IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


’’කහ ලොකු අඹ’’ රට යවන්න විතරයි

(අංජුල මහික වීරරත්න)

TEJC අඹ ප්‍රභේදය අපනයනය ඉලක්ක කරගත් වගාවන් වශයෙන් පමණක් මින් ඉදිරියට ව්‍යාප්ත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවෙි මෙන්ම  විදේශ වෙළෙඳපොළේ  පවා ජනප්‍රිය අඹ ප්‍රභේදයක් වන ලාංකික  නිෂ්පාදනයක් වන  TEJC අඹ ප්‍රභේදය අසීමාන්තික ලෙස වගා කිරීම නිසා එම අඹවල ගුණාත්මකභාවය කෙරෙහි බලපෑම් එල්ලවෙමින් පවතින බවට හඳුනාගෙන ඇත.

TEJC අඹ ප්‍රභේදය සාමාන්‍ය වගාවක් වශයෙන් පවත්වාගෙන යාමත් එම අඹ පැළ විශාල වශයෙන් ගෘහස්ථ පරිභෝජනය සඳහා වගා කිරීම අඹ වගා කළ යුතු නිවැරදි ආකාරය ගොවීන්ගෙන් ගිලිහී යමින් තිබෙන බවද හඳුනාගෙන තිබේ.

එසේ වුවහොත් දැනට මෙම අඹ අපනයනය මගින් රටට ලැබෙන ඉහළ ආදායම අහිමි විය හැකි යැයි ද  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

 TEJC අඹ ප්‍රභේදය වගා කර ඇති ඉඩම් ප්‍රමාණය කොපමණ දැයි වාර්තාවක් සකසන ලෙසත්, අවශ්‍යතාවය අනුව එම ඉඩම් ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ නම් මින් ඉදිරියට TEJC අඹ ප්‍රභේදය වගා කිරීමේ දී වෙළෙඳපොළ  අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් එම කටයුතු කරන්නැයි කෘෂිකර්ම  අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.



අදහස් (23)

’’කහ ලොකු අඹ’’ රට යවන්න විතරයි

අරවින්ද මොනරවිල Wednesday, 03 July 2024 10:53 AM

ගොවින්ට නිවැරදිව හා ප්‍රමිතියෙන් යුතුව අඹ වගා කරන්න උපදෙස් දෙනවා හා එම උපදෙස් ක්‍රියාත්මක වෙන්නේ දැයි නිරන්තරයෙන් සොයා බලන්න ක්‍රමවේද සකස් නොකර අඹ වගාවට සීමාවන් දමන්නේ හා ශ්‍රී ලාංකිකයින්ට අඹ කෑම තහංචි දමන්නේ මෝඩ කෘෂිකර්ම ඇමැතිගේ මොලයේ දිග, පළල රටට පෙන්වන්න විය යුතුයි...!

:       5       61

පිටරටවැසියා Wednesday, 03 July 2024 11:13 AM

කරන්න ඕන අපනයනය ඉලක්ක කරගෙන වගාව පාලනය නොව, වගාවේ ගුණාත්මක බව ඉහළ නැංවීමට කටයුතු කිරීමයි. මෙයින් දේශීය වෙළඳපලට ගුණාත්මක බවින් ඉහල ඵලදාවක් ලැබෙන අතර අපනයනය වර්ධනය වීම මගින් රටට හොඳ ඩොලර් අදායමක් ලැබීමයි. ඒ වගේම පාරම්පරික දේශීය අඹ විශේෂයන් (කර්තකොලොම්බු වැනි) කිරීම සහ රැකගැනීමත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ වගකීමක්... පාලකයින්ට ඥාණය ලැබේවා..!

:       4       51

Don Wednesday, 03 July 2024 11:16 AM

අනේ මෙහෙව් රටක්...?

:       3       30

රංබොඩ Wednesday, 03 July 2024 11:22 AM

මේ අඔ පිටරටවල සුපිරි වෙළඳසැල්වල තියෙනවා. ගාණ ඉතා වැඩියි. උදාහරණයක් ලෙස දැක්වුවහොත් කිලෝ එකක් රුපියල් 3440ක් විතර වෙනවා. ඒ නිසා කට්ටිය මිලදී ගන්නේ නැතිතරම්. පාරිභෝගිකයින්ට මිලදී ගත හැකි මිලකට එය අපනයනය කරන්නේ නම් මීට වඩා ඉහළ ඉල්ලුමක් තියේවි...! 

:       3       26

Tikiri Wednesday, 03 July 2024 11:35 AM

කවුරු මොනවා කිව්වත් අතීතයේ තිබුණ රට අඹ කොහු අඹ, මීඅඹ, වගේ රසයක් ඔය අඹ වල නැහැ කියලා හිතෙනවා .

