දෙමළ ජාතික සංධානයේ කිලිනොච්චි දිසා කාර්යාලයයේ සෙනුරාදා (30) පැවති රැස්වීමකට මුහුණු වසාගත් පිරිසක් විසින් එල්ල කැරුණු ගල් මුල් ප්‍රහාරයකින් පහළොස් දෙනෙක් පමණ තුවාල ලැබූ බව දෙමළ ජාතික සංධානය කියයි.
ඇතැම් පරිස් අත ජාතික කොඩි තිබුණු බවත්, පස් දෙනකුට බරපතල තුවාල සිදුවූ බවත් එහි සිටි දෙමළ සංධාන මන්ත්‍රීවරු කියති.
ප්‍රහාරය එල්ල වෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන පී සුහන්දිරම්, මාවෙයි සේනාධිරාජා, එස් ශ්‍රීධරන් හා, එස් සරවනධරන් මහත්වරුද එහි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක අහවලාගේ වැඩක් වෙන්න ඇති. (නි)
කළ කම් පළදේ... (නි)
පැෂන් බග් එකට ගහපු කෙනාගෙම වැඩක්ද දන්නෙ නැහැ. (නි)
කාගේහරි ඇබිත්තයෙකුගේ වැඩක්වද්ද? (නි)
කවුරු හරි නියම වැඩක් තමයි කරල තියෙන්නේ. (ස)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ගල් ගහපු අයගේ අතේ නේද ජාතික කොඩි තිබුණා කියන්නෙ? (නි)
නෑ කොටි කොඩි.... ජිනීවා ගිය කොටිනේ. (ස)
සිංහළ,දමිළ හෝ මුස්ලිම් වේවා ගල් ගහපු අයගේ අතේ ජාතික කොඩි තිබුණා නම් මේ සියළු දෙනා ජාතිවාදයට හා කුරිරු යුද්ධයට විරුද්ධ අය වෙන්න ඇති. (ස)
ඇති ගල් පාරවල් කාලා බේරුණා. (නි)
ගල් වලින් ගහලා මරන්නේ කුමන නීතිය යටතේද? (නි)
කවුද මෙවන් වැඩ කරන්නේ (දී)