රත්නපුර පානදුර මාර්ගයේ රත්නපුර නගරය ආසන්නයේ දී අද අලුයම දෙපැයක් ඇතුළත දී අනතුරු දෙකකින් හමුදා කපිතාන් වරයකු සහ විශේෂ කාර්ය බළකායේ හිටපු භටයකු මිය ගොස් අඹු සැමි යුවළක් තුවාල ලැබූ බව පොලිසිය කියයි.
අලුයම දෙකට පමණ කපිතාන් හා හිටපු එස්ටීඑෆ් භටයා ගමන් ගත් යුතුරු පැදිය තාප්පයක ගැටී ඇත.
දෙපැයකට පමණ පෙර තවත් යතුරු පැදියක් කැබ්රියක ගැටීමෙන් යතුරුපැදියේ සිටි අඹු සැමි යුවළ තුවාල ලදහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුයම දෙකට කොහේ යනවද ?(නදී)
අපේ රටේ මිනිස්සුන්ට පාරේ වාහනයක් කෙලින් පදින්න දන්නෙම නැතුවා වගේ. එක්කෝ පාරේ ඉන්න මිනිහෙක්ගේ ඇගේ වද්දනවා , එක්කෝ ඉස්සරහින් එන වාහනේක වද්දනවා, එහෙමත් නැත්තන් අඩුම ගානේ ළඟ තියෙන තාප්පෙක හරි වද්දනවා. ඔලුව උදුම්ම ගන්නැතුව ආචාරශීලීව වාහනයක් පදිනවා නම් මේවා වෙන්නේ නෑ. මෙහෙම දවස ගානේ මේ පුවත් දකින්න වෙන්නේ නෑ. (නදී)
අලුයම දෙකට කොහේ ගියත් ඔවුන්ට නිවන් සුව පතන්න.. (ත)