IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


‘කෑම ඔතන්න විකල්ප සොයන්න වෙයි‘

පරිසර දූෂණය අවම කිරීමේ පියවරක් ලෙස කෑම ඔතන කොළ (ලන්ච් ෂීට්) හා රිජිෆෝම් පෙට්ටි නිෂ්පාදනය, බෙදාහැරීම හා විකිණීම සම්පූර්ණයෙන් තහනම් කිරීම සඳහා නීති සකස් කර ඇති බවත් ඒ සඳහා ජනපති අනුමැතිය ලැබී ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරියේ දකුණු පළාත් අධ්‍යක්ෂක එච්. එස්. ප්‍රේමචන්ද්‍ර  මහතා පැවසීය.

ගාල්ල දිස්ත්‍රික් පරිසර කමිටුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති අවස්ථාවේදී ඒ බව කී ප්‍රේමචන්ද්‍ර මහතා ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇති බව කීවේය.

‘පරිසරට අහිතකර මෙවැනි නිෂ්පාදන භාවිතයට පහසු නිසා හැමෝම පාවිච්චි කරනවා. පරිසරයට වෙන බලපෑම ගැන හිතන්නේ නැහැ. අපි මෙවාට විකල්ප එනකල් සෑහෙන කාලයක් බලාගෙන හිටියා. ඒත් විකල්ප එන්නේ නැහැ. මේක නැති වුණොත් ව්‍යාපාරිකයෝ විකල්ප හොයා ගනීවි. ඉන්දියාවේ පාවිච්චි කරනවා ගස්වල කොළ වලින් නිෂ්පාදනය කරපු බඳුනක්. මේ බඳුන පරිසර හිතකාමී එකක්. සති දෙකෙන් දිරනවා. අපේ රටෙත් මේ වගේ පරිසර හිතකාමී දේවල් තියෙනවා. ඒත් ඒ ගැන හිතන්නේවත් නැහැ. පොලිතීන් වගේ අහිතකර ද්‍රව්‍ය දිගටම පාවිච්චි කරනවා‘ යැයි ද ඔහු කීවේය.

මයික්‍රොන 20ට වඩා ඝනකම අඩු පොලිතීන් තහනම් කර ඇති නිසා නිෂ්පාදනය කරන හා විකුණන ස්ථාන සොයා වැටලීම් සිදු කරන බවද ප්‍රේමචන්ද්‍ර මහතා සඳහන් කළේය.



අදහස් (0)

‘කෑම ඔතන්න විකල්ප සොයන්න වෙයි‘

රූපවති Tuesday, 04 October 2016 05:44 AM

ඇයි ලංකාවේ අයට පමණක් මේ ලේසී ..ඊසී ක්‍රම වලින් මිදෙන්න බැරි ? අපිත් පිටරටවල ජීවත්වෙනවා උදේට වැඩට යද්දී ..කෑම එක අරන් යනවා ..බ්රේක් ටයිම් එකට කන්න හැමදාම සෝදලා ..පාවිච්චි කරන්න පුළුවන් ලන්ච් බොක්ස් එකක් පාවිච්චි කරනවා ..? මේ රටවලත් පොලිතීන් පාවිච්චි කරනවා එත් කිසිවෙකු මග පාරේ කොළ කබල්ලක්වත් දමලා යන්නේ නැහැ තමන් පාවිච්චිකලදේ සෑන්ඩ්විච් එකක හෝ කොලය කුණු බක්කියට දැමීමේ පුරුත්ද ඇත? කුණු බක්කි පිරිලා උතුරලා දුගද හමනකම්..මෙරටවල තියන් ඉන්නේ නැහැ ?මහජනයාත් තමන් අසල කුණු බක්කියක් නැතිනම් ඒ කොළ කැබැල්ල හෝ කවරය තම බෑගයේ දමාගෙන ..කුණු බක්කියක් හමුවෙන තැනකට හෝ නිවෙසට රැගෙන යාම පුරුද්දකි ?ලංකාවෙත් මහජනයාට මේවා පුරුදු කරන්න බැරි රටේ නීති නැති නිසයි ..?බසයේ යද්දී දරුවන්ට කවන බිස්කට් එකේ කොලේ අම්ම විසිකරන්නේ බසයේ ජනේලෙන් එලියට? දරුවත් කරන්නේ මුළු ජීවිත කාලේම ඒක? දඩ ගහන්න දිගට හරහට රටත් පිරිසිදුවෙයි .? රජයටත් නොවලක්විය හැකි ආදායමකි ? කැහැලා බිම කෙළගහන ..බුලත්විට කාල බිත්තිවල ලයිට් කනුවල චිත්‍ර අදින ,බුලත්විට කාල ටවුමේ බිම කාණුවල කෙල ගහන ..ඕවා නවත්වන්න රටේ නීති තියෙන්න ඕනේ ..?මහමග මළ මුත්‍රා කරන ..හැමට දඩ ගසා රටේ පවිත්‍රතාවය රැකගන්න නගර සභාවට එම දඩ මුදල් යාවෙන විදියටත් ..ඒ වා නගරයේම සංවර්ධනයට යොදාගන්න වැඩ කරන්න ඕනේ රටේ ඔලු තියෙන මිනිසුන්මයි ..රටේ අස්සක් මුල්ලක් නෑර ...බිම් අගලේ පවා පස්ටික කපාගෙන ගිහින් විකුණාගන්න විතරක් කොන්ත්‍රාත් කාරයෝ ප්‍රාදේශීය මට්ටමේ වැහිවහැලා හිටියට මදි ?????(හේ)

