දකුණු අප්‍රිකාවේ සාබි සෑන්ඩ් වනෝද්‍යානයේ දී ඉම්පාලා මුවකු පසුපස හඹා ගිය කොටියෙක් විනාඩි 45 ක පමණ වෙහෙස වී ඒ මුවා අල්ලා මරා ගොදුර ආහාරයට ගැනීමට අසළ තිබූ ගසකට නැග ගත්තේය. ගොදුරත් රැගෙන ගසට නගින්නට කොටියා අපමණ වෙහෙසක් දැරීය. මේ සියල්ල දෙස බලා සිටි ප්‍රවීන වනජීවී ඡායාරූප ශිල්පී ඇන්ඩෘෘ ස්ටොච්මන් ඒ සම්බන්ධයෙන් ඡායාරූප රැසක් ගත්තේය.
කොටියා ගසට නැග ගොදුර එහි කරුවක රඳවා මොහොතකින් එතැනට පැමිණියේ සිංහයන් රංචුවකි. ගොදුරු සොයා දඩයමේ යාම පසෙක තැබූ මේ සිංහයෝ ගොරවමින් දත් විලිස්සමින් කොටිය බියපත් කිරීමට නොයෙක් උත්සාහ ගත්හ. අනතුරුව එකිනෙකා පරයමින් සිංහයන් ගසට නගිද්දී කොටිය සිය ගොදුර අතහැර පලා යාම හැර කරන්නට දෙයක් නොවුණි. කොටියාගෙන් මුව කුණ පැහරගත් සිංහයෝ තම රාත්‍රී ආහාරය ඉතා පහසුවෙන් ලබාගත්හ.
ඡායාරූප ශිල්පී ඇන්ඩෘෘ පවසන්නේ තමන්ගේ වසර 14ක් පුරා වනජීවී ඡායරූප ගැනීමේ නිරතව සිටින තමන් මෙවැනි සිදුවීමක් කිසි දිනක දැක නොතිබූ බවයි.
ගොදුරු අල්ලාගන්නා කොටි ගස් මත එය රඳවා ගොදුර ගිල දැමීම සාමාන්‍ය සිරිතකි. සිංහයන් අනුන් මැරූ සතුන් ආහාරයට නොගන්නා අභිමානවත් සතකු ලෙස ප්‍රසිද්ධය. සිංහයන් හා කොටින් විසින් දඩයම් කරන සතුන්ගේ ඉතිරි මළකුණු කොටස් කා දැමීමට නරි පුරුදුව සිටිති.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සිංහයෝ මීට හපන් (නි)
දැන් ඉන්න බොහෝ දෙනෙක් සිංහ වේසයෙන් ඉන්න බව පෙන්නුවට නරි ක්‍රියා තමා කරන්නේ. (නදී)
තණකොළ නුබුදිති සිංහ පැටවූ අපේ මනුෂ්‍ය වර්ගයට ගිය කල දසාවමයි උන්ටත් ගිහින් තියෙන්නේ (නදී)
සිංහයෝ බලු වෙනවා කියන්නේ ඕකට තමයි (නදී)
නරි වැඩ කරන සිංහයෝ ඕනා තරම් ඉන්නවා ලංකාවේ. (නදී)
මේ දඩයම් කරන්නේ සිංහ දේනුන්. ඔවුන් කෑම සොයා ගැනීමට අපහසු කාලවලදී මෙය සාමාන්‍යෙයන් කරන දෙයකි.(නදී)
මිනිසුන්ගේ සමහර ගති සතුන්ටත් බෝවෙලා වගේ (නදී)
ශ්‍රී ලංකාවෙත් සමහර සිංහයන් කරන්නේ ඔය ටිකම තමා. (නදී)
