IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කොල්ලා කෝටි එක හමාරක් බැංකු මැෂිමෙන් අදී

ජා-ඇළ බැංකුවක ඉතිරිකිරීමේ ගිනුමක් ඇරැඹූ 17 හැවිරිදි තරුණයකු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් රුපියල් එක්කෝටි හැත්තෑ අට දහසක් ලබා ගෙන ඇතැයි කොටුව මහේස්ත්‍රාත් උසාවියේ දී අද කියැවිණි.

රුපියල් 163000ක ශේෂයක් ඔහුගේ බැංකුවේ තිබිය දී රුපියල් කෝටි එක හමාරකට වැඩි මුදලක් ආපසු ලැබී ඇත්තේ බැංකුවේ දෝෂයක් නිසා බව බැංකුව උසාවියේ දී පිළිගත්තේය.

එම තරුණයා මාස හතකදී  විවිධ නගරවල ටෙලර් යන්ත්‍රවලින් 558 වාරයක් මුදල් ගෙන ඇත.

බැංකුවට මුදල් ටික ටික ගෙවීමට මෙම තරුණයා අද පොරොන්දු විය.

එහෙයින් රුපියල් පනස් දහසක මුදල් ඇපයක් හා ලක්ෂ දහයක ශරීර ඇපයක් මත ඔහු මුදා හරින ලෙස මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

 



අදහස් (0)

කොල්ලා කෝටි එක හමාරක් බැංකු මැෂිමෙන් අදී

ලශාන්ත Wednesday, 30 July 2014 12:24 PM

මේ සිද්ධ වුණ වැඩේට විගණන නිලධාරියාගේ නොසැළකිලිමත්කම අනිවාර්යයෙන් බලපාන්න ඇති. චාන්දනී මහත්මිය නිවැරදියි. (නි)

:       0       0

රන්ජිත් Wednesday, 30 July 2014 12:25 PM

අම්මලාට,තාත්තලාට අද දරුවන් ගැන හොයන්න වෙලාවක් නැහැ.ළමයා නොමඟට යනවා දෙමාපියන් දන්නේ නැහැ. (නි)

:       0       0

වරුණ Wednesday, 30 July 2014 12:31 PM

මේ වැරැද්ද සිද්ධ වුණේ පුද්ගලික බැංකුවක නම් කළමනාකරුගේ සිට අහළින් පහළින් ඇවිදගෙන ගිය ශාඛා කාර්යාල සේවකයා දක්වාම මෙලහකට ගතයුතු ක්‍රියාමාර්ග ගෙන ඇති. හැබැයි එහෙම තැනක නෙමෙයි නම් තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. (නි)

:       0       0

ටෙනී Wednesday, 30 July 2014 12:35 PM

මේ පරිත්‍යාගශීලී බැංකුව මොකද්ද කියලා සොයන්නම වටිනවා. (නි)

:       0       0

නීල් Wednesday, 30 July 2014 12:59 PM

මෙයා වරදක් කරලාවත් වීරකමක් කරලවත් නැහැ. (නි)

:       0       0

මනෝජ් ගයන් Thursday, 31 July 2014 04:04 PM

මේ නිව්ස් එකට දාල තිබුන කමෙන්ට්ස් ටික ඔක්කොම වගේ කියෙව්වා එක එක අයගේ එක එක අදහස් , මම හිතන විදියට තාක්ෂනය කියන දේ හොදට සහ නරකට දෙකටම යොදා ගන්න පුළුවන් කියන එකට හොද උදාහරනයක් මේක. (නදී)

:       0       0

අංජු‍ Thursday, 31 July 2014 05:17 AM

බැංකුවට වැරදිලාවද්ද? (නි)

:       0       0

සත්‍යයා Wednesday, 30 July 2014 01:09 PM

තාරුණ්‍යයේ හෙටක් හා ආසියාවේ ආශ්චර්යය ජාඩියයි මුඩියයි වගේ හොඳට ගැළපෙනවා. (නි)

:       0       0

රොහාන් Wednesday, 30 July 2014 01:14 PM

මොනවා වුණත් මේ සල්ලි අපේ රටේ අහිංසක අම්මලා අප්පච්චිලාගේ සල්ලිනෙ. මේ වගේ දේවල් රටේ බැංකු වලින් වෙද්දී කොහොමද විශ්වාස කරලා අපි ඕවාට සල්ලි දාන්නේ? මීට වැඩිය සැළකිලිමත්ව වැඩ කරන්න ඕනෑ. මොකද මේ විනාශ වෙන්නේ රටේ සල්ලි ..... (නි)

