රංගන ශිල්පිනි මාතලේ මුවන්දෙණියේ කවිෂා අයේෂානි(25) අද (16) අලුයම 3.30ට පමණ නුගේගොඩ ජුබිලි කණුව අසල සිදු වූ රිය අනතුරකින් මියගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඇයගේ මෘත ශරීරය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තබා ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ ඇය විසින් රථය පදවා ඇතැයි පොලිසිය පවසයි
ඇය කෝරළේ මහත්තයා ටෙලි නාට්‍යයේ මුතුගේ චරිතයෙන් ජනප්‍රියත්වයට පත් වූවාය. ඇගේ වැඩිමල් සොයුරාද මීට වසර 14කට පෙර රිය අනතුරකින් මියගොස් ඇති බවත් ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා (19) කිරිඳිවැලදී සිදුකිරීමට නියමිත බවත් පවුලේ ඥාතීහු කියති.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
වීඩියෝ - බිමල් ශ්‍යාමන් ජයසිංහ






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවන් හිතන විදිහට තමයි ශ්‍රී ලාංකික අපි ඇතුළු බහුතර දකුණු අසියාතිකයෝ හිතන්නේ. නමුත් අපි ජිවත් වන කාලය තුල ජීවිතය හැඩ ගස්වා ගන්න වුවමනා වෙන්නේ තමාගේ මරනේදී තමා ගැන සත්‍ය හංගල බොරු ප්‍රතිරූපයක් මවල කතිකයන්ට කතා කරන්න නොවෙය්.මෙතැනදී මිය ගොස් ඇති මෙනවිය ගැන නොවෙය් මගේ අදහස.සමස්තයක් හැටියටය්. (බ)
අපරාදේ වටිනා ජීවිතයක්! (නි)
රටට වටිනා ජීවිතයක් අහිමිවුණා. අපිට දුකයි (නි)
කොහොමද කියන්නේ බස් එකේ ඇන ගත්තා කියලා. කාර් එකේ පිටිපස්සනේ පොඩිවෙලා තියෙන්නේ. ඔය කියන හැටියට කාර් එක ධාවනය කරලා තියෙන්නේ පස්සටද? කවුරුත් හිතාමතා අනතුරු කරගන්නේ නැහැ. හැබැයි පුද්ගලික බස් එළවන අය නම් මිනිස් ජීවිතයක වටිනාකම දන්නෙම නැහැ. කොහොමටත් කෙනෙක් අනතුරකට පත්වෙලා මියගියාම අවලාද නඟන එක හොඳ දෙයක් නොවෙයි. ඒ වගේම එය ශිෂ්ටසම්පන්න වැඩක් නොවෙයි. සමහරු එයින් පුදුම සතුටක් ලබනවා. (නි)
කොහොම වුණත් මරණය කාටත් පොදුයි. කොහෙද, කොතනද කියලා කව්රුත් දන්නේ නැහැ. (නි)
ආචාර සමාචාර මොනවා වුණත් දැන් හැමදේම ඉවරයි. නැගණියේ, නුඹට නිවන් සුව! මතු ආත්මයක් ඇත්නම් අකල් මරණ වලට ගොදුරු නොවේවා !!! (නි)
අපරාදේ කාර් එක කාර් ගණන් කාලේ ඔහොම හප්පා ගන්නවද? (බ)
මෙයා මුතුගේ චරිතය ලස්සනට කළා. අගය කරන්න ඕනි. නිවන් සුව පතමි. (බ)
