IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කොල්ලකරු අල්ලා ගන්න බැරිවේ : ප්‍රංශ කත ටිපර් රියේ හැපී රෝහලේ

තම අත්බෑගය පැහැර ගත් කොල්ලකරුවකු පසුපස පා පැදියෙන් හමා ගිය සංචාරක කතක ටිපර් රියකට යටවී අනුරාධපුර රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.

කොල්ලකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී නැත.ලංකාරාමය අසලදී ඇය මේ අනතුරට මුහුණ පෑවාය.

406 407

 

 



අදහස් (0)

කොල්ලකරු අල්ලා ගන්න බැරිවේ : ප්‍රංශ කත ටිපර් රියේ හැපී රෝහලේ

අපොන්සු Sunday, 10 August 2014 06:21 AM

මෙතන උගතුන්ගේ අදහස අනුව රටේ මිනිසුන්ට කුඩම්මාගේ සැළකිල්ලත් සංචාරකයන්ට තරුපහේ සැළකිල්ලත් දැක්වීමද නිවැරදි වන්නේ? මේ වගේ සුළු අපරාධ නොවෙන රටක් සොයාගත්තොත් ඒ රටෙන්ම, නොමළ නිවසකින් අබ ඇටත් අපට සපයාගන්න හැකිවේවි. (නි)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 06:25 AM

ලසිත්,මෙතන අපේ පපුව උණු වුණේ විත්තිකාරයා සංචාරකයෙක් නිසා නොවේද? (නි)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 06:29 AM

වරුණි ‍, ඔබ නොදන්නවා වුණාට බොහොමයක් සංචාරකයන් සංචාරක රක්ෂණයක් අරගෙනයි එන්නේ (නි)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 06:34 AM

සරසි, මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක් නොවෙයි. මේක ලෝකේ ඕනෑම රටක ඉතාම බහුලව වෙන සුළු දෙයක්. ඒ නිසා තමයි ලෝකයේ සංචාරක රක්ෂණ කියලා දෙයක් තියෙන්නේ. මේ කාන්තාව විශේෂයෙන්ම තුන්වැනි ලෝකයේ රටකට එනකොට පිළිපැදිය යුතු සාමාන්‍ය දැනීම නැති කෙනෙක් වගෙයි. (නි)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 06:36 AM

බමුණු,සංචාරකයින් රකින්න කලින් අපි අපේ රටේ මිනිසුන් ආරක්ෂා කිරීම හොඳ නැද්ද? (නි)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 06:37 AM

බමුණු, සෞදි අරාබියේ වෙන අපරාධ ගැන නොදන්නේද? (නි)

:       0       0

රිචි බාලසුරිය Saturday, 09 August 2014 08:19 PM

ලංකාවට එන සංචාරකයන් නැවත එන්නේ නැහැ, මේ වාගේ අත්දැකීම් වලින් පසුව. ලංකාවට විදේශ ආදායම ලබාදෙන ලොකුම දෙයක් සංචාරක සේවය. බලධාරින් සහ වගකිවයුතු අය මේවාට ඉක්මන් පියවර ගතයුතුයි (නි)

:       0       0

චන්දිම Saturday, 09 August 2014 08:43 PM

කෙනෙකුට පාරේ බැහැලා යන්න බැහැ. හැමතැනම හොරු. ලංකාවේදී මගේ බෑග් එකත් උදුරාගෙන ගියා. කෝ ලංකාවේ ආරක්ෂාව? (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 09 August 2014 09:03 PM

කරුණාකර සංචාරකයන්ට කරදර කරන අයට දැඩි දඩුවම් දෙන විදිහට නීති සම්මත කරන්න. සංචාරකයන් සම්බන්ධ නඩු ඉක්මනින් සහ කාර්යක්ෂමව විසඳීමට පහසුකම් ඇති වෙනමම උසාවියක් කොළඹ පිහිටුවන්න. ලංකාවේ සංචාරක කර්මාන්තය නඟාසිටුවන්නට නම් මුලින්ම ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කළයුතු වේ (නි)

:       0       0

දර්ශණ Sunday, 10 August 2014 03:50 PM

ඒ පාරේ බර වාහන යන්න තහනම්. මේයා සම්පුර්ණ වැරදි කාරයා,උපරිම දඩුවම් දෙන්න ඕනේ. කලිනුත් මෙයාගෙ වැරදි තියණවා. (නදී)

:       0       0

කෙවින් Sunday, 10 August 2014 07:21 AM

අපොන්සු, කෙලින්ම කියන්න ලංකාවේ සංචාරක කර්මාන්තයට ඔබ විරුද්ධයි. එහෙම නේද ? (නි)

:       0       0

ගයාන් Sunday, 10 August 2014 07:24 AM

අපොන්සු, හොඳයි ඊළඟ ඡන්දෙට ඉදිරිපත් වෙන්න. ඕනෑම වැරැද්දක් දැක්කම කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරලා සිද්ධ වුණ දේ යට ගහන්න හොඳට හැකියාව තිබෙනවා. (නි)

:       0       0

නිලාන් Sunday, 10 August 2014 07:26 AM

මේ අපොන්සු, ඔයා පිටරට ගිය දවසක කවුරුහරි ඒ රටේදී ඔයාගේ සබ්බ සකලමනාවම සුද්ධ කරගෙන ගියා නම් ඔය කියන දේවල් එදාට වලංගු වෙන එකක් නැහැ. (නි)

:       0       0

ගුණසිරි Saturday, 09 August 2014 10:25 PM

මේ පහත් වැඩේ කළ තක්කඩියා සොයාගෙන මතක හිටින දඬුවමක් නොදුන්නොත් රස්සාවල් නොකර තැන තැන රස්තියාදු ගහන අයගේ ප්‍රධාන ආදායම් මාර්ගය ඊළඟට කාන්තාවන්ගේ අත් බෑග් පැහැර ගැනීම බවට පත්වෙන්න පුළුවන්. (නි)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 07:26 AM