:       0       0

කමනි Thursday, 31 July 2014 05:42 AM

මෙතරම් ලොකු වැරැද්දක් සොයාගන්න නොහැකි වූ මේ බැංකුවේ නම කිවුවොත් ලොකු සේවයක්. වෙන මොනවත් ඕනෑ නැහැ. වයස 17 ක රැකියාවක් නොකරන කෙනෙකුට මෙපමණ සල්ලි ප්‍රමාණයක් ගිණුමට වැටුනේ කොහොමද කියලා බැංකුවේ කට්ටිය කල්පනා කළේ නැද්ද? මේ බැංකුවේ ගිණුම් තිබෙන කට්ටියට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

කමනී Thursday, 31 July 2014 05:43 AM

අන්න වාර්තා වෙලා තිබෙනවා මේ ළමයා මාස 7ක් තිස්සේ මේ සල්ලි ඇදලා තියනවා කියලා. මෙතරම් ලොකු වැරද්දක් , සොයා ගන්න මාස 7 ක් ගත්ත මේ බැංකුවේ නම කවුරු හරි සොයලා පල කලොත් ලොකු සේවයක්. වෙන මොනවත් ඕන නැහැ. වයස 17 ක රැකියාවක් නොකරන කෙනෙකුට මෙපමණ සල්ලි ප්‍රමාණයක් ගිණුමට වැටුනේ කොහොමද කියල බැංකුවේ කට්ටිය කල්පනා කලේ නැද්ද ? මේ බැංකුවේ ගිණුම් තියන කට්ටියට දෙයියන්ගේම පිහිටයි. (නදී)

:       0       0

මයුර Thursday, 31 July 2014 05:51 PM

මට උනානම් මම කරන්නෙත් ඔය ටිකම තමා(අ)

:       0       0

ආසිරි Thursday, 31 July 2014 06:24 AM

විශ්වාස කටයුතු මාර්ගයකින් ලැබුන ආරංචියේ විදියට පුද්ගලික බැංකුවක්. නමුත් සදාචාරය සහ නීතිමය ගැටළු උද්ගත් විය හැකි නිසා මට මේ පාඨක සභාවේ දී බැංකුවේ නම කියන්න බැහැ. කියන්න තිබෙන්නේ අපේ දුක් මහන්සියෙන් හම්බ කල සල්ලි වලට කොතනකවත් ආරක්ෂාවක් ලැබේවි කියලා කාටවත් සහතික දෙන්න නම් බැහැ. (නදී)

:       0       0

ප්‍රසන්න කුමාර Wednesday, 30 July 2014 02:19 PM

මොහුට දෙන්න ඕනේ රජයෙන් සම්මානයක් (නදී)

:       0       0

බානු Wednesday, 30 July 2014 07:56 AM

වයස 17 ලු. ටික ටික ගෙවනවා කියන පොරොන්දුවක් දීලා. එක් කෝටි ගණනක් ආපසු ගෙවන්න එක්කෝ මෙයා රස්සාවකට බිල් ගේට් ළඟ වැඩට යන්න ඕන . නැතිනම් ඒ සල්ලි වලින් ගත්ත දේවල් ආපහු විකුනන්න ඕන. (අ)

:       0       0

නලින්ද Thursday, 31 July 2014 06:26 AM

මේ හොරකම කොල්ලගේ දක්ෂතාවය මත සිදු වෙච්ච දෙයක් නොවේ. බැංකුවේ නොසැලකිල්ල මත වෙච්ච දෙයක්. මේකට බැංකු නිලධාරීනුත් වගකිව යුතුයි. (නදී)

:       0       0

කරුණාරත්න Wednesday, 30 July 2014 08:36 AM

ළමයාගේ වැරද්දක් නැ. බැංකු වල වැරද්දක් තියෙව නිසා තමයි මෙහෙම වෙන්නේ. (අදහස් දන්නේ ඒවා ප්‍රචාරය වෙන්න ඕන නිසා) (නදී)