තව දින කීපයකින් ඉදිමිලා සැරව ගලන්න පටන් ගත්තම මිනිස්සු නහය වහගෙන තමයි ළඟින් යන්නේ ඕක තමයි බුදුබණ (බ)
පිටිගල මිලනොත් වලිගෙ පාගාගෙන නවත්වල තියන බස් එකේ පස්සෙන් ඇවිත් ඇන ගත්තම බස් රියදුරු මොනවා කරන්නද. (බ)
අනේ අපේ රටට වන්වේ පාරවල් එන්නේ කවදද ? (බ)
අනේ දුකයි. මොනවා කරන්නද දුවේ? (නි)
සමහරුන්ගේ අදහස් හරිම පහත.මේ ළමයා අපරාධ කාරියක් නෙවෙයි.පෞද්ගලික ජිවිතේ මලාට පස්සේ අවුස්සන කතා පුරුද්දෙන් දැන්වත් මිදෙන්න. නැගණිය ඔබට නිවන්සුව. (අ)
යම්කිසි කෙනෙක් අනතුරකින් මරණයට පත් වුණාම, මේ වගේ ජරා තිරිසන් විදියට අදහස් ප්‍රකාශ කරන සුළුතරයක් ඉන්න රටක් මේ ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති කවීෂා නැගණියනි මතු ආත්මයේ කිසිම දිනක ඔබට මෙවන් විපතක් නොවේවා ඔබට නිවන් සුව. (අ)
වාහන දෙකේම පිටිපස්ස හැපුනෙ කොහොමද..? (අ)
ලංකාවේ ගොඩක් අනතුරු සිදු වන්නේ පාර දෙපස නවතා තිබෙන ලොරි සහ බස් නිසායි ඒවා අදුරේදී හදුනාගන්න අපහසුයි,,මේ අනතුර දෙස බැලිමේදී නම්, පාරේ නවතා තිබෙන බසය මෙන්ම , මෙම ටෙලි නිළියගේ නොසේලිකිලිමත් බලපානවා,,එය ඉතාමත් අධික වේගයකින් නිදිමරගතේ එලවන බවකුයි පෙන්නේ,කොමත් ටෙලි නළු නිලියෝ එලවල පොලිසියෙන් අල්ලනේ නෑ අපි තමය ලොක්කෝ කියලනේ වැඩ කරන්නේ ,තමන්ගේ ක්‍රියාකාරකම් අනුව තමයි ලැබෙන ප්‍රතිපලත් (අ)
කරුණාකරලා හොද පින්තුරයක් දන්නා (අ)
මිය ගිය කෙනෙකුට අපහාස කිරීම හරි වැරදි දෙයක් .අපි කවුරුත් දවසක මෙලොවින් සමුගන්නවා , කවීෂා ඔබට නිවන් සුව ලැබේවා ලෙස්ලි ඔයාගේ කීම හරි , අපේ රටේ අය පුරුදු වෙලා ඉන්නේ ඔයවගේ දේවල් වලට විතරයිනේ (අ)
වයසයි අද දිනෙයි අදුනගන්න බැරි අයත් මෙතන ප්‍රතිරචා දානව (අ)
දැහැමි ජීවිත ගතනොකරන බොහෝ නළු නිලියන් ගේ ආයුෂ අඩුබව පෙනී යයි.වර්තමාන සමාජයේ සමහර මවුවරුන්ගේ වැරදි ක්‍රියා කලාප නිසා, ඔවුන්ගේ තරුණ දුවරුන් ගේ ජීවිත අකාලයේ විනාස වෙයි (අ)
තුෂි කියන කෙනා නම් මනුෂ්‍ය ආත්මයක් ලැබුවට මනුෂ්‍යයෙක් වෙන්න බැහැ (අ)
නිවන්සුව ලැබේවා ..!! (නි)
ඔබට නිවන් සුව පතමි! (නි)
ඔබට නිර්වාණ සුවය ලැබේවා! (නි)
