට ඇඩෙනවා.(නදී)

:       0       0

කොටදුපේ සුමන Thursday, 25 July 2013 07:57 PM

ඉතාම වටිනවා (දී)

:       0       0

මහි Friday, 19 July 2013 02:37 PM

සම්සුදීන්. බල සේනා වැඩට බහින්නේ හේතුවක් ඇතුව. දන්නවනේ, මාලදිවයින වගේ රටවලට වුන දේවල්...මෙය තේරුම් ගන්න උත්සාහ කරන්න. (දී)

:       0       0

අමිල කටුනායක Friday, 19 July 2013 07:34 PM

මම නම් මොන ආගමටත් ගරු කරනවා. කොහොම වුනත් සියළුම ස්වාමින් වහන්සේලා මේ ආකාරයට සංවරව අදිනවා නම් මම කැමතියි (නි)

:       0       0

සදුනි Friday, 19 July 2013 02:39 PM

නාත් මහත්තයෝ, අන්‍යාගමිකරණය වෙන්නේ මුදල්, ප්‍රතිලාභ හෝ බලය යොදා කෙරෙන ආගම ප්‍රචාරයටයි.ඕනෑම කෙනෙකුට බුද්ධිය අවබෝධය සහ ස්ව කැමැත්ත ඇතුව කැමති ආගමක් අදහන්න පුළුවන්. බුදුදහම කියන්නේ ඇත්තටම ආගමක් නොවේ.අංග සම්පුර්ණ ජීවන දර්ශනයක්. කමල්ගේ අදහසත් පොඩ්ඩක් කියවලා බලන්න. (දී)

:       0       0

ජයා Friday, 19 July 2013 02:38 PM

බෞද්ධක් වූ මට හරිම ආඩම්බරක් දැනෙනවා .(අ)

:       0       0

විජේසිංහ Friday, 19 July 2013 02:43 PM

සෑම්, ජෝන්, මේ ඔයාලගේ ඇත්ත නම් ද? මගේ පෞද්ගලික විස්වාශය සියලු සිංහලයෝ බෞද්ධ විය යුතුය.ඉහත සුදත් ශ්‍රී ගේ අදහස බලන්න. ලංකාදීපයට මගේ ස්තුතිය! (දී)

:       0       0

නයෝමි Friday, 19 July 2013 02:43 PM

දාපු අදහස් බැලුවහම නම් පෙනෙන්නේ වසර 500 ක් තුවක්කුවේ බලෙන් පරදේශක්කාරයන්ගේ ලේ වල ජානත් සෑහෙන ප්‍රමාණයක් අපේ සිංහල කලු සුද්දන්ට දායාද විදියට ලැබිලා තියෙන බවයි.අනික් අදහස් නම් ඉතින් සෞදි අරාබියෙන් ආපු කියලා හිතන් ඉන්න දකුණු ඉන්දියාවෙන් වෙළදාමේ ආපු කට්ටිය තමා.තව වසර 50ක් අපි බලාගෙන ඉමු මොකද ලෝකයේ නිර්මානවාදී ආගම් වලට වෙන්නේ කියලා.යුරෝපේ ඉන්න අය නම් දන්නවා දැනටමත් කොච්චර නම් පොත් ගණනක් පලවෙලා තියෙනවද කියලා දෙවියන් වහන්සේ සහ ලෝක නිර්මාණවාදය ගැන ප්‍රශ්න කරන.ඒවා අපේ රටෙත් පරිවර්තනය වෙනවා නම් හරිම වටිනවා.බුදු දහම ලොව බැබලේවා.එය අනේක දුක් කරදර මැද රැකගත් සිංහල භික්ෂු පරපුර තවත් දිගුකල් රැකේවා! (දී)

:       0       0

මානෙල් Friday, 19 July 2013 07:48 PM

මෙය කියවපු මා අතිශයින් සතුටට පත් වුනෙමි.සාදු සාදු!! (නි)

:       0       0

අනුර Friday, 19 July 2013 02:47 PM

බුදු දහම ලෝකෙයේම වැජඹේවා සදු සදු සාදු (අ)

:       0       0

අකලංක Friday, 19 July 2013 07:55 PM

හරිම සතුටුයි. (නි)

:       0       0

පී එම් විල්සන් Friday, 19 July 2013 02:51 PM

බුදු දහම යනු කුමනාකාරයේ ආගමක්ද යන්න ඔය ඡායාරූප ටික බලනකොටම තේරුම් යනවා මට නම් (දී)