:       4       26

primeshika Wednesday, 03 July 2024 12:25 PM

කුහක තීරණයක්. අසීමාන්තික ලෙස වගා කලා කියල ගුණාත්මක බව අඩු වෙන්නෙ කොහොමද? හොද ඒවා රට යවන්න. තේ කොළ රොඩ්ඩ විතරක් වගේ වත් ලංකාවේ දුප්පත් මිනිහටත් ගුණාත්මක බවින් අඩු අඹයක් වත් ලැබෙන්න සලස්වන්න

:       6       42

චන්දිම ෆොන්සේකා Wednesday, 03 July 2024 12:31 PM

ඔක්කොටම කලින් වඳුරන් සහ රිලවුන් වැනි සතුන්ගෙන් ආරක්ෂා වි පලතුරු වගාවන් කළ හැකි ආකාරය තීරණය කරන්න. නැතිනම් සියලු උත්සාහයන් අපතේ යා හැක.

:       2       25

R.T.sarath Wednesday, 03 July 2024 01:03 PM

අපේ අඹ වලට හොඳ ඉල්ලුමක් ලංකාවේ තිබෙනවා නම් අපි ඒවා කැවහම හෙන ගහනවද ? අපේ අඹ අපි පිටරට යවල කන්ටේනර් වල බෙහෙත් ගහල ගෙන්වන ඇපල් පිටරටින් ගෙන්වල කන්න කියලද මේ හොර කෘෂිකර්ම ඇමැති කියන්නේ ? හැමෝම අඹ වවනවා නම් මේ අලුත් පැළ වවන්න , මේවා නඩත්තු කරන ආකාරය යුටියුබ් එකෙන් බලාගන්න පුළුවන් , හොඳ මිලක් ලබාගන්න පුළුවන් ගොවියා දන්නවා වවන්න ඕනේ මොකක්ද කියල අපිට වැඩිය හොඳට . මම දන්නා විදිහට මේ ඇමැති විශාල අඹ වත්තක වවල , ඉදිරියට මේවා බහුල ලෙස වෙළඳපොළට අවොත් මිල අඩු වේවි කියල හිතල , අනෙක් මිනිස්සුන්ට කියනවා මේවා වවන්න එපා කියල මිල අඩුවුණ හම ඔහුට පාඩු වෙන නිසා .

:       4       38

de silva Wednesday, 03 July 2024 01:15 PM

මේ ඇමතිට මෝඩයෙක් එහෙම නැතිනම් බොරු කාරයෙක් , හොඳ ප්‍රභේදයක් අඹ වගාවක් ලෙස නිසි ප්‍රමිතියකට , නිර්දේශ කරන ලද පරතරයක් සහිතව වැඩි ප්‍රමාණයක් වැවුව කියල කොහොමද එකේ ගුණාත්මක බව අඩු වෙන්නේ , මේ ප්‍රභේදය හොඳය අබ වල රසත් හොඳය , ඔබත් මේ පැලයක් දෙකක ගෙවත්තේ වවාගෙන හොඳට සාත්තු කර අස්වැන්නක් ලබාගන්න . මමත් ගස් දෙකක් ගෙවත්තේ වැවුව මේ අඹ ලස්සනට කහපාට වෙන්න නම් බැග් එකක දමන්න ඕනේ , බෑග් නොදැම්මා කියල එච්චර දීප්තිමත් කහපාටක් නොලැබුනත් රසයේ වෙනසක් නැහැ ,

:       0       1

ranjan Wednesday, 03 July 2024 01:26 PM

අඹ හෝ වෙනයම් වගාවක් නිසි පරිදි කරගෙන යන්න උපදෙස් ආධාර දෙන එක කෘෂිකර්ම දෙපර්තෙන්තුවේ වගකීමක්..., නමුත් රටේ තිබෙන ගොවිජනසේවා මධ්‍යස්ථානවලට ගියහම කියන්නේ අදාල නිලධාරියා පමණකි... මේ වගාව දන්නේ. ඔහු ෆීල්ඩ් එකේ ගිහින් වෙන දවසක එන්න කියලා, නිලධාරි උදේට පොත අත්සන් කරලා බොහෝවිට පුද්ගලික වැඩවලට හෝ ගෙදර යනවා. හවසට ඇවිත් නැවත අත්සන්කරලා ගෙදර යනවා...

