ජා-ඇළ බැංකුවක ඉතිරිකිරීමේ ගිනුමක් ඇරැඹූ 17 හැවිරිදි තරුණයකු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් රුපියල් එක්කෝටි හැත්තෑ අට දහසක් ලබා ගෙන ඇතැයි කොටුව මහේස්ත්‍රාත් උසාවියේ දී අද කියැවිණි.
රුපියල් 163000ක ශේෂයක් ඔහුගේ බැංකුවේ තිබිය දී රුපියල් කෝටි එක හමාරකට වැඩි මුදලක් ආපසු ලැබී ඇත්තේ බැංකුවේ දෝෂයක් නිසා බව බැංකුව උසාවියේ දී පිළිගත්තේය.
එම තරුණයා මාස හතකදී විවිධ නගරවල ටෙලර් යන්ත්‍රවලින් 558 වාරයක් මුදල් ගෙන ඇත.
බැංකුවට මුදල් ටික ටික ගෙවීමට මෙම තරුණයා අද පොරොන්දු විය.
එහෙයින් රුපියල් පනස් දහසක මුදල් ඇපයක් හා ලක්ෂ දහයක ශරීර ඇපයක් මත ඔහු මුදා හරින ලෙස මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර හරියක් වෙද්දී මේ බැංකුව නිදාගෙනද හිටියේ? අපේ දුව එක දවසක් වෙනදාට ගන්නවාට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ටේලර් යන්ත්‍රයෙන් අරගෙන එයාගේ බැංකුවේ නිලධාරියෙක් මොබයිල් එකට කතා කරලා අනන්‍යතාවය සෝදිසි කළාලු (නි)
මේ සිද්ධ වුණ වැඩේට විගණන නිලධාරියාගේ නොසැළකිලිමත්කම අනිවාර්යයෙන් බලපාන්න ඇති. චාන්දනී මහත්මිය නිවැරදියි. (නි)
අම්මලාට,තාත්තලාට අද දරුවන් ගැන හොයන්න වෙලාවක් නැහැ.ළමයා නොමඟට යනවා දෙමාපියන් දන්නේ නැහැ. (නි)
මේ වැරැද්ද සිද්ධ වුණේ පුද්ගලික බැංකුවක නම් කළමනාකරුගේ සිට අහළින් පහළින් ඇවිදගෙන ගිය ශාඛා කාර්යාල සේවකයා දක්වාම මෙලහකට ගතයුතු ක්‍රියාමාර්ග ගෙන ඇති. හැබැයි එහෙම තැනක නෙමෙයි නම් තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. (නි)
මේ පරිත්‍යාගශීලී බැංකුව මොකද්ද කියලා සොයන්නම වටිනවා. (නි)
මෙයා වරදක් කරලාවත් වීරකමක් කරලවත් නැහැ. (නි)
තාරුණ්‍යයේ හෙටක් හා ආසියාවේ ආශ්චර්යය ජාඩියයි මුඩියයි වගේ හොඳට ගැළපෙනවා. (නි)
මොනවා වුණත් මේ සල්ලි අපේ රටේ අහිංසක අම්මලා අප්පච්චිලාගේ සල්ලිනෙ. මේ වගේ දේවල් රටේ බැංකු වලින් වෙද්දී කොහොමද විශ්වාස කරලා අපි ඕවාට සල්ලි දාන්නේ? මීට වැඩිය සැළකිලිමත්ව වැඩ කරන්න ඕනෑ. මොකද මේ විනාශ වෙන්නේ රටේ සල්ලි ..... (නි)
මොහුට දෙන්න ඕනේ රජයෙන් සම්මානයක් (නදී)
