ත්‍රිකුණාමලයේ කින්නියා හා කොට්ටකරිච්චි උතුරු මහවැලි රක්ෂිතයේ දැව හොරෙන් කපා කරත්තවලින් රැගෙන ආ සිව් දෙනෙක් ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් යූ.එල්.එම් අග්බාර් මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.
ඔවුන් පොලිසියට රැගෙන එද්දී වන නිලධාරීන්ට හා පොලිස් විශේෂ කාර්ය බලකායට ගැල් මුල් ගසා කින්නියා තඹලගමු පාරේ ටයර් පුළුස්සා බාධා කළ කළහකරුවන් මෙල්ල කිරීමට හමුදා බලඇණි ද කැඳැවිණි.
මුස්තාෆා බද්හුදීන්, ජලල්දීන් මොහොමඩ් හනීෆ්, වහබ් ලෙබ්බේ මොහොමඩ් අලි සහ මුස්ථාෆා අවුන්නොෆ් අලි සැකකරුවන් ලබන තුන් වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූ අතර කරත්ත හතර හා ගොනුන් අට දෙනා ද පොලිස් බාරයට ගැණිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑස් මිල අධික කාලයේ ගෙනත් තියෙන්නේ දර කරත්ත 4 ක් බව පැහැදිලිවෙනවා.රක්ෂිතයේ දැව ජාවාරම්කරුවෝ සිටියදී දර කාරයින් අත්අඩංගුවට ගැණීම නිසා විරෝධය පාන්න ඇති. මොනවා කිවුවත් තම්බී (මල්ලි)රක්ෂිතයක් අයිති රජයට.දැව,දර,කෙසේ වෙතත් අනවසරයෙන් ඇතුල් වීම පවා දඬුවම් ලැබිය යුතු වරදක්! (නි)
මෙතන ගොන්නු අට දෙනෙක්ට වඩා ඉන්නවානේ? ගණන වැරදිලාවත්ද? (අ)
මේවට වග කියන්න ඕනෑ කවුද? (නි)
උසස් බලධාරීන්ගේ දැනුවත්කම ඇතිව මහා පරිමාණයෙන් සිදුවන වන විනාශයට කවුද වගකියන්නේ? (නි)
පොලිසියට මොකටද හරක් සහ කරත්ත ? (නි)
මෙයත් මුස්ලිම් ආගමික අන්තවාදයේ කොටසක්ද? (නි)
එයාලටම ගිය රටන් මේක... (නි)
දැන් ඔහොම නම් අනාගතේදී මොනවා වෙයිද? මුස්ලිම් අය 13 සංශෝදනය හොදයි කියන්නේ ඕක තමයි. ඉඩම් බලතල ගත්තම වනාත්තරත් ඉවරයි, නටඹුන් ටිකත් ඉවරයි, කොටින්ම කිව්වොත් නැගෙනහිර පළාතේම සිංහල බෞද්ධ අයිතිය සිංහලයාට අහිමියි. (නි)
මුස්ලිම් අය 13 සංශෝදනය හොදයි කියන්නේ ඕකට තමයි.කොටින්ම 13 ඉවත් කරන්න ඕනෑ. (නි)
කොටි හිටියා නම් හොඳා වගේ. (නි)
හැම දේටම ආගම ගාවගන්න එපා. (ස)