IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


කන්ද උඩරට ජලාශවලට භූ කම්පනමාන ඕනෑ

 

(විනීතා එම් ගමගේ)

මහනුවර ආසන්නයේ පිහිටා ඇති ජලාශ සියල්ලට භූ කම්පනමාන සවිකර ඒවා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ ඇති ජාතික දත්ත මධ්‍යස්ථානයට සම්බන්ධ කළ යුතු යැයි මහනුවර ප්‍රදේශ කිහිපයක පසුගියදා සිදුවූ භූකම්පනවලට හේතු සොයා බැලීම සදහා පත් කළ විශේෂඥ කමිටුව නිර්දේශ කර ඇත.

එමෙන්ම එම ප්‍රදේශයන්හි සවිස්තරාත්මක, භූ විද්‍යාත්මක හා ව්‍යුහාත්මක සිතියම් ඉක්මණින් සම්පාදනය කළ යුතු බවත් ඒ සඳහා විශේෂඥ කණ්ඩායමක් බල ගැන්විය යුුතු බවටත් එකී කමිටුව සිය වාර්තාව නිකුත් කරමින් යෝජනා කර තිබේ.

මෙම කමිටුවේ වාර්තාව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ඊයේ (24)  භාර දෙනු ලැබීය.

හනුවර ආසන්නයේ පිහිටි අලුත්වත්ත, දඹකොටේ, හාරගම හා අනුරගම යන ගම්මානවල ඉකුත් 18 වැනිදා සිදුවූ භූ කම්පනය පිළිබද සොයා බැලීමට මෙම කමිටුව පත් කළ අතර එහි සාමාජිකයන් වූයේ භූ විද්‍යාඥ මහසෙන් වික්‍රමසිංහ සහ භූ කම්පන විද්‍යාඥ ජයනාත් හේරත් සහ භූ මාපක විද්‍යාඥ නිල්මිණි තල්දෙන යන විද්වතුන්ගෙන් සමන්විතය.

එම කමිටුව තවදුරටත් නිර්දේශ ඉදිරිපත් කරමින් මෙම ප්‍රදේශයේ හුණුගල් බහුල බව සැබෑ නමුත් කමපන වලට හේතුව එයම යැයි කිව හැක්කේ ඒ පිළබද සිදුකරන පුළුල් අධ්‍යයනයකින් පසුව යැයි ද පෙන්වා දී තිබේ.

මෙකී භූ කම්පන ඇතිවූයේ පොළව තලයේ කොතරම් ගැඹුරකින් ද යන්න සොයා  බැලීම සදහා අවශ්‍ය නම් විදේශ විශෙෂඥ සහය ලබා ගැනීමට ද යෝජනා කර ඇති අතර මෙම ප්‍රදේශයන්හි සිදුවන භූ කම්පන හා වෙනස් කම් පිළිබද සටහන් තැබීමේ ස්වේච්ඡා කණ්ඩායම් පුහුණු කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දී තිබේ. විශේෂයෙන් ඒ සදහා  පාසල් සිසුන් හා උනන්දුවක් දක්වන පිරිස් යොදා ගැනීමේ හැකියාව ද එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

මෙම වාර්තාව භාර ගනිමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ‍පෙන්වා දී ඇත්තේ ඉදිරියේ දී මීට වඩා ප්‍රබලභූ කම්පන පවා ඇතිවිය හැකි බැවින් ජලාශවල ආරක්ෂාවට ගත හැකි උපරිම ක්‍රියා මාර්ග ගතයුතු බවය.  



අදහස් (1)

කන්ද උඩරට ජලාශවලට භූ කම්පනමාන ඕනෑ

kamal Tuesday, 24 November 2020 01:08 PM

ඇයි ඉතින් මේවට "විදේශ" විශේෂඥ සහාය ලබා ගත යුත්තේ? අපේ විශ්ව විද්‍යාලවල සිටින පඬිවරුන්ට මෙය කළ නොහැකිද?

:       4       25

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 435 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 357 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 724 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 5419 28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1998 3

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 777 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 324 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 609 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1755 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site