IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කෙහෙළියගේ කැබිනට් ගොනුවල බාල බෙහෙත් ගනුදෙනු නෑ

(මනෝප්‍රිය ගුණසේකර)

ඉතාම හදිසි කටයුත්තක් වශයෙන් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළව විමර්ශන පවත්වන රහස් පොලිස් නිලධාරීන් විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අමාත්‍ය කාර්යාලයේ තිබී බාරයට ගත් කැබිනට් සංදේශවල කිසිඳු කාර්ය සටහනක් ඇතුලත් නොවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කාර්යාලයේ තිබී රහස් පොලිස් බාරයට ගත් අනෙකුත් කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනුවල සාමාන්‍ය අන්දමට කාර්ය සටහන් යොදා ඇතත් බාල බෙහෙත් ගනුදෙනුවට අදාළ කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනුවල කිසිඳු කාර්ය සටහනක් නොමැති වීම සම්බන්ධයෙන් විමතියට පත් රහස් පොලිස් නිලධාරීහු මෙම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අමාත්‍ය කාර්යාලයේ තිබී රහස් පොලිස් බාරයට ගත් 2022 මැයි 30, 2022 සැප්තැම්බර් 27, 2022 ඔක්තෝම්බර් 25 සහ 2022 දෙසැම්බර් 05 වැනිදා නමින් යුත් කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනුවල කිසිඳු කාර්ය සටහනක් නොමැති බවද රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සිද්ධියට අදාළ පැමිණීල්ල මීට පෙර අවස්ථාවක අධිකරණයේ කැඳවනනු ලැබු අවස්ථාවේදී පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් පිළිගනිමින් සෞඛ්‍ය රාජ්‍ය අමාතංශයේ ඇති කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනු රහස් පොලිසියට බාරදීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අමාත්‍යංශ ලේකම් සමන් රත්නායක මහතාට කළ නියෝගයකට අනුව අදාළ කැබිනට් සංදේශ රහස් පොලිසියට බාරදී තිබිණී.

එලෙස බාරදුන් කැබිනට් සංදේශවල කිසිඳු කාර්්‍ය සටහනක් අඩංගුවී නොමැති බව හෙළි වීම නිසා රහස් පොලිසිය මේ සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇත.



අදහස් (10)

කෙහෙළියගේ කැබිනට් ගොනුවල බාල බෙහෙත් ගනුදෙනු නෑ

Long live KR Monday, 29 January 2024 12:32 PM

කෙහෙළියගේ කැබිනට් ලිපිගොනුවල ගුණාත්මක බවින් අඩු ඖෂධවලට අදාළ ලියකියවිලි තිබෙන්නේ කොහොමද. ඒ ඖෂධ අඩු ගුණාත්මක ඖෂධ නොවේ

:       2       16

Gajaman nona Monday, 29 January 2024 12:39 PM

මේ අපරාධ වලට මුන්ට හෙන හතම වදින්න ඕන​. මේ හැත්ත බුරුත්ත හැඳි ගෑවිලා අකුලෝලම පල​.

:       1       49

Sanath Nishantha Monday, 29 January 2024 12:41 PM

මගේ තනියට උඹත් වරෙන් මචං

:       2       43

HafeelMonday, 29 January 2024 02:04 PM

මෙච්චර බරපතල දූෂණ හැලිවලත් ඔහුව තවම අත්අඩංගුවට අරන් නැහැ. මේ පාලකයෝ ඉන්න තුරු මූන්ට දඬුවම් ලබන්නම නැහැ. අපි මූන් සේරම සුබා දර්මයට බාර දෙමු. කරන අපරාධ සේරම කරලා, මැරුනෙන් පසු ඔවුන්ගේ හැන්චය්යෝ කියන්න ඔවුන්ගේ හොඳ දේවල් කියන්නලු. හොඳ දේවල් කළා නම් නේ හොඳ දේවල් කියන්න පුළුවන්. ජීවතුන් ඉන්න කාලේ කල හැකි අපරාධ සේරම කරලා, මැරුනෙන් පසු කියනවා ඔවුන්ගේ හොඳ දේවල් කියන්නලු.

:       1       34

Lalla Monday, 29 January 2024 01:03 PM

අපරාධ වලට චෝදනා ලැබූවන් ඇමතිකම්වලට පත්කරන සහ ඇමතිකම්වල රැඳීසිටින ලොව එකම රට අප ශ්‍රී ලංකාව විය යුතුයි....

:       1       47

Perera Tuesday, 30 January 2024 02:54 AM

මුන් මනුෂ්‍ය නීතිවලින් ගැල උනාට දේව නීතියෙන් /ස්වභාවධර්මයෙන් නිසි කලට නිසි දඬුවම් විඳිනු ඇත

:       0       1

KR Supporter Tuesday, 30 January 2024 05:28 AM

කෙහෙළිය කළේ ඉන්දියාව ඇතුළු රටවලින් මත්ද්‍රව්‍ය ගෙනැවිත් සීතල වතුර පමණක් යොදා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය නොකර ඩොලර් මිලියන ගණනින් ලංකාවට ඉතිරි කිරීමයි. හොඳයි KR. 2048 දී රනිල් රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් පසුව ඔහුට අගමැතිකම ලබා දිය යුතුයි. ලංකාව වැඩි ජනගහනයක් සිටින නිසා රෝගීන් වැඩි ප්‍රමාණයක් මිය ගියොත් කමක් නැහැ.

:       0       1

KR Supporter Tuesday, 30 January 2024 09:06 AM

කෙහෙළියගේ මත්ද්‍රව්‍ය ජාලය මිස අන් කිසිවක් නොවේ. ඒවා ගුණාත්මක බවින් අඩු ඖෂධ නොවේ. ඒ නිසා කෙහෙළියගේ ලිපිගොනුවල ප්‍රමිතියෙන් බාල ඖෂධ සම්බන්ධ ලියකියවිලි කිසිවක් ඔබට හමුවන්නේ නැහැ.

:       0       1

KR Supporter Tuesday, 30 January 2024 10:54 AM

කෙහෙළිය ශ්‍රී ලංකාව දුක් මහන්සියෙන් උපයාගත් විදේශ විනිමය ඖෂධ ගෙන්වීමට වියදම් කිරීමට අකමැති වූ නිසා ඔහුගේ ඖෂධ 'පහළ ඖෂධ' නොව පිරිසිදු ජලය පමණි. ඒ නිසා ඔහුගේ ලිපිගොනුවල මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සම්බන්ධ ගනුදෙනු නැහැ. ඒ නිසා කෙහෙළියට නඩුවක් නැති නිසා ඔහුට චෝදනා නොකළ යුතුයි.

:       0       1

Sharm Wednesday, 31 January 2024 04:06 AM

KR මොන තරම් අහිංසක මනුස්සයෙක් ද..? මුට්ටි දේවිට කළගෙඩි නටන්න හොඳ නම්... පිරිසිදු ඇල් වතුර එන්නත් කළාම මොකෝ .. නෑ මං අහන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1346 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 823 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2077 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 413 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 708 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1760 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site