මෙතරම් සල්ලි ගන්නතුරු බැංකුවේ අය නිදාගෙනද හිටියේ? (නි)
වැරැද්ද බැංකුවේ. පාඩුව විදගන්න වෙයි (නදී)
කොහොම වුනාද දන්නේ නැහැ මේක නම් බැංකුවේ වැරැද්ද (නදී)
මෙයා නම් රජ වැඩ කාරයෙක් තමයි'. නැත්තම් මෙහෙම වැඩක් (අ)
පුදුමය කියන්නේ මේක තාක්ෂණයේ අද්විතීය බැංකුවකින් වුණ එකනේ.. (නි)
මොනවා වුණත් හොඳ බුද්ධියක් ඇති අයෙක් (නි)
බැංකුවේත් ලොකු වැරැද්දක් තියෙනවා (නි)
මෙම තරුණයා මෙපමණ මුදලක් බැංකුවෙන් ක්‍රෙඩිට් කාඩ්පතින් ගනිද්දී,බැංකුවට නොපෙනීම බැංකුවේ ලොකු වරදක්. තාක්ෂණයේ දියුණුව තරුණයා හොරකමට ගනිද්දී , තාක්ෂණය තමාගේ දියුණුවට ගන්නට බැංකුවට බැරිවීමත් පුදුමයක්. මෙපමණ මුදලක් අරගෙන මෙම තරුණයා එම මුදල් කුමන විදියට වියදම් කළාද? ආපසු මුදල් ගෙවීම ඔහු කරන්නේ කුමන ආදයමකින්ද? වංචා කළ මුදල සුළු පටු නොවේ (නි)
මොහු ලබාගෙන තිබෙන මුදල බැංකුවට ගෙවීමේ වගකීමට ලක්වෙනවා. (නි)
මෙම බැංකුවේ මුදල් දමන අය මෙය සැළකිල්ලට ගත්තොත් හොඳයි (නි)
මේ හොරකම වීර ක්‍රියාවක් හැටියට නොසළකන්න.මොහු තරුණ ළමයෙකි. (නි)
මම නම් බැංකුවේ නම දන්නවා (නි)
බැංකුවට වැරදිලාවද්ද? (නි)
මෙතරම් ලොකු වැරැද්දක් සොයාගන්න නොහැකි වූ මේ බැංකුවේ නම කිවුවොත් ලොකු සේවයක්. වෙන මොනවත් ඕනෑ නැහැ. වයස 17 ක රැකියාවක් නොකරන කෙනෙකුට මෙපමණ සල්ලි ප්‍රමාණයක් ගිණුමට වැටුනේ කොහොමද කියලා බැංකුවේ කට්ටිය කල්පනා කළේ නැද්ද? මේ බැංකුවේ ගිණුම් තිබෙන කට්ටියට දෙවියන්ගේම පිහිටයි. (නි)
අන්න වාර්තා වෙලා තිබෙනවා මේ ළමයා මාස 7ක් තිස්සේ මේ සල්ලි ඇදලා තියනවා කියලා. මෙතරම් ලොකු වැරද්දක් , සොයා ගන්න මාස 7 ක් ගත්ත මේ බැංකුවේ නම කවුරු හරි සොයලා පල කලොත් ලොකු සේවයක්. වෙන මොනවත් ඕන නැහැ. වයස 17 ක රැකියාවක් නොකරන කෙනෙකුට මෙපමණ සල්ලි ප්‍රමාණයක් ගිණුමට වැටුනේ කොහොමද කියල බැංකුවේ කට්ටිය කල්පනා කලේ නැද්ද ? මේ බැංකුවේ ගිණුම් තියන කට්ටියට දෙයියන්ගේම පිහිටයි. (නදී)
විශ්වාස කටයුතු මාර්ගයකින් ලැබුන ආරංචියේ විදියට පුද්ගලික බැංකුවක්. නමුත් සදාචාරය සහ නීතිමය ගැටළු උද්ගත් විය හැකි නිසා මට මේ පාඨක සභාවේ දී බැංකුවේ නම කියන්න බැහැ. කියන්න තිබෙන්නේ අපේ දුක් මහන්සියෙන් හම්බ කල සල්ලි වලට කොතනකවත් ආරක්ෂාවක් ලැබේවි කියලා කාටවත් සහතික දෙන්න නම් බැහැ. (නදී)