අපි මොන විග්‍රහ දුන්නත් වෙන්න තියෙන දේ සිදුවී හමාරයි. නමුත් ජීවත්වන අන් අයට මින් ඉගෙනගත යුතු පාඩමක් තියෙනවා. පාර අයිනේ කහ ඉරක් අසළ රාත්‍රියක නිකරුනේ බසයක් නවතා තිබීම නිසා එතනින් පාර මාරුවෙන්න ගිය වයසක කතක් වේගයෙන් ආ ටිපර් රථයක හැපී මියගොස් සිටින ආකාරය මාස කිහිපයකට ඉහතදී මා දුටුවා. පොලිසිය බසය පොලිසියට රැගෙන ගියේ අහිංසක ප්‍රාණයක් මියගියාට පසුවයි. මෙතන නවතා තිබු බසය මේ අනතුරට එක හේතුවක් පමණයි. මෝටර් රථය එළවූ තරුණ කත පාන්දර ජාමයේ රථය එළෙව්වා කියන්නේ එක්කෝ සාදයකට ගොස් එන ගමන් විය හැක. මත්පැන් ගත්තාද යන්න මරණ පරීක්ෂණයෙදී හෙළිකර ගත හැකියි. නින්ද යාමට එවැනි තත්වයක් බොහෝදුරට බලපානවා. ලංකාවේ බොහෝ දෙනෙක් ආරක්ෂක පටි පැළඳීමට අමතක කිරීම නිසා අනතුරුවලින් මියයන සංඛ්‍යාව දිනපතාම ඉහළ යමින් පවතිනවා. අවසානයේදී මේ සියලුම සාධක අභිබවා කර්මය එළියට ඇදීඒම උපතට වගේම මරණයටත් බලපානවා. (නි)
කවීෂා ඔබට නිවන් සුව (හේ)
අකල් මරණ සිදුවීමට හේතුව අපි මේ ආත්මේ කරපු පාප කර්මයක ප්‍රති පලයක් නොවේ. එය අපරාපරීය කර්මයක ප්‍රතිපලයක් එනම් අයෙක් ඉහත අත් භවයන්හි සත්ව ගාත්න සිදු කර ඇති බවයි බුදුන් දේශනා කළේ. කෙනෙක් මරණයට පත් වූ විට නිවන් සුව ලැබේවා යනුවෙන ප්‍රකාශ වන්නේ බෞද්ධයින් හැටියට ඒ අයට දැක්විය හැකි උපරිම ගෞරවයි.මෙඉන් අදහස් වන්නේ නැහැ මරුන අය එසැනින් නිවන් සුව ලැබෙන බව. සියලු දෙනාගේ ප්‍රර්තනයට අනුව ඉදිරි සසරේ දිනක අර්යෂ්ටන්ගිග මාර්ගය අවබෝධවී නිර්වාන සම්පත්තිය කෙදිනක හෝ ලැබේවා යන්නයි. (හේ)
ජනහිත, අන්තර්ජාලයේ බලන්න සිසිටිවී වීඩියෝව තියනවා. කාර් එක ගිහිල්ලා නවත්තලා තියන බසයේ වදින හැටි. (නි)
සිසිටිවී දර්ශන වලින් බැලුවම පේනවා කාරය කැරකිලා ගිහිල්ලා නවත්තලා තියන බසයේ වදින හැටි. බසයේ පාකින් ලයිට් දාලා තිබුනත් එ්ක නවත්තන්න විදියක් නැහැ. අපි දැක්කා බසයේ රියදුරු අත්අඩංගුවට අරන් කියලා පුවතක්. ඒ මොන තීන්දුවක්ද? (නි)
බණ්ඩාර මහතාණනි, මුළු රාත්‍රී කාලයේ පාකින් ලයිට් දැම්මොත් පසුදින බස් රථය පණ ගන්වන්නට වෙන බැටරියක් ගෙනෙන්න වනවා. වරද සම්පුර්ණයෙන් කාර් එක පදවපු ටෙලි නිළියගේ (නි)
ඔබට උතුම් වූ නිර්වාණ සුවයම අත්වේවා....!
උපාලි, කර්මය අනුවයි සියල්ල සිදුවෙන්නේ (නි)
අනිච්චාවත සංකාරා , මතු උපදින ආත්ම වලදී මෙවන් අකල් මරණ නොවේවා , එසේ නොම වීමට ඔබ ටෙලි නිලියක් නොවේවා (බ)
බමුණුආරච්චි, උප්පජිත්වා නිරුජ්ජන්තී තේරුම දන්නා කෙනෙකුගෙන් ඉගෙනගන්න. මෙතනට අදාළ වෙන්නෙ වය ධම්මා සංඛාරා!
