IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


කැබිනට් සංශෝධනය කරන තුරු කැබිනට් රැස්වීම් අත්හිටුවයි

කැබිනට් සංශෝධනයක් කරන බවට තමන් ජනතාවට පොරොන්දු වී ඇති බැවින් කැබිනට් සංශෝධනයේ පොරොන්දුව ඉටුකරන තුරු සතිපතා කැබිනට් හමු නොපවත්වන බවට ජනපතිවරයා ප්‍රකාශ කර තිබේ. අගමැතිවරයාගේ චීන සංචාරයෙන් පසුව යෝජිත කැබිනට් සංශෝධනය කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රිමසිංහ මහතා තීරණය කර ඇත.

අගමැතිවරයා චීන සංචාරය සඳහා පිටත්වීමට පෙර ජනපතිවරයා හා අගමැතිවරයා අතර පැවැත්වූ සාකච්ඡාවකදී මේ බව තීරණය කර තිබේ. 

පවතින ගැටළු විසඳාගන්නා තුරු චීනය සමග හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කිසිදු ගනුදෙනුවක් පිළිබඳ සාකච්ඡා නොකරන ලෙසද ජනතිවරයා  අගමැතිවරයාට උපදෙස් දී අතැයි කියැවේ. ගිවිසුම් කිහිපයක් සම්බන්ධයෙන් චීන බලධාරීන් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අගමැතිවරයා යෝජනා කර තිබිණි.

මෙම කැබිනට් සංශෝධනය එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සබඳතා අතර ගැටළු සහගත නිර්මාණය කර තිබේ. පවතින කැළඹුම් සහගත දේශපාලන තත්ත්වය නොවිසඳුනහොත් අගෝස්තු මාසයේ සිට තමන් ස්වාධීන කණ්ඩායමක් ලෙස ක්‍රියාකිරීමට සූදානමින් සිටින බව ජනපතිවරයා හමුවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත.

එක්සත් ජනතා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර පවතින අවබෝධතා ගිවිසුම් අගෝස්තු මාසයේදී සමාලෝචනය කිරීමට යෝජනා වී තිබිණි. ඔවුන්ගේ මෙම ක්‍රියාකලාපය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති ජනපතිවරයා ප්‍රබල තීන්දුවක් ගන්නා බවට පවසා තිබේ.

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් වන අනුග්‍රහය දැක්වීමේ ගිවිසුමේ පිටපතක් කල්වේලා ඇතිව ජනපතිවරයාට දී තිබුණේ නැති බවද දැනගන්නට තිබේ. 



අදහස් (21)

කැබිනට් සංශෝධනය කරන තුරු කැබිනට් රැස්වීම් අත්හිටුවයි

sam Sunday, 14 May 2017 08:01 AM

"ජනතාවට පොරොන්දු වූ නිසා" කැබිනට් සංශෝධන කලයුතු නැහැ. මොකද ජනතාව කැබිනට් සංශෝධනයක් ඉල්ලා සිටියේ නැහැ. ජනතාවට පොරොන්දු වූ දේවල් ඉටු කරනවානම් මුලින්ම කල යුත්තේ පොරොන්දු පරිදි කැබිනට් එක තිහකට සීමා කිරීම මිසක් අමාත්‍යංශ මාරු කිරීම නොවේ. එක අමාත්‍යාංශයක අසාර්ථක ඇමති කෙනෙකුට වෙන අමාත්‍යාංශයක් දීම රටේ තියෙන ප්‍රශ්න වලට පිළියමක් නොවේ.

:       3       610

siri Sunday, 14 May 2017 08:09 AM

ඒකත් හරියට "ආඬි හත්දෙනාගේ කැඳහැලිය" කිව්වොත් හරි වගෙයි...

:       1       127

Indrajith Sunday, 14 May 2017 08:29 AM

කැබිනට් සංශෝධන කළත්, වැඩක් කල හැකි දක්ෂ කිසිවෙක් සොයාගත හැකිදැයි විශාල ප්‍රශ්නාර්ථයක් ඇත.

:       110       655

savindra Sunday, 14 May 2017 08:50 AM

හත් පොලේ මොනවාද කරගත්තු දේවල් මතක් වෙන කතානේ මේ....

:       2       92

Palitha Glapitiya Sunday, 14 May 2017 09:34 AM

ජනාධිපතිතුමා ආයෙත් වරද්දගන්න වගෙයි යන්නේ. කැබිනට් මාරුව පුරවැසියන් ඉල්ලපු දෙයක් නෙවෙයි. ඕක ඇමැතිවරු ඉල්ලන දෙයක්...

:       0       41

janatha anuraSunday, 14 May 2017 02:36 PM

ජනතා මුදල් විනාස කරන එක නැවැත්වීමයි ජනතා පැතුම... කොළ, නිල් අපිට අදාල නැහැ. ජනතාවගේ පැතුම ඉතා නිහඬය. මැතිවරණයකදී ඉදිරිපත් වන්නේ දුක් විදින ජනතාවය.

:       0       3

deebi Sunday, 14 May 2017 09:39 AM

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති කිරීමට ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කීදෙනෙක් සිටිනවද? මම හිතන්නේ දුමින්ද දිසානායක මහතා පමණයි. එතුමාට පමණක් කැබිනට් ඇමතිකමක් දෙන්න. අනිත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික මන්ත්‍රීවරුන්ට උප ඇමතිකම් හා රාජ්‍ය ඇමතිකම් දෙන්න. සිද්ධාර්ථ කුමාරයත් බුදුවෙලා මුලින්ම බණ කියන්න බැලුවෙත් තමන්ට බුදුවන්නට උදව්කල අයටයි. එනිසා ඔබතුමාට ජනාධිපති වෙන්න ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ට ප්‍රමුඛත්වය දෙන්න..... ජනාධිපතිතුමනි...