මේ හොරකම කොල්ලගේ දක්ෂතාවය මත සිදු වෙච්ච දෙයක් නොවේ. බැංකුවේ නොසැලකිල්ල මත වෙච්ච දෙයක්. මේකට බැංකු නිලධාරීනුත් වගකිව යුතුයි. (නදී)
මොකක්ද ඔය බැංකුව? තාක්ෂනය දියුණු මේවගේ කාලෙදිවත් තමන්ගේ වත්කම් ආරක්ෂා කරගන්න බැරි බැංකුවකින් වැඩක් තියෙනවද? (නදී)
මං නම් දෙන්නේ නෑ.බැංකුවේ වැරදි වලට ඒ කොල්ල මොන කරන්නද(අ)
දෙමව්පියන්ගේ වැරැද්ද. මේ ළමය රට වටේ යනකන් බලන් හිටියද?(අ)
මේ නිව්ස් එකට දාල තිබුන කමෙන්ට්ස් ටික ඔක්කොම වගේ කියෙව්වා එක එක අයගේ එක එක අදහස් , මම හිතන විදියට තාක්ෂනය කියන දේ හොදට සහ නරකට දෙකටම යොදා ගන්න පුළුවන් කියන එකට හොද උදාහරනයක් මේක. (නදී)
මට උනානම් මම කරන්නෙත් ඔය ටිකම තමා(අ)
මෙය අයතා මුදල් පරිහරණය යන වරද වේ. (නදී)
මේ වගේ ලොකු වැරද්දක් බැංකුවේ විගණන නිලධාරීන්ට වත් සෑහෙන කාලයක් යන කල් අසු නොවී ඇති පාටයි. මම එහෙම කිව්වේ ටෙලර් යන්ත්‍ර වලින් මෙපමණ වාර ගණනක් සල්ලි අදින්න දවසකින් දෙකකින් බැහැනේ. අනෙක විවිධ නගර වලට යන්නත් සැහෙන කාලයක් ගතවෙනවා නේ පුද්ගලික ජෙට් එකකින් නොගිහින් අපේ බස් වල කොට කොට ගියා නම් ! අනෙක තනි පුද්ගලයෙකු මෙහෙම විශාල පරිමාන මුදල් ආපසු ටේලර් යන්ත්‍ර වලින් ගන්න කොට යම් කිසි සීමාවක් පන්නපු ගමන් එය බැංකුවේ එදිනෙදා වාර්තාවලට ඇතුලත් වෙනවා. මෙහෙම ආරක්ෂක උපක්‍රම තිබියදීත් මේ පුද්ගලයාට කිසිම අපහසුතාවකින් තොරව මුදල් ඇද ගන්න ලැබී තිබෙන්නේ බැංකු නිලධාරින් සුමානයක් හමාරක් එක දිගට නිදා ගෙන ඉන්න ඇති. (නදී)
ළමයාගේ වැරද්දක් නැ. බැංකු වල වැරද්දක් තියෙව නිසා තමයි මෙහෙම වෙන්නේ. (අදහස් දන්නේ ඒවා ප්‍රචාරය වෙන්න ඕන නිසා) (නදී)
කොහොමද එහෙම ගත්තේ? මේච්චර කාලයකට බැංකුවට ඇයි හොයාගන්න බැරිවුනේ? වෙන්න බැරි වැඩක්නේ. (නදී)
මෙයින් අපට වටහා ගන්න තියෙන්නේ ගජ මෑන්ගේ දක්ෂ කමත් , බැංකුවේ අදක්ෂ පරිපාලනයත්ය. (නදී)
මේක සිද්ධ වුනේ රජයේ බැංකුවකද ? (නදී)
බැංකුවේ වරදක් වුනත්, ගත්තොත් ගෙවන්න වෙනවා.අවුරුදු ගානකට ඉස්සල්ලා නවසීලන්තයේත් ඔවැනි දෙයක් වුනා.(අ)
