අරාබියට අපනයනය කර රුපියල් කෝටියකට වඩා රට සල්ලි උපයාගැනීමේ අරමුණින් ගම්පහ නැදුන්ගමුවේ ගබඩාවක සඟවා තිබූ කසල තේ කිලෝ හතලිස් දහසක් සොයා ගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ කාර්යාලයය කියයි.
ගම්පහ මහ දිසාපති ජේ ජේ රත්නසිරි මහතාගේ උපදෙස් මත වැටලීම සිදු කැරිණි.
කඩවත පදිංචි පුද්ගලයකු, මහනුවර හා නුවර එළියේ තේකම්හල්වලින් කිලෝවිස්සේ පෙට්ටිවල අසුරා ඉස්තරම්ම ලංකා තේ යනුවෙන් ලේබල අලවා තිබිය දී මේ වැටලීම සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසල තේ යනු තේ කර්මාන්ත ශාලාවෙන් ඉවතලන කුඩු කොටසය. එම තේ ඒ අයට ලැබුනේ කර්මාන්ත ශාලා වලින් ඒවා විකුණා ඇති නිසයි. කසල තේ එතනදීම ගිනි තබා විනාශ කිරීම කළ යුතුය. ඒවා හොර රහසේ පිටතට විකුණා ඇති නිසා දඬුවම ඒ අදාල අයටද දිය යුතුය. (නි)
අපොයි! අපිත් මේ රටවල අපේ ලංකාවේ නමින් තිබෙන බඩු මිලයට ගන්නවා, එදිනෙදා පරිභෝජනයට.එතකොට අපිත් කන්නේ කසලද? (නි)
මෙවැනි දේ නිසා අද ලංකාවේ තේ වෙනුවට ඉන්දියාවේ තේ දැන් අරාබියේ විකුණන්නේ. ලංකාවේ තේ ලෝකයේ තිබෙන උසස්ම තේ. එහෙත් මේ තේ අනිසි විදියට අපිළිවෙලට පිටරට යැවූ විට හොඳ තේ වලටත් තිබෙන ඉල්ලුම නැතිවෙනවා. අලාබය නැතිකරන්න බැහැ. නමුත් අඩුකළ හැකියි. (නි)
මේ ගබඩාව අර වතුර ප්‍රශ්නයක් උන රතුපස්වල කර්මාන්ත ශාලාවටත් සම්බන්දයක් තියනවලු නේද. (නදී)