IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


කලවානේ පාසල් 9 ක ආරම්භය කල්යයි

(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම සහ ලසන්ත නිරෝෂණ )

කලවාන ප්‍රදේශයේ කොරෝනා පැතිරයාමේ අවදානමක් පවතින හෙයින් හෙට (11) සදුදා පැවැත්වීමට නියමිතව තිබූ පාසල් 9  ක් හෙට දිනයේ විවෘත නොකරන බව කලවාන කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය පැවසීය .

සබරගමු පළාත් අධ්‍යාපන කාර්යාලය මගින් නිල වශයෙන් ඒ සදහා අනුමැතිය ලැබුණ බවද එම කාර්‍යාලය පැවසීය.

කලවාන ජාතික පාසල ,කලවාන ප්‍රාථමික විද්‍යාලය ,කලවාන ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය ,කලවාන ගාමිණී ප්‍රාථමික විද්‍යාලය ,ජයන්ති මහා විද්‍යාලය ,තපස්සරකන්ද රාජකීය ප්‍රාථමික විද්‍යාලය , නාවලකන්ද විද්‍යාලය ,කොඩිප්පිලිකන්ද විද්‍යාලය ,පිටිගලකන්ද විද්‍යාලය හෙට දිනයේ විවෘත නොකරන බව කලවාන කොට්ඨාස අධ්‍යාපන කාර්‍යාලය පැවසීය .මෙම පාසල් නගරය අවට හා කොරෝනා රෝගීන් වැඩිවශයෙන් වාර්තා වූ ප්‍රදේශවල පාසල් බවද එම කාර්යාලය පැවසීය .

එම පාසල් විවෘත කරන දිනය පසුව දැනුම් දෙන බවත් එම පාසල් වල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා මෙම තීරණය ගත් බවද එම කාර්යාලය පැවසීය .



අදහස් (0)

කලවානේ පාසල් 9 ක ආරම්භය කල්යයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 149 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 392 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 390 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 592 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 296 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


පාසල් උපකරණ මිලදී ගන්න ලබන වසරේ දීමනාවක්
2024 නොවැම්බර් මස 08 389 1

පාසල් උපකරණ මිලදී ගත නොහැකි දරුවන්ට ලබන වසරේ ජනවාරි අගදී ඒවා මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (8) කෑගල්ලේ දී පැව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 90 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 468 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site