කොල්ලාව බැංකුවටම රුකියාවට ගත්තානම් , බැංකුවට වටිනවා . ඔහුගෙන් බැංකුවට වටිනා අදහස් උපදෙස් ගන්නට පුළුවන් , ඉදිරියේදී මෙවැනි වංචා සිදු නොවීමට .(අ)
මෙයාගේ සුදුසු කම් වලට හොඳ තැනක ජොබ් එකක් දෙන්නකෝ දීල ඒ හැකියා වලින් හොඳ දියුණු තාක්ෂනය අපතේ යවන්න එපා. (අ)
බානු, බිල් ගේට් ගාව වැඩට ගිහින් සොච්චමක් හම්බවෙයි, මේ කොල්ල ලංකාවේ දේශපාලනේට ගිහින් ඇමතිකෙනෙක් වෙනවා ස්තිරයි. (අ)
පොලි නැතුව ණයක් අරන් මිනිහ ආයෝජනයක් කලාද දන්නේ නෑනේ. (අ)
නියම කොල්ලා....(අ)
බැංකුවේ වරදලුනේ. පව් අහිංසක දරුවා.ඇමති කෙනෙක් වෙනවාමයි. (අ)
එහෙම වෙන්න පුලුවන්ද?හිතා ගන්නත් අමාරුයි .එයාට විතරක් එහෙම සල්ලි ගන්න පුළුවන්වුණේ කොහොමද?මෙහෙමත් වරදින්න පුලුවන්ද බැංකුවකට? (අ)
බැංකුව මොකක්ද දන්නැහැ අපිටත් ගිණුමක් ඇර ගන්න.(අ)
රජකාලෙ අමාත්‍යකෙනෙක් කියන්නෙ ගරු ගාම්බීරත්වයක්, අදකාලේ මේඅදහස් දානඅයදිහා බලපුවහම ඔවුන් ජාතික හොරු ගනයට වැටිල.අත්තටම මේ අැමතිවරුන්ට ලජ්ජාවක් හෙම නැත්ද? (අ)
අනාගත අගමැති කෙනෙක්.(අ)
වයස 17 ලු. ටික ටික ගෙවනවා කියන පොරොන්දුවක් දීලා. එක් කෝටි ගණනක් ආපසු ගෙවන්න එක්කෝ මෙයා රස්සාවකට බිල් ගේට් ළඟ වැඩට යන්න ඕන . නැතිනම් ඒ සල්ලි වලින් ගත්ත දේවල් ආපහු විකුනන්න ඕන. (අ)
බැංකුවේ වරදට අහිංසක කොල්ල පලිද ? බැංකුවේ නම දාන්න මොකද මෙයාල කරන වරදට කුඩුවේ ලගින්න වෙන්නේ අපිට. හරි නම් බැංකුවට විරුද්ධව නීති මගින් කටයුතු කරන්න ඕනා. මේ ළමය ගේ දෙමව්පියෝ (නදී)
බැංකුවෙන් බෝනස් එකක් දෙන්න වටිනවා !!! (අ)
මේක නම් ආණ්ඩුවේ බැංකුවක් වෙන්න ඇති. පුද්ගලික බැංකුවල මීට වඩා මුදල් සම්බන්ධයෙන් ආරක්ෂක ක්‍රමවේදයන් භාවිත වෙනවා. (අ)
මේ වැරැද්ද අල්ල ගන්නට බැංකුවට සෑහෙන කලක් යන්න ඇති. මුදල සහ ආපසු ගැනීම් වාර ගණන බලනකොට මට එහෙම හිතෙනවා. සාමාන්‍යයෙන් බැංකුවේ විගණන කටයුතු කෙරෙන නිසා මෙතරම් ලොකු මුදලක් වැරදීමකින් ගිණුමට බැර වුනත් පසුවදාට හෝ සාමාන්‍යයෙන් හෙළි වෙනවා . එත් මේ බැංකුව නම් මොකද්ද කියල දැන ගන්න ම වටිනවා. (අ)
