(යොහාන් භාසුර සහ ක.ග කරුණාරත්න)
වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන කඳවුරෙන් රැඳවියන් 136කට ආසන්න පිරිසක් අද (11) පස්වරුවේ පැනගොස් ඇති බවත් ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භ කළ බවත් පොලිසිය අද රාත්‍රී පැවසීය.
එම කඳවුරේ නේවාසිකව පුනුරුත්ථාපනය වෙමින් සිටි පුද්ගලයන් 50 ක පමණ පිරිසක් කඳවුරේ වැට කඩාගෙන අද පස්වරු 5.30 ට පමණ පැන ගොස් තිබූ බවත් සිද්ධිය වාර්තා වූ මොහොතේ සිට ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ආරම්භ කළ බවත් පොලිසිය කීය.
එම පිරිස කන්දකාඩු කැලෑ ප්‍රදේශයට පැන ඇති බව කී වැලිගන්ද පොලිසියේ නිලධාරියෙක් පැවසුවේ රාත්‍රී කාලයේ ඔවුන් සෙවීම වඩාත් අසීරු කාර්යක් බවට පත්ව ඇති බවයි.
ඒ හේතුවෙන් කැලෑ ප්‍රදේශය වටකර ආරක්‍ෂක වළල්ලක් යොදා ඇති බවත් හැකි ඉක්මණින් ඔවුන් අත්ුඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් එම නිලධාරියා කීය.
කඳවුර තුළ ඇති වූ නොසන්සුකාරී තත්වයක් මධ්‍යයේ මෙම පිරිස පැනගොස් ඇති බව ද වාර්තා වේ.
මෙම මෙහෙයුමට වැලිකන්ද පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්ත රත්නායක මහතා ප්‍රමුඛ නිලධාරීන් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට අමතරව මනම්පිටිය සහ පොළොන්න්රුව යන පොලිසිවලින් ද නිලධාරී කණ්ඩායම් කැඳවූ බව ද පොළොන්නරුව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් ඊයේ රාත්‍රී පැවසීය.
පැනගිය රැදවියන් අත්අඩංගුවට ගැනීමට යුද හමුදාව ද එක්ව සිටින බව පොලිසිය සදඟන් කළේය.
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස
රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරැලීමෙන් එම මෝටර් රථයේ
තියුණු ආයුධ පෙන්වා බියගන්වා වාහන කොල්ල කෑ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කන්දකාඩු කඳවුරෙන් රැඳවියෝ පිරිසක් පැන යති