ගයාන් 2014-08-10 07:24:47 ,මට වඩා මොලේ ඇති අය ඔබ පත් කරලා තියෙන්නේ. (ස)

:       0       0

පෙරේරා Saturday, 09 August 2014 10:44 PM

ලොරියට බුදු සරණයි. පාරේ යන්නන්ට කුමන සරණක්ද? (නි)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 07:29 AM

කෙවින් 2014-08-10 07:21:56, ලංකාවේ සංචාරක කර්මාන්තයට මෙයින් කිසිම හානියක් සිදු වෙලා කියන්න සාධක මට හමු වෙලා නැහැ. මේක ලෝකේ ඕනෑම රටක සංචාරකයන්ට ඉතාම බහුලව වෙන සුළු දෙයක්. (ස)

:       0       0

ධනුක Sunday, 10 August 2014 07:33 AM

දැන් මොකද්ද අපොන්සු අපේ රටට එන සංචාරක කාන්තාවන්ට තිබෙන්න ඕනෑ සාමාන්‍ය දැනීම? මෙහි එන අයට ටිපර් රථයට උඩින් කඩුලු පනින්න සහ පවනට බඳු වේගයෙන් දුවලා කොල්ලකරුවන් හඹා යන්න බැරි නම් තමන්ගේ අතේ කරේ තිබෙන දෙයක් මෙහෙදී ප්‍රවේශම් කරගන්න බැහැ කියන එකද? (නි)

:       0       0

රණසිංහ Saturday, 09 August 2014 10:16 AM

බෑග් එකත් නැහැ අන්තිමේ රෝහලේ (දී)

:       0       0

සිරිමෙවන් Saturday, 09 August 2014 10:15 AM

දිරිය කාන්තාවක් (දී)

:       0       0

ගාමිණී - සිරි Saturday, 09 August 2014 10:15 AM

බියෙන් තොර ,සැකෙන් තොර සංචාරයක් කරන්න විදේශ කතකට වත් ඉඩක් තියෙනවාද ? (දී)

:       0       0

අනෝමා Sunday, 10 August 2014 07:39 AM

ඕනෑම රටක මේවා වෙනවා කියලා මේ වුණ මංකොල්ලය හරි කියනවද ? අපොන්සු වැඩ කරන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු විසඳන අධිකරණයේද? (නි)

:       0       0

කාන්ති Sunday, 10 August 2014 07:44 AM

ඇත්තට අපොන්සු ඔබ දන්නේ කොහොමද මේ කාන්තාවට රක්ෂණයක් නැහැ කියලා. ඔබ හරියට කතා කරන්නේ එයාගේ අත් බෑග් එකේ තිබුනේ මොනවද කියලාත් දන්නවා වගෙයිනේ (නි)

:       0       0

අප්පුහාමි Sunday, 10 August 2014 07:51 AM

මම හිතන්නේ අර ලංකාවේ ජාත්‍යන්තර සමුළු පැවැත්වුණ කාලයේ අපොන්සු පිටරට ගිහින් ඉන්න ඇති. මෙහෙ ඉඳගෙන කට ඇරියානම් ඉවරයි තමයි (නි)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 07:55 AM

ධනුක, අනෝමා අපේ කැක්කුම මේක සංචාරකෙවකුට උන නිසා නේද? රටේ මිනිසුන්ට තියෙන කැකිල්ලේ නීතියම සංචාරකයන්ටත් දුන්නම මොකද? තුන්වැනි ලෝකේ රටකට තනිවම යන සංචාරක කාන්තාවන්ට තිබෙන්න ඕනෑ සාමාන්‍ය දැනීම ගැන ඔබ නොදන්නා වග පේනවා. මේක ඉතාම ප්‍රසිද්ද දෙයක් බටහිර රටවල. සමහර කලිසම් මහත්තුරු මේකට කියනවා "බි ස්ට්‍රීට් වයිස්" කියලා. (නදී)

:       0       0

සුරංග Sunday, 10 August 2014 07:55 AM

අපොන්සු දෙන්නකෝ දැන් කාන්තිගේ ප්‍රශ්නෙට උත්තර ! කාන්තාව රක්ෂණයක් නැතිව ඇවිත් කියල ඔබ කොහොමද ඔය තරම් විශ්වාසයෙන් කියන්නේ (නදී)

:       0       0

රාමා Saturday, 09 August 2014 10:54 AM

ටිපර් රථය වැරදි පැත්තෙන් ධාවනය කර ඇත. (දී)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 07:58 AM

කාන්ති , මම කිවේ බොහොම වෙලාවට මේ කාන්තාවට රක්ෂණයක් කර තිබුනා නම් උන පාඩුවට එ්කෙන් වන්දි ගෙවාවී කියලයි. සරල සිංහල කියවා තේරුම් ගැනීමේ අඩුව හරි ගස්සා ගන්න. (නදී)

:       0       0

හැරිසන් Saturday, 09 August 2014 11:49 PM

මෙහෙම ගියොත් නම් විදෙස් සේවයටත් බලපෑම් වෙයි (නි)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 08:00 AM

අප්පුහාමි, මම ලංකාවේ හිටිය නිසා තමයි සමුළුව පැවැත්තුවේ. මම නොහිටියා නම් ඒ ගොල්ල එයි කියල හිතුවද ඔබව බලන්න? (නදී)

:       0       0

අනෝමා Sunday, 10 August 2014 07:59 AM

අනේ අපොන්සු ඔබ " බී ස්ට්‍රීට් වයිස් " කියනකොට මට කියන්න තියෙන්නේ "නො කොමන් සෙන්ස් " කියලා. (නදී)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 08:01 AM

සුරංග 2014-08-10 07:55:39 සුරංග, කාන්ති ගීය ඉස්කෝලෙටම නේද ගියේ? (නදී)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 08:05 AM

අනෝමා 2014-08-10 07:59:02, ඔබට ඉංගිරිසි පුළුවන් වාගෙයි. බොහොම හොඳයි.(නදී)

