IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කඳුරටට මහ වැහි : රජරටට උතුරට බොන්න වතුරත් නෑ

දින හයක් තිස්සේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑයුම් ප්‍රදේශයට ඇද හැලෙන වැසිත් සමග කැනියොන් හා ලක්ෂපාන ජලාශවල වාන්දොරටු තුන බැගින් විවෘත කර ඇත.

ඉහළ කොත්මලේ වාන් එක වාන් දොරටුවක් විවෘත කර ඇත.

මාඋස්සාකැලේ ජල මට්ටම අද සවස පහ වන විට පිටාර මට්ටමට අඟල් නවයක් අඩුවෙන් පැවැතියේය.

කාසල්රී පිටාර මට්ටමට අඩි තුනක් අඩුවෙන් පිරී ඇත.

විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, කැනියොන් හා කොත්මලේ උපරිම මට්ටමෙන් ජල විදුලිය නිෂ්පාදනය කෙරේ.

කැලණි ගඟේ ජල මට්ටම ද ඉහළ යා හැකි බව නුවරඑළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා කියයි.

නුවර එළිය - හැට්න් හා හැටන් - කොළඹ මාර්ගවල දැඩි මීදුමක් පවතී.

මේ අතර  රජරට හා උතුරේ දිස්ත්‍රික් රැසක දහස් ගැමියනට පානීය ජලය පවා සොයා ගැනීමට බලවත් ප්‍රශ්නයක් වී ඇත.

20140131062112.MTS_snapshot_00.00_[2014.08.03_18.23.14] DSC01242 DSC02857

DSC01026

IMG_2283 IMG_2300



අදහස් (0)

කඳුරටට මහ වැහි : රජරටට උතුරට බොන්න වතුරත් නෑ

තබිත Tuesday, 05 August 2014 04:58 AM

සුද්දාගෙන් දැනමුතුකමක් ගත්තොත් නරකද මේ තත්වය නැති කරගන්න. ඒ දවස් වල ඔවුන් කල දේ අගය කල යුතුයි. අපේ බොරු ආඩම්බරකම නිසා රට හැම අතින්නම පිරිහිලා ආඩම්බරකම විනාශයට මුලනේ (නදී)

:       1       0

පැතුම් Monday, 04 August 2014 01:43 PM

දළදා පෙරහැර අවසන් වන විට මහනුවර අවටටත් , නියගයෙන් පීඩාවිදින කාටත් ඇතිතරම් වැසි ලැබෙන එක නියතයි. කවදත් සිදුවුනේ එම හාස්කමයි. එතෙක් ඉවසන්න.(නදී)

:       0       0

සත්‍යපාල Tuesday, 05 August 2014 05:06 AM

නිදහස ලැබිලා අවරුදු 64ක් ගතවෙලා. ඒ කාලය තුල මෙරට පාලනය කල පාලකයන් බහුතරයකට මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසදන්න තියා තේරුම් ගන්නවත් බැරි වෙලා තියනවා. වාරි කළමනාකරණය තියා අද රටේ සාමාන්‍ය පරිපාලනයවත් පවත්වාගෙන යන්න බැරිවෙලා තියනවා. පාසැලට ළමයින් ඇතුලත්කිරිම, විභාග පැවැත්වීම, ප්‍රශ්න පත්තර බෙදා හැරීම වැනි සරල වැඩ කටයුතු පවා අද අවුල් ජාලා බවට පත්වීමෙන් මේ බව අවබෝද වෙනවා. (නදී)

:       0       1

තරිඳු Tuesday, 05 August 2014 05:26 AM

අඩුම ගණනේ වතුර බවුසර කීපයක් දිනපතා නුවර සිට උතුරට යවන්න බැරි රජයක් මොකටද කියා කල්පනා කලොත්? පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ පඩි කපලා බව්සර වලට ගෙවන්න බැරිද? (නදී)

:       0       0

ජනක Tuesday, 05 August 2014 06:04 AM

ඇයි පොල්ගොල්ල ජලාශයෙන් වතුර හරවනවා නේද රජරටට? (දී)

:       0       0

අමිළ Monday, 04 August 2014 05:42 PM

දේවෝ වස්තුකාලේන, සබ්බසන් පත්ත මේවච, පීතෝ බවතු ලෝකේච, රාජා භවතු දම්මිකෝ. රජවරු දැහැමි ඌ කල නිසි වැසි ලැබේ. (නදී)

:       0       1

නිළර්කුවෛත් Monday, 04 August 2014 06:18 PM

කෝ බලදාරීන්? මේ ජලය පුරාණ රජවරුන් මෙන් උතුරට යවන්න බැරි ඇයි? මහ විශාල වැව් තිබියදී ඒවා රොන් මඩ ඉවත් කර ජලය ආරක්ෂා නොකර නිකරුනේ මුහුදට යවන්නේ ඇයි (නදී)

:       0       0

ශිරෝමි- පිළියන්දල Tuesday, 05 August 2014 07:46 AM

අහෝ! ගංගා හතරකින් ගලන ජලය නිකරුනේ මුහුදට ගලා බසිනවා. ඉන් එක ගංගාවක් හෝ උතුරට හැරවිය හැකිනම් (නි)

:       0       0

තුශාර Monday, 04 August 2014 12:16 PM

"ස්වාමීනි මා දුටු අට වන සිහිනය නම් රජ මාලිගයේ මුවවිට දක්වා දිය පිරුණ සැළියක් ඇත. එය වටා කිසිදු දිය බිදක් නැති හිස් කළ රාශියක් ඇත. සතර දෙසින් වැල නොකැඩී ගලා එන මහ ජනකාය ජලය පිරී ඇති දිය සැළියට ජලය බහා ලති. දිය සැළිය පිරී ඉතිරී යයි. එහෙත් කිසිවෙකු හිස්බදුන් වලට දිය නොදමති." (නදී)

:       0       0

අබේ Monday, 04 August 2014 12:26 PM

වාරිමාර්ග කලමනාකාරිත්වයක් නැතිකම තමා (නදී)

:       0       0

සරත් Monday, 04 August 2014 12:53 PM

අන්තිම රුප රාමු 3, අහසේ වැහි වලාකුළු තියෙනවා. ඉතාමත් ඉක්මනින් මේ ප්‍රදේශවලටත් වැසි ලැබේවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 176 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 188 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 82 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1271 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1525 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 129 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site