ශ්රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වාර්ෂික ගිවිසුමට අත්සන් තැබීම මගහැර ඇතැයි කියන සිද්ධියක් හේතුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක්රීඩාව මේ වන විට දැඩි අර්බුදකාරි තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ. ක‍්‍රීඩකයන්ට අද (03) පෙරවරු 9.00 ට පෙර වාර්ෂික ගිවිසුමට අත්සන් කරන ලෙස දැනුම්දී තිබුණ ද ඔවුන් අද දහවල් වන විටත් අත්සන් කර නොතිබුණු බව වාර්තා වේ.
වාර්ෂික ගිවිසුමට අත්සන් නොකරන ක‍්‍රීඩකයන්ට ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව නොලැබෙන බව ක‍්‍රීඩා අමාත්‍යවරයා ප‍්‍රකාශකර ඇති බව ද වැඩි දුරටත් වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලට ලැබෙන්න තියන්නේ එයලේගේ දේ. එයාලගේ වටිනාකම තියෙන්නේ එයාලගේ හැකියාව නිසා. නැත්නම් ඇමතිවත්, මණඩලය හින්දයවත් නොවේ. අනික එයාලට ලැබුණ ඒ හැකියාව කියන දක්ෂකමට අපි රුපියල් සත වලින් මිලක් දෙන්නේ කොහොමද ? අනික ක්‍රීඩකයෙක්ට සදා කල් ක්‍රීඩා කරන්න බැහැ. (නි)
මමත් රෝහිත මහත්මයාගේ කතාවට එකඟයි (අ)
අපිට ක්‍රිකට් එපා. (නි)
ක්‍රිකටුත් දේශපාලනීකරණය වෙලා (නි)
පසුගිය කාලයේ අපි ක්‍රීඩා කළේ හරියට පොඩි ළමයි වගේ (නි)
අයියෝ සල්ලි (දී)
ලක්ෂ 20 මදි වෙලාද (දී)
ක්‍රීඩකයන්ගේ ඉල්ලීම් අති සාධාරණයි. ක්‍රීඩකයන් නිසා රටට ලැබෙන මුදල් ක්‍රීඩකයන්ට දෙන්න. නිලධාරීන්ට ඒවා ගසාකන්න දෙන්න එපා. සංගක්කාර වගේ උගතෙක් වැරදි තීරණයක් ගන්නේ නැහැ . (නි)
ක්රිකට් කියන්නේ මහත්තුරුන්ගේ ක්‍රීඩාවක් (දී)
පඩි මදි කියනවාද (දී)
මාලින්ග ගැන අපිට පොඩි කනගාතුවක් තියෙනවා (දී)
ක්‍රීඩකයන්ගේ ඉල්ලීම් සාධාරණයි. (නි)
පුදුම වැඩක්නේ. එතකොට මෙයාලා සෙල්ලම් කරන්නේ රට වෙනුවෙන්ද? සල්ලි වෙනුවෙන්ද? (නි)
'අපේ ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩකයන් 8 දෙනෙකුට මාසයකට රුපියල් ලක්‍ෂ 40ක් බැගින් ගෙවීම් කරනවා. ඒ කියන්නේ වසරකට රුපියල් ලක්‍ෂ 480යි. මේ මට්‌ටමේ අවම ආදායම ලබන ක්‍රීඩකයා වෙනුවෙනුත් වාර්ෂිකව රුපියල් ලක්ෂ 240ක මුදලක් හිමිවෙනවා. මේ තරම් දීමනාවක් ලැබෙද්දීත් ඇයි මේ අය තවත් සියයට දහයක් ඉල්ලන එක සාධාරණද? (නදී)
කතාව මේකනේ. සෙල්ලම් කරලා දුක්විදින්නේ, අත පය කඩාගන්නේ ක්‍රීඩකයොයි. අනිත් අය ක්‍රීඩකයන්ගේ කරේ නැගලා හම්බ කරනවා. උන් මේක ජාවාරමක් කරගෙන කනවා. (නදී)
සල්ලි, සල්ලි ලොකු අය විතරක් කාලා හරියන්නේ නැහැ. ක්‍රීඩකයන්ටත් දෙන්න. ප්‍රශ්නේ ඒකයි.(නදී)
එහෙනම් දැන් තියෙන්නේ අනෙක් කට්ටිය ඕකට අත්සන් කරලා ක්‍රිකට් ගහන්නයි. (නි)
ක්රීඩකයන්ට අනවශ්‍ය බලපෑම් කරන්න එපා. (නි)
තම පුද්ගලික මතිමතාන්තර, අරමුණු ශාක්ෂාත් කර ගැනීමට සිතනවාට වචා රටක් වශයෙන් එකා මෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බවට ගත හැකි ශාක්ෂි අපේ රටේ ඉතිහාසයේ සිට අප්‍රමාණව ඇත. එනිසා ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් වැඩිම ප්‍රමාණයක් නොකා නොබී එක්සිත්ව එක්සත්ව නරඹන සහ ධෛර්ය දෙන ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් ක්රීඩාව මේ තරම් පහත් තත්වයකට ඇද දැමීම මහා අවාසනාවකි. කෙසේ වුවත් අපේ රට අද ලෝකයේ සෑම අතකින්ම කථා බහට ලක්ව ඇති රටක් නිසාත් මේ මව්බිමේ ආරක්ෂාව මෙන්ම සංවර්ධනය පිළිබඳ බලාපොරොත්තු සුන්වන ආකාරායේ කටයුතු කරන්නන් එම තනතුරුවලින් පමනක් නොව මේ රටින්ම පිටවහල් කල යුතු බව මාගේ හැඟීමයි. (නි)
නියමයි! මහන්සිවෙලා ක්‍රීඩාකරන ක්‍රීඩකයින්ට දෙන සල්ලි අඩුකළහම හරිද? (නි)
ක්රීඩාව කියන්නේ හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. (නි)
ඒ අය අත්සන් නොකළොත් අපි වෙන විදහක බලමු. දැන් මේ හොදටම ඇති. (නි)
කමක් නැහැ. එයාලට කොහොමත් සල්ලි ලැබෙනවනේ. (නි)