IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කිඹුල් බිත්තර 36ක් පොලිසියේ

කළුතර හෙට්ටිමුල්ලේ ඇළක් අයිනේ තිබූ කිඹුල් බිත්තර 36ක් පොලිසියට භාර දුන් බව බේරුවල පොලිසිය කියයි.

ලෝකයේ දැකිය හැකි විශාලතම උරගයා ලෙස සැළකෙන කිඹුල් විශේෂ දෙකක් ශ්‍රී ලංකාවේ දක්නට ලැබේ. ඉන් තෙත් කලාපයේ සිටින කිඹුල් විශේෂය ගැට කිඹුලන් ලෙසත් වියළි කලාපයේ දක්නට ලැබෙන කිඹුල් විශේෂය හැල කිඹුලන් ලෙසත් හැඳින්වේ. කිඹුලන් ශ්‍රී ලංකාවට ආවේණික නොවූව ද ඔවුන් වනසත්ව හා තුරුලතා ආරක්ෂණ ආඥා පනත අනුව අධි ආරක්ෂිත සත්ත්වයෙක් ලෙස නම්කැර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතීඥ ජගත් ගුණවර්ධන මහතා මෙසේ කීවේය.

'' කිඹුලා අධි ආරක්ෂිත සත්ත්වයෙක් . ඒ නිසා අල්ලා ළඟ තබා ගැනීම, මරා දැමීම, මස් සඳහා විකිණීම හෝ මස් ළඟ තබා ගැනීම, ඔවුන්ගේ වාසස්ථාන විනාශ කිරීම, බිත්තර කූඩුවළින් ඉවත්කිරීම, බිත්තර ළඟ තබා ගැනීම යන සියළු කාරණා නීතිය හමුවේ වරදක් . මේ බව වන සත්ත්ව හා තුරුලතා ආරක්ෂණ ආඥා පනතේ 30 වැනි වගන්තියේ දෙවැනි උප වගන්තියේ පැහැදිලිව දක්වා තිබෙනාව. ඒ නිසා කිඹුල් බිත්තර ස්වභාවික පරිසරයෙන් ඉවත්කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් . "



අදහස් (0)

කිඹුල් බිත්තර 36ක් පොලිසියේ

අමිල කටුනායක Sunday, 11 August 2013 11:40 AM

පොලිසිය ස්වභාවික ස්ථානයක්ද (දී)

:       0       0

චින්තක Sunday, 11 August 2013 12:55 PM

කිඹුල්ලු 36 x 36 බෝවෙලා බෝවෙලා මිනිස්සුන්ව ඇදගෙන ගිහිල්ල ගිලිනකොටත් ආරක්ෂිත කිඹුලද මිනිහද ? ඉස්සර නම් මිනිස්සු උන්ව මරණ නිසා බෝවිම පාලනය උනා. දැන් නීති නිසා බයේ මරන්නේ නැහැ බෝවෙනවා වැඩියි.(නදී)

:       0       0

පිටිගල Sunday, 11 August 2013 12:59 PM

මේ කිඹුලෙක් ගෙදරට ඇවිත් බිත්තර දාල ගිහින් වෙන්න බැරිද? මේවා දේශපාලකයෙක් ගේ ගෙදරක තිබිලා අහු උනා නම් වෙන්නේ එහෙම නෙවෙයිද?(නදී)

:       0       0

විජේ Sunday, 11 August 2013 06:49 PM

කිඹුලි ඔය ගෙදරට බිත්තර ටික බාරදීලා ගියා වෙන්න බැරිද ? අනේ ලොක්කෙක් ලග තිබුනා නම් වෙන්නේ ඔය ටික නේද ? (නි)

:       0       0

එරංග Sunday, 11 August 2013 06:58 PM

පිටිගල ඔයාගේ කතාව සහතික ඇත්ත.දේශපාලකයෙක්ගේ ගෙදර නම් තාප්ප තිබුනත්,රිංගන්න තැනක් නොතිබුනත් කියයි කිඹුලි තමයි කොහොම හරි ඇවිත් දැම්මේ කියලා.ඇසින් දුටු ශාක්ෂි දෙන්නත් කට්ටිය ඉදිවි. (නි)

