IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


කෘෂිකර්ම ගොඩනැගිල්ලේ බදු ගිවිසුම අමාත්‍යංශයේ නෑ

(බිඟුන් මේනක ගමගේ)

ආන්දෝලනයට තුඩු දී ඇති කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ගොඩනැගිල්ලට අදාළ බදු ගිවිසුම මේ වනවිට අමාත්‍යංශය සතුව නැතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “ලංකාදීප”යට පැවැසීය.

විවිධ පාර්ශවවලින් කෙරුණු පැමිණිලි මත පරීක්ෂණ සඳහා අල්ලස් කොමිසමෙන් එය රැගෙන ගොස් ඇතැයි ද එහි කිසිදු පිටපතක් අමාත්‍යංශය සතුව නැතැයි ද ඔහු කීවේය.

මසකට රුපියල් ලක්ෂ 210 ක බදු කුලියක් ගෙවමින් පවතින මෙම ගොඩනැගිල්ල තවමත් කෘෂිකර්ම අමාත්‍යංශයට බාර දී නැති අතර ගිවිසුම අස්සන් කර මේ වනවිට වසර එකහමාරකට අධික කාලයක් ගතව තිබේ.



අදහස් (46)

කෘෂිකර්ම ගොඩනැගිල්ලේ බදු ගිවිසුම අමාත්‍යංශයේ නෑ

sumal perera Friday, 24 November 2017 11:01 AM

ඒක දුමින්දගේ ගෙදර ඇති ...

:       16       624

sena Friday, 24 November 2017 11:14 AM

බැඳුම්කරයත් එක්ක බලද්දී ඕක මොකක්ද සර් - දැනට බැඳුම්කරේට පහළ ඔක්කොම දූෂණ නෙවෙයිනේ...

:       805       5173

wedage Friday, 24 November 2017 11:18 AM

චෙක් එක ලියන්න බෑ කිව්ව නිලධාරිතුමියව මාරුකලේ මෙම බිල්ඩිම නිසා නේද?

:       11       461

Kamal Friday, 24 November 2017 11:22 AM

නාස්තිය දූෂණය නිසා මේ ආණ්ඩුව පත්කරගත්තේ. දැන් අපි සනීපෙට ඉන්නවා.

:       0       417

mangala welarathna Friday, 24 November 2017 11:27 AM

නීතිය කාටත් සමාන වෙන්න ඕනේ... අදාල වගකිව යුත්තන්ට දඬුවම් දෙන්න ඇමතිවරයා වග කියන්න වෙනවා.

:       7       210

sunil Friday, 24 November 2017 12:06 PM

"බදු ගිවිසුම නෑ" කියන එකත් "මට මතක නෑ" වගේම තවත් අලුත් සොයා ගැනීමක්...

:       10       365

pathirana Friday, 24 November 2017 12:10 PM

මේකට මොකද ජනාධිපති කොමිසමක් නැත්තේ කියන එක මට තේරුම් ගන්න බැහැ.. ආයුබොවන්...!!!

:       3       248

RaveendraFriday, 24 November 2017 02:22 PM

පතිරණ මයා වෙත, ඔබගේ අදහසට ගරු කරන්නෙමු. තවද හොරුන්ගේ රුපියලේ, දෙකේ හොරකම්වලට ජනාධිපති කොමිසමක් පත්කරන්නේ නැහැ. දැන් ඔබටම හිතාගන්න පුළුවන්නේ මේ "තක්කඩි රැල" මහබැංකුවේ හොරකම් කළ අපගේ මුදල් ප්‍රමාණය ගැන....