:       0       0

හර්ෂ මනෝජ් Wednesday, 30 July 2014 08:37 AM

කොහොමද එහෙම ගත්තේ? මේච්චර කාලයකට බැංකුවට ඇයි හොයාගන්න ‍බැරිවුනේ? වෙන්න බැරි වැඩක්නේ. (නදී)

:       0       0

අනෝමා Wednesday, 30 July 2014 02:55 PM

මෙතරම් සල්ලි ගන්නතුරු බැංකුවේ අය නිදාගෙනද හිටියේ? (නි)

:       0       0

ගාමිණී - සිරි Wednesday, 30 July 2014 08:46 AM

මෙයින් අපට වටහා ගන්න තියෙන්නේ ගජ මෑන්ගේ දක්ෂ කමත් , බැංකුවේ අදක්ෂ පරිපාලනයත්ය. (නදී)

:       0       0

ගුනේ Wednesday, 30 July 2014 08:50 AM

මේක සිද්ධ වුනේ රජයේ බැංකුවකද ? (නදී)

:       0       0

චමින්ද Wednesday, 30 July 2014 08:54 AM

බැංකුවේ වරදක් වුනත්, ගත්තොත් ගෙවන්න වෙනවා.අවුරුදු ගානකට ඉස්සල්ලා නවසීලන්තයේත් ඔවැනි දෙයක් වුනා.(අ)

:       0       0

නලින් යහම්පත් Wednesday, 30 July 2014 08:55 AM

කොල්ලාව බැංකුවටම රුකියාවට ගත්තානම් , බැංකුවට වටිනවා . ඔහුගෙන් බැංකුවට වටිනා අදහස් උපදෙස් ගන්නට පුළුවන් , ඉදිරියේදී මෙවැනි වංචා සිදු නොවීමට .(අ)

:       0       0

ප්‍රබාත් Friday, 01 August 2014 02:36 AM

මෙය අයතා මුදල් පරිහරණය යන වරද වේ. (නදී)

:       0       0

රාමා Wednesday, 30 July 2014 09:22 AM

මෙයාගේ සුදුසු කම් වලට හොඳ තැනක ජොබ් එකක් දෙන්නකෝ දීල ඒ හැකියා වලින් හොඳ දියුණු තාක්ෂනය අපතේ යවන්න එපා. (අ)

:       0       0

සදා Wednesday, 30 July 2014 04:54 PM

වැරැද්ද බැංකුවේ. පාඩුව විදගන්න වෙයි (නදී)

:       0       0

පෙරේරා Wednesday, 30 July 2014 09:23 AM

බානු, බිල් ගේට් ගාව වැඩට ගිහින් සොච්චමක් හම්බවෙයි, මේ කොල්ල ලංකාවේ දේශපාලනේට ගිහින් ඇමතිකෙනෙක් වෙනවා ස්තිරයි. (අ)

:       0       0

සදාජිති වික්‍රම Wednesday, 30 July 2014 05:06 PM

කොහොම වුනාද දන්නේ නැහැ මේක නම් බැංකුවේ වැරැද්ද (නදී)

:       0       0

අමර Wednesday, 30 July 2014 09:28 AM

පොලි නැතුව ණයක් අරන් මිනිහ ආයෝජනයක් කලාද දන්නේ නෑනේ. (අ)

:       0       0

මිෂෙල් Wednesday, 30 July 2014 05:08 PM

මෙයා නම් රජ වැඩ කාරයෙක් තමයි'. නැත්තම් මෙහෙම වැඩක් (අ)

:       0       0

නන්ද Wednesday, 30 July 2014 09:36 AM

නියම කොල්ලා....(අ)

:       0       0

ලලිත් - SL Wednesday, 30 July 2014 09:38 AM

බැංකුවේ වරදලුනේ. පව් අහිංසක දරුවා.ඇමති කෙනෙක් වෙනවාමයි. (අ)

:       0       0

රුවන්තිකා Wednesday, 30 July 2014 09:48 AM

එහෙම වෙන්න පුලුවන්ද?හිතා ගන්නත් අමාරුයි .එයාට විතරක් එහෙම සල්ලි ගන්න පුළුවන්වුණේ කොහොමද?මෙහෙමත් වරදින්න පුලුවන්ද බැංකුවකට? (අ)