:       50       21

janatha anura Sunday, 14 May 2017 02:46 PM

අගමැතිට කවදාවත් අගමැති වෙන්න බැරි විට මෛත්‍රිගේ පිහිටෙන්.... ඩයස් පෝරාව නිසා අගමැති වුණා. මේක නොදන්නේ පාරම්පරික දේශපාලනය කරන සිංහල මිනිසුන් පමණි. කොළ, නිල් පාට අයත් නැහැ.. ජනතාව අහන්නේ කෝටි සියගණන් වලින් සුඛෝපභෝගී වාහන ගේන්නේ කාගේ මුදලින්ද කියාය..සත්‍යය පෙරට ගැනීමට කාලය එළඹ ඇත. ඔබට ජය !!!

:       0       8

මහකන්දේ විජිතසිරි හිමි Sunday, 14 May 2017 09:42 AM

එළිවෙන ජාමෙට තමා නියම සෙල්ලම් තියෙන්නේ...ආණ්ඩුවේ අවසාන කාලේ යන්නේ. ඉල්ලපු වෙනස නිසා තව මහජනයා පටි තද කරගන්න සුදානම් වෙන්න.

:       184       180

sunil Sunday, 14 May 2017 09:54 AM

මොනවා කොහොම වුණත් අන්තිමට ජනතාව හැමදාම පැරදිලා ...

:       0       11

kuma Sunday, 14 May 2017 10:40 AM

ජනතාව ඉල්ලන්නේ රනිල් මහත්තයා වෙනුවට...සජිත් අගමැති කරන්නයි..

:       31       12

ruchiraSunday, 14 May 2017 02:37 PM

"කැහි ගෑනි දීලා හොටු ගෑනි ගන්නවා" වගේ වැඩක් කියලයි මට නම් හිතෙන්නේ...

:       0       18

sg Sunday, 14 May 2017 11:39 AM

මේ ආණ්ඩුවේ ආයුෂ ප්‍රමාණය තීරණය වන්නේ දෙපාර්ශවයම එකිනෙකාගේ අදහස් වලට ගරුකරමින් කටයුතු කළහොත් පමණි. නැතහොත් වැඩි දවසක් යාමට මත්තෙන් පාලන වෙනසක් සිදුවීමත් වැළැක්විය නොහැකි කරුණක් වේවි...

:       0       14

lalith Sunday, 14 May 2017 11:58 AM

හොඳට හිතල මතලා සැලසුම් කරලා කරපු දෙයක්.... ඇමැති මණ්ඩලයක්, පාර්ලිමේන්තුවක් නැතුව රට පාලනය කිරීමේ පෙරහුරුවක්වත්ද?

:       0       2

manoj Sunday, 14 May 2017 01:10 PM

දැන් එතකොට අලුතෙන් පත්වෙන කැබිනට් මණ්ඩලේට ආයේ අලුතෙන් වාහන ගේනවද?

:       0       17

Dasun Sunday, 14 May 2017 01:38 PM

ඕකටත් පුංචි ඡන්දෙට වෙච්ච දේම වේවිද? බාලගිරිය අද නෙවෙයි හෙට....

:       0       1

SL Sunday, 14 May 2017 02:55 PM

මොන බොරුද....!!! අගමැතිතුමා රට ගිහින් එනකම් කැබිනට් රැස්වීම් නැහැ. එ්ක පිටින් තම තමුන්ගේ බැරිබැරියාව වහගන්නද හදන්නේ.....

:       5       4

napoli Sunday, 14 May 2017 03:20 PM

අනේ ලංකාවේ ජනාධිපති තනතුරට ගිය කලක්...

:       6       2

AA Sunday, 14 May 2017 06:18 PM

වැඩ කරන්න. ඕව බොරු වැඩ.

:       0       0

de silva Sunday, 14 May 2017 06:36 PM

එකෙන්නෙකුට රටේම තිබෙන මගුල් ගෙවල් මල ගෙවල් වල යනවට වඩා වැඩක් නැහැ , අනිත් එක්කෙනා ඉන්නේ වැඩි හරියක් පිටරට , තව එකෙන්නෙක් මේ දෙන්නටම දෙස් තබමින් පන්සල් ගානේ යනවා එයට බලේ තිබෙනකොට නොතිබුන මොලේ පහලවෙලා තිබෙන්නේ දැන් , කැබිනට් මාරුවත් හරියට අර පුංචි චන්දය සහ පක්ෂේ විනය පරීක්ෂණය වගේ තව අවරුදු 2-3 ඉදිරියට අැදේවී , මට හිතෙන විදිහට කැබිනට් මාරුවට පෙර ආණ්ඩු මාරුවක් වෙන්න පුළුවන්

:       0       1

වින්සන්ට් Sunday, 14 May 2017 09:37 PM

"එළිවෙන ජාමෙට තමා නියමෙට සෙල්ලම් තියෙන්නේ." අපි නම් ඉස්සර වගේම දැනුත් සෙල්ලම් දකින්නෙමු. අපි ඉස්සර තද කරගත් පටි තවමත් තද කර ගනිමින් සිටින්නේ සාමාන්‍ය ජනතාව නිසාද යන්න නොදනිමු. සමහර අයට නම් කාලයෙන් කාලයට මාරුවෙන් මාරුවට මෙය වෙනස් වෙන බවක් අසන්නට දකින්නට ඇත.

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 490 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 108 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 261 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 303 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 379 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 674 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 413 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 915 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site