:       0       0

රංග Saturday, 09 August 2014 11:05 AM

විදේශිකයින් එයිද මම අහන්නේ (දී)

:       0       0

රාජිත සිල්වා Sunday, 10 August 2014 12:35 AM

බන්දුල පෙරේරා, කරුණාකරලා ප්‍රවේශමෙන් වචන හසුරුවන්න ඉගෙන ගන්න.ලංකාව ගෝත්‍රික රටක් නොවයි.ඔබතුමා ගෝත්‍රිකයෙක්ද මම දන්නේ නැහැ.(අ)

:       0       0

ධනුක Sunday, 10 August 2014 08:05 AM

මට ඇති කැක්කුම තමයි මේ වගේ සිද්ධි ජාත්‍යන්තරයට ගිහින් අපේ රටට ඇති වන නරක නාමය. එහෙම නැතිනම් මේ දේවල් වුනේ කාටද කියල නෙවෙයි. අපොන්සු මේ වුන වැඩේ ඉතා හොඳයි කියනවා නම් එහෙම කියා කියා ඉන්නකෝ. (නදී)

:       0       0

දසුන් Saturday, 09 August 2014 11:05 AM

පාර කාපට් කරලා පාපැදි පයින් යන්න බෑ ටිපර් රථය වේගයෙන් ඇවිත් වගේ. පාරවල් හැදුවේ නැත්නම් මිනිස්සු බනිනවා . හැදුවොත් අනතුරු පාරවල් පළල් කරොත් අහනවා මෙච්චර පළල් පාරවල් මොකටද කියල ජපානයේත් මේවගේ පාරවල් තියෙනවා වේගය 30 කට වඩා ගියොත් අල්ලනවා . මේවගේ පොඩි පාරවල්වල වේගය එවැනි වේගයකට සීමා කල යුතුයි. (දී)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 12:36 AM

අපේ අයට නම් මොනා කළත් කමක් නැහැ. සංචාරකයන්ට නම් මොකවත් වෙන්න දෙන්න එපා. මේ රට තියෙන්නේ අපිට නිවී සැනසිල්ලේ ජිවත් වෙන්න නෙමෙයි, සංචාරකයන්ට ඇවිත් විනෝද වෙලා යන්නනේ. (අ)

:       0       0

ගමරාල Saturday, 09 August 2014 11:04 AM

ගොනා ඇනපු මිනිහ ගහෙනුත් වැටුන වගෙයි නේද .. (දී)

:       0       0

කාන්ති Sunday, 10 August 2014 08:14 AM

මමත් අහන්නේ ඔබ ලියපු සිංහල කියවලා. කොහොමද හරියටම කියන්නේ රක්ෂණයක් තිබිලා නැහැ කියලා. ගෙවන කතා වලට කලින් ඒක කියන්න. එයාගේ අත් බෑග් එකේ හරි නැවතිලා හිටපු කාමරයේ හරි රක්ෂණ ලියවිල්ලක් තිබුනේ නැහැ කියල කොහොමද දන්නේ ? (නදී)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 08:16 AM

ධනුක, ඔබේ කැක්කුම නොදැනුවත් කම නිසයි. ලෝකේ සංචාරක ව්‍යාපාරයේ නියුතු අය මේක සලකන්නේ නිතරම සංචාරකයන්ට මුහුණ දෙන්න වෙන සිදු වීමක් විදියටයි. ඒ නිසයි නිතරම සංචාරයකයින්ට අවවාද කරන්නේ " බී ස්ට්‍රීට් වයිස් " කියලා. මේක මීළඟ එක්සත් ජාතිගේ සමුළුවේදී ලංකාවට සම්භාදක පනවන්න හේතු වෙන ජාත්‍යන්තර සිදු වීමක් නෙමෙයි. (නදී)

:       0       0

හේමා Sunday, 10 August 2014 08:18 AM

මට පේන හැටියට මේ සිද්දිය දැන ගත පසු එන මහජන ප්‍රතිචාර යට ගහන්න කියල එක්කෙනෙක් මෙතන කොන්ත්‍රාත්තුවක් භාරගෙන තියනවා. මෙතන කියන හැම අදහසටම නම් වශයෙන් සඳහන් කරමින් කට අරින එක නවත්තන්න හදන්නේ ඒ නිසා. (නදී)

:       0       0

සජීත් Saturday, 09 August 2014 11:14 AM

විදේශිකයන්ට එන්න කියලා උඩ පනිනවා. මෙන්න ආවම ඒ මිනිස්සුන්ට වෙන වැඩ ! (අ)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 08:18 AM

කාන්ති 2014-08-10 08:14:03 ඔබට මම ප්‍රතිචාරය දුන්නා. ලියන්න කියවන්න දන්නා කෙනෙක් ලවා එය තේරුම් කරවා ගන්න. (නදී)

:       0       0

අචිනි Saturday, 09 August 2014 11:19 AM

දසුන්, දැන් වරද වේගයෙන් ආපු ටිපර් එකේද සංචාරක කතගේ බැග් එක කොරකම් කරපු කෙනාගේ නෙමේද , අපිත් පදිංචි විදේශ රටක අපි කොහොමද මේරටවල යාළුවන්ට අපේ රටට එන්න කියල ආරාධනා කරන්නේ මේවා දකින කොට (දී)

:       0       0

මාලි Sunday, 10 August 2014 01:43 AM

එයා ප්‍රාදේශීය සභා නියෝජිතයෙක් වෙන්න සුදුසුකම් ලබාගන්න මහන්සි වෙනවා වෙන්න ඇති. ඒ වගේ අයට බාධා කරන්න පෙර පොලිසිය රක්ෂණය කරලම හිටියා නම් හොඳයි (නි)

:       0       0

කමනී Sunday, 10 August 2014 08:22 AM

අනෙක් උදවිය ගිය ඉස්කෝලේ මොකක් වුනත් අපරාධයක් සාධාරණීකරණය කරන අපොන්සු ගිය ඉස්කෝලේ මොකද්ද කියල අපිට නම් දැන ගන්නවත් ඕන නැහැ. (නදී)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 08:21 AM

