IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කරච්චි ගුවන් තොටට ත්‍රස්ත ප්‍රහාරයක්

පාකිස්තානයේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන කරච්චියේ ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට කඩා වැදී පහර දුන් ත‍්‍රස්තවාදීන් 10 දෙනා, පැය 12ක වෙඩි හුවමාරුවකින් පසු මරා දැමීමට එරට ගුවන් හමුදා විශේෂ කාර්ය බළකා සෙබළු සමත් වූහ.

දෙපිරිස අතර ගැටුමේදී ගුවන්තොටේ සිටි 14දෙනෙක්ද මිය ගිය බව ස්ථිර නොවු ආරංචි කියයි.

ත‍්‍රස්තවාදීන් ඉරිදා (08) රාති‍්‍රයේ ගුවන් තොටුපොළට කඩා වැදී ඇත්තේ ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් ලෙස වෙස්වලාගෙනය. ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ගේ නිල ඇඳුමින් පැමිණි හෙයින් කිසිවකුටවත් ඔවුන් ගැන සැකයක් ඇති නොවු බවත්

ත‍්‍රස්තවාදීන් උත්සහ කර ඇත්තේ ගුවන්තොටුපොළට සහ ගුවන් යානාවලට පහර දීමට බවත් කියති.

 ප‍්‍රහාරයෙන් ගුවන්තොටුපොළේ ගුවන් යානාවලට කිසිදු හානියක් සිදු නොවුණු බවද ගුවන් හමුදාව කියයි.

තුවාල ලබා රෝහල් ගත කළ ගණන 52 කි. මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි යැයි පාකිස්තාන රජය කියා සිටී.

ප‍්‍රහාරයේ වගකීම තලෙයිබාන් ත්‍රස්ත සංවිධානය විසින් බාරගෙන ඇත.

මෙම ප‍්‍රහාරය එල්ල වූයේ පාකිස්තාන තලේබාන් සංවිධානය සහ පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ගේ රජය සාම සාකච්ඡා ආරම්භ කිරීමට සූදානමින් සිටින අවස්ථාවකදීය.

කරච්චියේදීය (රොයිටර්)



අදහස් (0)

කරච්චි ගුවන් තොටට ත්‍රස්ත ප්‍රහාරයක්

ටාසන් Monday, 09 June 2014 01:20 PM

ලෝකෙන්ම තුරන් කරන්න ඕනේ මේ ත්‍රස්තවාදය (දී)

:       0       0

නන්දසිරි Monday, 09 June 2014 01:27 PM

මේවායින් දුක් විඳින්නේ සාමාන්‍ය අහිංසක ජනතාව (නි)

:       0       0

සෙනරත් Monday, 09 June 2014 01:32 PM

අන්න සිවිල් වැසියන් 14 දෙනෙක් ම මිය ගිහින්ලු . 52 ක් තුවාල වෙලාලු. පිල්ලේ මහත්මිය පෙරට පැමිණිය යුතු වෙලාවක්.. (දී)

:       0       0

නිමන්ත Monday, 09 June 2014 01:45 PM

විපතට පත් අයට දෙවියන්ගේ පිහිටයි (දී)

:       0       0

ෆාරුක් Monday, 09 June 2014 01:52 PM

මොනතරම් විනාශයක්ද මේ ලංකාවේ නම් මේ යුද්ධය නැහැ අපේ රණ විරුවන්ට ජයවේවා (දී)

:       0       0

ෆයිසාර් Monday, 09 June 2014 01:52 PM

මගේ කනගාටුව අසරණ වූ මිනිස්සුන්ට (දී)

:       0       0

නෙල්සෝන් Monday, 09 June 2014 01:53 PM

හදවතින්ම පකිස්ථාන ජනයට ශෝකය, එක්සත් ජාතීන්ගේ පිල්ලේ , බන් කීන් මූන්ගේ , ඇමෙරිකානු හා බටහිර ත්‍රස්ත හිතවාදී රටවල පිළිතුරු දැනගන්න කැමති . ලකාවේ 30 වසරක යුද්දය නිම කිරීමට විශාල මෙහෙයක් කලා පකිස්තනුවනි ගනු අපගෙන් උපදෙස්. (දී)

:       0       0

කමල් Monday, 09 June 2014 01:57 PM

මෙය කටුනායක ගුවන් තොටුපලට එල්ල කල ප්‍රහාරයත් සමග සසදමින් ජ්‍යාත්‍යන්තරයට ගෙනයාමට උත්සාහ නොකරන්නේ මන්ද‍? දැන් මේ ගැන හිතන්න බලධාරීන් නැතිව ඇති මොකද දැන් ඩයස්පෝරාව හා විවිධ සංවිධාන ඇතිකරන මෝදි භිෂණයෙන් ඉන්න කට්ටියට මොනවත් හිතන්න බැරිව ඇති (දී)

:       0       0

පාලිත Monday, 09 June 2014 03:06 PM

ආර්ථික මට්ටමෙන් වට්ටන්න කල ප්‍රහාරයක්ද කොහෙද (දී)

:       0       0

නාලක Monday, 09 June 2014 03:09 PM

මෙවන් ප්‍රහාරයක් වත් නවත්ත ගන්න බැරිද (දී)

:       0       0

නුවන් Monday, 09 June 2014 03:09 PM

වෙන රටවල් වලින් ඇවීත් ගහලා යනකම් දන්නේ නැද්ද (දී)

:       0       0

පියල් Monday, 09 June 2014 03:10 PM

ලෝකෙටම ලංකාවෙන් උත්තරයක් දුන්නා (දී)

