IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


‘කැබිනට් මණ්ඩලයේ සිතාගත නොහැකි වෙනසක් හෙට‘ - ඇමැති මහින්ද අමරවීර

 (දිලීප් ජයසේකර )

කිසිවකුටත් සිතාගත නොහැකි තරමේ වෙනසක් කැබිනට් මණඩලයේ හෙට (22) සිදුවෙන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (21) සවස අගුණුකොළපැලැස්ස දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

‘ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන හා පක්ෂයේ ඉදිරිගමන ගැන සාකච්ජා කිරිම ඇතුළු දේශපාලන කරුණු රැසක් ගැන සාකච්ජා කිරිමට තමයි ජනපති සියලු දෙනාට එන්න කියලා තියෙන්නේ. ජනපති මේ සියලු දෙනා එකට එකතු කරලා මේ කරන්න යන්නේ පක්ෂයට හොද ස්ථාවරයක් ගෙන එන දෙයක්. මොකද්ද වෙන්නේ කියන එක සියලුම දෙනාට අනිද්දා වෙනකොට පත්තර වලින් බලාගන්න පුළුවන්. ඔය කෑ ගහන අයට ජනාධීපති හෙට උත්තර දෙනවා. කවුරුත් වෙන්නේ නෑ වෙන්නේ නෑ කියපුවා හෙට වේවි. හෙටින් පස්සේ ප්‍රසන්න රණතුංග මහත්තයටත් කියවන්න වෙන මාතෘකාවක් හොයාගන්න වේවි. කවුරු මොනවා කිව්වත් රටේ ජාතික ආරක්ෂාවට කිසිදු හානියක් නෑ. කිසිදු තර්ජනයක් ඇත්තේ නෑ. කාටවත් එහෙම කරන්නත් බෑ. එහෙම කරන්න ඉඩ දෙන්නෙත් නෑ. විග්නේෂ්වරන්ලා ප්‍රභාකරන්ගේ මස්සිනාය කියන සිවාජිලිංගම්ලා කියන කරන දේවල් අපි තුට්ටුවකටවත් මායිම් කරන්නේ නෑ. ඕන කෙනකුට විරෝධතා දක්වන්න පාරට බහින්න පුළුවන්. හැබැයි ආණ්ඩු පෙරළන්න නම් ඒ කාටවත් බෑ කියන එක මතක තියාගන්න ඕනෑ. රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් රජයක් විදියට ගන්න තියෙන සියලු තීන්දු තීරණ ගන්නවා. කවුරුවත් පාරට බැස්සා කියලා රටේ තියෙන හමුදා කදවුරු ඉවත් කරන්න අපි සුදානම් නෑ.‘ යැයි ද ඔහු කීවේය.



අදහස් (23)

‘කැබිනට් මණ්ඩලයේ සිතාගත නොහැකි වෙනසක් හෙට‘ - ඇමැති මහින්ද අමරවීර

susantha Sunday, 21 May 2017 12:25 PM

නිමල් ලන්සා මහත්තයාට මත්ද්‍රව්‍ය නිවාරණ ඇමති තනතුර දෙනවද? පරිසර ඇමතිකම ළමයෙකුට දෙනවද?

:       6       142

anil Sunday, 21 May 2017 12:27 PM

මේ අවුරුදු 2 1/2 ට හිතාගන්න බැරි සංවර්ධනයක් කරපු එකේ ඕක මොකද්ද...

:       18       141

රජින්ද Sunday, 21 May 2017 12:37 PM

බලය රැකගන්න, පාට-පක්‍ෂ රැකගන්න බල අරගලයක යෙදෙනවා මිසක්, රටේ ඒකීය භාවය, රටේ පරිසර සංහාරය ගැන ඇතිවෙලා තියෙන ප්‍රශ්න විසඳන්න මොකුත්ම කරන්නේ නැහැ.