:       3       23

lalith Wednesday, 03 July 2024 01:46 PM

ඇමති කියන විදිහට හොඳ වර්ගයේ අඹ කන්න ඕනේ පිටරට ඉන්න මිනිස්සු පමණද? අපි හොඳට පෝර, වතුර දමලා සාත්තු කරගෙන අඹ ගහක් දෙකක හෝ වත්තක් වවාගෙන කෑවාම අඹවල ගුණාත්මක භාවය අඩුවෙන්නේ කොහොමද? ශ්‍රී ලාංකික අපි අඩු ජාතියේ මිනිස්සුද? ඇමැති කියන විදිහට අපි වවාගෙන කන්න ඕනේ වල් අඹද? එහෙම නැතිනම් කොහු අඹද? මේවා ඇහුවොත් හම්බන්තොට පැත්තේ බයියෙක්වත් ඡන්දෙ දෙන්නේ නැහැ මේ අයට, මොකද කොළඹ ඉන්න අපිට වැඩිය හම්බන්තොට වැනි වියළි කලාපවල මිනිස්සු දන්නවා අඹ වගාව ගැන. මාර්කට් නැති ප්‍රභේද වවලා අමාරුවේ වැටෙන්න වෙන බව ඔවුන් දන්නවා...

:       3       21

sunil Wednesday, 03 July 2024 02:00 PM

කමෙන්ට් ලියන මිනිස්සු කෝප වෙන්න එපා... යථාර්තය තේරුම් අරගන්න. මේ දෙපාර්තමේන්තුව භාර ඇමැති 8 පාස් කෙනෙක්, එහෙම කෙනෙක් කොහොමද කෘෂි විද්‍යාව සහ පලතුරු අපනයනය ගැන දන්නේ? කෘෂි උපාධිය තිබෙන නිලධාරිත් ඇමැති කියන දෙය අනුමත කරන බව පෙනෙනවා. අපේ රටට සහ ජනතාවට දෙවියන්ගේම පිහිට තමයි. කරුණාකර ලබන සැරේ මනාපේ ගහනකොට පක්ෂ, පාට කුමක් වුණත්, දේශපාලකයාගේ අවංකභාවය, උගත්කම, විනය ගැන සලකලා මනාපේ ගහන්න.. එහෙම කෙනෙක් තමන්ගේ පක්ෂයේ ලැයිස්තුවේ නැතිනම් පක්ෂෙට පමණක් කතිරේ ගහලා ගෙදර එන්න...

:       4       23

R.T.sarath Wednesday, 03 July 2024 02:06 PM

මෙම වර්ගයේ අඹ වලට ලස්සන දීප්තිමත් කහ වර්ණයක් ලබාගන්න අවශ්‍ය නම්, අඹ ගෙඩිය කුඩාකාලයේ සිට විශේෂ කඩදාසි බෑග් එකකින් අවරණය කරන්න ඕනේ..., එහෙම කළාම වඳුරු සහ කෘමි හානිවලිනුත් වැළකෙනවා. මෙම කඩදාසි ආවරණ පිට කොටුවේ තොග මිලට විකුණන කඩවලින් සාධාරණ මිලකට ලබාගන්න පුළුවන්...

:       2       8

ලසන්ත Wednesday, 03 July 2024 02:06 PM

කලින් කිලෝව 350ට කාපු අල්පොන්සු අඹ දැන් 850යි. රට යවන්න විතරක් වුණාම කිලෝවක් 2500ක්වත් වෙයි...! 

:       2       10

පාඨකයෙක්Wednesday, 03 July 2024 04:03 PM

ඇල්‌‌ෆොන්සෝ අඹ මෙරට වගා කෙරේ. ඇල්‌‌ෆොන්සෝ අඹ යනු ලොව ඉහළ ම මිලට අෙලවි කෙරන, ඉන්දියාවේ පමණක් වගා කළ හැකි සුවිශේෂී අඹ වර්ගයකි. ඊට හේතුව , එම අඹ වර්ගයට ආවේණික රසය ලබා දෙන විශේෂ පස් සංයුතිය තිබෙන්නේ බටහිර ඉන්දියාවේ එත්තරා ප්‍රෙද්ශයක පමණි.

:       3       1

පාඨකයෙක්Thursday, 04 July 2024 09:42 AM

මා උඩුගත කළ සටහනේ මා සඳහන් කර තිබුණේ 'ඇල්ෆ‌ොන්සෝ අඹ මෙරට වගා නොකෙරේ' යනුවෙනි. නමුත් එය පළ කිරීමේදී වෙනස්වී ඇති බැවින්, ඇල්ෆොන්සෝ අඹ ආනයනික අඹ විශේෂයකි' යනුවෙන් අර්ථ දක්වන්නේ නිවැරදිතාවය වැදගත් බැවිනි. එමෙන් ම සුපිරි වෙළඳසැල්වල කිලෝව රුපියල් 850/-ට අලෙවි කරන්නේ මෙරට වගා කරන TEJC අඹ වන අතර, ඇල්ෆොන්සෝ නොවේ.

