පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක දී පවුල් සැලසුම් එන්නතක් විදගත් මවක සිහිසුන් වී රෝහල් ගත කිරීමේන් පසු මිය ගියැයි කියන සිද්ධියක් නිසා ප්‍රදේශවාසීන් කැළඹී ඇතැයි ද, එම වෛද්‍යවරයාගේ නිල නිවසට හා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා ඇතැයි ද කල්පිටි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ වැරදීමකින් ඔහේගේ අම්ම මැරුණත් සමාව දෙනවද. රෝහල්වල වැඩ කරන අයගේ නොසැලකිල්ල නිසා මරණ කියක් වෙනවද? වැරදීමකින් මිනිසකු මියයාම සමාව දියහැකි දෙයක් නොවේ. නමුත් ලංකාවේ මෙසේ මිනිමරන්නන් හැමදාමත් නීතියෙන් ගැලවී යයි.(නදී)
සමහරවිට කල් ඉකුත් වූවක් විය හැක. (අ)
ඩී. ආර් නානායක්කාරගේ චිත්‍රපටියක තිබුනා සිංහල ජාතියේ විතරක් දරු උපත් වලක්වන එකට ලස්සන කතාවක්. තාම යු ටියුබ් එකේ තියෙනවා. බලන්න පුළුවන්. මේකේ තව විස්ස්තර ඇති හෙළි නොවුන. නම නොදාන එක නම් හරිම දුර්වල තත්වයක්. මිනිස්සු දැන ගන්න ඕනේ ඇත්ත.(නදී)
රංජිත් සිල්වා, සංස්කෘතිය මොකක් වුනත් දොස්තර දෙන්නේ තමන්ට වැඩියෙන්ම සලකන ඖෂධ සමාගමේ බෙහෙත්. ඒවා ප්‍රමිතියෙන් අඩුද වැඩිද කියන එක දොස්තරට ප්‍රශ්නයක් නොවේ. (නදී)
ප්‍රමුඛ, පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක දී ආණ්ඩුවෙන් ගෙන්වපු බාල බෙහෙත් විදින්නේ නැනේ. මේ බෙහෙත් බාල නම් ඒවා පුද්ගලික සමාගම් වලින් ගෙනාපුවා. කොහොම වුනත් අසාත්මිකතාවයන් තිබෙන අයට එන්නත් ලබාදෙන්න ඕනේ අවශ්‍යතාවයක් වුනොත් හදිසි ප්‍රතිකාර ලබා දීමේ සුදානම ඇතිව. වෛද්‍යවරු සිදුකරන නොසැලකිලිමත් ක්‍රියාවන්ටත් තදින් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ . ලංකාවේ හැමවෙලේම මේ කට්ටිය ලිස්සලා යනවා. ඒවගේම මට විශ්වාසයි මේක අල්ලාගෙන උපත් පාලන ඖෂධ එපා කියල කෑගහන්න පටන් ගනීවි හෙට අනිද්දම. (නදී)
කිසිම දිනක වෛද්‍යවරයා හිතා මතම වැරදි බෙහෙතක් දීම අපේ රටේ සංස්කෘතිය නොවේ. මොකක් හරි ලොකු වැරදීමක් වෙලා ඇති. කෙනෙක් මිය ගිය විට දරා ගන්න අමාරු තමා. හොඳට හොයා බලා කටයුතු කිරිමයි ඉතාමත් අවශ්‍ය. බෙහෙත් වල බාල බවක් ගැන සොයා බලන්න. අපේ වෛද්‍යවරයාට යහපතක් ම වේවා. මියගිය දුවට නිවන් සුව පතමි. ජීවත් ඉන්න සැමට යහපත් සිතිවිලි පහල වේවා. (නදී)
සියල්ල බාල වී ඇත.(නදී)
සෞඛ්‍ය සඳහා අය වැයෙන් වෙන් කලේ කුඩා ප්‍රතිශතයක්. ප්‍රමිතියෙන් උසස් බෙහෙත් ආනයනය කරන්නේ නැහැ. සමහර බෙහෙත්වල වීදුරු කටු,ප්ලාස්ටික් කැබලි,හිස කෙස් ,තිබෙන බව පසුගිය දිනවල දිගින් දිගටම මාද්‍ය මගින් අනාවරණය කළා. වගකිවයුත්තන් ඒවා ගණන් ගන්නේ නැහැ. ඒ වැරදි නිවැරදි කරන්නේ නැහැ. අවසානේ අහිංසක මිනිසුන් ජීවිත වලින් වන්දි ගෙවනවා.(නදී)
බාල බෙහෙත්,බාල ඉන්ධන,බාල කිරිපිටි,බාල විභාග,බාල විදුලිබලාගාර,මේ සියල්ලේම ප්‍රතිවිපාක දුක් විඳින ජනතාවටයි. (නදී)
