(තිලකරත්න දිසානායක ,ටෝනි කරුණානායක)
කොළඹ කොටුවේ සිට අඹේපුස්ස බලා ධාවනය වෙමින් තිබු දුම්රියක මැදිරි දෙකක් අතර කොටසක සිර වී තිබු මළ සිරුරක හිස කොටසක් අද (12) ගම්පහ දුම්රිය ස්ථානයට බාර දීමට දුම්රිය මගීහු පියවර ගෙන ඇත.
මෙම හිස කොටස දුම්රිය ස්ථානයට බාර දීමෙන් පසුව පොලීසිය දැනුම් දී ඇති අතර මෙහිදී කළ පරීක්ෂාවේදී හෙළිව ඇත්තේ මෙම හිස කොටස ඉරිදා (11) කොල්ලුපිටිය ප්‍රදේශයේදී ජායාරූප ගැනීමට යාමේ දී දුම්රියක ගැටුණු සොයුරන් දෙදෙනාගෙන් අවුරුදු 12 ක වයසේ දරුවාගේ බවයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අනුරාධපුර නව නගරයේ පදිංචි පවුලක දරු දෙදෙනෙකු බවද අනාවරණය වී ඇත.
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
කොල්ලුපිටියේ දී දුම්රියේ හැපුණු සිසුවාගේ හිස ගම්පහින් හමුවෙයි
vipula Monday, 12 June 2017 05:41 AM
අපේ රටේ දුම්රිය සේවය මීට වඩා දියුණු සහ ආරක්ෂාකාරී විය යුතුයි... දියුණු රටවල භාවිතා කරන ක්‍රමවේද හදුන්වාදී ජනතාවට වඩා හොඳ සහ ආරක්ෂාකාරී සේවයක් සැලසීමෙන් රටේ එලදායිතාව වැඩි කළ හැකියි. එංගලන්තය ඇතුළු යුරෝපා රටවල දුම්රිය සේවය ආදර්ශයට අරගෙන අපේ රටේ ක්‍රම වේද හැදීම පහසුයි... මොකද? , අපේ රටේ තියෙන්නෙත් යුරෝපීයන් හදුන්වාදුන්න දුම්රිය සේවයක් නිසා.. (ඇත්තටම අපේ රටේ පාලකයන් මිනිසුන් ගැන හිතාගෙන ඉන්න මට්ටම හරිම පහත්, ඒක අපිට තේරෙන්නේ වෙන රටකට ගිහින් ආපුවම...)
නුමාThursday, 15 June 2017 07:03 AM
අපේ දුම්රිය සේවයේ අඩුපාඩුකම් නම් එමටයි, නමුත් මේ සිද්දියට නම් දුම්රිය සේවය වගකිව යුතු බවක් පෙනෙන්නේ නැහැ. ඕනෑම රටක සජීවී දුම්රිය මාර්ගයක ගමන්කරනවා කියන්නේ මරණයට ඇත වැනීමක් තම. මම ජිවත් වන ජපානයේ දුම්රිය මාර්ග ජනතාවට ඇතුළුවිය නොහැකි අන්දමට බොහොමත් ආරක්ෂිතව තිබෙනවා. නමුත් මසකට සැරයක් වත් දුම්රිය මාර්ගයේ සිදුවන අනතුරක් නිසා දුම්රිය ගමන ප්‍රමාද වනවා. කොයිතරම් වට කඩුළු දැම්මත්, මැරෙන්න හරි මේ සිද්දවෙලා තියෙනවා වගේ අනවශ්‍ය කාරණා වලට දුම්රිය මාර්ගවලට මිනිසුන් ඇතුළු වෙනවා. අනතුරක් සිදු වුන විට මේ වගේ බොහොම අවාසනාවන්තයි.
සමන්ත Monday, 12 June 2017 05:50 AM
දෙවියනේ, මේ කාගේ වුනත් අපේ රටේ දරුවෝ නේද මේ අපිට නැති වෙන්නේ? ඇයි බලධාරීන් මේ අනතුරු පිළිබඳව නිහඬව ඉන්නේ? මිනිස්සු බදු ගෙවන්න මේ වගේ එකක් දෙකක් වෙනකොට හරි ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්න නේද? දැනුවත් කිරීම, ආරක්ෂක පියවර ගැනීම වගේ දේවල් කරන්න බැරි ඇයි?