:       0       0

de silva Wednesday, 03 July 2024 03:05 PM

ලසන්තගේ අදහස හරි , පලතුරු කඩවල සුපර් මාර්කට් වල හොඳ තත්වයේ අඹ කිලෝ එක 500 අඩුවෙන් ගන්න ලැබෙන්නේ ඉතා කලාතුරකින් , රට යවන්න හරි , ලංකාවේ විකුනන්න හරි මුලින්ම හොඳ තත්වයේ අඹ ගෙඩියක් අවශ්‍ය වෙනවා ,හොඳ අස්වැන්නක් දෙන ඉස්තරම් වර්ගවල අඹ වගා කරන්නේ නැතුව , ප්‍රමිතියෙන් අඩු ප්‍රභේද වගාකරන එක තේරුමක් නැහැ , මෙවැනි ගොවියෝ අදෛර්යමත් කරන වැරදි තීන්දු තීරණ ගන්න මෝඩ කෘෂිකර්ම ඇමති අනිවාර්යයෙන්ම ගෙදර යවන්න ඕනේ ,ඉදිරියට තිබෙන චන්දවලින් පස්සේ රටේ ආර්ථිකය අනිවාර්යයෙන්ම ස්ථාවර වෙනවා , අවරුදු 2-3 යනකොට මිනිස්සු අතේ මුදල් ගැවසෙනකොට පලතුරු වලට මිලක් ලැබෙනවා ,අපි ධනාත්මකව සිතමු , වගාකරන කෙනක් අල්ෆොන්සෝ , ටොම් ජේ සි වගේ ප්‍රභේද වග කරන්න , මේවා කප්පාදු කරන්න ඕනේ , පරණ ප්‍රබේධ මෙන් නොව මේවා කප්පාදු කර හදන නිසා කුඩා ගෙවත්තක වුනත් පොඩි ඉඩප්‍රමනෙක වුනත් හදාගන්න පුළුවන් , කෘෂි කාර්ම දෙපාර්තමේන්තුවට සහ ඇමතිට බම්බු ගහ ගන්න කියන්න , කොහොමත් මොහු ඇමතිකම දරන්නේ මේ වසර තුල පමණි .

:       2       5

පාඨකයෙක් Wednesday, 03 July 2024 03:06 PM

අදාළ පුවත පිළිබඳ මාගේ අදහස් වෙනත් පාඨකයන් දැනටමත් දක්වා ඇති බැවින් නැවතත් සටහන් නොකරන නමුත්, දැක්විය යුතු කරුණක් ඇත. එනම්, මෙම අඹ ප්‍රභේදය නිර්මාණය කර, ප්‍රචලිත කළ මහත්මයා පිළිබඳවයි. සාමාන්‍ය ජනතාවගෙන් බහුතරයක් මෙම අඹ ප්‍රභේදයේ නමට යොදා ඇති TEJC අකුරුවල අර්ථය නොදනිති. එය නම්කර ඇත්තේ එම අඹ ප්‍රභේදයේ "පියා" වන නැසී ගිය ටොම් එල්ලාවළ මහතාගේත්, එම ප්‍රභේදයේ වර්ගීකරණය හඳුනාගැනීමටත්, අඹ වැවීමේ නවීන ක්‍රම හඳුන්වාදීමටත් කටයුතු කළ නැසී ගිය පිලීපීන ජාතික මහාචාර්ය හුආන් කාර්ලෝස්ගේත් මුල් අකුරුවල එකතුවක් ලෙසිනි (Tom Ellawala, Juan Carlos). මෙම අඹ ප්‍රභේදය විදේශිකයන්ට පමණක් රස බැලීමට ඉඩ නොතබා, මෙරට ජනතාවට ද ලබාදීමටත්, ඉන් ගැමි ජනතාවට ද මුදල් ඉපැයීමට රුකුලක් ලෙස පැළ සහ දැනුම ලබාදීමටත් ටොම් එල්ලාවල මහතා කටයුතු කළේය. මෙම අඹ ප්‍රභේද‌යේ වටිනාකම සනිටුහන් කරමින් අරලියගහ මන්දිරයේ ද පැළයක් රෝපණය කර තිබේ. ඒ අනුව බලන කල, ටොම් එල්ලාවළ මහතා යනු නියම මහත්මා ගති තිබූ පුද්ගලයෙකි. එමෙන්ම ඔහු මෙරට ජනතාවට තිළිණ කර ඇත්තේ සැබෑම කෘෂි සම්පතකි. තවත් බොහෝ විස්තර ටීජේසීමැන්ගෝඩොට්කොම් වෙබ් අඩවියෙන් දැන ගත හැකිය...