:       213       1867

himalFriday, 24 November 2017 09:18 PM

මහ බැංකුවේ සිද්ධ වුනා කියලා දැනට හෙළි වෙන කරුණු අනුව පවා යන්න පුලුවන් වෙන්නේ අභ්‍යන්තර වෙළෙඳාමක් කියන තැනට. ඒකෙන් පාඩුවක් වෙන්නේ අනෙකුත් තරඟකාරී ප්‍රාථමික ගැණුම්කරුවන්ට. මූලික දැන්වීම් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක බැඳුම්කර නිකුත් කරපු පළමු අවස්ථාව මේක නෙවෙයි වගේම ණය සඳහා ඉල්ලුම එක්ක පොළී අනුපාත වල විචලනය ගැන මේක ගැන කට මැත දොඩවන උන්දැලා දන්නෙ නෑ. ඒ වගේම තවමත් ජනාධිපති පත් කරපු මේ කොමිසම කිසිම හොරකමක් වුනා කියලවත් ඔප්පු කරලා නෑ. යම් හෙයකින් මේ කෘෂිකර්ම ඇමති වෙන පක්ෂෙක වුනා නම්, මේකටත් කොමිසමක් දාලා මාධ්‍ය සංදර්ශනයක් දානවා.

:       0       10

ravi Friday, 24 November 2017 12:33 PM

ලක්ෂ 62 ජනතාවෙනි, ඔබට හොදටම සතුටුයි නේද දැන්. පව් අප්පා ලක්ෂ 62. ඒ ගොල්ලො හොදටම සනීපෙට ඇති.

:       67       766

කුමාර් (ගල්ෆ්) Friday, 24 November 2017 12:46 PM

"බදු ගිවිසුම අමාත්‍යාංශයේ නෑ" මේ අයගේ බාප්පාගේ බූදලේනේ මෙහෙම රට කන්න...

:       0       364

akila Friday, 24 November 2017 01:32 PM

රවී, ලක්ෂ 62 කට්ටිය නං ඊළඟ මැතිවරණයේදී හරි තීරණයක් ගනීවි මේ දූෂණවලට එරෙහිව... හැබැයි අර ලක්ෂ 58 කට්ටිය නම් ලැජ්ජාවක් නැහැ... හැමදාම රැවටෙනවා..

:       5256       3244

dahamSaturday, 25 November 2017 12:45 AM

ඔයා ලක්ෂ 62න් එක කෙනෙක් බව පෙනෙනවා. දුක තමයි මොනවා කරන්නද? ලක්ෂ 58 නම් රැවටුනේ නැහැ. ඒ අය නිවැරදි බව දවස ගානෙම ඔප්පු වෙනවා.

:       121       803

RanjanSunday, 26 November 2017 12:51 AM

රවී, ලක්ෂ 62 කට්ටිය නං ඊළඟ මැතිවරණයේදී හරි තීරණයක් ගනීවි මේ දූෂණවලට එරෙහිව... හැබැයි අර ලක්ෂ 58 කට්ටිය නම් ලැජ්ජාවක් නැහැ... හැමදාම රැවටෙනවා.. ඔය ලක්ෂ 62 කට්ටිය යෙන් ලක්ෂ 08 උතුරු නෙගනහිර දෙමල මුස්ලිම් චන්ද.

:       0       3

akilaSunday, 26 November 2017 04:56 AM

අන්න එක තමයි මන් කිව්වේ .......... උසාවියේ කොච්චර නඩු තිබ්බත් තමවත් ඔය ලක්ෂ 58 කට්ටිය හිතන්නේ එයාලගේ කට්ටිය හරි සුද්දයි කියලා...............

:       0       0

BamunuarachchiMonday, 27 November 2017 12:48 AM

"රවී, ලක්ෂ 62 කට්ටිය නම් ඊළඟ මැතිවරණයේදී හරි තීරණයක් ගනීවි මේ දූෂණවලට එරෙහිව..." මොකක්ද ඔය 62 ට කරන්න පුළුවන් කෙන්ගෙඩිය? අර 58 පැත්තට හැරෙනවා හැරෙන්නට. 62 ම හැරෙන්න එපා 3 ක් හැරෙන්න. එතකොට අපි 61 යි... ඔය ගොල්ලෝ 59 යි.

:       3       2

ධම්ම Friday, 24 November 2017 01:33 PM

බදු ගිවිසුමෙන් අපට වැඩක් නෑ. වෙලාවට සබීතාට සල්ලි ටික දෙන්න. ඔන්න නොකිව්වයි කියන්න එපා.