හේමා, බය නැතුව අහන්න :"අපොන්සු ඔබ මහජන ප්‍රතිචාර යට ගහන්න කොන්ත්‍රාත්තුවක් භාරගෙන තියනවාද " කියලා. සුළු සොරකම් ලෝකේ කොයි රටෙත් වෙනවා. (නදී)

:       0       0

සජිත් Sunday, 10 August 2014 08:23 AM

මේ අත් බෑග් එක පැහැර ගෙන ගිය කෙනා වැරදිලාවත් සභාවට ගොඩ වැදිලා නැහැ නේද ? (නදී)

:       0       0

විජිත Saturday, 09 August 2014 11:45 AM

රටේ හැමදාම මොකාක් හෝ හොරකමක් වෙනවා (දී)

:       0       0

ලක්සිත Saturday, 09 August 2014 11:48 AM

චි චි ..මට ලැජ්ජයි ...අයියෝ ලැජ්ජයි (දී)

:       0       0

අබේරත්න Sunday, 10 August 2014 02:05 AM

මේ අපරාධකරුට දැඩි දඩුවම් දෙන්න (නි)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 08:26 AM

කමනී, මේක සුළු අපරාධයක්. ලංකාවේ නිතිය හැටියටත්, උසාවියත් එය සල කන්නේ. මේක ප්‍රමාණයට වඩා උලුප්පන්නේ සුද්දෙක්කුට උන නිසයි. නැතිනම් දවසකට අපේ කාන්තාවන් කීයකට මේ වගේ අකරතැබ්බ වලට මුහුණ දෙන්න වෙනවද? එ්ත් කෝ ඒවාට කලබලයක් නැහැනේ.(නදී)

:       0       0

කුමාරි Saturday, 09 August 2014 11:54 AM

පවු... ලංකාව බලන්න ආසාවෙන් එන්න ඇත්තේ.මේ වගේ මිනිස්සුන්ට දෙන්න ඕන දඬුවම හිතා ගන්නවත් බැහැ.ඇයට ඉක්මන් නිරෝගී සුව ලැබේවා! (දී)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 08:31 AM

සජිත්, සුදු හමට අපේ හිත උණුවෙන එක ගැන කෙරෙන සංවාදයට ඔබේ දායකත්වය අගේ කරමි. (නදී)

:       0       0

ක්‍රිස් Saturday, 09 August 2014 11:57 AM

මම ඉන්නෙත් පැරිස් වල ඔව්න් එන්නේ බොහොම අමාරුවෙන් ඉතිරි කරගත් මුදල් වලින් නැත්නම් බැංකු නය වලින් මෙසේ සිදුවීම ඉතාම දුක්මුසු කාරණාවක් (දී)

:       0       0

ටෙනී Sunday, 10 August 2014 08:29 AM

අපොන්සු ගේ තියෙන දෙයක් නැතිවුන දවසටත් ඔය ලෝකේ හැමතැනම හොරකම් වෙනවා කියල කරබාගෙන ඉඳීවිද බලමුකෝ. (නදී)

:       0       0

චනිල් Sunday, 10 August 2014 08:33 AM

ඉස්සරහට අපේ රටේ මොන අපරාධය සිදුවුනත් ඒවා හැම රටේම සිදු වෙන සුළු අපරාධ ගණයට දාලා බලාගෙන ඉඳිමු. (නදී)

:       0       0

රියාඩ් Saturday, 09 August 2014 12:11 PM

මෙවැනි දේ වලින් සංචාරකයෝ එන එක අඩුවෙනවා .සංචාරක ව්‍යාපාරයේ අවසානය ඉක්මනට දකින්න පුළුවන් වෙයි .(දී)

:       0       0

චමලි Sunday, 10 August 2014 02:55 AM

මම පිටරට ඉගෙනගන්න කෙනෙක්. මගේ පන්තියේ සිසුවියන් තිදෙනෙක් මම පන්තියේ ඉදිරිපත් කළ ලංකාවේ සුන්දරත්වය පිළිබඳ වාර්තාමය වැඩසටහනක් දැකලා සංචාරයකට කැමති වෙලා ඉන්නේ. කොහොමද මම මේ වගේ දේවල් ආරංචි වෙනකොට ඒ අයට යන්න කියලා උනන්දු කරන්නේ? (නි)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 08:39 AM

ටෙනී, මගේ දෙයක් නැති වුන දවසට මම නීතියේ පිහිට පතමි. එ්ක වෙන රටක උනා කියලා ඒ රටේ සියලුම මිනිසුන් හොරුන් ලෙස හංවඩු නොගසමි. මොකද කොයි රටෙත් ගුණ යහපත් මිනිස්සුත්, හොරුත් එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉන්න නිසා. (නදී)

:       0       0

කමනී Sunday, 10 August 2014 08:39 AM

හොඳයි අපොන්සු මතකද අර නොමනා යෝජනාවට අකමැති වී මහමග මරා දැමුණු වැලිගම කාන්තාවගේ පුවත. ඔබ ඒ පුවතට සංවේදීව එකම එක අදහසක් වත් දැම්මද ? නොදන්නා හින්දා අහන්නේ ? (නදී)

:       0       0

අරුණ Sunday, 10 August 2014 08:42 AM

දැන් අපි මෙතන හරි වැරැද්ද ප්‍රකාශ කරන්න ඕනා. අදහස් ලියන්න ඕන අපොන්සු කැමති විදියටද ? (නදී)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 08:43 AM

චනිල්, සුළු සොරකම් සුළු අපරාධ ලෙසටයි අපේ දන්ඩන නීතියේ තියෙන්නේ. (නදී)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 08:43 AM

කමනී, මාතෘකාවට අදාලව කතා කරන්න පුළුවන් කම තියෙන්නේ මොලයක් තියෙන අයටයි. (නදී)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 08:48 AM

