IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


කිසි දවසක නිරුවත්ව රඟපාලා නැහැ

2016-10-16-ent-71

"මලට නොඑන බමරැ", "මහගෙදර", "දඩයම" හා "දොළොස් මහේ පහණ" වැනි චිත්‍රපටවල සුවිශේෂී රංගනයන් හරහා තම දක්ෂතා මැනවින් පිළිබිඹු කළ ශිරාණි කෞෂල්‍යා වසර 35කට පමණ පසු නැවතත් සිනමා රංගනයට පිවිස සිටිනවා. මීට වසර 35කට පෙර සිනමාවෙන් ඈත් වුවද, ඇය සැමදා ජනතා ආදරයට හා ගෞරවයට පාත්‍ර වෙමින් ඔවුන්ගේ හදවත් තුළ ජීවත් වූවාය.

ලිංගිකත්වය ඉස්මතු කළ ආන්දෝලනාත්මක චරිතයක් හරහා සිනමාවට පා තැබූ අන්දම පිළිබඳව හදසර හා දොඩමළු වෙමින් ඇය කියා සිටියේ රංගනයෙන් දායක වූ චිත්‍රපටවල තිර පිටපත් පවා ඇය කියවා නොතිබූ බවය.

 

ඔබ සිනමාවට පිවිසෙන්නේ සුරෑපී නව යොවුන් තරැණියක ලෙස. ඔබට ලැබුණු ආන්දෝලනාත්මක චරිත නිසා ඔබට බියක් හෝ චකිතයක් දැනුණෙ නැද්ද?

2016-10-16-ent-69එහෙම බියක් හෝ චකිතයක් නම් මා තුළ තිබුණෙ නැහැ. ඒකට හේතුව මා ගැන මට තිබුණ දැඩි විශ්වාසය කියලයි මට හිතෙන්නෙ. මගේ මුල්ම චිත්‍රපටය වන "මලට නොඑන බඹරැ" හි මගේ චරිතයේ ආන්දෝලනාත්මක බවක් මම නම් දැක්කෙ නැහැ. අපේ රටේ කාන්තාවක් කොට කලිසමක් ඇන්දත් විශාල ආන්දෝලනයකට තුඩු දෙනවනෙ.

 

ඔබ සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය වර්ණළුත් කළේ නව යොවුන් වියේදී. ඔබ රෑප සුන්දරී තරගවලින්ද ජයග්‍රහණය කරලා තිබෙනවා. සිනමාවේදී අනිසි බලපෑම්වලට ඔබ ලක්වූයේ නැද්ද?

එවැනි බලපෑම් නොතිබුණායැයි කියන්නත් බැහැ. මගේ මුල්ම අධ්‍යක්ෂවරයා ෂෙල්ටන් පයාගල නම් එවැනි දේවල්වලට නොපෙළඹුණු මහත්මයෙක්. ඒත් චිත්‍රපටයට සම්බන්ධ ඇතමුන්ගේ ක්‍රියාකලාප නිසා මගේ දර්ශන මා විසින්ම අධ්‍යක්ෂණය කරන තැනට පත්වුණා. චරිතය ලිංගිකත්වය පසුබිම් කරගෙන නිරෑපණය වුවත්, එවැනි නිරැවත් දර්ශන එහි අඩංගු වුණේ නැහැ. ඇතැම් නිදන කාමර දර්ශන සියුම් ලෙස රෑපගත කළත් ඒවා සංයමය ඉක්මවා ගොඩනැගෙනවාට මම විරැද්ධ වුණා. මගේ සහෝදර ශිල්පී අජිත් ජිනදාස මගේම සහෝදරයෙක් ලෙස කටයුතු කළා.

 

ඔබ චිත්‍රපට කිහිපයක් හරහා නොමැකෙන මතක සටහන් ඉතිරි කර හිටි හැටියේ අතුරැදන් වුණා?

ඔව්... දෛවය විසින් මාව එවැනි දේකට යොමු කළා. දෛවය පිටුපාන්න කිසිම ජගතෙකුට බැහැනෙ. ඒත් මම අතීතිය ගැන කිසි දිනක පසුතැවෙන්නෙ නැහැ.

 

ඔබ රඟපෑ චිත්‍රපටවල තිබූ ආන්දෝලනාත්මක අන්තර්ගතය නිසා ඔබ රට හැර ගියා කියලත් සමහරැ හිතුවා නේද?