:       0       0

ජෝන් සෞදි Wednesday, 30 July 2014 09:56 AM

බැංකුව මොකක්ද දන්නැහැ අපිටත් ගිණුමක් ඇර ගන්න.(අ)

:       0       0

මිලානො ජයන්ත Wednesday, 30 July 2014 10:02 AM

රජකාලෙ අමාත්‍යකෙනෙක් කියන්නෙ ගරු ගාම්බීරත්වයක්, අදකාලේ මේඅදහස් දානඅයදිහා බලපුවහම ඔවුන් ජාතික හොරු ගනයට වැටිල.අත්තටම මේ අැමතිවරුන්ට ලජ්ජාවක් හෙම නැත්ද? (අ)

:       0       0

රිකාස් Wednesday, 30 July 2014 10:02 AM

අනාගත අගමැති කෙනෙක්.(අ)

:       0       0

දර්ශන Wednesday, 30 July 2014 10:07 AM

මේ වගේ ලොකු වැරද්දක් බැංකුවේ විගණන නිලධාරීන්ට වත් සෑහෙන කාලයක් යන කල් අසු නොවී ඇති පාටයි. මම එහෙම කිව්වේ ටෙලර් යන්ත්‍ර වලින් මෙපමණ වාර ගණනක් සල්ලි අදින්න දවසකින් දෙකකින් බැහැනේ. අනෙක විවිධ නගර වලට යන්නත් සැහෙන කාලයක් ගතවෙනවා නේ පුද්ගලික ජෙට් එකකින් නොගිහින් අපේ බස් වල කොට කොට ගියා නම් ! අනෙක තනි පුද්ගලයෙකු මෙහෙම විශාල පරිමාන මුදල් ආපසු ටේලර් යන්ත්‍ර වලින් ගන්න කොට යම් කිසි සීමාවක් පන්නපු ගමන් එය බැංකුවේ එදිනෙදා වාර්තාවලට ඇතුලත් වෙනවා. මෙහෙම ආරක්ෂක උපක්‍රම තිබියදීත් මේ පුද්ගලයාට කිසිම අපහසුතාවකින් තොරව මුදල් ඇද ගන්න ලැබී තිබෙන්නේ බැංකු නිලධාරින් සුමානයක් හමාරක් එක දිගට නිදා ගෙන ඉන්න ඇති. (නදී)

:       0       0

උපජීව Wednesday, 30 July 2014 10:06 AM

බැංකුවේ වරදට අහිංසක කොල්ල පලිද ? බැංකුවේ නම දාන්න මොකද මෙයාල කරන වරදට කුඩුවේ ලගින්න වෙන්නේ අපිට. හරි නම් බැංකුවට විරුද්ධව නීති මගින් කටයුතු කරන්න ඕනා. මේ ළමය ගේ දෙමව්පියෝ (නදී)

:       0       0

ෆවුස් Wednesday, 30 July 2014 10:14 AM

බැංකුවෙන් බෝනස් එකක් දෙන්න වටිනවා !!! (අ)

:       0       0

ඩිලාන් Wednesday, 30 July 2014 10:15 AM

මේක නම් ආණ්ඩුවේ බැංකුවක් වෙන්න ඇති. පුද්ගලික බැංකුවල මීට වඩා මුදල් සම්බන්ධයෙන් ආරක්ෂක ක්‍රමවේදයන් භාවිත වෙනවා. (අ)

:       0       0

ලෝචන අසංක Thursday, 31 July 2014 09:59 AM

මොකක්ද ඔය බැංකුව? තාක්ෂනය දියුණු මේවගේ කාලෙදිවත් තමන්ගේ වත්කම් ආරක්ෂා කරගන්න බැරි බැංකුවකින් වැඩක් තියෙනවද? (නදී)

:       0       0

චාන්දනී Wednesday, 30 July 2014 10:20 AM

මේ වැරැද්ද අල්ල ගන්නට බැංකුවට සෑහෙන කලක් යන්න ඇති. මුදල සහ ආපසු ගැනීම් වාර ගණන බලනකොට මට එහෙම හිතෙනවා. සාමාන්‍යයෙන් බැංකුවේ විගණන කටයුතු කෙරෙන නිසා මෙතරම් ලොකු මුදලක් වැරදීමකින් ගිණුමට බැර වුනත් පසුවදාට හෝ සාමාන්‍යයෙන් හෙළි වෙනවා . එත් මේ බැංකුව නම් මොකද්ද කියල දැන ගන්න ම වටිනවා. (අ)