අරුණ, මේක යම් ප්‍රමාණයකට නිදහස් රටක්. ඔබේ අදහස් නොපැකිලි ප්‍රකාශ කරන්න. බිම ඉඳ ගන්නත් ඇත්ත කියන්නත් බිය නොවේවා (නදී)

:       0       0

හසන්ත Sunday, 10 August 2014 08:51 AM

අනේ අපොන්සු උඩ බලාගෙන කෙල ගහ ගන්න එපා. ඔබ සුදු හම ගැන කියා කියා මෙතන බෙරිහන් දෙනවා. අපි සමහරුන්ට ඔය සුදු ජාතික ලේ කවලම් වෙලා. පාවිච්චි කරන්නේ ඕලන්ද පෘතුගීසි නම්. සිල්වා, පෙරේරා, ප්‍රනාන්දු, සහ අපොන්සු. (නදී)

:       0       0

අමිල Saturday, 09 August 2014 12:31 PM

රාමා , පාරේ ඉඩ තියෙන්නේ ටිපර් රථයට යන්න විතරයි (දී)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 08:53 AM

ළමයිනේ, අද පාඩම, අයහපත් දෙයක් සුද්දෙකුට උන පලියට උඩ පනින්න එපා. ඒවා දින පතාම අපේ රටේ සිදුවෙන දේවල්. ඒ නිසා අනිත් දේවල් වගේම කර බාගෙන බාර ගන්න. ඔබට ජය. (නදී)

:       0       0

කසුන් Saturday, 09 August 2014 12:42 PM

මේ වගේ සිදුවීම් නිතරම ආරංචි වෙනවා. එක්කෝ සංචාරකයන් නැවතිලා ඉන්න කාමරයේ දොර වසා එලිපහලියට ගියාම ඔවුන්ගේ ලැප් ටොප් එක උස්සලා. නැතිනම් මුදල් සොරකම් කරලා. විදේශීය සංචාරක කාන්තාවන්ගේ අත් බෑග් පැහැර ගැනීම මෑත කාලයේ වාර්තා වුන තුන්වන සිදුවීම් ද කොහෙද මේ. ඇත්තටම කොහොමද අපි මේ උදවියට කටක් ඇරලා ලංකාවට එන්න කියන්නේ ?(අ)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 08:56 AM

හසන්ත, ආරුඩ නම් ගැන අහලා නැති එක ඔබේ දැනුමේ අඩුවක්. (නදී)

:       0       0

නිමල් Sunday, 10 August 2014 08:56 AM

අපොන්සුගේ මොලයේ තරම කෙසේ වෙතත් මොලයේ තත්ත්වය නම් හොඳ නැති බව පේනවා. අද පුන් සඳ මෝරපු දවසේ එක අතකට පුදුම වෙන්නත් දෙයක් නැහැ. (නදී)

:       0       0

ෂෙරිෆ් Saturday, 09 August 2014 12:49 PM

මේ සිද්ධිය මේවනවිට ලෝකයපුරා පැතිරිලා ඇති, සංචාරකයන්ට ශ්‍රී ලංකාව හොඳ තෝතැන්නක් කිව්වට එය ක්‍රියාවෙන් ඔප්පුකරල නැහැ, මිගමු වෙරළේ ඕනෑතරම් කප්පම් කාරයෝ සහ හොරු පිරිලා ඉන්නවා (අ)

:       0       0

කසුන් Sunday, 10 August 2014 09:02 AM

අපි මේ සභාවේ අපේ රටේ කාන්තාවන්ට වුන අසාධාරණ කම් ගැනත් නොබියව කතා කළා . වැලිගම කාන්තාවටසිදු වුන විපතේදී මෙතන සභාවේ උදවිය සංවේදී වුන හැටි අපොන්සු කියවලා නැහැ. මෙතන අපි දේශීය විදේශීය කියලා පංගු පේරුවක් නැහැ. වැරද්දක් තිබෙනවා නම් අපි ඒක වැරදි කියල කියනවා. (නදී)

:       0       0

වජිර Saturday, 09 August 2014 12:51 PM

ආසියාවේ අශ්චරිය ? (අ)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 09:05 AM

නිමල්, පෝයට පිස්සු වැඩි වෙනවා කියලා කතාව පතුරුවේ මේ රට පාලනය කරපු සුද්දෝයි. ඔබට නොතේරෙන නිසා මම පැහැදිලි කරන්නම්, පෝයට පන්සල් යන්නේ, පිස්සෝ මෝඩයෝ කියල සිංහල බෞධ්‍යන්ට නිග්‍රහ කරන්නයි ඔය කතාව පැතුරුවේ. දැන් තේරුනා නේද? (නදී)

:       0       0

චමිලා Sunday, 10 August 2014 09:40 PM

අපොන්සු , මේ රටේ දළ ජාතික අදායමින් වැඩිහරියක් එන්නේ සංචාරක ව්‍යාපාරයෙන්. ඒකයි සංචාරකයෙකුට කරදරයක් වෙද්දී මිනිස්සු වැඩියක් කෑගහන්නේ. (නි)

:       0       0

හසිත් Sunday, 10 August 2014 09:08 AM

කවුරුත් තේරුම් ගන්න අපොන්සුට කියන්න ඕන වෙලා තියෙන්නේ මේ සභාවේ ඉන්න දැනුම් තේරුම් තිබෙන එකම උගතා සහ පණ්ඩිතයා තමන් කියලා . අනෙක් කට්ටිය , යමක් කමක් කියවා තේරුම් ගන්න බැරි, සාමාන්‍ය දැනීම නැති මරි මෝඩයන් ලු (නදී)

:       0       0

නාලක Saturday, 09 August 2014 01:00 PM

මේ වගේ ආසියාවේ ආශ්චර්ය බලන්න මේ ධර්මද්වීපයට තව තව සංචාරකයෝ වැඩි වැඩියෙන් පැමිනෙත්වා. සාදු සාදු ! (අ)