දැන් මේ ළමය මෙපමණ මුදල් ප්‍රමාණයක් වියදම් කරන කොට ඔහුගේ අතේ අසාමාන්‍ය ලෙස මුදල් ගැවසෙන බව දෙමව්පියන් දැකලා නැද්ද ? සාමාන්‍යයෙන් තමන්ගේ ළමයගේ අතට තමන් නොදුන් මහා පරිමාන මුදලක් ගැන වැඩිහිටියන්ට ඉවක් වැටුනේ නැහැ කියන එක හිතා ගන්නත් අමාරුයි.(අ)
අමුතු මොලයක් වෙන්න බැහැ. ගිණුමේ ශේෂය වැරදීමකින් ශත බින්දු දෙක ඉදිරියේ තිබෙන තිත නොතියන්න ඇති. (නදී)
කොල්ලගේ වැරැද්දට අැයි මේ තරම් ඇමතිලට බනින්නේ? කවදත් ලංකාවේ කැඳ බොන එකා බත් කන එකාට ඉරිසියයි. (නදී)
වැරදිලා ලොකු ගණනක් මේ ළමයාගේ ගිණුමට බැර වුනා වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය තියෙන්නේ මෙපමණ වාර ගානක් සල්ලි ආපසු ගනිමින් රට වටේම ටේලර් යන්ත්‍ර වෙත යමින් ගත කල කාලය අනුව මේ වැරැද්ද බැංකුවට පසුවදා වත් අසු නොවුනේ මොකද මන්දා. මේවා පරික්ෂා කරන නිලධාරින් නිදා ගෙනද සිටියේ ?(නදී)
මේ විදියට මහා පරිමාන මුදල් ආපසු ගැනීම අනිවාර්යයෙන්ම බැංකුවේ ගිණුම් නිලධාරීන්ට අහු වෙන්න ඕන. මට නම් හිතෙන්නේ මේ වැරැද්ද ගිණුම් අංශයෙනුත් මග හැරෙන්න ඇති. එහෙම නැතිව මෙපමණ වාර ගානක් මුදල් තොග පිටින් අදිද්දී බැංකුවේ එදිනෙදා වාර්තාවලට මේ කාරනාව ඇතුලත් නොවුනේ කොහොමද ? (අ)
අපෝ මේ බැංකුව මොකද්ද කියල පුළුවන් නම් කවුරු හරි සොයලා පල කරන්න. අපේ සොච්චම් ගිනුමත් නරක වෙලාවට මෙතනමද දන්නේ නැහැ. මම බැංකු කටයුතු කරන්නෙත් ජා ඇල ප්‍රදේශයේ. (අ)
චාන්දනී කියනදේ ඇත්ත .මේක නම් බැංකුවේ විගණන නිලධාරීන්ගේ මහා පරිමාණ අතපසුවීමක් වෙන්න ඕනෑ. නැත්නම් මේ ළමයා රට වටේම ටේලර් යන්තර වැඳ පුදා ගනිමින් ඉන්නකොටවත් මේ වැරැද්ද ගැන වැඩි වෙලා නොගිහින් බැංකුව දැන ගන්න ඕනෑ. (නි)
බැරිද බැංකුව මොකක්ද කියන්න. (නි)
මේක ආණ්ඩුවේ බැංකුවක් නෙමෙයි නම් මෙලහකට, කළමනාකරු, විගණන නිලධාරි, අදාළ බැර කිරීම පරිගණකයෙන් අනුමත කළ නිලධාරියා සිට ටේලර් යන්තරයට සල්ලි දැමූ පැත්තක සිටි කැෂියර් දක්වාම මෙලහකට ගතයුතු ක්‍රියාමාර්ග ගෙන අවසන් ඇති. (නි)
කොල්ලාගේ පින! (නි)
අනේ මොකද්ද කියන්නකෝ ඔය බැංකුව? මටත් ඕනෑ ගිණුමක් අරින්න. බිල් ගේට්ස් දන්නවා නම් මේ ළමයාව දැන් ඇවිල්ලා ඇමෙරිකාවට එක්කගෙන යනවා. අනේ මෙහෙම බැංකු? (නි)