:       0       0

නෙළුම් Wednesday, 30 July 2014 10:26 AM

දැන් මේ ළමය මෙපමණ මුදල් ප්‍රමාණයක් වියදම් කරන කොට ඔහුගේ අතේ අසාමාන්‍ය ලෙස මුදල් ගැවසෙන බව දෙමව්පියන් දැකලා නැද්ද ? සාමාන්‍යයෙන් තමන්ගේ ළමයගේ අතට තමන් නොදුන් මහා පරිමාන මුදලක් ගැන වැඩිහිටියන්ට ඉවක් වැටුනේ නැහැ කියන එක හිතා ගන්නත් අමාරුයි.(අ)

:       0       0

අනුරුද්ධ ජයසුන්දර Wednesday, 30 July 2014 10:27 AM

අමුතු මොලයක් වෙන්න බැහැ. ගිණුමේ ශේෂය වැරදීමකින් ශත බින්දු දෙක ඉදිරියේ තිබෙන තිත නොතියන්න ඇති. (නදී)

:       0       0

බිමල් Wednesday, 30 July 2014 08:14 PM

පුදුමය කියන්නේ මේක තාක්ෂණයේ අද්විතීය බැංකුවකින් වුණ එකනේ.. (නි)

:       0       0

සම්පත් Wednesday, 30 July 2014 10:29 AM

කොල්ලගේ වැරැද්දට අැයි මේ තරම් ඇමතිලට බනින්නේ? කවදත් ලංකාවේ කැඳ බොන එකා බත් කන එකාට ඉරිසියයි. (නදී)

:       0       0

කුෂී Wednesday, 30 July 2014 10:31 AM

වැරදිලා ලොකු ගණනක් මේ ළමයාගේ ගිණුමට බැර වුනා වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය තියෙන්නේ මෙපමණ වාර ගානක් සල්ලි ආපසු ගනිමින් රට වටේම ටේලර් යන්ත්‍ර වෙත යමින් ගත කල කාලය අනුව මේ වැරැද්ද බැංකුවට පසුවදා වත් අසු නොවුනේ මොකද මන්දා. මේවා පරික්ෂා කරන නිලධාරින් නිදා ගෙනද සිටියේ ?(නදී)

:       0       0

පැතුම් Wednesday, 30 July 2014 10:09 PM

මොනවා වුණත් හොඳ බුද්ධියක් ඇති අයෙක් (නි)

:       0       0

මෙලනි Wednesday, 30 July 2014 10:35 AM

මේ විදියට මහා පරිමාන මුදල් ආපසු ගැනීම අනිවාර්යයෙන්ම බැංකුවේ ගිණුම් නිලධාරීන්ට අහු වෙන්න ඕන. මට නම් හිතෙන්නේ මේ වැරැද්ද ගිණුම් අංශයෙනුත් මග හැරෙන්න ඇති. එහෙම නැතිව මෙපමණ වාර ගානක් මුදල් තොග පිටින් අදිද්දී බැංකුවේ එදිනෙදා වාර්තාවලට මේ කාරනාව ඇතුලත් නොවුනේ කොහොමද ? (අ)

:       0       0

ඉෂාන් Wednesday, 30 July 2014 11:37 PM

බැංකුවේත් ලොකු වැරැද්දක් තියෙනවා (නි)

:       0       0

කාන්ති Thursday, 31 July 2014 12:26 AM

මෙච්චර හරියක් වෙද්දී මේ බැංකුව නිදාගෙනද හිටියේ? අපේ දුව එක දවසක් වෙනදාට ගන්නවාට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ටේලර් යන්ත්‍රයෙන් අරගෙන එයාගේ බැංකුවේ නිලධාරියෙක් මොබයිල් එකට කතා කරලා අනන්‍යතාවය සෝදිසි කළාලු (නි)

:       0       0

ජනනි Wednesday, 30 July 2014 10:40 AM

අපෝ මේ බැංකුව මොකද්ද කියල පුළුවන් නම් කවුරු හරි සොයලා පල කරන්න. අපේ සොච්චම් ගිනුමත් නරක වෙලාවට මෙතනමද දන්නේ නැහැ. මම බැංකු කටයුතු කරන්නෙත් ජා ඇල ප්‍රදේශයේ. (අ)