:       0       239

Sampath Friday, 24 November 2017 01:34 PM

මේකෙන් බදු ඔප්පුවේ පිටපතක් අදාළ ගොඩනැගිලි පිහිටි ස්ථානයට අදාළ ලෑන්ඩ් රෙජිස්ට්‍රියේ ඇති...

:       0       53

KaruFriday, 24 November 2017 09:56 PM

කවුද කියන්නෙ සබීතෙක්ගෙ බිල්ඩිමක් බදු ගත්ත කියල? මං පැහදිලිව කියනවා, මං අභියෝග කරනවා, මං වග කීමෙන් කියනවා එහෙම එකක් නෑ කියල. එහෙම නං කෝ ලියවිලි? කෝ බදු ගිවිසුම්?ඉඩම් කාර්යාලයේ කොපියත් රෙගිස්ටරයත් නැති එකට පලි මං නෙවෙයි. ආං ගිය ආංඩුව.

:       0       0

පිටිගල මිලානෝ Friday, 24 November 2017 01:54 PM

වෙන හොරු අල්ලන්න ඉස්සර තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න හොරු අල්ලන්න. මේ හොරු දන්නවා තමන් රටට වටින්නේ නැති වුණාට පක්ෂෙට වටිනවා කියලා. එ්කයි බය නැතිව හොරකම් කරන්නේ.

:       25       262

අප්පුහාමි Friday, 24 November 2017 05:14 PM

මට නම් සතුටුයි දැන්. මෙතන ප්‍රශ්නය ඇත්තේ අපේ මිනිස්සුන්ගේ ඉවසීමක් නැතිකමය. චුට්ටක් ඉවසලා ඉමුකො....!

:       4       60

Shaan Friday, 24 November 2017 06:53 PM

අසරණ ගොවීන්ට පොහොර සහනාදාරය නැත. ඒ වෙනුවට සෑම මසකම සබීතාට මිලයන 21ක් ගෙවනු ඇත. මුන් වාගේ ජාතියක්. වරෙන්කො චන්දය ඉල්ලගන. දෙන්නේ චන්දෙ නෙවි අපි දන්නවා දෙන්න ඕන මොකක්ද කියාලා.

:       0       0

චේතියසේන Friday, 24 November 2017 07:39 PM

දැම්මම පfයිල් හංගන්න පටං අරං වගෙයි

:       0       0

sam Friday, 24 November 2017 07:47 PM

ඕනෑ නැති දේවල් වලට ඇඟිලි ගහන්න ගිහිල්ලා මේ අල්ලස් කොමසාරිස් තුමත් රස්සාව නැතිකරගන්නයි හදන්නේ !!

:       0       0

JRA Friday, 24 November 2017 08:34 PM

ලොක්කට මේවා පෙන්නේ නැනේ .මෙයා ඉතින් පක්ෂෙ ලේකම්නේ .එයා ඔයතරම් අවංක නම් මෙවගැනත් හොයන්න ඕන.ආප්ප ටෝක් නේ මෙය දාන්නේ .

:       0       0

Karu Friday, 24 November 2017 09:55 PM

කවුද කියන්නෙ සබීතෙක්ගෙ බිල්ඩිමක් බදු ගත්ත කියල? මං පැහදිලිව කියනවා, මං අභියෝග කරනවා, මං වග කීමෙන් කියනවා එහෙම එකක් නෑ කියල. එහෙම නං කෝ ලියවිලි? කෝ බදු ගිවිසුම්?ඉඩම් කාර්යාලයේ කොපියත් රෙගිස්ටරයත් නැති එකට පලි මං නෙවෙයි. ආං ගිය ආංඩුව.

:       0       0

lal Saturday, 25 November 2017 01:00 AM

ජනාධිපතිතුමාගේ කථාව අනුව මේ සිද්ධිය "කොලේ ඉරාගෙන, ඇඟේ හලාගත්තු" එකක් නොවන්නේ කොහොමද?