:       0       0

ජිලෝ Sunday, 10 August 2014 09:09 AM

අනේ ඔව් මෙතන අපොන්සු තරම් දැනුම් තේරුම් තියන කවුරුවත් නැහැනේ (නදී)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 09:11 AM

හසිත්, පැහැදිලි කිරීමට තුති. (නදී)

:       0       0

මැණික් Saturday, 09 August 2014 01:05 PM

හරිම කණගාටුයි. (අ)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 03:50 AM

චමලි , ඔබ ඉන්න රට 100% අපරාධ වලින් තොරයිද? ලෝකයේ කොයි රටෙත් ගුණ යහපත් මිනිස්සුත්, හොරුත් එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා. (නි)

:       0       0

රනි Saturday, 09 August 2014 01:14 PM

ඡන්දෙ දීපු අපි තමයි මෝඩයෝ . (අ)

:       0       0

සත්‍යයා Saturday, 09 August 2014 01:16 PM

සිංහල බෞද්ධ රටේ අනුරාධපුර ශුද්ධ නගරයේ පන්සලක් ළඟ ඕව සිද්ධ වෙන එක තමයි දරා ගන්න බැරි. ලංකාවට ගිය කල.(අ)

:       0       0

ඇන්ටන් Saturday, 09 August 2014 01:22 PM

මම හිතන විදියට මේ වැරදි කරන පුද්ගලයින්ට දැඩි දඬුවම් දෙන්න ඕන. (අ)

:       0       0

දිමුතු Sunday, 10 August 2014 03:56 AM

අපොන්සු, චමලි ඉන්න රටේ වැරදි කියලා අපේ රටේ වැරදි වහගන්න පුලුවන්ද? අපි සංචාරක කර්මාන්තයේ යෙදෙන රටක් නම් මෙහි එන සංචාරකයන්ට ඉඳලා හිටලා වෙන ඇබැද්දි කෙසේ වෙතත් , දැන් රැල්ලක් වගේ යන කරදර ටිකවත් නවතාගන්න පුළුවන් වෙන්න ඕනෑ. ආයෙත් මේ කාන්තාව ලංකාවට සංචාරය කරන්න එයි කියලා හිතනවද ? (නි)

:       0       0

රොකී Saturday, 09 August 2014 01:32 PM

මිනිහා ප්‍රාදේශීය සභා නියෝජිතයෙක් වෙන්න සුදුසුකම් ලබාගන්න මහන්සි වෙනවා වෙන්න ඇති. ඒ වගේ අයට බාධා කරන්න නරකයි! (අ)

:       0       0

චමලි Sunday, 10 August 2014 04:00 AM

අපොන්සු මහතා, මම ඉන්නේ අපරාධයක් සිදුවුණ සැනින් අපරාධකාරයාට විරුද්ධව නීතිය එසැණින්ම අකුරටම, වෙනසක් නැතුව, කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වෙන රටක. (නි)

:       0       0

ඩී.උපුල් Saturday, 09 August 2014 01:35 PM

ටිපර් එකේ බ්රේක් නැහැ. පිටු පස එක පැත්තක විතරයි බ්රේක් වැදිලා තියෙන්නේ (පළමු රූප රාමුව) (අ)

:       0       0

කවිඳු Sunday, 10 August 2014 04:05 AM

දැන් අපොන්සු කියන්නේ කොහෙත් මෙහෙමයි කියලා අපිට ඇඟ බේරාගන්න පුළුවන් කියලාද? (නි)

:       0       0

පියරත්න Saturday, 09 August 2014 01:47 PM

ජ.වී.පෙ. නායක අනුර කුමාර මහතාද කොහේ හෝ තවත් කෙනක් ද(ලංකාදීප පුවත්පතින්මයි දැක්කේ) සහ මෙම අනතුරද ඇතුලත්ව අනතුරු තුනයි ටිපර් අනතුරු. ඒගමන පුද්ගලික ප්‍රවාහන සේවයේ ඇති ලේලන්ඩ් බස් අනතුරු ගොන්නට අලුත්ම තාලයේ වාහනයක් එකතු වෙලා වගේ ද?(අ)

:       0       0

රූපවති Saturday, 09 August 2014 01:56 PM

ඩී උපුල් ..මමනම් හිතන්නේ ඒ ටිපර් එකේ පිටුපස රෝදේ දිගේ ඇති පැල්ලම, බ්රේක් පාර නොව ඒ කාන්තාව ටිපර් එකට යටවෙලා සිදු උණු තුවාල නිසා වැගිරුණු ලේ ... පැල්ලම විය හැකියි, පව් අසරණ කාන්තාවට ජීවිතේ අහිමි වෙන්න එපා , දෙවි රැකවරණින් තෙරුවන් සරණින්!ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි !!(අ)

:       0       0

ඩුලාක්ෂි Sunday, 10 August 2014 04:09 AM

අනේ මන්දා , මට නම් අපොන්සු මහතාගේ තර්කය පිලි ගන්න බැහැ. අයියෝ ඕවා ගණන් ගන්න දේවල් නෙවෙයි කියලා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න බැහැ. (නදී)

:       0       0

ලාල් සුරන්ජිත් Saturday, 09 August 2014 02:07 PM

ඔන්න ලංකාවේ ඇත්ත තත්වය මේවා කාට කියන්නද බඩ ගින්න තිබු පලියට හොරකම් කරන එක තමයි දැන් ආසියාවේ ආශ්චර්ය ඇති රටේ වෙන්නේ මොහුව අල්ල මහජනයා ඉදිරිපිට කස පහර ගැසිය යුතුමයි (අ)

:       0       0

පාලිත Sunday, 10 August 2014 04:12 AM

දැන් තිබෙන අලුත්ම රැල්ල තමයි , ඕවා හැමතැනම වෙන සාමාන්‍ය දේවල් කියලා අපරාධ සාධාරණීකරණය කිරීම (නදී)

