IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කිලෝ 50ක බොරු රිදී වළලු අල්ලයි

රිදී ආලේප කළ තඹ වළලූ  කිලෝග‍්‍රෑම්  පනහක්  බැංකොක් සිට  මෙරටට ගෙන ආ කොළඹ ව්‍යාපාරිකයෙකු රේගුවේ රඳවාගෙන පරික්ෂණ සිදු කරණ බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ  අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කියයි.

එම වළලූ බැලූ බැල්මට රිදී වළලූ ලෙස පෙනෙන අයුරින් රිදී  වල සම්මත සංඛේතය  කොටා තිබූ බව රේගුව කියයි.

රේගු නිලධාරීන් විසින් රසායනාගාර දෙකකට යවා  වළලු පරික්ෂා කිරීමෙන් අනතුරුව මෙම ජාවාරම පිළිබ‍ද තොරතුරු අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් වළලූ ගණන තුන්දහසකි.  වළලු තොගය රුපියල් ලක්ෂ හයක  පමණ මුදලටකට  මිළට ගෙන ඇතැයිද  යම් හෙයකින් මේවා අළෙවි කළේ නම්  රුපියල් හැත්තෑපන් ලක්ෂයක මුදලක්  ජාවාරම්කරුවා  විසින් උපයාගැනීමට ඉඩ  තිබිණැයිද   රේගුව පවසයි.

ජාවාරම රට  පුරා සිදුවන බවට සැකකරන රේගුව මේ පිළිබඳව සැලකිල්ලෙන් සිටින ලෙස ජනාතාවට දැනුම් දෙයි.

රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී රෝහණ සේනාධීර මහතා ඇතුළු රේගු නිලධාරීන් විසින්   විශේෂ  විමර්ශනයක් අරඹා ඇත.

 



අදහස් (0)

කිලෝ 50ක බොරු රිදී වළලු අල්ලයි

වාසනා Friday, 21 June 2013 12:23 PM

අයියෝ උපාලි, අපි නොදන්න බිස්නස්. කොහොමත් වංචාවක් කරලනේ තියෙන්නේ. (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 21 June 2013 12:39 PM

වැදගත් වෙන්නෙ මේක රසායනාගාර වල පරික්ෂා කරලා ආයේ ගේනකොට ගෙනිච්ච ප්‍රමානයම ආය ගෙනාවද කියලා හොයල බලන එකයි (නි)

:       0       0

උපාලි Friday, 21 June 2013 02:40 AM

මට තවම තේරුනේ නැහැ මේ මිනිසා කරපු වරද මොකක්ද කියලා. රේගු බදු අඩුවෙන් ගෙවීමට උත්සාහ කරලත් නැහැ. තඹ රිදී හැටියට ප්‍රකාශ කළා නම් මිනිසා වැඩි බද්දක් ගෙවන්න එපායැ. පිටට ගියාට පස්සේ මිනිහ කීයට වික්කත් මොකද ගන්න අය ඉන්නවා නම්. පිටතදී මිනිසා වංචාවක් කරන්න හැදුවා නම් ඒකට වෙනම නීතියක තියෙනවනේ. අනේ මන්දා. (නි)

:       0       0

ඉෂාර Friday, 21 June 2013 08:22 AM

උපාලි, මට තේරන විදිහට නම් රිදී යැයි පවසා තඹ ගෙන්නවන එක හොර වැඩක්. ඔයා කියන විදිහට නියමිත විදිහට බදු ගෙවලා කුඩු, බෝම්බ ඕනෑ දෙයක් ගෙන්වන්න පුලුවන් නෙ. එහෙනම් මොකටද රේගු ආරක්ෂකයන් ඕනෑ වෙන්නේ. (නි)

:       0       0

වාසනා Friday, 21 June 2013 08:51 AM

තඹ වළලු රිදී හැටියට විකුණා ශ්‍රී ලාංකිකයන්ගේ මුදල් වංචා කිරමට ඉඩ ඇති හෙයින් රේගුව මෙය අත් අඩංගුවට ගෙන ඇත (ත)

:       0       0

රන්ජනී ලන්ඩන් Saturday, 22 June 2013 05:18 AM

රිදී ඒ තරම් වටිනවද? මගේ ආත්තම්මා මට වළලු දෙකක් සහ හවඩියක් දීල තිබුනා. දැන් තිබුනා නම් මොන තරම් වටිනවද? බොරු ඒවා නොවේ නියම රිදී. (නි)

:       0       0

ඇසල Friday, 21 June 2013 09:35 AM

උපාලි බිස්නස් එකේ හවුල්කරයෙක් වගේ.(නදී)

:       0       0

විමලසේන Friday, 21 June 2013 10:41 AM

උපාලි මගේ මිතුරෙක් හිටියා හරිම දුප්පත්. මිනිහා ඉතින් පාසැල් කාලෙන් පස්සේ සල්ලි ටිකක් හදාගෙන ව්‍යාපාරයක් කරන්න පටන් ගත්තා. ඉතින් ඒකවත් කරන්න මෙයාලා ඉඩදෙන්නේ නැහැනේ. යනකොටත් අල්ලනවා. එනකොටත් අල්ලනවා. ඇයි අප්පා මෙහෙම කරන්නේ.(නදී)

:       0       0

උපාලි Friday, 21 June 2013 11:25 AM

ඉෂාර, තඹ හෝ රිදී ගෙන්වන්න තහනමක් නැහැ. බෝම්බ ගෙන්වීම අපට තහනම්. රිදී තඹවලට වඩා වටිනා නිසා බද්ද වැඩියි. අඩු බද්දක් ගෙවිය හැකිව තිබියදී වැඩි බද්දක් ගෙවීම වරදක් නෙමෙයි. ඒකෙ අනික් පැත්තයි වරද. වාසනා, ඔයා කියන වංචාව රේගු ආඥා පනතට අයිති නැහැ මම හිතන්නේ. ඒකට වෙනම නීති තියෙනවා පොලිසිය මගින් ක්‍රියාත්මක වන. විමල්, ඔයාගේ යාළුවා නිසි බදු නොගෙවීම හෝ තහනම් දේ ගෙන්වීම / යැවීම කරන්න හැදුවා නම් රේගුවෙන් ගැලවෙන්න බැහැ. හරියටම සිදු වුන දේ වටහා ගන්න තරම් මේ ප්‍රවෘත්තියේ තොරතුරු මදි. ඒකයි මම කලින් ලියුව අදහසේ තේරුම. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 130 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1998 3

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2278 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2969 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1302 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 279 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 755 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site