:       0       0

කමනි Monday, 03 October 2016 08:30 AM

මේවායින් වන විනාසය ගැන උදේ හවස නන් දොඩවන ගුවන් විදුලි නාලිකා තුලින් හරි ජනතාව දැනුවත් කරන්න. මොකද මිනිස්සු දැන් අහන්නේ ඒවා නිසා.(හේ)

:       0       0

රජින්ද Monday, 03 October 2016 08:30 AM

වැඩේනම් හුගක් හොදයි ක්‍රියාත්මක වෙනවානම්..! මොකද නීති පනත් ඔක්කොම තියෙනවා.. ඒත් වැඩේ හරියට වෙන්නේ නැති රෝගයක්නේ ලංකාවේ තියෙන්නේ ඒකයි.(හේ)

:       0       0

දහම් Monday, 03 October 2016 08:35 AM

ඔයාම කියනවා විකල්පයක් එනකම් බලාගෙන හිටිය කියල. ඒ කියන්නේ විකල්ප හෙවීමේ වගකීම ඉටු නොකර ඔහොම බකන්නිලා ගෙන ඉඳලා දැන් ජනතාවට දොස් කියනවා.(හේ)

:       0       0

චාමර Wednesday, 05 October 2016 12:46 AM

ලාංකීය ජනතාවට නිර්මාණශීලි හැකියාවක් නැත්තේ ඇයි? තමා ජීවත්වෙන පරිසරයට අනුව නීතිරීති සකස්වෙලා නැතිකමද? ලෝකය කරන්න යන දේ කරන එකද? චිත්‍රපට වල වෙන දේවල් කරන්න යන එකද? අධ්‍යාපනයේ වරදක්ද? ලොකුකමද? ඉන්දියාවේ සහ බටහිර රූකඩයක්ද? (නි)

:       0       0

චාමර Wednesday, 05 October 2016 12:53 AM

යුරෝපයේ රටවල් විදේශයකින් අපද්‍රව්‍යය ආනයනයකොට එම අපද්‍රව්‍යය කළමනාකරණය කිරීම වෙනුවෙන් විදේශ රටවලින් මිලක් අයකරන අවස්ථා තියෙනවා. ලංකාවේ එවැනි මානසිකත්වයකට ඒමට තව කොච්චර කල්යයිද? ළඟ තියෙන දෑ ගැන පමණක් හිතා හෙට ගැන නොසිතන එකයි වෙලා තියෙන්නේ (නි)

:       0       0

චාමර Wednesday, 05 October 2016 01:03 AM

ජපානෙන් ගෙන්නන පරණ බඩුවලට මොකුත් කියන්න බැරි, ඒගොල්ලෝ ලංකාවේ පාරවල්, පාලම් හදාදීලයි ලංකාවට කුණු එවන්නේ. ලංකාවට වෙලා තියෙන්නේ ගනුදෙනු සඳහා රටක් ලෙස යම්කිසි ගුණාත්මක පදනමක් නැතිකමද? සිංහලයන් ඔවුනොවුන් අතර ආරවුල්, සිංහලයන් ද්‍රවිඩයන් අතර ආරවුල්, ඉතින් කොහෙද අපද්‍රව්‍ය කළමනාකරණය ගැන හිතන්නේ? (නි)

:       0       0

ජනිත Monday, 03 October 2016 04:06 PM

කෙසෙල්, කැන්ඳ, තේක්ක, නෙලුම් ආදී කොළ පාවිච්චි කළ හැකිනේ. (බ)

:       0       0

කුමිාර Monday, 03 October 2016 08:49 AM

පොලිතීන් නිෂ්පාදන කොහොමත් පරිසරයට අහිතකර නිෂ්පාදන ඛනිජ තෙල් අතුරු නිෂ්පාදන ලෙස මේ දේවල් පවතින්නේ මිනිස් ශරීරයට ඉතාම අහිතකර නිෂ්පාදන, සත්තු වුණත් මේවා කෑවාම මැරෙනවා. එ නිසා තහනම් කරන එක හොඳයි (ම)

:       0       0

බුද්ධික Monday, 03 October 2016 09:31 AM

කොහොම වුනත් පත්තර කොලවල එතුවොත් කිසිම කෑමක් කන්න එපා.(හේ)

:       0       0

ඉෂාන් සිද්ධික් Monday, 03 October 2016 09:49 AM

ඔව් ඔව් ඊට පස්සේ හබරල කොළවල ඔතල කාපල්ලා, ඒවා ඊටත් වඩා ගොඩාක් විසය.(බ)

:       0       0

සරත් Monday, 03 October 2016 11:17 AM

බොහොම හොඳයි.සියලුම ගංගා අවට පරිසර, මිනිසුන් බහුලව නැරඹීමට යන පාරිසරික පද්ධති සියල්ලම පාහේ විනාශවී ඇති ලොකුම හේතුව ප්ලස්ටික් බෝතල් සහ ,ලන් ශීට්.විකල්ප සෙවිය යුතුමයි.(හේ)

:       0       0

නිලු Monday, 03 October 2016 12:16 PM

කෙසෙල් කොළවල ඔතන්න පුළුවන්නේ. එතකොට නෙළුම් කොළ, කෑම පෙට්ටි පාවිච්චි කරන්නත් පුළුවන්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 220 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1101 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 2322 2

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1366 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1608 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1787 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39578 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25764 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site