රිය අනතුරක් සිදු වී වටිනා ජිවිතයක් අකාලයේ නැති විය. ජිවත් වෙන අපි එවන් අනතුරු නැවත ඇති නොවීමට කැප විය යුතුයි නේද? CCTV දර්ශන දෙස බලපුවම පෙනෙන පලවෙනි වැරැද්ද බස් රථයේ පාකින්ග් ලයිට් දාල නෑ. දෙවනුව වාහනේ වේගය අදිකයි. බ්රේක් ගහනකොට වාහනේ කැරකිලා තමයි බස් එකේ වදින්නේ. බොහෝ දුරට කා එකේ ටයර් ගෙවිල එති. ඒ වගේම නිදිමතින් හිටපු ඇය ස්ටියරින්ග් එක පාරටම කපන්න එති. හොදින් මතක තියාගන්න විශේෂයන්ම 2004 අවුරුද්දට පසුව නිෂ්පාදනය කරපු ජපන් වාහන හදල තියෙන්නේ ඉදිරිපසින් වෙන අනතුරකදී නිපදවෙන ශක්තිය උරා ගෙන එඅ බෑග් පුපුරා ගොස් මගින් ආරක්ෂා වෙන අයුරින්. වාහනයක පැත්තෙන් සිදු වෙන අනතුරකදී ජිවිත හානියක් සිදු විය හැකි ඉඩ කඩ වැඩි. පාලනය කර ගත හැකි වේගයකින් රිය පැදවීම, නිදි මත නම් වාහනය නැවත සුළු වෙලාවක හෝ නින්දක් ලබා ගැනීමත් ඔබේ ජීවිතය බේරා දෙන්න පුළුවන්. ඒ වගේම හැමෝම මාර්ග නීති ගැන අවබෝදයක් ලබා ගෙන ඒවා අනුගමනය කිරීම වැදගත්. බස් රියදුරු පාකින්ග් ලයිට් දාල තිබුනානම් මේ අනතුර සිදු නොවෙන්න තිබුනා.(රේ)
උපාලි ,මොකද ඇයට නිවන් සුව පැතුවාම වෙන්නේ. අපි ඔබටත් නිවන් සුවය පතනවා. එත් එය ලාබ දෙයක් නොවෙයි, එත් බවුද්ධයෝ වශයෙන් අපි ප්‍රාර්ථනය කරන්නේ හැමෝටම එයයි. ඒ කියන්නේ උප්පතිය මරණය දුකක් බුදු දහම අනුව. මේ දෙය ඔබට දුකක් නොවුනට බොහෝ දෙනෙකුට දුකක් එකයි. (රේ)
මෝටර් රථයක් ධාවනය කරනකොට නිචැරදි දෘෂ්ටියකින් වගේම බොහොම ඉවසීමෙන් කරන්න වෙනවා කියන එක දැන් පැහැදිලියි නේද.අැයට නිවන් සුව.(රේ)
වාහන දෙක දකිනවිට නම් හිතෙන්නේ අධික වේගයෙන් ආ කාරී රථය ක්ෂණික තිරිංග තද කිරීමක් නිසා කරකැවී පිටුපස බස්රථයේ වැදී ඇති බවකුයි. එහෙම නොවෙන්න නම් තවත් කෙනෙක් අනතුරට සම්බන්ධ වෙන්න ඕන(බස් රථය නවත්වා තිබුනා නම්). කොහොම උනත් රියදුරු මිය යාමට අනතුර හොඳටම ප්‍රමාණවත්. ප්‍රමාණවත් ලෙස රියදුරු පුහුණුව නොමැතිකම සහ සාමාන්‍ය දැනීම නොමැති කම මෙම අනතුරු වලට හේතුව බවයි පෙනෙන්නේ.(රේ)
ඔබට නිවන්සුව ! (රේ)
අනතුර සිදුවී ඇති අකාරය වීඩියෝ එක බැලුවම හොඳට පේනවා. වැස්ස නිසා ආපු වේගයට වාහනය පාලනය කර ගන්න බැරුව සිදු වෙච්ච කනගාටු දායක දෙයක්. බස් එක මෙතන නොතිබුනා නම් මේක නොවෙන්න තිබුන. (අ)