:       0       19

chandima Saturday, 25 November 2017 02:23 AM

ඩී. එස්. සේනානායකලා, බණ්ඩාරනායකලා, කොතලාවලලා, දහනායකලා රටේ සල්ලි මෙහෙම නාස්ති කලේ නැහැ. මොකද ඒ මිනිස්සු හදවතින්ම උත්සාහ කලේ මේ රට කොහොම හරි ගොඩට ගන්න. එ්ත් අපේ කරුමෙට ඒ මිනිස්සු නැතිවෙලා ගිහින් මේ වගේ ආත්මාර්ථකාමී පිරිසකට රට ගියා. මෙච්චර ජන මාධ්‍ය තිබිලත් බහුතර ජනතාවට මේ දේවල් තේරෙන්නේ නැතිකම අවාසනාවක්...

:       1       127

buddhika Saturday, 25 November 2017 03:21 AM

ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්නේ වෙලා තියෙන්නේ...

:       14       75

Muhan Saturday, 25 November 2017 04:42 AM

ජනාධිපතිතුමනි කෝ මේවට පරීක්ෂණ? මෙම ඇමතිගේ වැඩගැන කලකිරුන ලේකම් වරයෙකුත් ඉල්ලා අස්වුණා. මෙයාගේ වැඩ ගැන හොයන්න්නේ නැත්තේ මොහු පක්ෂයේ මහලේකම් නිසාද?

:       2       250

samjay Saturday, 25 November 2017 06:13 AM

තැපැල් බර්ටිය ගැහුවා වගේම තමයි. කොලුවත් ගහන්නේ. තැපැල් 90 න් ගිය බර්ටිය කොච්චර ගැහුවද කිව්වොත් ලක්ෂ ගණන් අඳුරන්නෙත් නැතුව ගියා. කොලුවා නම් අප්පට එහා. මේ අයගේ බලේට ආවේ මේ අයගේ බඩ වඩාගන්න මිසක් රටටවත්, ජනතාවටත් ආදරේට නෙමෙයි.

:       1       1144

Babitha Saturday, 25 November 2017 06:42 AM

ගොඩනැගිල්ලේ අයිතිකරුද සිටියි නම් බදු ගිවිසුම සොයන්නට වුවමනා ඇයි? පදිංචි වෙන එකනේ තියෙන්නේ...

:       4       0

dasunSaturday, 25 November 2017 11:37 AM

අයිතිකරු ගැන මොන කතාද? ජයසිංහ එකේ අය අහිංසක මිනිස්සුන්ට අයිති ඉඩම් කීයක්නම් හොරට අයිති කරගන්න හදනවද?

:       0       45

Shanaka Saturday, 25 November 2017 08:06 AM

බලන් ගියාම හොර තක්කඩි යහපාලනයේ ඉන්නවනේ. ඒත් පක්ෂෙ මහලේකම්....

:       0       329

Don Saturday, 25 November 2017 08:15 AM

තාත්තා මහඇමැති වූ පමණින් ටිකක් ප්‍රසිද්ධියට පත්වී තාත්තගේ බලයෙන් පාර්ලිමේන්තු පැමිණ ඉන්පසු මහා පාවාදීමට සම්මාදම් වූ පමණින් ඇමති කමක් සහ විශාල නිලයක් ලැබුණු කොලු ගැටයෙක් කොහොමද රටේ ජීවනාලියක් බඳු මෙවැනි අමාත්‍යාංශයක් පාලනය කරන්නේ ?

:       0       646

rohana kumara mendis Saturday, 25 November 2017 08:39 AM

ඔය බිල්ඩිම දීගන්න බැරිව ඉන්නකොට ඔය ඇමති අයිතිකරුව සතුටු කරන්න ඔය දේ කලේ. නැතිව කෘෂි කර්මාන්තෙට මොකටද රාජගිරියෙන් බිල්ඩිමක්...

:       0       13

siri Saturday, 25 November 2017 09:05 AM

දාගැබත් ගිල්ලා නම් අග්ගලාව මොන කජ්ජක්ද? කිව්වලු

:       0       33

ජගත් Saturday, 25 November 2017 10:21 AM

මම හිතන්නෙ ලියකියවිලි ටික හංගන්නට ඇති... නාස්තිකාර කුජීතම අාණ්ඩුවක් තමයි මේක..