:       2       86

piyaruwan Sunday, 21 May 2017 12:40 PM

කටින් බතල හිටවනවා වගෙයි.. පුළුවන්නම් රවී මහත්තයාගේ ඇමතිකම වෙනස් කරන්න. ඔය ඉන්න ශ්‍රීලනිප ඇමතිවරු වෙනස් කරලා ඕනේ නම් වෙනම මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් දමයි. ඔච්චර තමයි කෙරුවාව...!!!

:       2       46

Senarath Sunday, 21 May 2017 01:13 PM

ඔය කියන කැබිනට් එක එහාට මෙහාට මාරු කළාට රටේ තියෙන සල්ලි නාස්තිකරලා රටත් බෙදෙන තැනට වැඩ කරනවා ඇරෙන්න වෙන මුකුත් කෙරෙන්නේ නැහැ. නිකම්ම මිනිසුන්ට කැරට් අල දෙන්නේ නැතිව ඡන්දයක් තියලා බලන්නකෝ ජන මතය ගැන...

:       3       69

ajith ranasinghe paris Sunday, 21 May 2017 01:42 PM

දැනට ඉන්න පත් කල ඇමතිවරුන්ගෙන් පසුගිය වසර දෙකේ ප්‍රගතිය අහන්න විතරයි තියන්නේ. කිසිම ප්‍රශ්නයක් නැතිව රජයට ඔරොත්තු නොදෙන මේ ඇමති මණ්ඩලය වහාම අඩුකළ යුතු වෙනවා. මේ වෙන ජනතා මුදල් විනාශය වහාම නතර කල යුතුයි.

:       0       45

sisira Sunday, 21 May 2017 02:01 PM

මේ ගොල්ලො කියන දේවල් අහලම දැන් අපි හෙම්බත් වෙලා...

:       1       45

pubu Sunday, 21 May 2017 02:02 PM

මොනවා වෙනස් වුණත් ජනතාවට සල්ලි සතයක් වත් නෑ..

:       1       17

saman Sunday, 21 May 2017 02:23 PM

සිරිසේන මහත්තයගේයි එයාගේ පිරිසගෙයි පහුගිය අවුරුදු 2ට කියපුවා එකක්වත් ප්‍රයෝගිකව නම් මේ වෙනකන් වෙලා නෑ.

:       1       44

sisirta Paris Sunday, 21 May 2017 03:06 PM

මේවා නම් හිටිවන බයිලා තමයි...

:       1       12

Roshan Sunday, 21 May 2017 04:22 PM

මේ ඔක්කොම දියවන්නාවෙම දාලා නාවලා ගන්න ඕන වෙනසක් කරන්නනම්.

:       0       0

Appuhami Sunday, 21 May 2017 09:13 PM

කල්දාපු ඡන්දය තියන්නකෝ. පච හලන්නේ නැතුව.

:       0       0

siri Sunday, 21 May 2017 10:25 PM

ඔබ හරි. ජනාධිපති පත්තරෙන්නේ හැමදෙයක්ම දැනගන්නේ. ඒ නිසා ඔබත් කියන්නේ පත්තරෙන්ම හැමදෙයක්ම බලාගන්න කියලද? මෙයාල හරි දක්ෂයි ගැලරියට කතාකරන්න. කොළොඹ ගිහාම එකක් කියනවා, අගුනකොල පැලස්සට එකක් කියනවා, උතුරට තවෙකක් කියනවා. නමුත් කරන වැඩක්නම් පෙනෙන්නවත් නැහැ. ඔහොම කියෝ කියෝ ඉතිරි අවු2ක් ඔහොමම යන්.

:       0       0

jagath Sunday, 21 May 2017 10:59 PM

මොන වෙනස්කම් කරත් වැඩක් නැහැ. පරණ කාර්ඩ් කුට්ටම අනන එක විතරයි කරන්න පුළුවන්. මාරු වුණා කියලා වැඩක් වෙන්නේ නැහැ. රට එතනමයි. රට විනාශයි. අනේ අපි නොදන්න කැබිනට් සංශෝධන.... මේවා කාට කියන්නද? කවුරු හදන්නද?

