(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොරෝනා වෛරසය ආසාදිත කාන්තාවක් බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවයේ යෙදෙමින් සිටීමෙන් එම කර්මාන්ත ශාලාව තාවකාලික වසා දමා එහි ආරක්ෂක නිලධාරියා ඇතුළු සේවක සේවිකාවන් 64 දෙනෙකු ස්වයං නිරෝධනයට ලක් කළ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.යු. මධුෂාන් මහතා පැවසීය.
එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් කීපදෙනෙකු විවිධ රෝග ලක්ෂණ පහළ කිරීම හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගෙන තිබෙන බවට බණ්ඩාරගම සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මියට ලද තොරතුරක් අනුව එම කර්මාන්ත ශාලාවේ සේවය කළ ආසාදිත කාන්තාව ඇතුළු තවත් සේවක සේවිකාවන් තිදෙනෙක් ඉකුත් දෙවෙනිදා පීසීආර් පරීක්ෂණ ට භාජනය කළ බව මධුෂාන් මහතා කීය.
එලෙස පීසීආර් පරීක්ෂණයකට භාජනය කළ එම සේවක සේවිකාවන්ට වෛද්‍ය වාර්තා ලැබෙන තෙක් ස්වයං නිරෝධානය යෙදෙන ලෙසත් උපදෙස් ලබා දී එම කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරියට ද ඔවුන්ව සේවය සඳහා නොකැඳවන ලෙස වැඩිදුර උපදෙස් ලබාදී තිබූ බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කීය.
පීසීආර් පරීක්ෂණයට භාජනය කළ එම තිදෙනාගෙ වෛද්‍ය වාර්තා අද දින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ලැබී තිබූ අතර ඉන් එක් අයකුට වෛරසය ආසාදිත බවට තහවුරු වීමෙන් පසුව එම කාන්තාවගේ ජංගම දුරකථන අංකයට සෞඛ්‍ය නිලධාරි කාර්යාලයෙන් ඇමතීමෙන් අනතුරුව ඇය එම අවස්ථාවේ කර්මාන්ත ශාලාව තුළ සේවයේ යෙදෙමින් සිටින බවට හෙළි වී ඇත.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම කර්මාන්ත ශාලාව වෙත ගොස් සෞඛ්‍ය නීතියට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් පාලනාධිකාරියට කරුණු වටහා දී එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා ආරක්ෂක නිලධාරියා ඇතුළු සේවක සේවිකාවන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
ආසාදිත සේවිකාව ගාල්ල ආරච්චි කන්ද ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරන බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා
ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොවිඩ් ආසාදිතයකු හමුවීමෙන් බණ්ඩාරගම කර්මාන්ත ශාලාවක් වහයි