:       0       314

Thushara Saturday, 25 November 2017 11:37 AM

පක්ෂය කඩාගෙන එජාපයට මුක්කුව ගැහුවේ මේ ගොල්ල හොරකම් නැති කරන්න නෙ⁣වෙයි. හොරකම් කරන්න තරම් බලයක් තිබුණේ නැති නිසායි.

:       10       414

asanga Saturday, 25 November 2017 12:59 PM

හොරුන්ගෙත් හොරු කඹ හොරු කිව්වලු.

:       0       27

PA-RA Saturday, 25 November 2017 01:59 PM

ශ්‍රී ලංකාවේ රජයට ඉඩම් මෙපමණ තියෙද්දිත්, ගොඩනැගිලි තියෙද්දිත්, ඇයි හදාගන්න බැරි. මෙම මහජන මුදල් තමුන්ට කොමිස් ලබාගැනීමට නායකයින් ක්‍රියාකිරීම ගැන කව්රුන්ද වගකියන්නේ? හැමදාම බද්දටද? කුලියටද? කවුද මෙහෙම හම්බ කරන්නේ?

:       0       0

bandara kuwet Sunday, 26 November 2017 04:20 AM

මේ හොර මගඩි වැඩ නිසා ආණ්ඩුව අපහසු තාවයට පත්වෙනවා ග්‍රීන් පාටි එක ඉතිහාසයේ මෙතරම් අවමානයකට පත් උනේ නැහැ..............

:       0       0

Roshan Sunday, 26 November 2017 04:47 AM

සභීතගේ මඩ ඉඩමට ගැළපෙන ගොඩ ඉඩම....

:       0       0

Nanan Sunday, 26 November 2017 09:45 AM

මෛත්‍රී මේ ගැනත් බැලිය යුතුයි. අනෙක් වැරදි පමණක් නිවැරදි නොවේ.

:       0       0

sachith Monday, 27 November 2017 06:39 AM

අපේ ගෙදරවත් එවලද දන්නේ නෑ. මේ වෙන ඒවා හැටියට ඒකත් වෙන්න පුළුවන්.

:       0       0

chandana Monday, 27 November 2017 11:23 AM

අනුන්ට විනය පරීක්ෂණ තියන්න කලින් තමාගේ බදුගිවිසුමවත් ආරක්ෂා කරගන්න බැරි අය...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කිරළව පාලම ගිලා ගිලා බසියි
2024 නොවැම්බර් මස 28 133 0

පවතින අධික වර්ෂාවත් සමඟ මඩාටුගම ආඬියාගල ප්‍රධාන මාර්ගයේ කිරළව පාලම ගිලා බැසීමේ අවදානමක් ඇතැයි ද ඒ හේතුවෙන් ඊයේ (27) පස්වරුවේ සිට එම පාළම මතින් ගමන් කිරී


ඇල්ල පස්සර මාර්ගයට ගස් කඩා වැටේ: ගමනාගමනයට බාධා
2024 නොවැම්බර් මස 28 102 0

දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඇල්ල පස්සර මාර්ගයේ 17 වෙනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී මාර්ගයට තැනින් තැන විශාල ගස් රැසක් කඩා වැටීම හේතුවෙන් අද (28) දහ


අග්‍රාමාත්‍යවරිය විදෙස් තානාපතිවරුන් හමුවෙයි
2024 නොවැම්බර් මස 28 542 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි.


විභාග තව දින තුනක් ඉදිරියට කල් දමයි
2024 නොවැම්බර් මස 28 610 0

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි,


‘‘සුළි කුණාටුව තවම අවසන් නෑ‘‘
2024 නොවැම්බර් මස 28 1181 0

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලයට කිලෝ මිටර් 100ක් ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


ගංවතුරට අසු වූ උතුර
2024 නොවැම්බර් මස 28 796 0

සුලිකුණාටු සහිත අධික වර්ෂාව මේ වනවිට මුලතිව් දෙසට වර්ධනය වී ඇති අතර මුලතිව් වට්ටුවාක්කල් පාලම සහිත ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු ද තාවකාලිකව නැවති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 770 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2158 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site