ඇයට නිවන් සුව ලැබේවා! (නි)
උපාලි, මෝඩ තර්ක එපා. මේ මියගිය කෙනාට සසර කෙලවර අමාමහ නිවන් සම්පත්තිය අත්වේවා කියලා ප්‍රාර්ථනය කරන්න පුළුවන්. ඒ වගේම නැවත අප අතරම ඉපදේවා කියන ප්‍රාර්ථනයත් කරන්න පුළුවන්. නැතුව මැරෙන හැමෝම නිවන් දකිනවා කියන තර්කයක් ඒ වචන වල නැහැ. මට වැඩිය ධර්මය දන්නා අය මෙතන ඇති. කරුණාකර උපාලිට තවත් පහදා දෙන්න (නි)
ලයිසන් ඇති ඒත් තමුන්ගේ ජීවිතය ගැන හිතලා නැහැ වගේ. පවුලේ අයටයි දුක. (හේ)
අද කාලේ මඟමරු ත්‍රස්තවාදය අන් සියල්ලටම වඩා බලවත් වෙලා (නි)
තව ටිකක් පරීක්ෂාකාරී වුණා නම් අද මේ වටිනා ජීවිතය රටට අහිමිවෙන්නේ නැහැ (නි)
පිටිගල, නවතා තිබුණු බස් එකක හැපිලා කියලයි ආරංචි. වෙන රියදුරෙක් ඉඳලා නැහැ. (නි)
හැප්පිලා තියෙන විදියට කොහොමද රියදුරු අසුනේ ගිය එක්කන මරුනේ ?(හේ)
පෙරේරා මොකද උදෙන්ම වලිගේ පාගාගෙන. ලිපිය හොඳට කියවන්න නැවත වරක් (බ)
ලංකාවේ බස් රියදුරන් තමයි යුද්දෙට අමතරව වැඩිම මිනී මැරුම් සංඛ්‍යාවකට රටේ වගකිව යුත්තේ. නමුත් රටේ ප්‍රතිපත්ති සකසන මහත්තුරුන්ට මේවා ගැන හිතන්න වත් කාලයක් නැහැ වගේ. (බ)
තුෂී බලු වලිගේ උණ පුරුකේ දැම්මත් ඇද අරින්නේ නෑ කියනවානේ. මරුණු කෙනකුට නිගරු කරන්න එපා (බ)
පෙරේරා මහත්තය ළමා හුරුව පොතත් අරන් මොන්ටිසෝරි යන්න වෙනවා ආයේ හොදට ඇස් ඇරලා බලන්ඩ වයස 25ක තරුණියක් 16 වෙනිදා කියල තියෙන්නේ (බ)
පෙරේරා මහත්තය හරියට පත්තරේ කියවල නැහැ වගේ.16 කියල දාල තියෙන්නේ දවස 25 කියල දාල තියෙන්නේ වයස.දැන් ඔබ තුමාගේ ප්‍රශ්නයට පිලිතුරු හම්බ වුනා නේද? (බ)
කවුද නිළියක් කියලා තිබුනා සමහර නවක නිලියන් රඟපාන්න ඇවිත් තියෙන්නේ වාහනයක් ගන්නයි පෙම්වතෙක් සොයා ගන්නයි කියලා පිට පළාත් වලින් ඇවිත් කොළඹ සරුව පිත්තල ලෝකයට වහ වැටුනාම තමන්ට සුදුසු නුසුදුසු දේවල් පවා සමහරුන්ට අමතකයි. (බ)
ඔබට නිවන්සුව ලැබේවා ..! (නි)
කෙනෙක් මිය ගිය පසු කුණු ගොඩවල් අව්ස්සන්න එපා . බුදු දහමේ හැටියට තව කෙනකුට අපහස කරන කෙනෙකුට මතු ආත්ම වලදී විරූපී වෙලා උපදින්න හේතු වෙනවා ! මේ මිය ගිය කෙනාට නිවන් සැප ලැබේවා! (හේ)
උප්පජිත්වා නිරුජ්ජන්තී වෙන මොනවා කියන්නද (අ)
