ශ්‍රී ලංකාවට ආනායනය කරන කිරිපිටි සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ආහාර උපදේශක කමිටුව තීරණය කර ඇතැයි ද, කිරිපිටවල ඩීසීඩී රසායනය හා වේ ප්‍රෝටීන් අධි සාන්ද්‍රණය ඇත්දැයි යළි පරීක්ෂණ ඇරැඹූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් දොස්තර පාලිත මහීපාල කියයි.
එම පරීක්ෂණවාර්තා ලැබෙන තුරු කිරිපිට සම්බන්ධ ප්‍රචාරක දැන්වීම් පළ නොකරන ලෙස ඔහු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලින් ඉල්ලයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වීම් දාල නිකන් අහිංසක මිනිස්සු රවට්ටන්න එපා. රටින් එන හැම පිටි එකකම බදු තියෙනවා. අනික ඔස්ට්‍රේලියාව, නවසීලන්තය අහක දමන දේවල් ගෝනිවල දමල එවන හැටි දැක්කනම් කව්රුත් පිටි කිරි බොන්නේ නැහැ (දී)
ලංකාවේ ටෙලිවිෂන් බලන යට නිදහසේ දැන් බලන්න පුළුවන් වේවි.ඉතාම අප්‍රසන්න හා නීරස වෙළඳ දැන්වීම් සමූහය.මේ නිසාම මම එම නිෂ්පාදන මිලට ගැනීම නැවත දැමුවා ලංකාවේ ඉන්න කාලේ.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට ඇයි අධිකරණ මාර්ගයෙන් වාරණ නියෝගයක් ගන්න බැරි? සමාගමෙන් ආයාචනය කරන්න ඕනද? මේක මුළු මහත් ජනතාවගේම ප්‍රශ්නයක්.රටේ නීතිය යටයි බහුජාතික සමාගම්වල සල්ලි වලට. (අ)
ඇයි අර සුද්දෙක් කිරි විදුරු බලලා කිසිම වරදක් නැහැ කියන වෙළද දැන්වීමත් දැකලා ඇති නේද? (නි)
ඔය වගේම අර මිනිස්සුන් නොමග යවන දේසපාලන ඡන්ද දැන්වීම් ටිකත් නැවැත්තුවා නම් හොඳයි. (නි)
ජලය ගැන පරික්ෂණයක් කරන්නේ නැතුව කොහොමද ඕවා ගැන පරික්ෂණයක් කරන්නෙ. (නි)
මැද පෙරදිග කලාපයෙන් මෙම කිරි පිටි වර්ග සියල්ලම ඉවත් කරමින් පවතිනවා. ආසියාවේ තවම එම ක්‍රියාව ආරම්භ කර නැහැ.ලංකාවේ සියලුම දෙනා දේශීය නිෂ්පාදන සඳහා යොමුවීම හිතකරයි (නි)
වේලාවෙන් වෙලාවට එක එක කතා කියනවා. නිසි බලදාරින් කිසිදු පියවරක් ගන්න බව පෙනෙන්නේ නැහැ. කිරි බිව්වේ නැහැ කියො මුකුත් වෙන්නේ නැහැ. ඕක බහු ජාතික සමාගම් විසින් මාධ්‍ය පාවිච්චි කරලා විශාල ලෙස වෙළද දැන්වීම් දාලා මිනිස්සුන්න්ගේ ඔලු වලට දාපු බොරු සම්මතයක්. ඒක නිසා නොබී ඉන්න එක කෝකටත් හොදයි. එයාලා ඕනෑ එකක් කියා ගත්තාවේ (නි)
කමක් නැහැ තව ටික දවසනෙ (දී)
ගමේ කිරි වෙළෙන්දාගෙන් නැවුම් කිරි ටිකක් අරගෙන චොකලට් කුඩු ටිකක් දාලා පොඩිඋන්ට දෙන්නකෝ. (ස)
කිරි පිටි විතරක් නොවෙයි රුපවාහිනී නාලිකාවල පෙන්වන මිනිසුන්ට ලෙඩ හදවන හැම දැන්වීම් ඉවත් කරන්න. මුදලට තණ්හාවේ ජීවිත විනාස කරන්න එපා. (ස)
පත්මිණි ඔබගේ අදහස ඉතාම අගෙයි. (ස)