කැස්බෑව නගර සභාවේ 2014 අය වැය ඡන්දයකින් අද පරාජය විය.
සභාපති ලක්ෂ්මන් පෙරේරා සමග පාලක එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු අට දෙනෙක් අය වැයට පක්ෂව ඡන්දය දුන්හ.
උප සභාපති ඇතුළු සන්ධාන මන්ත්‍රීවරු දෙදෙනෙක් ද, විපක්ෂයේ මන්ත්‍රීවරු හත් දෙනෙක් ද අය වැයට විරුද්ධව ඡන්දය දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් අය. දැන් බලගෙන යනවිට මෙයාලා ඇවිල්ලා තියෙන්නෙ ජනතාවට සේවය කරන්න නෙවෙයිනෙ? (නදී)
අපේ රට දිනෙන් දින පිරිහෙන්නේ වංචාව , අල්ලස , කප්පම සහ පාතාලය නිසාය , පවතින ආණ්ඩුවට මෙම තත්වය කළමනාකරණය කරගැනීමට නොහැකි වෙලා වගේ දිල්)
නිවාස සැලසුමක් ලේසියෙන් පාස් කර ගන්න නම් තාක්ෂණ නිලදරිට පගාව දෙන්න. නැත්නම් ඔහුගේ ආයතනයෙන් ඇදගන්න. (නදී)
කැස්බෑවේ සභාපති උපසභාපති දෙදෙනාම නීතීඥයෝ. මේ තියෙන්නේ නීතීඥවරු දෙදෙනකු අතරේ තිබෙන ද්වන්ධ සටනක්. එහි ප්‍රතිඵලය ජනතාවට අනිසි විධියට බලපානවා.(නදී)
මගේ අම්මෝ බිම් මට්ටමින් පටන් ගන්නද යන්නේ ? (නදී)
චානක මහත්තයෝ, කොච්චර විතර ලගද.? සද්දෙට අපිට මුකුත් ඇහෙන්නේ නැහැනේ.(නදී)
අපි බඩගින්නේ සිට හෝ දේශපාලකයන් සහ ඔවුන්ගේ සහචරයන් තව තවත් තරවිමට අපේ ඡන්දය දෙමු.(නදී)
ආණ්ඩුවේ වැටීම තමයි පෙන්නුම් කරන්නේ මේක තමයි සැබෑ තත්වය.(නදී)
මොහාන්, අරයට කරන්න බැරිම දේත් ඒකයි.(නදී)
රට පුරාම සිදුවන මෙම අය වැය සෙල්ලමේ හරය විමසා බලමු. මහජන මුදල් අයතා අයුරින් ගසාකෑම වගේම සභාපති වරු තනියම කෑම නොරිස්සිම ප්‍රධානම හේතුව සේ සිතමි. අල්ලසින් දුෂණයෙන් ගසාකෑමෙන් තොර රටක් වෙනුවෙන් පෙනී සිටිමු. (නදී)
ජීවත්වෙන්න බෑ අම්මෝ බඩ දනවා බඩු මිල දකින විට මගෙ හිස කැරකෙනවා සතියක බඩු ගන්න මුලු පඩියම යනවා රට හැම තැනම අය වැය පරදිනවා.(නදී)
මොහාන්,ෆොන්සේකාට තිබුනේ බලකායක් ඒ උනාට දේශපාලනයට බලකා සිතුවිල්ලෙන් වැඩකලොත් ජනතාව අමරුවේ වැටෙනවා. දැන් බස්නාහිරට වෙන දේ කාටවත් නවත්වන්න බැහැ.(නදී)
මොහාන් කියන කතා තේරුමක් නෑ. යුද ජයග්‍රහණය කිය කියා ජාතික ප්‍රශ්නය විසදීමට නිසි වැඩ පිළිවෙලක් යෙදුවේ නැත්නම්. මේ සඳහා හොඳම ආදර්ශය දකුණු අප්‍රිකාව හා මැන්ඩෙලා. ඒක හින්දා ආකල්පමය වෙනසක් විය යුතුය.(නදී)
ගොඩක් ප්‍රාදේශීය සභාවල සභාපති තමයි ප්‍රදේශයේ ඉන්න ලොකුම මැරයා. කුඩුකාරයා, ස්ත්‍රී දුෂකයා, කප්පම් කාරයා. මහරගම පිළිකා රෝහලේ රෝගීන්ගෙන් 25% අනවසර ගරාජ අවට පදිංචි වී සිටි නිවැසියන්. වහාම අනවසර ගරාජ වසා දමන්න සභාපති කැමති නෑ. (නදී)
අලුත් යුගයක ඇරඹුම ළඟයි වගේ ! (ස)
මේවා මේ මන්ත්‍රීවරුන් කරන්නේ තමන්ගේ පෞද්ගලික ප්‍රශ්ණ පිරිමසා ගන්න. නැතුව ජනතාවට තියෙන ආදරයට නෙමේ. ආර්ථික පැත්තෙන් දැන් දුකේ. එකම දේ දිනපු යුද ජයග්‍රහණය රැක ගත හැකි එකම පිරිස මොවුන් වීම. ඒ.ජා.ප යේ සමහර අය කරන වැඩ නිසා රට ජාතියට ආදරේ මිනිස්සු තවත් ආණ්ඩුවට ලන් වෙනවා. මුලින්ම රනිල් මහතා කළ යුත්තේ පක්ෂයෙන් ජනතාවට එපා වූ මිනිසුන් ඉවත් කිරීම. සිංහල මිනිස්සු බඩගින්නේ ඉඳල හරි ආණ්ඩුවට ඡන්දෙ දෙන්නේ මේ නිසා. අමතක නොකළ යුතු කාරණය නම් නොසිතු ලෙස ඉහළට එන ෆොන්සේකා බලවේගය. මෙවර බස්නාහිර ඡන්දය ඒ.ජා.ප. සහ ෆොන්සේකා මහතාට තීරණාත්මකා වේ. (නදී)
මැර බලය පරදා ජනතාව ඉදිරියටම.(නදී)