:       0       0

උපාලි Sunday, 11 August 2013 01:18 PM

අයිතිකාර කිඹුලිව හොයල බාරදෙන්න වෙයි නේද? කීප දෙනෙක් ඉල්ලුම් කලොත් ජාන පරීක්ෂණයක් කරන්නත් වෙයි. (නදී)

:       0       0

කුරුප්පු Sunday, 11 August 2013 01:47 PM

කිඹුල් කඳුලුත් ආරක්ෂිතද ?(නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 11 August 2013 02:15 PM

වැලිවේරියේ දරුවෝ පට පට ගාල මරපු රටේ , කිඹුල් බිත්තර ටික දාමුද මෝය කටේ , අල්ලලා දාන්න රාලහාමි .(නදී)

:       0       0

කුමාර Monday, 12 August 2013 11:17 AM

කිඹුලා සදා ආරක්‍ෂිත උරග වර්ගයේ සත්වයෙක් බව 1972 දී අපට පන්තියේ ගුරුතුමිය උගන්වා ඇත. කිඹුලා මිනිසුන් ව මරන්නේ, මිනිසුන් උන් ඉන්න ජල පරිසර වල ට සත්ව කොටස්, අවමංගල කටයුතු කරන තැන් වලින් ඉවත් කරන අපද්‍රව්‍ය දමන නිසා කිඹුලන් ඒ දේ කන්න පුරුදු වූ නිසාය. මේ තත්වය නිල්වලා ගඟට ද සිද්ද්වී ඇත. (ස)

:       0       0

ප්‍රිය Sunday, 11 August 2013 03:00 PM

අනේ මෙහෙමත් ලංකාවක්! පව් කාරයෙක්ම තමා ලංකාවේ උපදින්නේ (නි)

:       0       0

පිටිගල Sunday, 11 August 2013 10:47 PM

කැලණියේ දිප්පිටිගොඩ කියන ගමේ තියෙන කැලේ වැවුන වෙලක ගංවතුරට ආපු කිඹුල්ලු දෙන්නෙක් ඉඳලා එකෙක් ගේකටත් ආවලු. ඒ මිනිස්සු දන්නා හැමතැනටම කිව්වලු. ඒ තැන්වලින් කියන්නේ කිඹුලා ආරක්ෂිත සතෙක් කියල විතරලු. එහෙම කිව්වට කව්රුවත් අර සත්තු අල්ලලා නැහැ. මම දන්නා විදිහට උන් තාම එහෙ ඇති. ටී වී.එකේ චැනල් එකක පෙන්නුවත් එක්ක. මිනිස්සු ඉන්නේ පන බයේ, කිඹුල්ලු ඒ පළාතේ බල්ලන්ව අල්ලන් කාලාලු. ගමේ මිනිස්සු කියන්නේ ළමයෙක් අල්ලන් කනකල් ලු ඔය වගකිවයුත්තෝ බලා ඉන්නේ. මගේ පුද්ගලික මතය නම් ගම්මු එකතු වෙලා මරල හරි පණපිටින් හරි අල්ලන්න. බලධාරීන්ට ඉගෙන ගන්නත් එක්ක.(නදී)

:       0       0

ක්‍රිෂාන් Sunday, 11 August 2013 03:38 PM

අද ඔය කියන ස්ථානයේ අතු ගංගාවට බහින්න තියා හිතන්නවත් බෑ. ඉස්සර අපි ඔය අතු ගංගාවට බැහැල අපේ පොලුත් කඩාගෙන ආවා. අද අපේ පොල් තියා නිකන්වත් වතුරට බහින්න බෑ. අද කිඹුලන්ගෙන් මිනිස්සුන්ට සැහෙන තර්ජනයක් තියෙනවා ඔතන. අපි කීපවරක්ම පොලිසියට ඔය ගැන පැමිණිලි කරත් වැඩක් වුණේ නෑ. ඒත් බිත්තර අල්ලන්න නම් ඇවිල්ලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 5236 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 3531 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 4319 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3614 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 837 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1571 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36236 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24148 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 520 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 225 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site