මාතර කඹුරුපිටියේ එක්දරු පියෙක් පදිංචියට ඉඩමක් ඉල්ලා මාතර මානව හිමිකම් කොමිසමේ කාර්යාල භූමියේ අඹ ගසකට නැංගේය.
ජ්‍යෙෂ්ඨත්වම මත පත්වීම ස්ථිර කරන්නැයි කියමින් අනුරාධපුරයේ ගිලන් රථ රියදුරෙක් උතුරුමැද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයයේ වහළකට නැංගේය.
ඉඩම් කැබැල්ලක් දීමට ඇති හැකියාව සොයා බලන බව කී පසු මාතර කඹුරුපිටි වැසියා ගසෙන් බැස්සේය.
අනුරාධපුර ගිලන් රථ රියදුරා අද පස්වරු තුන වන තුරුත් වහළෙන් බැස්සේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකමැත්තෙන් වුණත් කියන්න තියෙන්නෙ ගස් උඩ වහලවල් උඩ නගින එක්කෙනෙක් දෙන්නෙක් හිරේ දාන්න ඕන කියලා. මේක දැන් පුරුද්දක් වෙලා.. (ස)
මෙයා ගස් නගින විදියට ඉදිරියේදි පාසල්වල ළමයිනුත් යම් යම් හේතු උඩ ගස් නගියිද දන්නෑ.විභාගෙ අසමත් වුණාම, සමත් කරන තුරු බහින්න බෑ කියයිද දන්නෑ. (ස)
ගුරුතුමී කියා දීපු පාඩම නරකම නැහැ.... (ස)
ඔය ක්‍රමේ නම් හොඳයි. ඇඟට ගුණයි සනීපයි , නැත්නම් ඉතින් පට පට ගාල කන්න වෙන්නේ ඇඩ්රස් නැති වෙන්නම නේද ! (ස)
අර පාන් ගේන්න යන ගමන් මල්ලත් අරන් ..!ලයිට් කණුවකට නැගපු මාමට මොකද වුනේ ...? (ස)
පිටබැද්දර ජයාගේ කටේම තියෙන්නේ පට පට ගාලා කන කතාවක්.ස්ථිරව කියන්න පුළුවන් මෙයා ඔය 88/89 කාලේ හිටි පරණ පැන්ෂන් ගිය "වීරයෙක්" කියලා (නි)
ගස් නැගල නම්, අපේ ආණ්ඩුව බය කරන්න බැහැ පුතේ. ඔයිට වැඩිය හොදයි කොටුවේ බෝ ගහ යට සත්‍යග්‍රහයක් කළා නම්. (නි)
මේ අහිංසක ගැමියා හැමෝටම පින්සෙන්ඩු වෙන්න ඇති, අල්ලස් දෙන්න මුදල් නැහැ, ලොකු ලොකු තැන් වලට යන්න තරම් ශක්තියක් නැහැ,නඩු හබ සදහා වත්කම් නැහැ. එහෙම අසරණයෙක් ඊට වඩා මොනවා කරන්නද.? දිවිනහගෙන අහිංසක දරුමල්ලෝ අනාත කරන්නයැ.ඒ නිසා, එවැනි අය දිහා අපි මීට වඩා සානුකම්පිතව බැලිය යුතුයි (නි)
මානවයන් වානර යුගයට ගමන් කරන අසිරිමත් සමයයි මේ ...! (නි)
ඉල්ලලා අඹ ගන්නද ඔයාව.(නදී)
මේවා මොන පිස්සු වැඩද? දැන් මේවා අහල බලල එපාවෙලා තියෙන්නේ.(නදී)
දැන් සියලුම රජයේ කාර්යාලවල වහලවල් ගස් ඔක්කොම කපලා දාන්න ඕනෑ. එතකොට ඔය නැගිලි බහිලි ඉවරයි (නි)
මේවා දැකල අර ගංගොඩවිලෙන් අල්ලපු වදුරා නිදහස් කරපු ගමන් ඉල්ලීම් ඉල්ලයිද ගහකට නැගලා.(නදී)
මේකෙන් පෙන්නේ අපේ දේශපාලුවොයි ලොකු කට්ටියයි ගස් කපන වේගය මදි කියන එකයි. ආණ්ඩුවේ කැලැවලට යන එක ටිකක් නවත්තල ඔය අඹ ගස් පොල් ගස් වගේ ඒවා ටික ඉවරයක් කරන්නකෝ. ඒ එක්කම ගොඩනැගිලිවල වහලවලුත් අර අයිස් වැටෙන රටවල වගේ හොඳටම බැවුම් කරලා හදන්න නැග ගන්න බැරිවෙන විදිහට. (නදී)
ඊයේ අපේ ගෙවල් ලග කෙනෙක් පොල් ගහට නැග්ගා පොල් කඩන්න (නි)
රතුපස්වල මිනිස්සු අවුරුද්දට හදපු රබන් පදයක් , කැමති නම් බන්දුලත් ගහලා බලන්න (නි)