අට වසරකට පෙර පැවරූ අල්ලස් නඩුවකින් විදුහල්පතිවරයෙක් ද පසුගිය විසි එක් වැනිදා නිදොස් කොට නිදහස් කරනු ලැබීය.
පැල්මඩුල්ල මහින්ද විද්‍යාලයයේ හිටපු විදුහල්පති පී ඩබ්ලිව් පී තලපිටිය මහතා ද උප ගුරු අනුර බස්නායක මහතා ද සමග කේ ඩබ්ලිව් ගාමිණි කුමාර ද කොළඹ මහාධිකරණ විනිසුරු නිමල් නම්බුවසම් මහතා විසින් නිදොස් කැර නිදහස් කරනු ලැබුහ.
නඩු තීන්දුව ලැබෙන විට විදුහල්පති විශ්‍රාම ගොස් සිටියේය.
පළමුවැනි ශ්‍රේණියට දරුවකු ඇතුළු කැර ගැනීම සඳහා රුපියල් අටදහසක අල්ලසක් ගත්තැයි අල්ලස් කොමිසම විසින් මේ නඩුව පැවැරිණි.
මෙවැනි දුර්වල නඩු නිසා ඊට ලක් වන අය හා ඔවුන්ගේ නෑයන් නින්දාවට හා ගැරහුමට ලක් වන බවත් එවැනි කළු පැල්ලම් නිවැරදි කැර ගත නොහැකි බවත් එහෙයින් චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කළ හැකි නඩු පමණක් ගොනු කළ යතු බවත් විනිසුරුවරයා අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු විදුහල්පතු තුමනි, ඔබට වූ නින්දාවට වන්න්දී ඉල්ලා නඩු දමන්න. මුදල් වලට කෑදර කමට නොව යුක්තිය සාධරණට තියෙන ගෞරවය නිසා. එය ඔබවගේම අසාධාරනට ලක්වුණ දස දහස් දෙනෙකුට සවියක් සහ ශක්තියක් වේවි. සාධාරණ සමාජයක් බිහි කරන්න.(අ)
මේ විදුහල්පතිතුමා නිදහස් උනේ හරියකට සාක්කි ගොනු කරලා චෝදනා ඔප්පු කරන්න පුළුවන් ආකාරයට නඩුව ගෙනයාමට නොහැකි වූ නිසයි. නිකන්ම නිකන් චෝදනා ඉදිරිපත් කරලා නඩු දාන්නේ නැහැනේ. චෝදනා ඔප්පු කරන්න බැරිවීම කියන එකයි මේ දේ සිදු නොවනා කියන එකයි අතර ලොකු වෙනසක් තියනවා. නීතියෙන් නිදහස් උනාට හර්ද සාක්ෂියෙන් නිදහස් වෙන්නේ තමන් අවංක නම් පමණයි. (නදී)
අපොන්සු ඔබගේ අදහස මන් එක හෙලාම පිලිගන්නවාග ඔහු කොපමණ කලක් මානසිකව විදවන්නට ඇද්ද මේ ප්‍රශ්නය නිසා (නදී)
අවමානය වෙනුවෙන් වන්දියක් ගන්න බැරිද? (නි)
ඔබට පසුගිය අවුරුදු අටේම වැටුපටද හිමිකම තිබෙන බව සළකන්න. (නි)
අනේ අපොන්සු අයියේ, මිනිස්සු අවුසන්නේ නැතුව ඉන්න. ගරු විදුහල්පතිතුමා දැන් තමා ටිකක් නිදහසේ ඉන්නවා ඇත්තේ. දන්නවනේ අපේ රටේ නඩුවකට පැටලුනොත් වෙන දේ. (නි)
ලංකාවෙ තියෙන අකාරයක්ෂමම ආයතනය (නදී)