:       0       0

nihal Monday, 22 May 2017 12:16 AM

රනිල් මහත්තයා පටන්ගත්තේ රටේ ප්‍රධාන ස්ථාන තුනක් දෙමළ අයට දීලානේ... මහබැංකු අධිපති - මුදල් ඇමති - අගවිනිසුරු තනතුරු වගේම අගමැතිකමත් දෙමළ අයෙකුට දුන්නනම් ලොකු වෙනසක් වේවි...!!!

:       0       0

gallage Monday, 22 May 2017 12:29 AM

ඔව්..ඔව් රටේ මිනිස්සු නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ. අපේ රටේ විද්වත් මණ්ඩලය කොහෙට මාරු වෙයිද කියලා...?

:       0       0

Roshan Perera Monday, 22 May 2017 01:15 AM

ජනතාවට අලද මේවා කියලයි අහන්න තියෙන්නේ.... බොරු කිරීමේ සීමාවක් තියෙන්න ඕන.... මොනවා මාරු කරත් ඒවා වෙනස් කරන්න බැහැ.

:       0       0

vipula Monday, 22 May 2017 03:02 AM

පෙරලන්න බැහැ කියපු තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලය තියෙන ආණ්ඩුත් ජනතාව පැහැදිලි ලෙසම පෙරලලා තියනවා. නමුත් මැතිවරණ තියන්නේ නැතුව ආණ්ඩුව කාටත් පෙරලන්න නම් බැහැ .

:       0       0

nimalka Monday, 22 May 2017 03:03 AM

නොයෙක් රටවල්වලින් දීපු නොයෙකුත් දේවල් ආපහු ගනීවි කියල අපි දැන් බලාපොරොත්තු වෙනවා.

:       0       0

sachith Monday, 22 May 2017 03:08 AM

මොනවා වෙන්නද, රාජ්‍ය ඇමතිලට කැබිනට් ඇමතිකම් සෙට් වෙයි.

:       0       0

Janatha anura Monday, 22 May 2017 03:13 AM

අපිට නම් ඕන ඡන්දයක් ... මේවට ඉතින් බඩ පැලෙන්න හිනා..

:       0       0

sensa Monday, 22 May 2017 03:15 AM

කරන්න තියෙන එකම වෙනස තමයි කැබිනට් එක කඩලා බංකුවක් හදන එක.... ඊට පස්සේ බංකුව කීයකට හරි විකුණලා භාණ්ඩාගාරයට සල්ලි දමන එක...

:       0       1

Deepal Nirosh Monday, 22 May 2017 08:50 AM

ඒ කිව්වේ අගමැති ධුරයත් වෙනස් වෙයිද? නැත්නම් මොන සංශෝධන වුණත් ආණ්ඩුවේ ගමන වෙනස් වෙන්නෙ නැහැනෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින් ප්‍රවර්ධනය කළ නිලධාරීන් 9ක් රාජකාරියෙන් ඉවතට
2024 සැප්තැම්බර් මස 19 566 0

දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටය


ෆේස් බුක් තවම ඡන්ද වැඩ
2024 සැප්තැම්බර් මස 19 712 0

සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්‍රචාරක කටයුතු සිදුවන බව වාර්ත


නිල නොවන ඡන්ද ප්‍රථිපල නිකුත් කිරීමෙන් වළකින්න
2024 සැප්තැම්බර් මස 19 311 0

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර


ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කරයි
2024 සැප්තැම්බර් මස 19 781 0

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.


ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට
2024 සැප්තැම්බර් මස 19 218 0

ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්‍රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය ප


ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි
2024 සැප්තැම්බර් මස 19 1735 0

ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 35 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 71 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site