IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කසිප්පු සොයා ඔය ඉවුරු පීරති

වෙන්නප්පුව බෝලවත්ත, ගිං ඔය ආශ්‍රීතව සහ කොච්චිකඩේ මහ ඔය ආශ්‍රීතව පවත්වාගෙන ගිය බව කියන මහා පරිමාණ නීති විරෝධී කසිප්පු ස්කාගාර 4 ක් වටලා රුපියල් ලක්ෂ පහලොවකට අධික වටිනාකමින් යුතු ගෝඩා බැරල්, ස්ප්‍රීතු බෝතල් සහ කසිප්පු පෙරීමේ උපකරණ තොගයක් අත් අඩංගුවට ගත් බව සුරා බදු දෙපාර්තමේන්තුව කියයි.

සුරාබදු නිලධාරීන් පනස් දෙනෙකුගේ පමණ කණ්ඩායමක්  එක්ව යාන්ත්‍රික බෝ්ටටු දෙකක් යොදාගෙන මෙම වැටලීම සිදු  කොට ඇත.  වැටලීම සිදුකරන අවස්ථාවේ  සැකකරුවන් පලා ගොස්  ඇති බව සුරාබදු නිලධාරීහු කියති.

මෙහිදී කසිප්පු පෙරීමට සුදානම් කර  තිබු ගෝටා බැරල් 38 ක්, නීති විරෝධී ස්ප්‍රීතු බෝතල් 50 ක්, ගෝඩා ලීටර් 7600  හා කසිප්පු පෙරීමට යොදා ගන්නා  උපරකරණ තොගයක් ද අත් අඩංගුවට  ගෙන ඇත.

මින් කසිප්පු ස්කාගාර තුනක් ගිං ඔය ආශ්‍රීතව පවත්වාගෙන ගොස් තිබු අතර අනෙක් ස්කාගාරය මහ ඔය ආශ්‍රීතව පවත්වාගෙන ගොස් ඇත.

ගෝඩා බැරල් ජලය තුළ ගිල්වා තිබු බවත් තවත් කොටසක් ගිං ඔය ආශ්‍රීතව වැවෙන කඩොලාන විශේෂයක් වන ගිං පොල් පඳුරු අතර සගවා තිබියදී   ජලය තුළ කිමිදී මහා පරිශ්‍රමයක් දරා  සොයාගත් බව සුරාබදු නිලධාරීහු කියති.

සුරා බදු දෙපාර්තමේන්තුව  පවසනුයේ කජු ලෙලි සහ දර යොදාගෙන මෙහි කසිප්පු පෙරීම මහා පරිමාණයෙන්  කාලයක සිට  සිදු කිරීම නිසා   ගිං ඔය ආශ්‍රීතව වැවෙන  ශ්‍රී ලංකාවේ  වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති ශ්‍රී ලාංකාවට ආවේනික කඩොලාන විශේෂයක් වන ගිං පොල් ශාඛයට  විශාල ලෙස හානි සිදු වී ඇති බවයි.  එසේම  කසිප්පු සැගවීමට සහ ස්කාගාර පවත්වාගෙන යාමට ගිං පොල් ශාඛ කපා දමා ඇති බවත් ගිනි රස්නය නිසාද මෙම ශාඛ පද්ධතියට දැඩි හානි සිදුවී ඇති බවත්  එම නිලධාරීහු පවසති.

මීට අමතරව කසිප්පු පෙරා ඉවතලන ගෝඩා ජලයට මිශ්‍ර වීම  සහ ගෝඩා බැරල් ජලය තුළ ගිල්වා තැබීම නිසා  මෙම පරිසර කලාපය ආශ්‍රීතව  ජීවත් වන ශ්‍රී ලංකාවට ආවේනික මත්ස්‍ය සහ කුරුළු විශේෂ  වල  පැවැත්මටද දැඩි තර්ජනයක් එල්ලවී ඇති බවත්  ඔවුහු කියති.

එමෙන්ම   ගිං ඔය ආශ්‍රීත පරිසර පද්ධතිය නැරඹීමට එන විදෙස් සංචාරකයින් බෝට්ටු මගින් පැමිනෙන බැවින් මෙම ජාවාරම් ඔවුන්ට දර්ශණය වීම නිසා ලංකාව අපකීර්තියට පත්ව වන බවත්  සුරා බදු නිලධාරීහු වැඩි දුරටත් පැවසුහ.

සුුරාබදු කොමසාරිස් ජෙනරාල් එල්.කේ.ජී ගුණවර්ධණ මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය සුරා බදු කොමසාරිස් (අපරාධ) ෙජ්. පුෂ්පකුමාර සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂක ඒ.ඒ ලැම්බට් මහතා අනාවරණය කරගත් තොරතුරු මත සුරාබදු නිලධාරීන් 50 ක් පමණ එක්ව මෙම වැටලීමට සිදුකොට ඇත.

 7 8 9 10

 

6
  4 5
 

3



අදහස් (0)

කසිප්පු සොයා ඔය ඉවුරු පීරති

ජයන්ත Monday, 22 June 2015 05:30 PM

සුරංග , එහෙම පටු විදියට හිතන්න එපා. ඒ නිලධාරින් කරන දේ විඩියෝව බලනකොට පෙනෙනවා. ඔය ගඟ දෙපැත්තේම ඌරු කොටු තිබෙනවා. ඒ අපද්‍රව්‍ය සියල්ල එකතුවන්නෙ ගිං ඔයට. එහෙම තියෙද්දි ඒ නිලධාරින් මඩවතුරේ බැහැලා කරන රාජකාරිය දැක්කහම පව් කියලා හිතෙනවා. සුරාබදු නිලධාරින් කොහොමහරි කරලා තියෙන දේ ගැන ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න. ඒකයි මිනිස්කම (නි)

:       0       0

ක්ලිෆඩ් Monday, 22 June 2015 10:43 AM

මට අසයි ටිකක් බීල බලන්න. (ර)

:       0       0

සිරිවිකුම් Monday, 22 June 2015 11:19 AM

කසිප්පු උවදුර නැතිකරන්න පුලුවන් නම් ලොකු දෙයක් (නි)

:       0       0

දුමින්ද Monday, 22 June 2015 12:55 PM

පින් ඇති වැඩක්.(හේ)

:       0       0

චානුක ජයශාන් Monday, 22 June 2015 02:14 PM

මෙවනි නිති විරෝධි ක්‍රියාවන් නැවත්විමට සුරාබදු නිලධාරින් ගන්නා උත්සහයට අපගේ ප්‍රසංසාව හිමිවිය යුතුයි. විඩියෝව බැලිමේදි නිලධාරින් ගන්නා උත්සහය හොදින් ප්‍රදර්ශනය වේ. (ර)

:       0       0

සුරංග පෙරේරා Monday, 22 June 2015 02:34 PM

ඕක දැන්ද අල්ලන්න මතක් උනේ? ඔය ජාවාරම වසර 30 කට වැඩිය ඔතන කරා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2196 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1663 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2487 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2663 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 613 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1225 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35965 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24121 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site