ඔතන ඉන්නේ සිංහ දේනුවන් වගයක් . නැතුව සිංහයෝ නෙවෙයි ! (අ)
මේ වැඩෙන් සිංහල අපිටත් ලැජ්ජාවක්.(දිල්)
බවලතුන්ගෙ වැඩනේ. හිතන්න දෙයක් නෑ(දිල්)
සිංහයෝ ඔය වගේ වැඩ කරන්නේ නෑ. (අ)
කොටියාගේ කෑම සිංහය උදුරාගත්ත .දැන්පිල්ලෙ නෝනා මේකට මොනවා කියිද .මානව හිමිකම් කඩලද? නැත්නම් සත්ව හිමිකම් //??? (අ)
දක්ෂ රූපගත කිරීමක් .හැම ගින්නකටම වඩා ලොකුබඩගින්නයි. සිංහදෙනුන්ට මෙය සුළු දෙයක්නේ. ඇරත් ගැහැනියකට කරන්න බැරි දෙයක් නැනේ.(අ)
නරි වැඩ කරන සිංහයො හැම තැනම. (අ)
පත්තරේක තිබුන "ඉස්සර දේශපාලකයෝ තමන්ගේ ඉඩ-කඩම් අනුන්ට දීල දේශපාලනය කළා දැන් ඉන්න අය අනුන්ගේ ඉඩකඩම් තමන් අරගෙන දේශසපාලනය කරනවා" කියලා. ඉතින් සත්තුත් ඒ වගෙයි නිව් ජෙනරේෂන් එක අනුවයි වැඩ (නදී)
අපේ සිංහයෝ කරන ඒවත් එක්ක ඕවා මහ ලොකු දෙවල් නොවෙයි (නි)
සිංහ ධේනුව තමයි දඩයම් කරන්නේ සිංහයාටත් එක්ක. සිංහයා දඩයම් කරන්නේ නැහැ. (නි)
මේ කැලේ සිංහයින්ට ඇබෑර්තු තිබේ. නරකද රණසිංහ, සුබසිංහලා ටිකක් ලංකාවෙන් ඇරියොත් (නි)
සිංහයො ගත්තෙ අනුන්ගෙ මළකුණක්, කොටියා ගත්තේ අනුන්ගෙ ප්‍රාණයක්. (නි)
තිරිසනුන්ගෙ වැඩ කරන මිනිස්සු ඉන්න අද කාලෙ සිංහයො ඔය වගෙ දෙයක් කළාට පුදුම වෙන්න දෙයක් නෙමෙයි. (නි)
මෙතනත් ඉන්නවා නම් දෙකකින් අදහස් දාන නරියෙකුට වඩා හපන් එක්කෙනෙක්. (නි)
සිංහයන් නෙමෙයි මේ වැඩේ කරලා සිංහ දෙනුන්නේ (නි)
නරිය සිංහයා තරම් මිලේච සතෙක් නොවෙයි .මේ ලගදි මි හරකෙක් සිංහයෙක් මරල තිබුනේ .වතුරේදී කිබුලට අහුවනු වෙලාවට සුන් (අ)
ඔය සිංහයෝ ටික ලංකාවේ දේශපාලනේ කරන්න නියම සුදුසුකම් ලබල තියෙනවා. (අ)
ඇත්තටම මේක දෙපැත්තේම වරදක් නෑ. (අ)
දැන් කලේ මිනිස්සු කරන බලු වැඩ වල හැටියට මේක පොඩි දෙයක්.(අ)
මම දන්නා තරමට කොටියෝ අප්‍රිකාවේ කැලෑ වල නොමැත.ලෙපර්ඩ් කෙනෙක් නේද?(අ)
රජවරුත් බලු වෙන වෙලාවල් තියෙනවා...(අ)
සුගන්ද, මේවා මොනවද, අපේ සිංහ මල්ලිලා කරන වැඩ බැලුවම?
