පාලින්ද නුවර ලත්පදුර ඓතිහාසික සුමන සමන් දේවාලය ඇතුළු නිවාස 15 ක් අනතුරට ලක් කරමින් මුත්තෙට්ටු කන්දේ කොටසක් ගංවතුරින් නාය ගියේය.
කන්ද පුපුරා වතුර පාරක් මතුවීම නිසා අසල පදිංචිව සිටි පවුල් වල 49 දෙනෙකු ලත්පදුර ශ්‍රී ගංගාරාමයේ බණ මඩුවේ සිටිති. මෙම කන්ද තව දුරටත් පුපුරා යාමට ඉඩ ඇති නිසා අවට පවුල් ආරක්ෂාකාරී ස්ථාන වලට යන ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය උපදෙස් දෙයි.
මෝල්කාව අලුත් හංදිය අසල සිට කලවාන මාර්ගයේ ස්ථාන කිහිපයක්ම නාය යෑමට හසුව තිබේ.
මෝල්කාව බෝගහහේනේ දැවැන්ත පස් කන්දක් කුකුලේ ගඟ ප්‍රධාන පාරට කඩා වැටි ඇත.
කුකුලේ ගඟ විදුලි බලාගාරය අසලින් අයගම උඩුගම දක්වා ඇති මාර්ගය නාය ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ප්‍රදේශයෙන් ජනතාව අයින් කර ගස් සිටුවා නැවත සංරක්ෂනය කල යුතු වෙනවා. මේවා තමා නව සංවර්ධනයේ ප්‍රතිපල.(නදී)
ප්‍රමිතියක් හා ඉදිරි දර්ශනයක් නැති සංවර්දනය අය්යෝ සල්ලි! (දී)
මේවා තමයි තිත්ත ඇත්ත.පාරවල් හදන්නේ හොරු, ඒවා බලන්න ඉන්නෙත් හොරු,අපරාදේ සල්ලි අපේ ගෙවල් ළඟ පාරත් ඔහොම තමයි (දී)
රටේ සල්ලි,පරිසරය විනාශ කිරීමේ පළ විපාක කාට කාටත් දැනෙන්නේ මේවා උනාම. (දී)
මේ සිදුවීම් වලදී වගකිවයුතු නිලධාරීන්ට මෙම හානිය සම්බන්ධ වගකීමේ ලොකු කොටසක් අයිතිවෙනවා (නි)
සරත්ගේ අදහස හරි. නමුත් එකක් කිව යුතුයි. මෙම පාරවල් හදනවා බලන අය හොරු නොවුනත් අද තියෙන දේශපාලන රටාව තුල ඔවුන්ටත් හොරු වෙන්න සිදු වෙනවා. නමුත් සිවිල් ඉංජිනේරු සේවාවේ ඉන්නේ වැඩියෙන්ම හොරු. 1960 දශකයේ අවසාන බාගයේදී කටුබැද්ද ජාතික උසස් කාර්මික අධ්‍යාපන ආයතනයේ ගුරු දෙවියෙක් අපිට එය පැහැදිලි කලා.(නදී)
ප්‍රමිතියකින් තොරව කරන වැඩවල අනිසි ප්‍රතිපල තමයි ඔය (දී)
ඔන්න පේනවා නේද ආශ්චර්යය (නි)
ගෙවල් කඩාගෙන යනකොට පාර විතරක් ඉතුරුවෙයිද ? (ස)
සරත් නිමල් ප්‍රයෝගික ව ලෝකය දෙස බලන්න (දී)
කසුන්, පළාතක් නායයද්දී පාරක් ඉතුරු වෙන්නේ නැහැ. මම ඒක පිළිගන්නවා. මම පැවසුවේ අද සංවර්ධනයේ නාමයෙන් කෙරෙන සිවිල් ඉංජිනේරු වැඩ ගැන. (නි)