ඒවගේ කතාවක් හැදෙන්න කිසිම පදනමක් තිබුණෙ නැහැ. මම කිසි දවසක නිරැවත්ව රඟපාලා නැහැ. ඇතැම් සියුම් දර්ශනවලට මා වෙනුවට &ඩබල්ස්* පාවිච්චි කරලා තිබුණා. සමහරැ ඇතැම් දේවල් දිහා බලන අසැබි කෝණ නිසා එහෙම හිතනවා ඇති. වෘත්තීය නිළියක හැටියට මගේ කොටස ගෞරවාන්විතව මම ඉටු කරලා තියෙනවා. රවින්ද්‍ර රන්දෙණිය, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, ශ්‍රියානි අමරසේන, සනත් ගුණතිලක, ස්වර්ණා මල්ලවාරච්චි, සොමී රත්නායක, විජේරත්න වරකාගොඩ වැනි ක්ෂේත්‍රයේ ප්‍රබලයින් සමඟ මම වැඩ කරලා තියෙනවා. ඔවුන්ගේ ආදරයට හා ගෞරවයට පාත්‍ර වෙලා තියෙනවා. ඒ ගෞරවය අදටත් මා රුකගෙන තිබෙනවා. එවැනි ප්‍රවීණයින් සමඟ වැඩ කරන්නට ලැබීම විශාල භාග්‍යයක් හැටියටයි මම සලකන්නෙ. විශේෂයෙන්ම සනත් ගැන කියනවනම් අපි කුඩා දරැවන් හැටියට නුවර ඔහුගේ ගෙවල් අසල සෙල්ලම් කරලත් තියෙනවා. මගේ මාමා කෙනෙක් ඔහුගේ නිවෙසට යාබදව හිටියෙ. අපි පොඩි කාලේ නිතර එහෙ ගියා. අජිත් තාමත් මට සලකන්ෙන සහෝදරියකට වගේ. ඒ වගේමයි රවී අයියා ඇතුළු අනිකුත් ප්‍රවීණ ශීල්පීන්.

 

අපි මෙතෙක් කතා කළේ ඔබේ රංගනය ගැන විතරයි. ඔබ ගායනයට හා නර්තනයටත් ඉතා දක්ෂයි නේද?

ඔව් මම නැටුමට, ගැයුමට යොමුවුණේ මාතලේ සාන්ත ඇග්නස් කන්‍යාරාමයේ ඉගෙනුම ලබන කාලෙදිමයි. පසුකලෙක මම ගායන ක්ෂේත්‍රයේ දිගු කලක් රුඳී සිටියා. මා සහභාගි වූ ඕනෑම නර්තන තරගයකදී මුල් තැන දිනාගත්තා. (නිතර සහභගි නොවුණට) ඒ වගේමයි මම රෑප සුන්දරී තරග හා 1980 මිස් ශ්‍රී ලංකා තරගය ජයග්‍රහණය කළා. හෝටල් ක්ෂේත්‍රයේ රුකියාවක් කළා. ඒ වගේම කලක් එයාර් ලංකා සමාගමේ ගුවන් සේවිකාවක් හැටියටත් සේවය කළා.

 

පවුල් ජීවිෙත් ගැනත් අපි කතාකරමු?

මගේ සැමියා හා දරැවන් තිෙදනා වෙනුවෙන් මගේ ජීවිතයේ හොඳම කාලය කැප කළා. අද ඔවුන් ඉන්න තැන් ගැන මට හරිම සතුටුයි. මම නැවත රංගනයට යොමු වන්නට අදහස් කළේ ඔවුන්ගේ ඉල්ලීම නිසයි. ඉතිං ඔවුන්ට මා ගැන අභිමානයෙන් කතා කළ හැකි යමක් කරන්න මම දැන් සූදානම්.

 

ඔබ මෑතකදී චිත්‍රපටයක චරිතයක් නිරෑපණය කළා නේද?

ඔව් චන්ද්‍රන් රත්නම් ප්‍රවීණ සිනමාකරැවාගේ "එකෝඩිං ටු මැතිව්" චිත්‍රපටයේ ඉතා සුලු කොටසක් කළා. ඒ වගේම BBC මගින් බ්‍රිතාන්‍ය, ඉන්දියාව ඇතුළු රටවල් කීපයක දායකත්වයෙන් නිර්මාණය වුණු රෑපවාහිනි ටෙලි මාලාවක මම මෑතකදී රඟපෑවා. ඉදිරියේදී රංගනයට ආරාධනා කීපයක් ලැබී තිබෙනවා.

 

ඔබේ ජීවිත කතාව හොඳ සිනමා පටයකට වස්තු බීජයක් වෙයි කියලා ඔබ හිතනවද?

චිත්‍රපටයකට කෙසේ වෙතත් මගේ ජීවිත කතාව ලියන්න නම් මගේ හිතේ ලොකු උවමනාවක් තියෙනවා. ඒක මම නුදුරේම කරනවා. ජනතා ප්‍රසාදයට පාත්‍ර වූ නිළියක ලෙස මා ලැබූ අත්දැකීම් ඊට ඇතුළත් වෙයි. අපි මොනතරම් ප්‍රසිද්ධව හිටියත් ඉහළම නිලතල දැරැවත් අපි මිනිස් ගුණාංගවලින් පිරිපුන් දයාන්විත මිනිසුන් නොවුණොත් ඒ කිසිම දේකින් වැඩක් වෙන්නෙ නැහැ. මම හොඳින්, සතුටින්, කිසි කෙනෙකුට කරදරයක් දුකක් නොදී ජීවත් වෙන කෙනෙක්. ඒත් මගේ දෛවය මාව කුමන දිසාවට යොමු කරයිද කියන්න මම දන්නෙ නැහැ. ජීවිතය හරි පුදුමයි. දෛවයත් මාව පුදුම කරවන තැනකට රුගෙන යාවිද කියන්න බැහැ.

 

රමේෂ් උවයිස්

 

2016-10-16-ent-70



අදහස් (0)

කිසි දවසක නිරුවත්ව රඟපාලා නැහැ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 1590 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 2538 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 2856 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 648 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 2241 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 693 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39664 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25794 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1213 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site