කඳාන ශාන්ත සෙබෙස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේ සෙබස්තියන් මුනිඳුන්ගේ හස්ත ධාතු සහිත කරඬුව අද අලුයම 4.00ට සොරා ගත් පුද්ගලයා පොලිස් සුනඛයකුගේ සහායෙන් අත්අඩංගුවට ගත් බවත්, හස්ත ධාතූන්වහන්සේ ද සොයා ගත් බවත් කඳාන පොලිසිය කියයි.
පසුගිය ජනවාරියේ දී ඉතාලියේ පාදුවා නගරයේ සිට මෙම මෙම හස්ත ධාතුව ශ්‍රී ලංකාවට වැඩම කළ බව දේවස්ථානය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා සතුටුයි. කිතුනු අයට පමණක් නොව මුළු රටවාසී අප සැමට එය ලොකු සතුටක්. (නදී)
කිතුනුවන් තම එකම දෙවියන්වහන්සේට පමණි වන්දනාමන කරන්නේ (නදී)
මෙහෙමත් හොරු ඉන්නවද දෙවියනේ මේ අපේම ගමේ නේද ? ගොඩක් කනගාටුවෙනවා. (නදී)
කිතුනුවන් දෙවියන් වහන්සේට පමනයි වන්දනා නමස්කාර කරන්නේ. අනිත් දේට ගරු කරනවා පමණයි (නදී)
මෙම ශුද්ධ වූ ධාතුන් සොයාගැනීමට සහය වූ සියළු දෙනාට තුති. මොනම ආගමක වුවද මෙවන් දෙයක් ඉදිරියේදී නොවේවා! (නි)
කිතුනුවන්න්ට ශුද්ධවූ ලියවිල්ලේ කියතිබෙන්නේ තම දෙවියන්නට පමණක් නමස්කාර වලටයි, (අ)
අනේ සාදු! දැන් බෞද්ධයනට විතක් නොවෙයි අනෙක් අයටත් ධාතු වන්දනා කරන්න අවස්තාවක් ලැබිලා. (නදී)
බටගම ගමේ මිනිස්සුත් මේ හොරාව අල්ලන්න ගොඩක් සහය වුණා (නි)
දන්නේ නැති නිසයි අහන්නේ සාන්ත සෙබස්තියන් මුනිදු කියන්නේ රහතන්වහන්සේ නමක්ද (නදී)
ධාතු කරඬුවකට වත් අද කාලේ බේරුමක් නැහැ. (නදී)
අනේ හොඳයි (නි)
සොයාගත් එක ලොකු දෙයක්. සතුටුයි (නි)
දෙවියන්ටවත් ගෞරවයක් බයක් නැති මේ වගේ අයට ජීවිතයේ කවදාවත් ආයෙත් මෙහෙම වැඩ නොකරන්න හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ (නි)
මේ වගේ දෙයක් ඇහුවාමයි (නදී)
මේ විදියේ කිසිම ධාතු තැන්පතුවක් ගැන බයිබලයේ කිසිම තැනක සඳහනක් වෙලා නෑ. යාකොබ් විතරක් කියනවා තම පුතුන්ට මිසරයෙන් ඒවා රැගෙන ගොස් කාන් දේශයේ වල දමන්න කියා. කාගෙවත් අස්ථි කොටස් වලට වැඳුම් පිදුම් කිරීම කිතු දහමේ සඳහන් වන ශුද්ධ ලියවිල්ලේ කොතනකද මෙවෙනි ඉගැන්වීමක් තිබෙන්නේ කියා දන්නා කෙනෙක් කියන්න කරුණාකරලා. (නදී)
මම ආගම්වාදියෙක් නම් නෙමෙයි. ඒත් මට මේ දේවල් ගැන පුදුමයි. (නි)
භාවනා වැඩසටහන් දේවස්ථාන වල ක්‍රියාත්මක වීම හොදයි (නි)