පුදුම හිතෙනවා ඒ ඇක්සිඩන්ට් එක දකිද්දී ..?මේ බසය සහ කාරය දෙකම ඩ්‍රයිවින් කරගෙන ගිහින් තියෙන්නේ පිටිපස්සටද? බලන්න ජීවිතේ අවසන් මොහොත ආවාම එය කෙසේ හෝ සිදුවෙන හැටි ..භයානකයි ..!!! මිනිසුන්ගේ ..නිරුවතෙන් අපිට වැඩක් නැහැ ..නිදොස් කෙනෙක් මේ ලොව උපදිනේ නැත ..! බුදුන් වහන්සේ දෙෂනාකළේය ..? එසේනම් අපි මේ ටික කාලේ අනුන්ගේ දේවල් නොසොයා ..අනුනට කරදරයක් නොකර සමාජයේ තවෙකෙකුට උපකාරයක් කරමින් ..මේ ටික කාලේ ජීවත්වෙමු ..! ඇයට නිවන්සුවය ලැබේවායි ප්‍රර්තනාකරමි ..!!! (අ)
ඇයගේ මරණය සම්බන්ධව කණගාටු වෙනවා (නි)
කුෂි, ඒ මේ ළමයා නෙමෙයි. මිනිසුන්ගේ චරිත ඝාතනය කරන්න එපා. (නි)
තුෂි, මළ කෙනෙකුට ගෞරව කරන්න ඉගෙන ගන්න. මේක කෙනෙක්ගේ කළ වැරදි කියන්න වෙලාවක් නෙවෙයි. තැන නොතැන නොබලා ගැහැණුන්ගේ කුහක ගති ඉස්මතු වෙන හැටියක්! (නි)
නිවන්සුව ලැබේවා (බ)
කාන්තාවක් අවුරුදු 100 ක් ජීවත් වුනත් වැඩක් නැහැ ආත්ම ගරුත්වය නැතිව තරුවක් සේ බැබලෙමින් ජිවත් වුනත් . මිට කලකට පෙර පිරිමියෙක් බෙදා ගන්න බැරිව තවත් ගැහැනියක් සමග එක්තරා තැනකදී සිදු වූ ආරවුලක් ලෝකෙටම ප්‍රසිද්ධ වුන නිසා තමයි මෙහෙම නිලියෙක් ඉන්නා බව දැන ගත්තේ. කෙසේ නමුත් මියගිය අයට නිවන් සුව පතා අකාලයේ මැකී ගිය තරුණ ජීවිතය ගැන කනගාටු වෙමි. (බ)
අවුරුදු 16ය් වාහනයත් පදවල ලයිසන් නැතුව. (බ)
පිටිගල - මිලානෝ . හැම එකටම පිස්සු කොමන්ට් දාන්න එපා , ඔයාට කවුද කිව්වේ බස් රථයේ රියදුරුගේ වරදින් මේක සිද්ධ වුණා කියල .....(බ)
හරි පවු නේ පෙරේරලාට ඔක්කොම එකතුවෙලා පහර දෙනවා..... පෙරේරා වුනත් දැන් සිංහලනේ. ඒ අයුරින් හිතන්න .......(බ)
මෙවන් අකල් මරණයකට කිසිදු භවයකදී ගොදුරු නොවේවා! සොහොයුරිය, ඔබට නිවන් සුව! (නි)
හැපිලා තියෙන හැටියට පිටුපසින් නිසා බසයේ රියදුරු වැරදි නැහැ. එ්ත් අනෙක් වාහනයෙත් පිටුපසයි වැදිලා තියෙන්නේ. එතකොට වාහන දෙකම පසුපසට ධාවනය වූ අවස්ථාවක් නම් එතරම් වේගයක් තිබෙන්නත් බැහැ නේද? (නි)
කොහොමද රියදුරු අසුනේ ගිය කෙනා මරණයට පත්වුණේ? මොකද හොඳටම පොඩිපට්ටම් වෙලා තියෙන්නේ පසුපස ආසනය. (නි)