:       0       0

හැරිස් Saturday, 20 July 2013 05:24 AM

සාදු සාදු සද්ධර්මය මිසදුටුවන්ගෙන් බේරාගෙන රාජ්‍ය අනුග්‍රහනය ලැබිලා. රටේ අවංකවම හොද මිනිසුන් හදන තැනක් බවට පත්වෙනවා රටේ තියෙන සියලු ආගමික ස්තාන දියුණු කලොත්. එතකොට තමයි අපේ රට ජීවත් වෙන්න පුළුවන් රටක් වෙන්නේ. එහෙමයි මේ අපේ රට දියුණු කල යුතු වන්නේ. එහෙම උනොත් අපේ රට නැවත ලෝකෙම් උතුම්ම රට ලංකාව වෙනවා. (නදී)

:       0       0

අසංග Saturday, 20 July 2013 02:51 PM

සෆ්රාස් මත්තයෝ කරුණාකර ආගම් වලට අගෞරව කරන්න එපා. අපි මොනම අගමකටවත් ඒහෙම කරන අය නෙමෙයි. අපි දන්නවා ඔබලාට මේ වගේ දේවල් පෙනෙන කොට බලාගෙන ඉන්න බැ කියලා.මේක බෞද්දයන්ගේ පිපිදීමේ පටන් ගැම්ම පොඩ්ඩක් ඉවසා බලාගෙන ඉන්න.ඔබලා අනිත් ආගම් වලට අගෞරව කරන්න කරන්න අගාතයට වැටෙනවා මිසක් ගොඩ ඒමක් නම් නැත. (දී)

:       0       0

සමන් ද අල්විස් Friday, 19 July 2013 03:01 PM

ඇත්තටම හරිම සතුටු ආරංචියක් ,බුදුදහම මුළුලොව සිටින සියලුම ආගම් වලට ආදර්ශමත් දහමක් වේවා! අර ලංකාවේ වගේ විවිධ අන්තවාදී කණ්ඩායම් බිහිනොවේවා කියා මුළු හදින්ම පතමි. උන්වහන්සේට තුරුනුවන් සරණයි! සාදු සාදු ! (දී)

:       0       0

කෙලුම් Friday, 19 July 2013 08:11 PM

අපේ සමහරුන්වත් කොන්ගෝවට යවමුද අපි, ඉගෙනගෙන එන්න (නි)

:       0       0

ආනන්ද Saturday, 20 July 2013 03:16 PM

ලෝක වාසි සැමටම තෙරුවන් සරණයි (දී)

:       0       0

කුමාර Friday, 19 July 2013 08:15 PM

මේ තරම් මගේ සිතට සතුටක් ගෙනදුන් ප්‍රවෘත්තියක් නැති තරම්. අප්‍රිකාවට ධර්මය ලැබුනොත් එය බුදුරජාණන් වහන්සේ නැවත පහල උනා වගේ වෙයි.(නදී)

:       0       0

අරුණ Saturday, 20 July 2013 03:17 PM

බුදු දහමේ ප්‍රභෝදය මෙන්න (දී)

:       0       0

ඉන්දික Friday, 19 July 2013 03:11 PM

විජිත්,බුදුදහම කියන්නේ ඕනෑම අමනුෂ්‍යයෙකුට වුනත් හරි යන විදියට කියන්න පුළුවන් ධර්මයක්. (දී)

:       0       0

පියල් Friday, 19 July 2013 08:20 PM

කොහේ උනත් වටිනා උතුම් වැඩක් (දී)

:       0       0

දහම් Sunday, 05 July 2015 12:33 PM

බෞද්ධ ඔබ ඉතා දුර්ලභ වූ බුදුදහම දැන අවබෝධ කරගන්නට තරම් වාසනාවන්ත විය යුතුයි. ලෝකයේ ඇත්තේ එකම එක සත්‍යයක් පමණයි. ඒ යථාර්ථවාදී සත්‍යය හඳුනා ගන්නට උගත්කමට වත්පොහොසත්කමට සමාජ තරාතිරමට බැහැ. ඒකට සසරේ ඔබ පුරුදු පුහුණු කළ නුවණ අවශ්‍යයි. කවර ආගමක් ඇදහුවත් අනුගමනය කළත් තමන් යන මාර්ගය නිවැරදිදැයි වටහා ගන්න තරම් මැදහත් නුවණක් තිබිය යුතුයි. (නි)