:       0       0

සුභාෂ් Wednesday, 30 July 2014 10:49 AM

චාන්දනී කියනදේ ඇත්ත .මේක නම් බැංකුවේ විගණන නිලධාරීන්ගේ මහා පරිමාණ අතපසුවීමක් වෙන්න ඕනෑ. නැත්නම් මේ ළමයා රට වටේම ටේලර් යන්තර වැඳ පුදා ගනිමින් ඉන්නකොටවත් මේ වැරැද්ද ගැන වැඩි වෙලා නොගිහින් බැංකුව දැන ගන්න ඕනෑ. (නි)

:       0       0

චානක. Thursday, 31 July 2014 02:00 AM

මොහු ලබාගෙන තිබෙන මුදල බැංකුවට ගෙවීමේ වගකීමට ලක්වෙනවා. (නි)

:       0       0

සඳුන් පෙරේරා Wednesday, 30 July 2014 10:57 AM

බැරිද බැංකුව මොකක්ද කියන්න. (නි)

:       0       0

කසුන් ගමගේ Thursday, 31 July 2014 12:02 PM

මං නම් දෙන්නේ නෑ.බැංකුවේ වැරදි වලට ඒ කොල්ල මොන කරන්නද(අ)

:       0       0

අනුර Thursday, 31 July 2014 02:58 AM

මෙම බැංකුවේ මුදල් දමන අය මෙය සැළකිල්ලට ගත්තොත් හොඳයි (නි)

:       0       0

රොෂාන් Wednesday, 30 July 2014 11:17 AM

මේක ආණ්ඩුවේ බැංකුවක් නෙමෙයි නම් මෙලහකට, කළමනාකරු, විගණන නිලධාරි, අදාළ බැර කිරීම පරිගණකයෙන් අනුමත කළ නිලධාරියා සිට ටේලර් යන්තරයට සල්ලි දැමූ පැත්තක සිටි කැෂියර් දක්වාම මෙලහකට ගතයුතු ක්‍රියාමාර්ග ගෙන අවසන් ඇති. (නි)

:       0       0

මිනිපෙ Thursday, 31 July 2014 03:00 AM

මේ හොරකම වීර ක්‍රියාවක් හැටියට නොසළකන්න.මොහු තරුණ ළමයෙකි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 30 July 2014 11:21 AM

කොල්ලාගේ පින! (නි)

:       0       0

ඉන්දික Wednesday, 30 July 2014 11:33 AM

අනේ මොකද්ද කියන්නකෝ ඔය බැංකුව? මටත් ඕනෑ ගිණුමක් අරින්න. බිල් ගේට්ස් දන්නවා නම් මේ ළමයාව දැන් ඇවිල්ලා ඇමෙරිකාවට එක්කගෙන යනවා. අනේ මෙහෙම බැංකු? (නි)

:       0       0

සුනිල් මාපලගම Wednesday, 30 July 2014 11:43 AM

මෙම තරුණයා මෙපමණ මුදලක් බැංකුවෙන් ක්‍රෙඩිට් කාඩ්පතින් ගනිද්දී,බැංකුවට නොපෙනීම බැංකුවේ ලොකු වරදක්. තාක්ෂණයේ දියුණුව තරුණයා හොරකමට ගනිද්දී , තාක්ෂණය තමාගේ දියුණුවට ගන්නට බැංකුවට බැරිවීමත් පුදුමයක්. මෙපමණ මුදලක් අරගෙන මෙම තරුණයා එම මුදල් කුමන විදියට වියදම් කළාද? ආපසු මුදල් ගෙවීම ඔහු කරන්නේ කුමන ආදයමකින්ද? වංචා කළ මුදල සුළු පටු නොවේ (නි)

:       0       0

ඉසාක් Thursday, 31 July 2014 04:11 AM

මම නම් බැංකුවේ නම දන්නවා (නි)

:       0       0

අජිත් Thursday, 31 July 2014 01:58 PM

දෙමව්පියන්ගේ වැරැද්ද. මේ ළමය රට වටේ යනකන් බලන් හිටියද?(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 905 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 318 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4056 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1458 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 694 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2454 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site