ජයසිරි, ඔබට දැනෙන විදිහට තමයි සාමාන්‍ය ජනතාවට බස් රියදුරන්ට සහ දේශපාලකයන්ට දැනෙන්නේ. එබැවින් මම ඔබට දොස් නොකියමි. වාහනයක් හැපෙන වෙලාවට ඒ තුළ ඇති අධික බලය දැනීමට හැපුණු වාහනයකම සිටිය යුතුයි. වේගය අනුව බරපතලකම වැඩියි. වාහනය නවතින ඉක්මන වැඩි නම් වන හානිය ඉතා වැඩියි. මෙතුමිය සීට් බෙල්ට් පැළඳ සිටියාදැයි නොදනිමි. මෙම රථය තුළ සිදුවූ දෙය රථයට වූ හානියෙන් පමණක්ම ගණන් බැලිය නොහැක. (නි)
ලෙස්ලි, අපි මෙතන එක එක්කෙනාගේ අදහස් ගැන කලබලවෙලා වැඩක් නැහැ. (නි)
ඔබට නිවන් සුව අත් වේවා! (නි)
සමහරු වාහනයක් අතට ගත්තම හිතන්නේ තමුන් විතරක් පාරේ ධාවනය කරනවා අනික් හැමෝම තමුන්ට ඉඩ දීල පාරෙන් ඉවත් විය යුතු කියල. බොහොමයක් එලවන්නේ හෝන් එකෙන්. එනිසා අනික් රියැදුර ගේ මානසික එකාග්‍රතාවයට ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරනවා. අනික් රියදුරන්ටත් ඉඩ දීල මහා පාරේ ආරක්ෂිතව වාහන පදවනවානම් මෙහෙම අනතුරු අවම කරගන්න පුළුවන්.(බ)
අලුයම 3.30 කියන්නේ හොඳට නින්ද යන වෙලාවක්. මේ ළමයාට විවේකය අවශ්‍යයි. (බ)
ජයසිරි, මමත් ඒකම තමයි කලපනා කළේ, ඒත් කතාවක් තියනවනේ වෙලාව ආපුවම පැදුරෙන් වැටිලා හරි යන්න වෙනවා කියල. (බ)
ඔබට නිවන්සුව ලැබේවා ..!! (බ)
‘වය ධම්මා සංඛාරා‘" සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුලුය අප්‍රමාදීව කුසල් රැස් කරන්න (බ)
මට කියන්න තියෙන්නේ වෙන කතාවක් මෙහි කොමෙන්ට් දාන අය නිවන් සැපයේ තේරුම හරියට වටහාගෙන තියෙනවද කියල ප්‍රශ්නයක් මෙහෙම කෙනෙක් මිය ගිය පලියට නිවන් සැප ලැබෙනවානම් මිය යන සියල්ලෝම නිවන් දැකල එහෙම ලාබ දෙයක්ද නිර්වාන සම්පත්තිය බුදුන් වනසේ නිර්වාන සැප ලාබ ගන්න පිළිපැදිය යුතු ධර්ම මාර්ගය අපට අවබෝධ කර දී තිබෙනවා එයින් තොරව නිවන් මග ලබාගත නොහැකිය (බ)
ඔබට නිවන්සුව පතමි ....(බ)
හැපිලා තියන විදියට ඇය ගිහින් තියෙන්නේ පිටිපස්සේ. බස් එකෙත් පිටිපස්ස හැපිලා තියෙන්නේ. ඊයේ වැස්සත් එක්ක (නි)
මේ තැනැත්තිය දැන් මියගිහින්. කරුණාකරලා මීටවඩා යහපත් ලෙස අපි මේ දෙස බලමු (නි)
මට නම් හිතෙන්නේ වාහනයක් පිටුපසින් වදිනවිට ඉදිරි වාහනයේ තැනැත්තාට කරන්න දෙයක් නැහැ කියායි (නි)
කණගාටුදායක පුවතක් (නි)
ඔබට නිවන් සුව ලැබේවා සොයුරිය! (නි)
අපරාදේ තරුණ ජීවිතයක් අකාලයේ නැතිවුණා (නි)