කරන්දෙණියේ මාල කඩන හතේ කල්ලිය යතුරුපැදි දෙකක් හා රුපියල් පනස් දහසක මාල දෙකක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලීසිය කියයි.
කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති ලාල් චන්ද්‍රසිරි මහතා වැඩ බාරගත් ගමන් කළ මුල්ම කාරිය වූයේද මාල කල්ලිය ඇල්ලීමයි.
ඔවුන් වයස අවුරුදු 17-20 අතර අය බව ද පොලීසිය කියයි.
ඔවුන් හදුනාගැනීම සඳහා බලපිටි උසාවියේ සඳුදා පැවැත්වෙන පෙරට්ටුවට ඉදිරිපත් වන්නැයි මාල අහිමි වූ කතුන්ගෙන් පොලීසිය ඉල්ලීමක් ද කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත පය කඩන්න ඕනා මේ අයගේ.(නදී)
ලාල් චන්දුසිරි මහතාට දේශපාලන බලපෑමි නොවේවා!(නදී)
නිතිය අකුරටම ක්‍රියාත්මක කරන්න (දී)
පොලිස්පත්තුමනි, ජනතාවගේ උපහාරය. ඉදිරියටම යන්න.(නදී)
සන්තෝසයි.... (දී)
මිනිස්සුන්ට කරදර වෙන විදිහට හැසිරෙන්න එපා (දී)
මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරගන්න දේවල් හොරකම් කරන අයට හොදක් වෙන්නෙ නැහැ. (නි)
ඇප දෙන්න එපා. අවුරුදු පහකටවත් හිරේට දාන්න. (නි)
කෑවොත් අදින්න නැහැ. ඇන්දොත් කන්න නැහැ. ඔන්න රටේ තත්ත්වය. (නි)
කෝච්චියෙ මාල කඩපු අයත් ඉන්නවද? (නි)
ස්ථානාධිපතිතුමනි! ඔබට මාගේ උපහාරය. අපි කරන්දෙනියේ උත්සවයකට චේන් එකක් දාන්න බයයි.(නදී)
කරන්දෙණියේ අළුත් ස්ථානාධිපතිතුමා නම් හොදයි වගේ. (නි)
මෙන්න නියම පොලිස් නිලධාරීන්. මගෙන් මල් මිටක්.(නදී)
ඔන්න බලන්න ඉතින්. අතපය හතර හරියට තිබිලත් අනුන්ගේ දේ මංකොල්ල කන හැටි? මේක මිනිස්සුන්ගේ වැරැද්ද නෙමෙයි. නීතියේ වැරැද්ද. (නි)
කල්ලියටම දැන් හොදට කෑම හම්බවෙයි. ජය වේවා! (නි)