:       2       13

leeno Wednesday, 03 July 2024 03:59 PM

අඹ කන්න ඕන නම් පිටරට ගිහිල්ල කාපල්ලා...සුභ ආරංචියේ හැටියට දැන් සරුයිනේ...

:       1       9

R.T. sarath Wednesday, 03 July 2024 06:27 PM

පාඨක මහත්මයෙකු ලියල තිබුන විදිහට මේ අබ වර්ගය දියුණු කරලා තිබෙන්නේ ශ්‍රී ලංකික මහත්මයෙකු සහ පිලිපීන මහත්මයෙකු සමග එකතුවෙලා , මම මෙච්චර කාලයක් සිත සිටියේ ටොම් කියන්නේ විදේශිකයෙක් කියල , බලාගෙන ගියහම මේකත් අපේම ප්‍රභේදයක් , 8 පාස් කෘෂිකර්ම ඇමති මේවා අපට කන්න වවන්න එපා කියන්නේ රෙදි ඇදගෙනද ?

:       0       0

Nimal Wednesday, 03 July 2024 07:28 PM

අපේ අඹ වලට හොඳ ඉල්ලුමක් ලංකාවේ තිබෙනවා නම් අපි ඒවා කැවහම හෙන ගහනවද ? අපේ අඹ අපි පිටරට යවල කන්ටේනර් වල බෙහෙත් ගහල ගෙන්වන ඇපල් පිටරටින් ගෙන්වල කන්න කියලද මේ හොර කෘෂිකර්ම ඇමැති කියන්නේ ? හැමෝම අඹ වවනවා නම් මේ අලුත් පැළ වවන්න , මේවා නඩත්තු කරන ආකාරය යුටියුබ් එකෙන් බලාගන්න පුළුවන් , හොඳ මිලක් ලබාගන්න පුළුවන් ගොවියා දන්නවා වවන්න ඕනේ මොකක්ද කියල අපිට වැඩිය හොඳට . මම දන්නා විදිහට මේ ඇමැති විශාල අඹ වත්තක වවල , ඉදිරියට මේවා බහුල ලෙස වෙළඳපොළට අවොත් මිල අඩු වේවි කියල හිතල , අනෙක් මිනිස්සුන්ට කියනවා මේවා වවන්න එපා කියල මිල අඩුවුණ හම ඔහුට පාඩු වෙන නිසා . කමෙන්ට් ලියන මිනිස්සු කෝප වෙන්න එපා... යථාර්තය තේරුම් අරගන්න. මේ දෙපාර්තමේන්තුව භාර ඇමැති 8 පාස් කෙනෙක්, එහෙම කෙනෙක් කොහොමද කෘෂි විද්‍යාව සහ පලතුරු අපනයනය ගැන දන්නේ? කෘෂි උපාධිය තිබෙන නිලධාරිත් ඇමැති කියන දෙය අනුමත කරන බව පෙනෙනවා. අපේ රටට සහ ජනතාවට දෙවියන්ගේම පිහිට තමයි. කරුණාකර ලබන සැරේ මනාපේ ගහනකොට පක්ෂ, පාට කුමක් වුණත්, දේශපාලකයාගේ අවංකභාවය, උගත්කම, විනය ගැන සලකලා මනාපේ ගහන්න.. එහෙම කෙනෙක් තමන්ගේ පක්ෂයේ ලැයිස්තුවේ නැතිනම් පක්ෂෙට පමණක් කතිරේ ගහල

:       0       1

chandima Wednesday, 03 July 2024 08:07 PM

ඉන්දියාව නම් ඒවා පල්ප් හදලා ටින් කරලා රට පටවනවා. ඒවායින් ඒ රටවල ඉතාම ප්‍රණීත අයිස්ක්‍රීම් වැනි දේ නිපදවනවා. අපේ රටේ කියන්නේ අඹගස් වැඩියි. දැන් ගස් ගලවපල්ලා කියලා...

:       1       7

Kumara Wednesday, 03 July 2024 10:11 PM

එකෙක් කාබනික වැව්වා, රට බංකොලොත්, ඌ ගෙදර, රටත් කාලා, අනාගතයත් කාලා. මෙයා ඒ පාරේම යන කෙනෙක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1078 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 313 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2027 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 478 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 962 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 585 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37109 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24452 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site