වෛද්‍යවරයා කුමක් කරන්නද ? බාල බෙහෙත් වල වැරැද්දෙන් රෝගියා මිය ගියේ නම්. කොමිස් මුදල් බලාගෙන ගෙන්වන බෙහෙත් වල නිතරම කෙස් ගස්,වීදුරු ,ප්ලාස්ටික් කැබලි,හැමදාම පෙන්වනවා. ප්‍රමිතියෙන් උසස් බෙහෙත් ගෙන්වන්න කියන විට බලධාරීන් කියන්නේ මේවා කඩාකප්පල්කාරී ක්‍රියා කියලයි. අවසානේ පහර කෑමට ලක් වෙන්නේ මේවා පාවිච්චි කරන දොස්තරවරුයි.(නදී)
"අසාද්මිකතාවයක් මත ඔය මරණ සිදු උනා වෙන්න පුළුවන්." එහෙම නම් අසාද්මිකද කියල බලන්න ටෙස් කරන්න තිබුනා. මේක නොසැලකිල්ල. (නදී)
"වැරදීම මනුෂ්‍ය ගතියක් සමාව දීම දේව ගතියක්" හරි හරි හරි ඔහොම වරදින්න ගියොත් හොඳට හිටී. (නදී)
අපේ රටේ පවුල් සැලසුම් ක්‍රම සහ ලිංගිකතාව ගැන තරුණ තරුණියන් මීට වැඩ දැනුවත් කළයුතුයි. (අ)
කෝ ඕවට විරුද්දව කතාකරපු උදවිය? (නදී)
පළමුව මෙම දොස්තර සුදුසුකම් ලත් අයෙක්ද සොයා බලන්න. හොර දොස්තරලා බොහොමයක් රට පුරා ඉන්නවා. එම්.බී.බී.එස් උපාධිය තියෙන දොස්තරලාම සොයා යන්න. පෙනිසිලින් වැනි එන්නත් දීමට කලින් අසාත්මිකද නැත්ද කියා බලන ටෙස්ට් එක කරන ලෙස ඉල්ලා සිටින්න. හොර දොස්තරලා සමග ආයුර්වේද දොස්තරලත් බටහිර බෙහෙත් දීම ලංකාවේ බෙහෙවින් සිදුවෙනවා. එන්නතක් දීමට සැරසෙන විට එය ගැන ඇසීමට බිය වෙන්න එපා. එය ඔබට ඇති අයිතියක් .(නදී)
ආරක්ෂාව දුන්න එක හොඳයි. නැති නම් කරවල කරයි.(නදී)
දැන් මෙවැනි මරණ කියක් සිදු උනාද ? බලදාරින් මේ ගැන නිහඩය. හැමදාම වරද රෝගියාගේය. පොලිසිය හැමදාම කලේ පොඩි මිනිහා පාගා දමා ලොකු මිනිසුන් රැකගැනීමය. (නදී)
මේ වගේ වැරදි කරන දොස්තරලගේ නම් ප්‍රසිද්ධ කරන එකයි ජනමාධ්‍යයේ වගකීම. මාතරදී නීති ශිෂ්‍යාවගේ අත කපන්න සිද්ධ කරපු දොස්තර කව්ද? එයාට කල වරදට දඬුවම් ලැබුනද කියල අද වනතුරු ආරංචියක් නෑ. මේකෙන් වෙන්නේ දොස්තර හරියට ප්‍රතිකාර කරන්න දන්නේ නැති බව නොදැන තවත් ලෙඩ්ඩු ඒ දොස්තර ගාවට ගිහින් අතපය හා ජීවිතය අහිමි කර ගැනීමයි. (නදී)
ගැටුමක් ඇතිවෙන්න කලින් ආරක්ෂාවක් දීපු එක නම් හොදයි. ඒත් හැමෝටම මෙහෙම ආරක්ෂාවක් දෙනවා නම් අවශ්‍ය වෙලාවේදී ඒක වටිනවා. වෛද්‍යවරයා වැරදි නම් ඔහුට එරෙහි නිතිය ක්‍රියාත්මක විය යුතුයි. ඔහුව ආරක්ෂා කිරීම නොවටී. අත මිට තියෙන උදවියට එක විදියක් සාමාන්‍ය මිනිහට එක නීතියක් නොවිය යුතුයි.(නදී)
මෙහි සම්පුර්ණ වරද රෝගියාගේ. රෝගියා මිය යාමට විරුද්දව වැඩ වර්ජනයක් කරන්න. එතකොට අදත් කියක් හරි හොයා ගන්න පුළුවන්.(නදී)
දැන් ඉතින් ටික කාලයකට ඔය එන්නත තහනම් කරලා වැඩක් නෑ. මෙහේ ගොඩක් පාවිච්චි කරන ඔය එන්නත නිසා මරණ 2ක් දෙකක් පමණ වාර්තා වෙලා තියෙනවා. අසාද්මිකතාවයක් මත ඔය මරණ සිදු උනා වෙන්න පුළුවන්. එන්නත ලබාදීමට පෙර අනුගමනය කල යුතු සුදුසු ක්‍රමයක් ගැන හිතන්න.(නදී)
වැරදි වැඩක් (ත)
වැරදීම මනුෂ්‍ය ගතියක් සමාව දීම දේව ගතියක් (අ)
මේකත් ජනගහන පාලනයට සම්බන්දද? (අ)