නුමා Monday, 12 June 2017 06:42 AM
අවාසනාවන්ත සිද්ධියක්. අපි වුණත් පාසල් සමයේ දුම්රිය මාර්ගයේ ගමන් ගත්තා. හොඳ වෙලාවට ඒ අවධියේ ජංගම දුරකථන තිබුණේ නැහැ. මෙතන පුදුමය වන්නේ, අනතුරෙන් පසු කටයුතු කල අයට මියගිය අයගේ 'හිස' වැනි කොටසක් මගහැරී ගිය එකයි. ඇඟිල්ලක් වගේනම් අතපසුවෙන්න පුළුවන්. නමුත් හිස?
sarath Monday, 12 June 2017 11:38 AM
එක්කෝ කැමරා සහිත ජංගම දුරකථන ලංකාවේ තහනම් කළ යුතුයි. නැතිනම් දුම්රිය මාර්ගයේ යාම තහනම් කළ යුතුයි.
numaTuesday, 13 June 2017 01:12 AM
කැමරා සහිත ජංගම දුරකථන/ස්මාර්ට් දුරකථන තහනම් කිරීමට කිසිදු හේතුවක් නැහැ. දුරකතනයේ වරදක් නොව භාවිතාවේ වරදක් තිබෙන්නේ. පිහියක් තිබුන පලියට මිනිසුන්ට අනින්නේ නැහැ වගේ, දුරකථනය උනත් භාවිතා කලයුතු නොකළයුතු ස්ථාන ගැන වැටහීම ලබාගන්න එක භාවිතා කරන්නාගේ වගකීමක්. දුම්රිය මාර්ගයේ ගමන් කිරීම ගැන කතා කරනවානම් අනාදිමත් කාලයක ඉඳල තහනම් දෙයක්.
sanjeeva Tuesday, 13 June 2017 11:17 AM
ජංගම දුරකථනය.. මෙතන 'දුරකථනය' කියන දේ තමයි ප්‍රධාන.. අපි ජංගම දුරකතනයක් ගන්නේ හෝ කොහේ හරි ගෙනියන්නේ එකෙන් කාට හෝ කතාකරන්න. නමුත් දැන් වෙලා තියෙන්නේ කෝල් ගන්න එක මුලික දේ නොවී එය වෙනින් දේවල්වලට යොමු කරගෙන ඉන්න එකයි. අපේ මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම නම් අන්තිමයි .. තිත්ත වුනත් ඇත්ත කියන්න ඕනේ ..එකටම හරියන්න අපේ විද්‍යුත් මාධ්‍ය කරන්නේ තවත් i phones ප්‍රොමෝෂන් කරනවා. ටෙලි නාට්‍ය අතරතුරේ ප්‍රශ්නයක් අහනවා.. නිවැරදි පිලිතුරන් දුන්න අයට දෙන්නේ ජංගම දුරකථන.. එහෙම නැත්නම් ත්‍රි වීලර්.. මිනිස්සු කිසිම ඉවක් බවක් නැතුව ඉබාගාතේ මේ දේවල් පිටිපස්සේ දුවනවා.. විද්‍යුත් මාධ්‍ය මිනිස්සුන්ව තවත් මොට්ට කරනවා . පොඩ්ඩක් බලන්න අද සාමාන්‍ය කොල්ලෙක් කෙල්ලෙක් දුරකථන වර්ග මාරු කරන තරම.. වෙළදපොලට අලුතෙන් වර්ගයක් ආව ගමන් කරන්නේ එක ගන්නවා.. මටනම් පිස්සු වගේ ජංගම දුරකථන මාරු කරන එක.. කොයි තරම් කරදරයක් ද .. ලියන්න තව ගොඩක් දේවල් තියෙනවා එත් ඉඩ මදි
Nandalal DE SILVA - France Wednesday, 14 June 2017 08:16 AM
කිසිම වගකීමකින් තොරව, පොලිසිය සහ හදිසි මරණ පරීක්ෂකවරයා මෙම අවාසනාවන්ත මරණ පරීක්ෂණ කටයුතු අවසන් කර තිබෙන බව පේනවා. හිසක් නැති සිරුරක් වෙනුවෙන් කොහොමද හදිසි මරණ පරීක්ෂකවරයා තීන්දුවක්දී මරණ සහතිකයක් නිකුත් කරේ? පරීක්ෂණ කටයුතු කල පොලිසියත් සිය රාජකාරි නියම අන්දමින් ඉටු කර නැත ! මේ පරීක්ෂණ ගැන ඉහලින් විදිමත් පරීක්ෂණ පවත්වා දඬුවම් දිය යුතු වෙනවා. කොල්ලුපිටියත්, ගම්පහත් අතර දුර කොපමණද? මෙහි "කොමෙන්ට්ස් " දාපු සමහර අය දුම්රිය සේවාවේ අඩුපාඩු කම් ගැන කතාකරනවා. මේ අනතුරට දුම්රිය සේවාව ගෑවිලාවත් නැති බව මට පේනවා. ඒවගේම දුම්රිය මාර්ගයේ ගමන් කිරීමත් සම්පුර්ණයෙන්ම තහනම් බව සමහරු නොදන්නා බව පේනවා. වයස අවුරුදු අටේදී පමණ සීග්‍රගාමී දුම්රියක් ඉදිරියෙන් මාරක පිම්මක් පැන ජීවිතය බේරාගත් නිසා මෙය පලකිරීමට උඩ සිටින දෙවියන් මට පිහිට වුණාද කියා මට දැන් සිතෙනවා.