IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


කිරිඇල්ලගෙන් අයි.එම්.එෆ් එකට ලොකු චෝදනාවක්

(සුජිත් හේවාජුලිගේ )

රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමට ජනවරමක් නැති ආණ්ඩුවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උදව් කිරීම වැරදි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

එවැනි ආණ්ඩුවකට උදව් කිරීමෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූලික වශයෙන් වැරැද්දක් කළ බවද ඔහු පෙන්වා දුන්නේය.

උදව් කරන්නේ රාජ්‍ය ආයතන  ප්‍රතිසංස්කරණය කිරීමේ  හැකියාව සහිත  ජනවරමක් සහිත ආණ්ඩුවකට බව  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශ කළ බව පැවසූ මන්ත්‍රීවරයා ඒ  අනුව ආණ්ඩුව මැතිවරණයක් පවත්වා   නව ජනවරමක් ලබා ගැනීමට කටයුතු කරාවි යැයි  රටම බලාපොරොත්තු වූ බවද   සඳහන් කළේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය  ඉඩම් අක්කර ලක්ෂ පහක් සමාගම්වලට දුන්නේ ජනවරමක් ලබා ගැනීමෙන් පසුව බවත්  ඒ කටයුත්ත කිරීමට ඇයට  පැහැදිලි නිත්‍යානුකූල ජනවරමක් තිබූ බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

වර්තමාන ආණ්ඩුව ජනවරමක් නොමැතිව රාජ්‍ය ආයතන විකිණීමෙන් සේවකයන් අතර නොසන්සුන්තා ඇතිවී රට ලේ විලක් බවට පත්විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.



අදහස් (14)

කිරිඇල්ලගෙන් අයි.එම්.එෆ් එකට ලොකු චෝදනාවක්

wedage Saturday, 01 April 2023 10:21 AM

මොකෝ ඔයාට කොමිස් ලැබුණේ නැද්ද?

:       4       13

Surain Saturday, 01 April 2023 10:23 AM

ජනතාවට හරි කාලය පැමිණ ඇත. ජේ.වී.පී එකත් ඩීල් දාලා වගෙයි බොරුවට කෑ ගහලා දැන් නිහඬයි.

:       3       12

යෝගා Saturday, 01 April 2023 10:34 AM

හිතන් ඉන්නේ ඡන්දයක් තිබ්බොත් ඔයාලා දිනයි කියලද..? කමක් නෑ හීන දකින්න කාටත් අයිතියක් තියෙනවා.

:       4       12

Chris Saturday, 01 April 2023 10:41 AM

ඉදිරි ගමන දුෂ්කර වුවද 17 වැනි ගිවිසුම යටතේ ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ අවසානයේ ශ්‍රී ලංකාවට සංවර්ධනය සම්බන්ධයෙන් නව මාවතක් විවර වී තිබේ.

:       3       10

de silva berlin Saturday, 01 April 2023 10:48 AM

ජනවරමක් ඇති හෝ නැතිව පාඩු ලබන ආයතන ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීමක් කර පෞද්ගලික අංශයට දීම මේ අවස්ථාවේ වහාම කළ යුතු දෙයක්. මේ පඩුවට තවදුරටත් කරගන්න බදු ගෙවන ජනතාවට ශක්තියක් නැහැ. නමුත් රනිල් පළාත් පාලන ඡන්දේ කල් දමා ප්‍රජාතන්තවාදය අකුලා දමන එක අනුමත කරන්න බැහැ. ඡන්ද කලට වේලාවට පැවැත්විය යුතුය.

:       4       11

Dasun Saturday, 01 April 2023 11:07 AM

Apart from making statements time to time what have you done to the nation. Big talker

:       4       13

Wasudeva Saturday, 01 April 2023 11:11 AM

ජනවරමක් නැති ආණ්ඩුවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උදව් කිරීම වැරදි බව සහතික ඇත්ත.මොකද ගමේ පොලී මුදලාලි පවා පොලියට සලලි ඉල්ලන්න එන කෙනෙකුට සල්ලි දෙන්නෙ මූ හොරෙක්ද තක්කඩියෙක්ද කියල හොදට හොයල බලල.ඉතින් මේ රට බන්කොලෝත් කරපු හොරු ඔක්කොම මේ ආණ්ඩුවෙ ඉන්නෙ.

:       12       6

City Saturday, 01 April 2023 12:40 PM

This fellow is absolutely crazy, please send him to Angoda.

:       3       13

Rasi Saturday, 01 April 2023 12:59 PM

ඕන ගොනෙකුට ඕන එකක් කියන්න පුළුවන්.

:       3       16

Deepal Nirosh Saturday, 01 April 2023 02:14 PM

ආණ්ඩුවට දේශීයව ජන වරමක් නැති බව ඇත්ත, ඒත් ඊට වඩා ලොකු ගෝලිය ජනවරමක් මේ ආණ්ඩුවට තියනවා කියලවත් තේරෙන්නෙ නැතුව ද දේශපාලනය කරන්නෙ. ඉතින් ඒ සුවිසල් ජන වරමින් මොනවද කොරන්න බැරි? දැන් ඔන්න අරලග මෙනෙහි කරන්න මිරිහානට ගිය අත්අඩංගුවට අරන්, වර්ජන තර්ජන නායකයින්ගෙත් වැඩ තහනම්. කොහෙන් ද අද එදා වගේ හා හූවක්? මේකට තමා දූපත් මානසිකත්වය කියල එදා රාජිත ඇමතිතුමා කීවෙ.

:       4       9

Srilak Panditha Saturday, 01 April 2023 02:19 PM

Really a disgusting statement

:       4       10

Chris Saturday, 01 April 2023 09:05 PM

ඔබට තවත් විකල්පයක් තිබේද?

:       1       0

PODDA Sunday, 02 April 2023 09:10 AM

ජනවරමක් නෑ කියන්නේ කොහොමද? 2020 මහමැතිවරණයේදී පොහොට්ටුව 2/3 බලය ගත්තානේ... කොටසක් කැඩිලා ගියාට ආණ්ඩුවේ බහුතරය තියෙනවා. වැඩි ඡන්දයෙන් පනත් සම්මත වෙන්නේ කොහොමද? මේ වගේ කුහකයින් තමයි රට හදන්න බලය ඉල්ලන්නේ...

:       2       1

fairoos Sunday, 02 April 2023 04:55 PM

මේ කාලකන්නි තොලොංචි වෙලාම යන්න ඕනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මාස හතරට සංචාරකයන් ලක්ෂ අටක් පනී
2025 අප්‍රේල් මස 18 67 0

පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්


ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 311 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප


“සිරි දළදා වන්දනාව” ගැන ව්‍යාජ ආරාධනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 18 216 0

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.


සිරි දළදා වන්දනාවට රටවල් 17ක රාජ්‍යතාන්ත්‍රිකයෝ මහනුවරට
2025 අප්‍රේල් මස 18 592 0

සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක


දළදා වන්දනාව lankadeepa.lk වෙබ් අඩවියෙන් සජීවීව
2025 අප්‍රේල් මස 18 580 0

සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.


පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට නොවේ
2025 අප්‍රේල් මස 18 1371 9

පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 381 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1128 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site