IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කාවිංගට විසේ වැඩියි

20160112-relationship-06

010120160112-relationship-08කාවිංග ඔයාට රිතූව මුණගැහෙන්නේ කොයි කාලෙද?
මට මතක විදිහට 2013.


0101ඒ අවස්ථාව මතකද?
මට මතක විදිහට හිරැ නත්තල් පාටි එකකදි තමයි මට රිතූව මුණ ගැහුණේ. ඒ වගේම අවුරැදු වැඩසටහන්වලදීත් හමුවෙලා තියෙනවා.


0101කොහොමද මේ යාළුකම වැඩිදියුණු වුණේ?
රිතූ කියන්නෙ අපේ සෙට් එකේ කෙනෙක්. ඇත්තටම මගේ හොඳ යාළුවෙක්. ශලනි, දිනක්‍ෂි, ඉෂාරා, ශනුද්‍රි ඔය කට්ටිය තමයි ඉතිං මගේ හොඳ යාළුවෝ. අපි එකට වැඩකරන අවස්ථා තියෙනවා. ඒ නැතත් ඉතිං අපි කතාබහ කරලා අපි අපේ යාළුකම් පවත්වාගෙන යනවා. 


0101රිතූ මොනවගේ කෙනෙක්ද?
ඇත්තටම හොඳයි. රිතූට පුළුවන් ඕනම දෙයක් විවෘතව කතා කරන්න. අපි අතර ඇත්තටම ප්‍රශ්න නැහැ. හොඳ විශ්වාසයකින් වැඩ කරන්න පුළුවන්.


0101ඔයාට පුළුවන්ද රිතූගේ රංගන පරාසය පිළිබඳ අදහසක් කියන්න?
මෙහෙමයි මට ලොකු ජජ්මන්ට් එකක් දෙන්න බැහැ. නමුත් මට කියන්න පුළුවන් රිතූ දක්‍ෂයි. හොඳ හඬක් තියෙනවා. හොඳ රංගන හැකියාවක් තියෙනවා. වෙනස් වැඩක් කරන්න උත්සාහ කරන කෙනෙක්. ඒ නිසා එයා එයාගේ හැකියාව හඳුනගෙන ඉදිරියට වැඩ කරන්න ඕනෙ. එහෙම වුණොත් එයාට හොඳ අනාගතයක් තියෙනවා.


0101ඔයාට හැඟෙනවද රිතූගෙන් නිර්මාණ අධ්‍යක්‍ෂවරැ හරියට වැඩක් අරගෙන නෑ කියලා?
ඇත්තටම. රිතූ, දිනක්‍ෂි, ශලනි, ඉෂාරා මේ හැමෝගෙන්ම හොඳ වැඩක් ගන්න පුළුවන්. නමුත් තාම ඔවුන්ව හරියට යොදවගෙන නෑ කියලයි මට හැඟෙන්නෙ. රංගනය ගැන ඉගෙන ගන්න කෙනෙක් විදිහට මට හැඟෙන දෙයක් තමයි රිතූගෙන් එහෙම මීට වඩා වැඩ ගන්න පුළුවන්.


0101අපි රිතූව දකින්නෙ ටෙලිනාට්‍ය හරහා. ඇය චිත්‍රපටවල දකින්නට නැහැ. රිතූගේ හැකියාව රුඳී තියෙන්නෙ ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේද?
නෑ. එහෙම හිතන්නෙ නෑ. මම හිතනවා ඇයට චිත්‍රපටවලත් වැඩකරන්න පුළුවන් වෙයි. නමුත් ඔවුන්ට තාම චිත්‍රපටවල දොරටු විවර වෙලා නැහැ. ඒක නම් අඩුවක් තමයි.


