කළුතර හෙට්ටිමුල්ලේ ඇළක් අයිනේ තිබූ කිඹුල් බිත්තර 36ක් පොලිසියට භාර දුන් බව බේරුවල පොලිසිය කියයි.
ලෝකයේ දැකිය හැකි විශාලතම උරගයා ලෙස සැළකෙන කිඹුල් විශේෂ දෙකක් ශ්‍රී ලංකාවේ දක්නට ලැබේ. ඉන් තෙත් කලාපයේ සිටින කිඹුල් විශේෂය ගැට කිඹුලන් ලෙසත් වියළි කලාපයේ දක්නට ලැබෙන කිඹුල් විශේෂය හැල කිඹුලන් ලෙසත් හැඳින්වේ. කිඹුලන් ශ්‍රී ලංකාවට ආවේණික නොවූව ද ඔවුන් වනසත්ව හා තුරුලතා ආරක්ෂණ ආඥා පනත අනුව අධි ආරක්ෂිත සත්ත්වයෙක් ලෙස නම්කැර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතීඥ ජගත් ගුණවර්ධන මහතා මෙසේ කීවේය.
'' කිඹුලා අධි ආරක්ෂිත සත්ත්වයෙක් . ඒ නිසා අල්ලා ළඟ තබා ගැනීම, මරා දැමීම, මස් සඳහා විකිණීම හෝ මස් ළඟ තබා ගැනීම, ඔවුන්ගේ වාසස්ථාන විනාශ කිරීම, බිත්තර කූඩුවළින් ඉවත්කිරීම, බිත්තර ළඟ තබා ගැනීම යන සියළු කාරණා නීතිය හමුවේ වරදක් . මේ බව වන සත්ත්ව හා තුරුලතා ආරක්ෂණ ආඥා පනතේ 30 වැනි වගන්තියේ දෙවැනි උප වගන්තියේ පැහැදිලිව දක්වා තිබෙනාව. ඒ නිසා කිඹුල් බිත්තර ස්වභාවික පරිසරයෙන් ඉවත්කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් . "

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය ස්වභාවික ස්ථානයක්ද (දී)
කිඹුල්ලු 36 x 36 බෝවෙලා බෝවෙලා මිනිස්සුන්ව ඇදගෙන ගිහිල්ල ගිලිනකොටත් ආරක්ෂිත කිඹුලද මිනිහද ? ඉස්සර නම් මිනිස්සු උන්ව මරණ නිසා බෝවිම පාලනය උනා. දැන් නීති නිසා බයේ මරන්නේ නැහැ බෝවෙනවා වැඩියි.(නදී)
මේ කිඹුලෙක් ගෙදරට ඇවිත් බිත්තර දාල ගිහින් වෙන්න බැරිද? මේවා දේශපාලකයෙක් ගේ ගෙදරක තිබිලා අහු උනා නම් වෙන්නේ එහෙම නෙවෙයිද?(නදී)
අයිතිකාර කිඹුලිව හොයල බාරදෙන්න වෙයි නේද? කීප දෙනෙක් ඉල්ලුම් කලොත් ජාන පරීක්ෂණයක් කරන්නත් වෙයි. (නදී)
කිඹුල් කඳුලුත් ආරක්ෂිතද ?(නදී)
වැලිවේරියේ දරුවෝ පට පට ගාල මරපු රටේ , කිඹුල් බිත්තර ටික දාමුද මෝය කටේ , අල්ලලා දාන්න රාලහාමි .(නදී)
අනේ මෙහෙමත් ලංකාවක්! පව් කාරයෙක්ම තමා ලංකාවේ උපදින්නේ (නි)
අද ඔය කියන ස්ථානයේ අතු ගංගාවට බහින්න තියා හිතන්නවත් බෑ. ඉස්සර අපි ඔය අතු ගංගාවට බැහැල අපේ පොලුත් කඩාගෙන ආවා. අද අපේ පොල් තියා නිකන්වත් වතුරට බහින්න බෑ. අද කිඹුලන්ගෙන් මිනිස්සුන්ට සැහෙන තර්ජනයක් තියෙනවා ඔතන. අපි කීපවරක්ම පොලිසියට ඔය ගැන පැමිණිලි කරත් වැඩක් වුණේ නෑ. ඒත් බිත්තර අල්ලන්න නම් ඇවිල්ලා.(නදී)
කිඹුලි ඔය ගෙදරට බිත්තර ටික බාරදීලා ගියා වෙන්න බැරිද ? අනේ ලොක්කෙක් ලග තිබුනා නම් වෙන්නේ ඔය ටික නේද ? (නි)
පිටිගල ඔයාගේ කතාව සහතික ඇත්ත.දේශපාලකයෙක්ගේ ගෙදර නම් තාප්ප තිබුනත්,රිංගන්න තැනක් නොතිබුනත් කියයි කිඹුලි තමයි කොහොම හරි ඇවිත් දැම්මේ කියලා.ඇසින් දුටු ශාක්ෂි දෙන්නත් කට්ටිය ඉදිවි. (නි)
කැලණියේ දිප්පිටිගොඩ කියන ගමේ තියෙන කැලේ වැවුන වෙලක ගංවතුරට ආපු කිඹුල්ලු දෙන්නෙක් ඉඳලා එකෙක් ගේකටත් ආවලු. ඒ මිනිස්සු දන්නා හැමතැනටම කිව්වලු. ඒ තැන්වලින් කියන්නේ කිඹුලා ආරක්ෂිත සතෙක් කියල විතරලු. එහෙම කිව්වට කව්රුවත් අර සත්තු අල්ලලා නැහැ. මම දන්නා විදිහට උන් තාම එහෙ ඇති. ටී වී.එකේ චැනල් එකක පෙන්නුවත් එක්ක. මිනිස්සු ඉන්නේ පන බයේ, කිඹුල්ලු ඒ පළාතේ බල්ලන්ව අල්ලන් කාලාලු. ගමේ මිනිස්සු කියන්නේ ළමයෙක් අල්ලන් කනකල් ලු ඔය වගකිවයුත්තෝ බලා ඉන්නේ. මගේ පුද්ගලික මතය නම් ගම්මු එකතු වෙලා මරල හරි පණපිටින් හරි අල්ලන්න. බලධාරීන්ට ඉගෙන ගන්නත් එක්ක.(නදී)
කිඹුලා සදා ආරක්‍ෂිත උරග වර්ගයේ සත්වයෙක් බව 1972 දී අපට පන්තියේ ගුරුතුමිය උගන්වා ඇත. කිඹුලා මිනිසුන් ව මරන්නේ, මිනිසුන් උන් ඉන්න ජල පරිසර වල ට සත්ව කොටස්, අවමංගල කටයුතු කරන තැන් වලින් ඉවත් කරන අපද්‍රව්‍ය දමන නිසා කිඹුලන් ඒ දේ කන්න පුරුදු වූ නිසාය. මේ තත්වය නිල්වලා ගඟට ද සිද්ද්වී ඇත. (ස)