:       0       0

පහන් Monday, 09 June 2014 03:12 PM

ලංකාවේ බිය සැක නැතුව ජිවත් වෙන්න සලස්සපු සියල්ලන්ටම මාගේ හද පිරි ස්තුතිය (දී)

:       0       0

හේරත්.එම්. Monday, 09 June 2014 09:51 PM

පාකිස්තාන් රාජ්‍යයට මෙවන් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීම සකල ලෝක වාසීන් දැඩි සේ හෙලා දැකිය යුතුයි.මෙවන් බියකරු කාල පරිච්ඡේදයක් අපත් ගත කලා.අද අප භුක්ති විඳිනා නිදහස ලැබුනේ කෙසේදැයි අමතක කල අයත් මේ සිදුවීමෙන් කම්පා වනු නොඅනුමානයි.(දී)

:       0       0

සම්පත් Monday, 09 June 2014 03:21 PM

අපේ යුද්ධය නැතිකරන්න උදව් උනු පකිස්තානුවනට මගේ ශෝකය. (දී)

:       0       0

චන්දන Monday, 09 June 2014 03:44 PM

අපේ ක්‍රිකට් ටීම් එක පකිස්තාන් යන්නනම් එපා (දී)

:       0       0

අරුමුගම් Monday, 09 June 2014 03:46 PM

ලැබෙන වාර්තා අනුව පාකිස්තාන් රජය හා තාලිබාන් සංවිධානය අතර සාම සාකච්චා කඩාකප්පල් කරන්න තුන් වැනි පාර්ශව කරුවෙකුගේ වැඩක් මේක, බලන් ඉමු සත්‍ය නොබෝ දිනකින් හෙළිවේවි. (දී)

:       0       0

බහර්දින් Monday, 09 June 2014 04:37 PM

මට හරි සතුටුයි ඔයාලගේ අදහස් ගැන.මා ද ඔයාලත් සමග එකඟයි. (දී)

:       0       0

රසිකා Tuesday, 10 June 2014 04:52 AM

අදහස් වලින් පෙනෙනවා ලංකාවේ සිංහල මිනිසුන් කවදත් ජාතිවාදී නැති බව. ඔවුන් අනුන්ගේ දුකේදී පිහිටවෙන්න කැමතියි. (නි)

:       0       0

හේමන්ත Monday, 09 June 2014 11:28 AM

දැන් ලෝකයේ හැමතැනම ප්‍රචණ්ඩ ක්‍රියා (නි)

:       0       0

හිරාන් Monday, 09 June 2014 11:28 AM

පවු! අහිංසක මිනිස්සුනේ මේවායින් දුක් විඳින්නේ (නි)

:       0       0

කපිල Monday, 09 June 2014 11:33 AM

අන්තවාදීන් ලෝකේ හැම තැනම ප්‍රශ්න ඇති කරනවා. (ස)

:       0       0

ටිරෝන් Monday, 09 June 2014 11:34 AM

අපට හිතවත් පකිස්ථානයට වෙන දෙය ගැන හදවතින්ම කම්පා වෙමි. (ස)

:       0       0

චූලා Monday, 09 June 2014 11:36 AM

අපේ කොටි නැතිකිරීමේ සටනට විශාල වශයෙන් උදව් කළ රටක් පාකිස්තානය. අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමු (නි)

:       0       0

හිරාන් Monday, 09 June 2014 11:44 AM

ත්‍රස්තවාදයට පිළිතුරු දියයූත්තේ ත්‍රස්තවාදයෙන් මිස සාකච්ඡාවෙන් නොවේ යනු මාගේ මතයයි (නි)

:       0       0

දයාජ Monday, 09 June 2014 11:44 AM

අප ගත කළ බියකරු අතීතය සිහිවෙනවා. ඇත්තටම දැන් අප හොඳ නිදහසක් භුක්ති විඳිනවා.ලොව ඕනෑම තැනක ත්‍රස්ත කටයුතු සිදුවන්නේ ආරක්ෂක හිඩැස් භාවිතා කරමිනුයි. අප රට පාකිස්තානු රජයට උදවු කළ යුතුයි. (නි)

:       0       0

දිලක්ෂ Monday, 09 June 2014 12:06 PM

විදේශිකයින් එන එක නතර උනාම රටක් නිකන්ම කඩා වැටෙනවා (දී)

:       0       0

මධුක Monday, 09 June 2014 12:09 PM

බලනකොට ලෝකයේ හැමතැනම ප්‍රශ්න (නි)

:       0       0

ජයන්ත Monday, 09 June 2014 12:27 PM

ලංකාවේ යුද්දය ඉවර කරපු එක කොයි තරම් දෙයක්ද ඒ හැම දෙනාටම උපහාරය !!!!!!! (දී)

:       0       0

විමල් Monday, 09 June 2014 12:35 PM

අපේ ක්‍රිකට් කණ්ඩායමක් පකිස්තානයට අරින්න එපා. කොයි වෙලේ පහර දෙයිද දන්නේ නැහැ (දී)

:       0       0

සුසන්ත Monday, 09 June 2014 12:44 PM

ලංකාවේ අපිට නම් බය වෙන්න දෙයක් නැහැ මොකද ලංකාවේ යුද්දය නැති නිසා (දී)

:       0       0

සිල්වා Monday, 09 June 2014 01:08 PM

ත්‍රස්තවාදීන් යනු ලොවටම පිළිලයකි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 526 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 200 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 571 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 431 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 2459 4

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 2366 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37072 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24420 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 604 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site