:       0       0

ප්‍රනාන්දු Saturday, 09 August 2014 02:08 PM

. මේ හොරාව අල්ලලා දඬු කඳේ ගහමු. (අ)

:       0       0

ප්‍රියා Saturday, 09 August 2014 02:23 PM

සිංහල බෞද්ධ රටේ අනුරාධපුර ශුද්ධ නගරයේ, නගර සීමාවේ වැඩියෙන් ඉන්නේ කව්ද?(අ)

:       0       0

සමන්තිලක Sunday, 10 August 2014 04:15 AM

මෙතන අපේ රටේ කීර්ති නාමයට පලුද්දක් වෙන සිද්දියක් වෙලා තියෙනවා කියල අකමැත්තෙන් හරි පිළිගන්න වෙනවා. (නදී)

:       0       0

කින් බෙනට් Saturday, 09 August 2014 02:53 PM

පාරෙන් එකයි වාහනේ .. මේ වගේ පටු පාරවල් වල බර වාහන යනවා නම් ඒවලට වේගය උපරිම 40KMPH ලෙස විය යුතුයි .. විශේෂයෙන්ම බර වාහන වලට වේග සීමාවක් පැනවීම අනිවාර්ය විය යුතුයි ..(අ)

:       0       0

නිෂේන් Sunday, 10 August 2014 04:21 AM

අපිටත් දෙපාරක් හිතන්න වෙනවා මෙහෙම දේවල් ආරංචි වෙනකොට. දැන් මම ඉන්න රටේ උදවියට ලංකාවට සංචාරයට එන්න කියන්න. විශේෂයෙන්ම බවලතුන්ට ආරක්ෂාවක් නැති බව පේනවා. (නදී)

:       0       0

කින් බෙනට් Saturday, 09 August 2014 02:56 PM

මේ ටිපර් කාරයා ගිහින් තියෙන්නේ වැරදි පැත්තෙන් ... විශේෂයෙන්ම පටු වංගුවකදී වැරදි පැත්තෙන් එලවන්නේ මොන රියදුරාද ? මෙයාගේ ලයිසන් අවලංගු කරන්න ... මිනිහා වාහන එලවන්න සුදුසු නෑ...(අ)

:       0       0

රංග Sunday, 10 August 2014 04:23 AM

ලංකාව අනාරක්ෂද නැත්ද? මේ අපරාදවලට විසදුම් නොදෙන්නේ අයි? (නදී)

:       0       0

රජිත් Saturday, 09 August 2014 03:11 PM

අපේ රටේ පහත තත්වයට වැටී ඇති හැටි මේකෙන් ඔප්පු වෙනවා. ඉතාමත් නීච ක්‍රියාවක් නිසා හොඳ නම කෙළෙසනවා. නීතිය ඉතා ඉක්මනින්ම තදින් ක්‍රියාත්මක කරන ලෙස බල කරමු. (අ)

:       0       0

ඉසුරන්දි Sunday, 10 August 2014 04:28 AM

සංචාරක ව්‍යාපාරයට මේක කනේ පහරක්.(නදී)

:       0       0

සරසි Sunday, 10 August 2014 04:31 AM

හොරාව අල්ලගන්න අමාරුනම් , මේ කාන්තාව රෝහලේදී සහ ගුවන් තොටුපළෙන් ආපසු පිටත්ව යන මොහොත දක්වා , ඉතාම ඉහලින් කාරුණිකව සලකා , ඇගේ ආරක්ෂාව තහවුරු කර මේ ලැබුන න වනින්දාවෙන් ගැලවෙන්න උත්සහ කල යුතුයි. (නදී)

:       0       0

ඉයන් Saturday, 09 August 2014 03:35 PM

සංචාරක පාරාදීසය , මේක විහිළුවක් ගෑනියෙක් තනියම ගියොත් දුෂණය කරනවා , එහෙම නැතිනම් තියෙන දෙයක් හොරකම් කරනවා , ඊට පස්සේ සංචාරකයෝ එයාලගේ රටවලට ගිහිල්ලා කියනවා ලංකාව කියන රටේ ඉන්නේ ගෝත්‍රිකයෝ ටිකක් කියලා ,,(අ),

:       0       0

රූපවතී Sunday, 10 August 2014 11:08 AM

අපොන්සු ඔයා කියන කළු, සුදු බේදය නෙවේ මෙතන තියන පැහැදිලිම දේ. ඔයා උනත් ඇත්ත පිළිගන්න කැමති නැහැ. ඔයා මොනවා කීවත් අපේ හදවත් වල පතුලට වැදුනේ අපි ශ්‍රී ලාංකිකයෝ අපේ රට ඇතුලෙදි අපිට මොන දේවල් විදින්න උනත් අපි ජාතියක් වශයෙන් ජාත්‍යන්තර අපකීර්තියට පත්වන්න ඇති ලැජ්ජාව නිසයි මේ මෙතන සිටින හැමෝම ගිරිය කඩාගෙන දත් මිටි කාල ඔයාට කියල දෙන්න හදන්නේ. අපේ රටේ ලස්සන නිවාඩුවක් නිදහසේ ගතකරන්න කියල හිතාගෙන අාව විදේශීය ඒ කාන්තා වගේ මුදල් පසුම්බිය හොරාගත් හොරා ලුහුබදිද්දී වාහනයක හැපිලා ජීවිතක්ෂයට පත්වීම කොපමණ ඛේදජනකද ? අපේ රටට කොපමණ අපකීර්තියක්ද ? අැයි ඒ ගැන ඔයාට නොහිතුනේ ? (නදී)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 04:34 AM

ලෝකේ අපරාධ සිදු නොවන රටක් නැහැ. ඒ නිසයි හැම රටකම උසාවි තියෙන්නේ. ලෝකේ පුරා යන එන සංචාරකයන් මෙතන අදහස් දමන උගතුන් තරම් ලාමක නැහැ.(නදී)

