මොනරාගල අඔ මිල පහළ වැටීම හේතුවෙන් අඹ වගා කරුවෝ මහත් අසීරුතාවට ලක්ව සිටිති.
නොවැම්බර මාසයේ දී රුපියල් 25 ට තිබු කර්තකොලොම්බන් අඹ ගෙඩියක මිල රුපියල් 4 දක්වාද රුපියල් 6 -7 විකිණු කොහු අඹ ගෙඩියක මිල රුපියල් දක්වා ද පහත වැටී ඇත.
මෙවර අඹ අස්වැන්න වැඩි වීම නිසා මෙලෙස මිල පහල වැටී ඇතැයි අඹ වගා කරුවෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ගන්න ගියාමනං 25-30 (ස)
අද අවිස්සාවේල්ලේ අඹ ගෙඩියක් රු.50 යි. ගන්න ගියාම ඔය කතා නැහැ. (නි)
කෙල්ලනේ....අඹ කාල, පොත්ත මූණෙ අතුල්ල ගත්තාම ලස්සන වෙනවා. අඹ ගෙඩියක් මොණරාගල ගිහින් ගෙනල්ලා මූණේ අතුල්ල ගත්තත් ඔයාලට පාඩු නෑ. ඕං කිව්වා.... (ස)
අඹ විකුනන්නේ ඇයි. රෑට කාර් රේස් පදිමු.(නදී)
මම කවදාවත් කර්තකොලොම්බන් කාලා නැත. (නි)
නාවල කඩවල අඹ ගෙඩියක් රුපියල් 50 ක් නේ. (නි)
අඹ වැඩියෙන් කන්න ලස්සන වෙන්න (නි)
අඹ කන්න ලස්සන වන්න. දේශීය දේවල් අගය කරන්න (නි)
ඇපල් නොකා අඹ වැඩියෙන් කමු (නි)
ඕස්ට්‍රේලියාවේ අඹ ගණන් වැඩි වුණාට රස අඩුයි. මිල වැඩි ගොඩක් දුර ඉඳලා නගර වලට ගෙනෙන නිසා. ලංකාවේ කර්තකොලොම්බන් ගොඩක් රස අඹ වර්ගයක්. ලංකාවේ පළතුරු කාලයට පළතුරු ආනයනය කරන එක සීමා කරනවා නම් හොඳ මිළක් ලැබයි. තොග වෙළෙන්දන් නිසා තමයි කාබයිඩ් අඹ එන්නේ (නි)
අර අයිස් ක්‍රීම් ආයතනයට එහෙනම් ඔය කියන අඹ නිසා සරු ඇති (නි)
වැඩියෙන් තියනවා නම් වැඩියෙන් කන්න. නැති කාලෙට නොකා ඉන්න.එහෙම නැත්තම් කාපු ඒවා කියව කියවා ඉන්න බඩ පිරෙනකන්... (නි)
තිලක්, මම අද ගත්තෙත් 100 ට 3යි .අඹ ගෙඩිය නිසි මිලකට දෙන ක්‍රමයක් නැති වුණාට ඔයා දන්නවද මෙහේ වෙළඳාමට සම්බන්ධව, ඇමතිවරු , නියෝජ්‍ය ඇමතිවරු කීයක් ඉන්නවද කියලා...? (නි)
ලංකාව කියන්නේ වගාවට හොද දේශගුණයක් තිබෙන,හොද පසක් තිබෙන ,මහන්සි වෙලා වැඩ කරන්න හොද ධෛර්යක් තිබෙන මිනිසුන් ඉන්න රටක්.ඒවා හොදින් කළමනාකරණය කරලා ඒකෙන් ප්‍රයෝජනය ගන්න බැරි දේශපාළුවනුත් ඉන්න රටක්. (නි)
හිගයක් ඇති නොවෙන්න අර කලට වෙලාවට ලංකාවෙන් එවන අනෙක් ඒවා වගේ අායතන වලටවත් බැරිද ඔය අඹ ටික මෙහෙට එවන්න. හොද ඉල්ලුමක් ලැබේවී. (නි)
මම හිතා හිටියේ ලංකාවේ පිටිසර පළාතක ඉඩමක් අරගෙන "කර්ත කොලොම්බු අඹ" ගස් වවලා පිට රට යවන්න කියලා.ඒත් මේ වෙන දේ දැක්කහම මගේ සිහිනය සිහිනයක්ම පමණි කියලා මම දන්නා නිසයි කට්ට කාගෙන මෙහෙටම වෙලා දුක් විදින්නේ. (නි)
සුරංග - ඩුබායි, ලංකාවේ සිංහ කොඩි ඔබින අයට එහෙම අදහස් පහළ වෙන්නේ නැහැ. (නි)
මෙහෙ අඹ කිලෝ එකක් රුපියල් 450-600 දක්වා නිගිනවා.අඩුම වශයෙන් අර රුපියල් 4-5 ට මිල බැහැලා තිබෙන "කර්ත කොලොම්බු" අඹ ටිකවත් එවන්න බැරිද? ලංකාවේ නිසා කීය කිවුවත් අපි මිළදී ගන්නවනේ. (නි)
අනේ දැන්ම ගිහින් අඹ ගන්න හිතෙනවා (නි)
අපනයනය කරන්න වැඩපිළිවෙලක් සකස් කළොත් හොදයි. අපි අඹ ගෙඩියක් ගන්න රු.500-700 පමණ ගෙවනවා. (නි)
ලාබෙට ගත්තත් ලංකාවේ පලතුරු වල කාබයිටි ගෙදර ගනැල්ල බලපුවම ඉදිලා නෑ.ලෝකේ රසම අඹ තියන්නේ ඉස්රාල් වල ! (ස)
නුවර අපිට අඹයක් හොයාගන්න බැරිව ඉන්නවා (කාර්බ්යිඩ් නොගහපුව) . පුළුවන්නම් එවන්න .වගා කරුවන්ගේ සංගමයක් වත් හදාගෙන .මේ අතර මැඩියෝ අපි ඔක්කොම හූරන් කනවා (ස)
අපිට නම් ලාබෙට ගන්න ලැබෙන්නේ නැහැ වෙළෙන්දා ගොවියාවත් රවටා පාරිභෝගිකයන්වත් රවට්ටනවා (ස)
අනේ අපේ රටේ මේ අරාබියේ රටවල්වල අඹ වලට තියෙන ඉල්ලුම තරම් ඕවා අපනයනය කරන්න රජයෙන් වැඩපිළිවෙලක් යොදුවොත් නරක ද ? අසරණ ගොවීන්ට කොතරම් පිහිටක්ද ? (ස)
අපනයනය කරන්න වැඩපිළිවෙලක් නැද්ද? නවසීලන්තයේ ඉන්න මගේ මිතුරන් කිව්වා ඒ ගොල්ල ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන අඹ ගෙඩියක් ගන්නේ රුපියල් 800 ක් වැනි මුදලකට කියල. විදේශ විනිමය උල්පත් රට පුරා තියාගෙන අපි උඩ බලාගෙන ඉන්නවා. (ස)
ලොකු තාත්තා අවා නේද ,කියන්න එපයි එයාට ,චින්තනයෙන් මොනවා හරි කරලා දෙයි. (ස)
මේ පුවත අද පුවතක්ද? නැතිනම් කවදාද?