අපෝ ඕක ලජ්ජා වෙන්න දෙයක් නැහැ. ඉදල හිටලා ඔයේ වගේ පොඩි නරක වැඩක් කරට කමක් නැහැ. ඔය ඕනෑ තරම් නරක වැඩ කරන රජවරු මේ ලෝකේ ඉන්නේ. අමතක කරන්න එපා අපි සිංහවංසයේ බව. හරිම ලස්සන සටහනක්. ලස්සන පින්තුර. සජීවට සහ ලංකාදීපයට ගොඩක්ම පින්. මම ලංකාදීප පාටක රොෂාන් (නදී)
ලස්සන දසුනක් උනාට දුක්බරයි (නදී)
මේ නරි සිංහයෝ කරලා තියෙන වැඩේ බල්ලට පවා අවනම්බුවක්. (නදී)
ඉසුරන්දි, ඔයා දුක්වෙන්න එපා. වනයේ සිටින සතුන් වනයේ සිටින සතුන්ම මරා ආහාරයට ගත යුතුයි. එතකොටයි ලෝකය පවතින්නේ. නමුත් බෞද්ධයෙක් විදියට ටිකක් දරාගන්න අමාරුයි තමයි (නදී)
මේක තමයි සොබාදහමේ හැටි. ප්‍රභලයා හමුවේ දුබලයා පසුබැසීම හෝ විනාශ වීම. මේ කොටියෙක් නෙමෙයි, දිවියෙක්. (නදී)
වෙනස මේකයි . මේ සිංහ දේනුන් ටිකක්. සිංහ මල්ලිලා මෙහෙම කරනවද? (නදී)
මුන් නම් 88-89 කලේ එලොව ගිය දේශපලුවෝ ටිකක් වෙන්න ඕනා (නදී)
සුගන්ද, මමත් දැකලා තියෙනවා සිංහ දෙනුන් දඩයම් කරන ගොදුර සිංහ මල්ලිලා විසින් බලෙන් උදුරා ගන්න දසුන්. (නි)
සිංහයා අහිංසක සතෙක්. මරාගන්නවා, කනවා, නිදියනවා, ඈනුම් අරිනවා (නි)
දඩයම කර ඇත්තේ කොටියෙක්. උදුරාගෙන ඇත්තේ සිංහ දෙනුන් තිදෙනෙක් (නි)
මගේ අම්මේ ..! මේ බවලතියන් ටිකක් නේද? එයාලා එහෙම තමයි. (නි)
තිරිසන්නු ඔහොම තමා,බළල් පවුලේ කට්ටියනේ (නි)
පවු අහිංසක සත්තු.... (නි)
මේකත් අපේ දේශපාලනය වගෙයි (නි)
කොටියාගේ මුව මස්ටික සිංහයා හොරකම් කළා, අපිත් ඒ ලස්සන ෆොටෝ ටික තව කෙනෙක් ගෙන් හොරකම් කළා ...? තැන්ක්ස් ..!!(නදී)
සිංහධේනුවන් මේ වැඩේ නිතරම කරනවා. (නි)
ගැහැණු සත්තු කොහොමත් ඔහොම තමයි. (නි)
ලංකාවේ ඔය වගේ දේවල් හොඳට වෙනවනේ (නි)
මෙතන ඉන්නේ සිංහ දෙනුන් ටිකක්නේ. සිංහයෝ කවදාවත් අනුන්ගේ කෑම එකට විදින්නේ නැහැ (නි)
නිශ්චල රාත්‍රිය, බියකරු ඝන අන්ධකාරය කැටිවුණු සොබාදහමේ අපුර්වත්වය පෙන්වන දසුන් පෙළක්... ලංකාදීපයට ගොඩක් ස්තුතියි. (නි)
අම්මෝ! අපේ නමත් ඉවරයි.කොඩියෙත් මේකා ඉන්නවා නේද? (නි)
අනේ නැහැ සුගන්ද, සිංහ මල්ලිලා කවදාවත් කොහෙදිවත් එහෙම කරන්නේ නැහැ. ඔය සිංහ ධේනුවන් තමයි ඔය වගේ වැඩ කරන්නේ...!! (නි)
සුගන්ද ,ඔබ පමණයි නිවැරදි දේ කිවුවේ (නි)
වැඩේ නම් හරිම කැතයි (නි)
දැන් කාලේ සමහර රටවල රජවරු, රාජ කුමාරවරු කරන වැඩවල හැටියට මෙය සුලු දෙයක්. (නි)
මෙයාලා හොරෙන් කන එක මට නම් අමුත්තක් නැහැ (නි)
මේ සියල්ලෝම තිරිසනුන් නේද? උන් සියල්ල දුකින් මිදේවා ! (නි)
අපොයි! මේ බවලතියෝ ටිකක් නේද? එයාලා එහෙම තමයි. සිංහයෝ කුණු නොකැවට ලැජ්ජා බයට හැදුනු එයාලා කුණු කනවා. පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)