IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


කිව්වද නහී නොකිව්වද නහී

හාස්‍ය තේමාව රැගත් ‘මගෝ ඩිගෝ ඩයි’ චිත‍්‍රපටය නිෂ්පාදනයට දායක වූ ජනිත මාරසිංහ යනු චිත‍්‍රපට කිහිපයකටම නිෂ්පාදන දායකත්වය සැපයූ නිෂ්පාදකවරයෙකි. ඒ අතරින් ඔහුගේම නිෂ්පාදනයක් වන ‘කිව්වද නහී - නොකිව්වද නහී’ නමින් නිර්මාණය වූ චිත‍්‍රපටය හෙට අනිද්දාට තිරගත වීමට නියමිතය. බොහෝදෙනා අර්ථවත් රසය සොයා යනවිට හාස්‍ය සමග සිනමා නිර්මාණයක් එළිදක්වන ජනිත මාරසිංහ ඒ ගැන අපට මොනවද කියන්නෙ බලමු. මාරසිංහ කිව්වාම අපට එක්වර මතකයට එන්නේ ප‍්‍රකට චිත‍්‍රපට නිෂ්පාදකවරයෙකු සුගතදාස මාරසිංහයි. ඔබ ඒ පරපුරේ කවුද? සිංහගිරි ෆිල්ම්ස් වෙනුවෙන් ‘හාරලක්‍ෂය’, ‘හිතට හිත’, ‘ඔන්න බබෝ බිල්ලෝ එනවා’, ‘පුංචි බබා’, ‘හිඟන කොල්ලා’ වැනි චිත‍්‍රපට නිර්මාණය කළ සුගතදාස මාරසිංහ අපේ මහප්පා. නමුත් මා චිත‍්‍රපට නිෂ්පාදනයට අත ගැසුවේ ජනිත ෆිල්ම්ස් නමිනුයි. ඊට පෙර චිත‍්‍රපට මෙරටට ගෙන්වීම සහ ඒ අංශයට අදාළ ව්‍යාපාර කළා. නමුත් අපි මොන විදියකින් හෝ අපේ සිංහල චිත‍්‍රපට කලාව සරසන්න  ඕන. ඒ නිසා මෙලෙසින් නිෂ්පාදනයට පිවිස සිටිනවා. ‘කිව්වද නහී, නොකීවද නහී’ ඇයි මේ විදියට සරල නමක් යොදා තිබෙන්නේ? මේ කතාවේ අගක් මුලක් සිදුවීමක් තියෙනවා. අර අපි කතාවට කියන්නෙ ‘ගෙදර ගියොත් තෝ නසී, මග හිටියොත් අඹු නසී’ කියලා. අන්න ඒ වගේ මේ කතාවටත් අගක්, මුලක් තියෙනවා. මේ චිත‍්‍රපටයට අමතරව ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘රන් කෙවිට - දෙක’ සහ ‘කුස පබා’ සඳහාද සම නිෂ්පාදනයට දායක වුණා. මේ චිත‍්‍රපටය හාස්‍ය විතරක් පදනම් වූ එකක්ද? මුළු පවුලටම එකට සිට නැරඹිය හැකි චිත‍්‍රපටයක්. රන්ජන්, ටෙනිසන් සහ අර්ජුන තිදෙනාම එකට එක්ව ප‍්‍රධාන චරිතවලට දායකත්වය ලබාදෙනවා. පසුගියදා ස්වර්ණවාහිනී ‘ඩාන්ස්ටාර් ඩාන්ස්’ හැඩ කළ මේනකා පීරිස් මෙහි කතා නායිකාවයි. ඊට අමතරව රෙක්ස් කොඩිප්පිලි, ආනන්ද වික‍්‍රමගේ, චංචලා වර්ණසූරිය ඇතුළු ප‍්‍රකට නළු නිළියන් රාශියක් රංගනයෙන් දායක වෙනවා. ලාල් ප‍්‍රියදේව මහතා අධ්‍යක්‍ෂණය කළ මෙහි සංගීත නිර්මාණය කළේ නීල් වර්ණකුලසූරිය ප‍්‍රමුඛ සන්ෆ්ලවර් වාදක මඬුල්ලයි. කැමරාකරණය ලලිත් තෝමස් ගෙන්. සුනිල් විමලවීර, චන්ද්‍රදාස ප‍්‍රනාන්දු රචනා කළ ගීත වලට නීල් වර්ණකුලසූරිය, ශානිකා, නෙල්සන් වාස්, අභිෂේකා විමලවීර, කසුන් චාමිකර සහ තරංග ලක්මාල් ගායනයෙන් එක්ව සිටිනවා. මෙය හරියටම තිරගත වෙන්නේ? සැප්තැම්බර් මාසයේදී තිරගත වේවි. සඳුන් ගමගේ



අදහස් (0)

කිව්වද නහී නොකිව්වද නහී

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සජබ පක්ෂ සංවත්සරය හෙට
2025 අප්‍රේල් මස 02 209 0

සමගි ජන බලවේගයේ පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ දී හෙට(3) පස්වරු 1.00 ට පැවැත්වේ.


ඉන්දියාව සමඟ ද්විපාර්ශික ගිවිසුම් තබන්න රජය සූදානමින්
2025 අප්‍රේල් මස 02 235 0

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර බලශක්ති, සෞඛ්‍ය, ආරක්ෂක සහ ඩිජිටල් ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට එළැබීමට රජය අ


සිමෙන්ති කුඩු කලවම් කරලා හිස කෙස් වර්ණක හදලා
2025 අප්‍රේල් මස 02 440 0

සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත් වී ඇත.


පෙට්‍රල් බෝම්බයෙන් දරුවා මිය සිද්ධියට දෙන්නෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 02 573 1

කළුතර , ගමගොඩ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ පුද්ගලයන් දෙදෙනකු අත්අ


දළදා මාලිගාවෙන් මියන්මාරයට කෝටි එකහමාරක්
2025 අප්‍රේල් මස 02 673 0

භූමිකම්පාවෙන් විපතටපත් මියන්මාරයට අධාර ලෙස මල්වතු අස්ගිරි මහා විහාරයන් සහ ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් කෝටි එක හමාරක මුදල් පරිත්‍යාගයක් අද (02) සි


රුධිර ප්‍රතිකාර බේතක් ඉන්දියාවෙන් ගනී
2025 අප්‍රේල් මස 02 322 2

හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 246 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 812 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 788 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site