0101රිතූගේ Fashions ගැන මොකද හිතන්නෙ?
ඇත්තටම එයා ලස්සනට අඳිනවා. මම වැඩිපුර Fashions වලට යන කෙනෙක් නෙවෙයි. නමුත් මම ගිය ඒවට රිතුත් ඇවිත් තියෙනවා. ඒ හැම එකකදීම ඇය ලස්සනට ඇඳන් ඇවිත් තියෙනවා. හරිම ලස්සනයි. එයාට Fashion ගැන හොඳ අදහසක් තියෙනවා. එයා දන්නවා එයාට ගැළපෙන්නෙ මොනවද, නැත්තෙ මොනවද කියලා.


0101දෙන්නා ගැන කටකතාවක් පැතිරැණා නේද?
සිනාසෙයි. ඔව්. කටකතා පැතිරැණා. ඒවා කටකතා විතරයි. අපි දෙන්නා අතරේ සම්බන්ධයක් තියෙනවා කියලත් කටකතා පැතිරැණා. අනේ මන්දා මොන හේතුවකට එහෙම කරනවද කියලා. මොකද මගේ අම්මා වුණත් දන්නවා මම රිතූව ආශ්‍රය කරන්නෙ කොහොමද කියලා. රිතූගේ අම්මා, තාත්තත් දන්නවා එයා මාව ආශ්‍රය කරන්නෙ කොහොමද කියලා. ඒ නිසා ඉතිං කටකතාවලට නම් මම සැලෙන්නෙ නෑ. “අනේ බං ආං අරෑ මෙහෙම කියලනෙ* කියල අපි Set එක එකතු වෙලා හිනාවෙවී ඒ ගැන කතා කරනවා.


0101දෙන්නා අතර අමනාපකම් ඇතිවෙලාම නැද්ද?
අනේ නැහැ. අපි හොඳ යාළුවෝ. කලා ක්‍ෂේත්‍රයේ කිසිම කෙනෙක් එක්ක මගේ නම් තරහක් නෑ. යාළුවෝ විදිහට රිතුත් මාත් තරහ වෙලාවත් නැහැ. අපේ ටීම් එක බොහොම හොඳ ශක්තිමත් එකක්.


0101රිතූගේ අනාගතය වෙනුවෙන් දෙන්න උපදෙසක් එහෙම තියෙනවද?
මට දෙන්න තියෙන උපදෙස නම් “අනේ බං හෙමින් කාර් එක ඩ්‍රයිව් කරපන්" කියලා. නැත්නම් ඉතිං කොහේ හරි ගිහින් හප්පගන්නවනෙ. හප්පගෙන අපිට කියනවා “අනේ මම හැප්පුනා" කියලා. (සිනාසෙයි) ඒ නිසා කියන්න වෙන කිසිම වරදක් නැහැ. එකම දේ කාර් එක ඩ්‍රයිව් කරන විදිහ තමයි.

 

 

20160112-relationship-07

010120160112-relationship-09රිතූ ඔයාට කාවිංගව මුලින්ම මුණගැහුණු කාලය මතකද?
2013 විතර තමයි අපි හමුවුණේ. අවුරැදු උත්සවයකදී. එදා ඉඳන් අපි හොඳ යාළුවෝ.


0101කාවිංගව හොඳ යාළුවෙක් විදිහට තෝරගන්න මොනවද එයා ළඟ තියෙන විශේෂ ගතිගුණ?
කාවිංග ගොඩක් හිත හොඳ කෙනෙක්. හරි අවංකයි. අපි ගැන වුණත් හොයලා බලනවා. වැඩක් ඉවර වෙලා ගෙදර ගියාද කියලත් හොයල බලන්න තරම් හොඳ කෙනෙක්. විශ්වාසවන්ත විදිහට එයත් එක්ක වැඩ කරන්න පුළුවන්.


0101මුලින්ම කාවිංගත් එක්ක දායක වෙන්න ලැබෙන නිර්මාණය මොකද්ද?
උතුම් පැතුම් ටෙලි නාට්‍යයේදී තමයි එකට වැඩ කරන්න ලැබුණේ. 


0101කොහොමද කාවිංගගෙන් ලැබෙන සහය?
ඇත්තටම හොඳයි. රඟපාන චරිතය ගැන මුලින් හොඳට හිතලා බලලා තමයි එයා ඒක කරන්නෙ. සමහර වෙලාවට අධ්‍යක්‍ෂවරයාටත් අදහස් ලබා දෙනවා. හරි සුහදව වැඩකරන්න පුළුවන්.


