ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති ක්‍රිකට් තරගයේදී කොටි හිතවාදීන් ශ්‍රී ලංකාවට බාධා කිරීම ගැන ලංකාදීප වෙබ් අඩවිය අන් සියලු වෙබ් අඩවි පරදවමින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ගැන ප්‍රශංසා කරන බව එංගලන්තයේ ශ්‍රී ලංකා තානාපති දොස්තර ක්‍රිස් නෝනිස් ඉතාලි ‘එසැණ‘ වාර්තාකරුට දුරකතනයෙන් කතාකරමින් සිය සතුට පළ කෙළේය. ‘‘ඔබ පුවත් ඉදිරිපත් කළ ආකාරය පුදුමයි. ඒ ගැන මගේ සුභ පැතුම්‘‘ යනුවෙන් පැවැසූ ක්‍රිස් නෝනිසි ශ්‍රී ලංකා ගැටළුව ගැන එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් එකමුතු විය යුතු බව සඳහන් කෙළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් ආඩම්බරයක් දුප්පත් අප කියවන ලංකාදීප පුවත් පත ක්‍රිස් නෝනිස් වෙනි අයත් අගය කිරීම . ලංකාදීප පුවත් පත දිගු කාලයක් සැමගේ ආදරය දිනමින් වැජබෙවා (අ)
එංගලන්තේ කියන්නේ අස්ථාවර රටක්. ක්‍රිකට් තරගයක්වත් පවත්වන්න බැහැ. යුරෝපෙයේ තහනම් කරපු ත්‍රස්තවාදීන්ගේ කොඩි අරන් පිස්සු නටන්න පුළුවන්. ලංකාවෙ නම් ඉන්දියාවට, පකිස්තානෙට , එංගලන්තෙට කිසිම බයක් නැතුව ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන්. (නි)
සරත් වස්කඩුව,ඔයා දැන් පුන්නක්කුද කන්නේ? වල්ගේ පැගිලද?ඉන්දියාව,ශ්‍රීලංකාව සෙල්ලම් කරපු පිට්ටනිය මොකක්ද කියල ලංකාවේ බත් කන අයගෙන් අහගන්න. (අ)
පත්තර කොච්චර තිබුනත් කාටද පුළුවන් වුනේ ලංකාදීපෙට හොද තරගයක් දෙන්න, ඔහොම යමු (නි)
මේවා වෙන්න කලින්නේ නවත්තගන්න තිබුනේ. ඕවල් පිට්ටනියේ වුන සිදුවීමෙන්ම මෙවැනි දෙයක් වෙන බව ඕනෑම කෙනෙකුට තේරෙනවනේ. රන්ජනිලා, උපාලිලා කන්නේ පුන්නක්කුද මන්දා? අපරාදේ දුප්පත් ලංකාවේ සල්ලි. (නි)
එතුමාට මගෙන් හිතවත් හාද්දක්! (නි)
එසැණ පුවත් අංක එකේ ප්‍රමුකයා "ලංකාදීප " සහ "ඩේලි මිරර් " ඔහොම යං ඔහොම යං (අ)
ලංකාදීපය ජනතාවට ඉතාම සමීප පුවත් ගෙන එන්නකු උනේ අද ඊයේ නොවේ. ඉංගිරිසියෙන් උගත් උගතුන් සිංහල ඉගනීමට පවා අතීතයේ ලංකාදීපය කියවූ බව අසා ඇත. එසැනින් පුවත් කරන මෙහය අගය කලයුතුමය. ඕනෑම අයකුගේ ස්වාධීන අදහස්වලට ඉඩදීම, වැදගත් විදියට එය සකසා ඉදිරිපත්කිරීම මෙන්ම රටේ සිදුවන සැම දෙයක්ම එසැනින් ජනතාවට දැනගැනීමට කටයුතුකිරීම සහ මහා රෑ පවා සංස්කරණ කටයුතු කිරීම ඔවුන්ගේ කැපවීමට හොඳම නිදසුනකි. ලංකාදීපයට මගේ ප්‍රණාමය! (අ)
ලංකදීපට සුභපැතුම්. ලන්ඩන් වල නිලධාරීන් වැඩක් අවංකවම කලානම් හොඳයි. හැබැයි බොරුවට පිම්බෙන්න හදනවද කවුද දන්නේ. මේ අය ඒකට කප් ගහපු අය. මිනිස්සු ගොනාට අන්දවලා හොඳට ලකුණු දා ගන්නවා. (අ)