:       0       0

සී පතිරණ Sunday, 10 August 2014 04:36 AM

මට තේරෙන විදියට මේ සිද්ධියයි සංචාරය ව්‍යාපාරයයි අතරෙ ලොකු සම්බන්ධයක් නැහැ. නමුත් සංචාරක ව්‍යාපාරයට දැඩි ලෙස බලපෑම් සිදු කරන සහ බාධා පමුණුවන ගොඩක් දේවල් තියෙනවා. ඔය බීච් බෝයිස්ලා ඒකෙන් එකක් විතරයි. සංචාරකයන් ට තියා රටේ පුරවැසියන්ටවත් සාධාරණයක් ඉටු කරගන්න බැරි යල් පැනපු සහ අක්‍රමවත් නීති පද්ධතියකුයි ඒක ක්‍රියාත්මක කරන අකාර්‍යක්ෂම සහ දූෂිත පොලීසියකුයි තියෙන රටක කාටවත් කිසිම සරණක් නැහැ.(නදී)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 04:37 AM

මෙතන ලොකුම හන්දි පත් රුදාව තියෙන්නේ සුදු කතකට කරදරයක් වුන නිසයි. තමන්ගේ ජාතියට හෙන ගැහුවත් ඔය අය බලන්නේ නැහැ (නදී)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 04:39 AM

සී පතිරණ, කුළු කපුටා සුදු වෙන තුරු අක්‍රමවත් නීති පද්ධතියකුයි ඒක ක්‍රියාත්මක කරන අකාර්‍යක්ෂම සහ දූෂිත පොලීසියකුයි නැති කරන්න බැහැ (නදී)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 04:50 AM

සරසි 2014-08-10 04:31:33, එතකොට බෙල්ලේ දාගෙන ගිය මාලේ අහිමි වුන ගමේ ගුරුවරියකට අප සැලිකිය යුත්තේ කෙසේද? ගෙදරට මරගාතේ ලෝකෙට පරකාසේ කිව්වලු. (නදී)

:       0       0

කුමාර Sunday, 10 August 2014 05:18 AM

ටිපර් එකේ බුදු සරණයි නෙවෙයි අබ සරණයි කියලා දැම්මා නම් හරි (නදී)

:       0       0

බමුණු Sunday, 10 August 2014 05:31 AM

"අපිට නිවී සැනසිල්ලේ ජිවත් වෙන්න නෙමෙයි, සංචාරකයන්ට ඇවිත් විනෝද වෙලා යන්නනේ." අපිට නිවී සැනසිල්ලේ ජිවත් වෙන්න සංචරකයින්ව මංකොල්ල කන්න කියමු නේද? අනේ මගේ කට? (නදී)

:       0       0

බමුණු Sunday, 10 August 2014 05:36 AM

"ඔබ ඉන්න රට 100% අපරාධ වලින් තොරයිද? ලෝකයේ කොයි රටෙත් ගුණ යහපත් මිනිස්සුත්, හොරුත් එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා." සෞව්දි අරාබියේ නම් ඔය වගේ අපරාද වලින් තොරයි. කව්ද කැමති අත පය බෙල්ල කපාගන්න? ඔය වගේ අපරාද සිදුකලොත් එ්ත් ලංකාවෙන් ගිය කෙනෙක් තමයි (නදී)

:       0       0

බමුණු Sunday, 10 August 2014 05:39 AM

ඔය වගේ පාරක ටිපර් ගෙනියන්න ඉඩ දෙන්නේ මොකාද? (නදී)

:       0       0

සරසි Sunday, 10 August 2014 05:46 AM

අපොන්සු මහත්තයා ගමේ ගුරුවරියගේ මාලේ කඩා ගත්ත කියල ජාත්‍යන්තරයේ ප්‍රචාරය වෙලා අපේ රටට කුණු පටවන්න බලන් ඉන්න උදවිය ක්‍රියාත්මක වුනේ නැහැනේ. ටිකක් ප්‍රායෝගිකව හිතන්න. ඔබේ ගෙදරට ආපු ආගන්තුකයෙකුට ගේ ඇතුලෙදි හදිසි අනතුරක් වුනොත් එයාට කලින් ගමේ ඇසිලින් ගිය සුමානේ ලිඳ ළඟ වැටිලා තවම අමාරුද දන්නේ නැහැ කියලා ඒ පැත්තට හැරෙන්නේ නැහැනේ. අර ගෙදරට ඇවිත් අනතුරට ලක්වුණ කෙනාව වහාම සැලකිල්ලට ගන්නවා මිසක්. මෙතන වැරද්දක් වෙලා නැහැ කියලද ඔබ කියන්නේ ? (නදී)

:       0       0

පියල් Saturday, 09 August 2014 05:52 PM

තමන්ගේ දේ හොරෙන් අරන් යනකල් බලන් ඉදීවිද කවුරුවත් (දී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 09 August 2014 05:52 PM

ඉයන්, සංචාරකයෝ කීවත් නැතත් ලංකාවේ ඉන්නේ අමු ගෝත්‍රිකයෝ තමයි.මිනි මස් කන අයත් ඇති. (දී)

:       0       0

ලසිත් Sunday, 10 August 2014 05:57 AM

අපොන්සු කියන්නේ මේ සංචාරක කාන්තාවට වුනදේ සාධාරනයි කියල එහෙනම් ? නැතිනම් ගණන් ගත යුත්තක් නෙවෙයි කියලද ? (නදී)

:       0       0

උෂාන් Sunday, 10 August 2014 06:00 AM

අපොන්සුට සංචාරක කාන්තාවන් පෙන්නන්න බැරි බව ඇයි මේ කට්ටිය තේරුම් නොගන්නේ ? මොකක් හරි පරණ තරහක් ඇති. (නදී)

:       0       0

වරුණි Sunday, 10 August 2014 06:05 AM

මේ සංචාරක කාන්තාවට ආපසු මව්රටට යනතෙක් හොඳින් සැළකිය යුතු බව මමත් හිතනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 377 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 454 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 140 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1414 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1075 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 420 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site