0101කාවිංගගේ රංගන හැකියාව ඔයා කොහොමද දකින්නෙ?
ගොඩක් දක්‍ෂ කෙනෙක්. හොඳ රංගන හැකියාවක් තියෙනවා. එයාට අවශ්‍ය කරන දේ හරියටම කරන්න.


0101ඔයා හිතනවද කාවිංගගේ රංගන හැකියාව නිර්මාණ අධ්‍යක්‍ෂවරැ උපරිමයෙන් යොදාගෙන තියෙනවා කියලා?
නෑ. ඇත්තටම ඔහුගේ උපරිමය ලබාගන්න තාමත් කාටවත් හැකියාවක් ලැබිලා නැහැ. හැමදාමත් වගේ ඔහු බොළඳ පෙම්වතාට සීමාවෙලා. ඊටවඩා විවිධ චරිත රඟපාන්න කාවිංගට පුළුවන්. ඉදිරියේදී එයාගේ හැකියාවන් බලාගන්න පුළුවන් වෙයි කියලත් හිතනවා.


0101කාවිංගගේ විලාසිතා හොඳයිද? එයාට ගැළපෙනවද?
ඇත්තටම එයා ලස්සනට, පිළිවෙළට අඳිනවා. ඩෙනිමයි, ටී ෂර්ට් එකයි ඇන්ඳත් එයා පිළිවෙළට ඒක අඳිනවා. ඇත්තටම එයාගේ Fashions එයාට ගැළපෙනවා. ලස්සනයි.


0101දෙන්නට හැදුණු කටකතාත් මතක ඇති නේද?
මෙහෙ ඉතින් දෙන්නෙක් කතා කරනවා දැක්කත් ඇතිනේ. කතාවක් හදනවා. ඇත්ත නැත්ත මොනවත් හොයන්නෙ නෑනේ. ඒ නිසා අපි කලබල වෙන්නෙ නෑ. මොකද අපේ අම්මල තාත්තල දන්නවා අපි ආශ්‍රය කරන්නෙ කොහොමද කියලා. ඒ නිසා ප්‍රශ්නයක් නෑ.


0101කාවිංගට ගැළපෙන්නේ මොනවගේ ගෑනු ළමයෙක්ද?
ගොඩක් අහිංසක කෙනෙක් තමයි ගැළපෙන්නෙ. මොකද කාවිංගත් හරි අහිංසකයි. හරියට පොඩි ළමයෙක් වගෙයි. ටිකක් විසේ වැඩියි. හැබැයි ඉතිං හිත නම් හරි හොඳයි. ඒ නිසා එයාට ගැළපෙන්නෙ එයාගෙ වගේ ගතිගුණ තියෙන කෙනෙක්.


0101ඔය දෙන්නා මෙච්චර කාලෙකට තරහවෙලාම නැද්ද?
අපොයි ඕන තරම් තියෙනවා. හැබැයි විනාඩි පහයි තරහ තියෙන්නෙ. මොනවට හරි තරහ වෙනවා. එයාම කියනවා “ඔන්න අපි තරහයි* කියලා. මෙන්න විනාඩි පහක් නැහැ ඇවිත් “අපි යාළුයි* කියනවා.
 

0101කාවිංගගේ හෙට දවස වෙනුවෙන් උපදෙසක් දෙන්න කැමතිද?
විශේෂ දෙයක් නැහැ. මොකද එයා වෙලාවට වැඩකරන දක්‍ෂ කෙනෙක්. කරන වැඩේ හරියට කරනවා. ඉදිරියටත් ඒ විදිහටම වැඩ කරන්න කියලා තමයි කියන්නෙ.

 

 සේයාරැව | සුමුදු 



අදහස් (0)

කාවිංගට විසේ වැඩියි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 592 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 3988 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2491 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 237 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1305 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1425 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27613 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23554 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 400 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site