:       0       0

නෙත්මි Friday, 19 July 2013 03:13 PM

බන්දුල මහත්තයා, ඔය හිතන විදිය වැරදියි.අපේ මුතුන් මිත්තෝ, වැඩිය ඕනෑ නැ හැඅපේ ආච්චිලා සීයලා ජීවත් වුනේ සැබෑ ලෙසම බෞද්ධයන් ලෙස.එයට ප්‍රධාන හේතුව එම අයුරින් ජීවත් වීමට සුදුසු දේශපාලන ආර්ථික සමාජීය වටපිටාවක් එකල තිබුනා.නමුත් අපේ වත්මන් පරපුරට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ බෞද්ධ සමාජ වටපිටවකට වඩා කාමබෝගී බටහිර සන්කෘතියක.ඉතින් බෞද්ධයන් හැටියට අපිට උඩු ගං බලා පීනන්න වෙලා තියෙනවා.මේකට ප්‍රධාන වශයෙන් වගකියන්න ඕනෑ අපේ රුපවාහිනී ජනමාධ්‍ය සහ දේශපාලනය (දී)

:       0       0

චන්දා Friday, 19 July 2013 03:28 PM

දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පෙලෙන සත් බියදුරු වෙත්වා, සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. බුදු සරණයි සැමට!! (අ)

:       0       0

කුමාර Friday, 19 July 2013 08:35 PM

බුදු දහමේ නියම අර්ථය ඇත්තේ ථේරවාදය තුලයි (දී)

:       0       0

රංගශානි Friday, 19 July 2013 11:08 AM

බුදු දර්මය ලොව පැතිරේවා සාදු සාදු සාදු.(නදි)

:       0       0

සුරේෂ් Friday, 19 July 2013 03:31 PM

මෙතන සමර හයට හිතෙනවා ඇති මේ ආගම දහම පතුරනවා කියල නමුත් අද ලෝකේ මනුස්ස වර්ගයම පැදීමක් ඇතිවෙලා තියනවා , සියලු සත්වයෝ නිදුක් වෙත්වා , බෞද්ද අගමට මුදල් දීලා බදවා ගන්න උවමනක් ඈ මොකද බුදුන් කවදත් කියන්නෑ වැරදි වැඩ කරන්න (අ)

:       0       0

රසිකා-ඕමාන් Friday, 19 July 2013 11:08 AM

සංසාරයේ පින් කලාවූ පින් වන්තයෝට පින් කිරීමට පින පෑදිලා සාදු සාදු සාදු.(නදී)

:       0       0

ප්‍රසාද් Friday, 19 July 2013 03:35 PM

නමෝ බුද්ධාය ! අතීතයේ රැස්කළ පින් මේ ජීවිතයේදී පුණ්‍ය විපාක වශයෙන් ලැබිලා. එක සත්පුරුෂයෙක් නිසා දැන් කීදෙනෙක් සුවපත් වෙනවද? සාදු සාදු සදු! මේ පින් මාද සතුටු සිතින් අනුමෝදන් වෙමි. මෙවැනි වටිනා ලිපි නිතර පලකරන ලංකාදීප පුවත්පතේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා! තෙරුවන් සරණයි! (දී)

:       0       0

ඉන්දික Friday, 19 July 2013 11:12 AM

සාදු! සාදු !(නදී)

:       0       0

හේමන්ත Friday, 19 July 2013 03:41 PM

ශ්‍රී සද්ධර්මයේ ගුණ පසක් වේ. ඉතාමත්ම සතුට ගෙනදෙන පුවතකි. (දී)

:       0       0

චතුරිකා Friday, 19 July 2013 03:48 PM

බුදුන් වහන්සේ ජීවමානව සිටි කාලයේ චුන්ද සූකරික ඌරු කොටුවක් පවත්වාගෙන ගියා. බුදුන් වහන්සේ එදා රජව සිටි බිම්බිසාර රජතුමාට ඌරු කොටුව කුඩුපට්ටම් කරන්න චුන්ද සූකරික අල්ලලා හිරේ දාන්න කියලා ඉල්ලීමක් කළේ නැහැ. බුදුන් වහන්සේ තම ශ‍්‍රාවකයන් සමග ගොස් ඔහුගේ ඌරු කොටුව කඩා දැම්මේවත් ඔහුට ගැහුවෙවත් නැහැ. මෙවැනි උතුම් දර්ශනයක් තිබෙන බුද්ධාගම විනාශ කිරීමට ඇතැම් අය විවිධ සංවිධාන ගතවී කරන ක‍්‍රියා බුද්ධාගමේ පිරිහීමට මුල්වී තිබෙනවා (දී)

:       0       0

සමන් Friday, 19 July 2013 03:48 PM

අති උත්තම බුදුදහම ලොව පැතිරේවා! සාධු... සාධු... සාධු...! (දී)