ලංකාදීපය හැමවිටම ඉදිරියෙන් සිටියා. එසැනටත්,ලංකාදීප වෙබ් අඩවියටත් සුබ පැතුම්! (අ)
ලංකාදීප පුවත්පත අනෙක් සෑම සිංහල පුවත්පතකටම වඩා ලොකු මෙහෙවරක් කරනවා.විශේෂයන් පිට රටවල වෙසෙන ශ්‍රීලාංකි අයට."එසැන"වාර්තාකරුට අපේ ප්‍රණාමය! ඒ වගේම ක්‍රිස් නෝනිස් තනාපතිතුමා ලංකාව ගැන ලොකු උනන්න්දුවකින් සෑම අවස්ථාවකදීම කටයුතු කරනවා එතුමාටත් අපේ ප්‍රණාමය! (අ)
එසනට සුබපැතුම් (අ)
අපේ ගුටි කාපු අයට සදාරණයක් ඉස්ට වේවිද. ඇයි අපේ අයට ගහනකන් මෙයාලා බලන් හිටියේ (අ)
එංගලන්තෙට හෙම්බිරිස්සාව හැදුනොත් ලංකාවට උණ ගැනෙයි. ඒ නිසා පරෙස්සමින් හොදේ (නි)
ඔව් අපිත් දැන් වෙඩිපුරම බලන්නේ ලංකාදීප! ඉස්සර ගොසිප් බැලුව! දැන් එක මෙලෝ රහක් නේ! අදහස් දාන අයගේ පින්තුර දාන නිසා! අපිත් දන්නවා අපි දාන අදහස් සමහරවිට අදාළ පුවතට ගැලපෙන්නේ නෑ කියල! එත් බලන ඔක්කොම අවගේ විතරක් දැම්මොත් එකත් එපා වෙනවා! සිංහල ,දෙමල හෝ හින්දි චිත්තරපටිවල ඇති පොඩි විහිළු , වේදිකා නාට්‍ය වල විහිළු. සර්කස් වලපව ඇති පොඩි පොඩි විහිළු වගේ දෙයක් තිබුනේ නැත්නම් එක හරි නීරසි! එතන කලාවක් නෑ! හැම රසයක්ම යම් ප්‍රමාණයකට තිබිය යතු බැවි මගේ හැගීම! මෙහිදීත් අපි පුවත්පත බලන ගමන්ම ඒ වගේම අසාවෙන් අදහසුත් කියවනවා! අවට ප්‍රතිචාර දානවා! අපි කවරනමකින් පෙනීසිටියත කවර රටක සිටියත් මෙම දමන අදහස් හරහා අපි අතර යම් මිතුරුකමක් ගොඩ නැගෙනවා! එකට ලංකාදීපයට ස්තුති! (අ)
අපේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස කොටි හිතවාදීන් ක්‍රිකට් පිටියට පැමිණීමට හැකියව ලැබීම එංගලන්ත ආරක්ෂක අංශය ලැජ්ජා විය යුතු කරුණක් නේද? (ස)
මම කැමති ලංකාදීපෙට (අ)
ලංකාව බබලවන ලංකාදීප මම ඔබ සමග 25වසරක් සත්‍ය සේමටැහැ වඩා ඉක්මණින්
අනිත් පුවත් වලට වැඩ මම ගොඩක් අගය කරනවා ලංකාදීප (අ)
ඇත්තටම ලංකාදීපේ ගැන ආඩම්බරයි පුවත්පත් කලාවේ නියමුවා
ක්‍රිස් නෝනිස් විශිෂ්ට තානාපතිවරයෙක්. ලංකාදීප විශිෂ්ට පුවත්පතක්. එසැණ විශිෂ්ට පුවත් වාරතාකරණයක්. ඔබ සියලු දෙනාටම සුබ පැතුම් ! (ස)
ලංකාදීප එසැනට දිගාසිරි ! (ස)
තව තවත් දියුණු කරගත යුතුය. (ස)
අනිවාර්යෙන්. එකනේ අපි දවසම ලංකාදීප පුවත්පතත් සමගම ඉන්නේ. (ස)
අනිවාර්යෙන්ම ,ඒවගේම ඔබතුමාටත් ගොඩක් ස්තුති කරමි. (ස)
අනේමන්දා,පිටරටවල ඉන්න අපේ බලධාරීන්ගෙ එතරම් ක්‍රියාකරිත්වයක් අපට පේන්නෙනම් නැහැ. එදා අපේ කොල්ලො ටිකක් විරොධය පෑවමිසක් වෙනදෙයක් නම් අපිදැක්කෙ නැහැ. මට හිතෙන විදියට අර ඉන්දියානු සින්දුව දාන්න ඇත්තෙත් මේ කොටින්ගේම බලපෑමකට කියලයි. උන් හොදට සැලසුම කරල වැඩකරනවා. අපි මීට වඩා ක්‍රියකාරි වියයුතුයි නේද? (අ)