:       0       0

චන්දා Friday, 19 July 2013 03:50 PM

පසුගිය දශක දෙක තුනක සිට විවිධ නඩ නොයෙක් ජනමාධ්‍ය හා කලා ශිල්පක්‍රම යොදාගනිමින් ලක්වැසියාගේ (විශේෂයෙන් තරුණ පරපුර) ඉලක්ක කර ගොඩ නැගු මොළ සේදීමේ ව්‍යාපාරයේ ප්‍රගතිය සමහරු කරන ප්‍රකාශන වල හරය තුලින් වැටහේ. (දී)

:       0       0

අසේල ඕමානය Friday, 19 July 2013 03:51 PM

සාදු සාදු ශ්‍රී සද්ධර්මය ලොව බැබලේවා ! දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා! සොවින් පෙලෙන සත් සොම්නස් වෙත්වා! බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා! නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා ! (දී)

:       0       0

රනිල් Friday, 19 July 2013 11:19 AM

බුදු ගුණ අනන්තයි! (දී)

:       0       0

වරුණ Friday, 19 July 2013 11:20 AM

මුළු ලෝකයටම බුදු දහම පැතිරේවා.(නදී)

:       0       0

අතලේ සුමන හිමි Friday, 19 July 2013 03:55 PM

නියම විදිහට ධර්ම ප්‍රචාරය වෙලා තියෙන්නේ කොන්ගෝවල. කොන්ගෝ ජාතික හිමි නමක්ම ඒ කටයුතු කරන බව පේනවා. ඒවගේම උපාසිකාවෝ සියල්ලම කොන්ගෝ ජාතිකයෝ. විදේශීය ධර්ම ප්‍රචාරයන් දිහා බලපුවාම බොහෝ විට ඒ කටයුතු කරන්නේ ලංකාවෙන් ගිය බෞද්ධ අය නිසා විදේශිකයන්ගේ සහභාගීත්වය දක්නට ලැබෙන්නේ අඩුවෙන්. (දී)

:       0       0

මර්සෙල් Friday, 19 July 2013 11:25 AM

නෙතට කදුලක් නැගෙයි සතුටට (දී)

:       0       0

අරුමුගම් Saturday, 20 July 2013 08:57 AM

චතුරිකා, එහෙනම් ලංකාවේ සත්ත්ව ඝාතනයට විරුද්ධව ජීවිත පවා පුජා කරන්නේ ඇයි? ටිකක් හිතන්න (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Friday, 19 July 2013 11:30 AM

බුද්ධ ධර්මය ලොව පැතිරේවා! චතූරාර්ය සත්‍යය අවබෝද වී සියථම සත්වයින්ගේ දූක්ක දෝමනස්ස දූරු වේවා! සාදු.. සාදු.. සාදු..!!! (දී)

:       0       0

ධනුෂ්ක Sunday, 21 July 2013 06:57 AM

මුළු ලෝකෙම අය බුදු දහම වැළඳ ගන්න අවස්තාවේ ලංකාවේ ඉන්න සමහර අය බුද්දාගමට ගරු නොකරන්නේ ඇයි? දැන්වත් තේරුම් ගන්න බුද්දාගමේ තියෙන වැදගත්කම.(නදී)

:       0       0

වසා Friday, 19 July 2013 11:38 AM

ථෙරවාදී කිව්වට මදි. මේවායේ නිකා,පාර්ශව,කුළ,ගෝත්‍ර,තනි උර වැසීම,දෙඋර වැසීම,උඩරට,පහත රට ආදී විශාල වෙනස්කම් තියනවා.අප්‍රිකානු රටවල සමාජයත් ඒ වගේමයි.පුදුම විදියට ගෝත්‍රවලට බෙදිලා.සමහරක් වෙනස් ගෝත්‍ර නයාට අඳුකොල වගේ.ඒ නිසා ලංකාවෙන් බුද්ධාගම අරගෙන ගිය එක වඩා ගැලපෙනවා.සාදු..සාදු..සාදු (දී)

:       0       0

ෆර්සාන් Friday, 19 July 2013 04:07 PM

ලංකාව තුලවත් බුද්ධාගම ප්‍රායෝගිකව යොදා ගත්තු කිසිවෙක් නැහැ. බුදු දහම අවිහිංසාවාදයි කියලා කිව්වට ඒක ප්‍රායෝගිකව යොදගන්න බැරි සුරංගනා කතාවක් කියලයි මට හිතෙන්නේ. (දී)

:       0       0

සමරසේකර Friday, 19 July 2013 11:46 AM

සාදු! සාදු! බුදු ගුණ අනන්තයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2343 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1537 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2326 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3223 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37182 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24490 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site